milinda-prashna

03.09.2014- ලංකාදිප- මිලින්ද මොරගොඩ

වාහන තදබදයට දුප්පත් පොහොසත් බේධයක් නැත. පාපැදියකින් හෝ යතුරු පැදියකින් ගමන් කරන පුද්ගලයෙකු කොතැනකින් හෝ රිංගා තමන්ගේ ගමන ඉක්මන් කර ගනී. පොදු ප‍්‍රවාහන සේවාවක ගමන් කරන මගියෙකුට පමණක් නොව පුද්ගලික වාහනයක ගමන් කරන අයෙකුට ද වාහන තදබදයෙන් සිදුවන කාලය අපතේයාම පොදුවේ වි`දින්නට සිදුවී ඇති හිරිහැරයකි. එය මෙරට ප‍්‍රධාන නගරවල දක්නට ලැබෙන ප‍්‍රධාන අවහිරයකි. මහා මාර්ග පුලූල් වෙයි. අධිවේගී මාර්ග තැනෙයි. නමුත් වාහන තදබදයට විස`දුමක් නැත. නිතිපතා විශාල වාහන ප‍්‍රමාණයක් ධාවනයට එකතු වන අතර ප‍්‍රධාන නගර වලට එකතුවන වාහන ද ප‍්‍රධාන නගර වලින් අගනුවරට පැමිණෙන වාහන ද එකතු වූ විට එය එක සේ බලපවත්වන ප‍්‍රධාන ගැටලූවක් වී තිබේ.

වාහන අක‍්‍රමවත්ව සහ කාලය ගනිමින් ධාවනය වන විට එහි ගමන් කරන මගීන් ගේ වැඩ කරන්නට හැකි කාලය අපතේ යයි. ඉන්ධන දහනය මගින් සිදුවන නාස්තිය තවත් බරපතල ප‍්‍රශ්නයකි. නියමිත වේලාවට තමන්ගේ කාර්යය ඉටුකර ගැනීමට නොහැකිවීමෙන් සිදුවන අතෘප්තිය සහ මානසික පීඩනය මේ සියල්ලටම වඩා බලවත්ය. ආර්ථිකය සහ සමාජය තුළ පැන නැගෙන මෙම විෂම තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ගැලපෙන අලූත් විස`දුමක් නිර්මාණය කිරීම තවත් ප‍්‍රමාද කළ යුතු කාර්යයක් නොවේ. රථ වාහන තදබදය ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට පොදු ප‍්‍රශ්නයකි. ඒක පුද්ගල ආදායම වැඩි වී මැදි ආදායම් රටක් බවට පත්වන විට සෑම පුරවැසියෙකුම පුද්ගලික පරිහරණයට වාහනයක් මිල දී ගන්නා අතර ඒවා මහ මගට එකතු වන විට තදබදය ඇතිවීම අපේක්ෂා කළ යුතුය. ජනතාව ගේ ආර්ථික මට්ටම ඉහළට නැගෙන විට දියුණු රටවල් පොදු ප‍්‍රවාහනය ශක්තිමත්කර ඒවායේ පහසුකම් නංවයි.

විශේෂයෙන් ප‍්‍රධාන නගර වල සිට බස්රියෙන් හෝ දුම්රියෙන් පැමිණෙන මගීන්ට නගරය තුළ සිය අවශ්‍යතා ඉටු කරගැනීමට පහසුවන ආකාරයට නාගරික බස් සේවා විධිමත් කරයි. කැමැති තැනකට ඉක්මනින් නිවී සැනසිල්ලේ යා හැකි ආකාරයක් නගරය තුළ ඇති කළ හැකි නමු පුද්ගලික වාහන භාවිතාව අවම වෙයි. පාසලට හෝ කාර්යාලයට ඉක්මනින් සහ අපහසුවකින් තොරව යා හැකි ක‍්‍රමයක් සකස් වන විට පුද්ගලික වාහන වලින් අධික වියදමක් සහ මහන්සියක් දරා පැමිණෙන්නට කිසිවෙකු කැමැති නොවනු ඇත. නමුත් දැන් රට තුළ පවතින බස් සහ දුම්රිය ප‍්‍රවාහනයේ අක‍්‍රමවත්බව සහ ඒවායේ ද ගමන් කරන මගී පිරිස බලන විට හැකි සියලූම දෙනා තමන්ගේම වාහනයක් විනා වෙන විකල්පයක් ගැන සිතන්නේ නැත.

අධිවේගී මාර්ග සමග කොළඹ නගරය වටා අලූත් සංස්කෘතියක් ඇති වෙමින් තිබේ. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මහනුවර සහ රත්නපුර මාර්ග ඉදිවූ පසු මෙය සම්පූර්ණ විය හැකිය. දැනට දකුණු පලාතෙන් පැමිණෙන පොදු ප‍්‍රවාහන සේවා මහරගමින් ආරම්භ කර ආකාරයට සෙසු අධිවේගී මාර්ග වල පොදු ප‍්‍රවාහනය ද පිටත වටරවුම් මාර්ගය සමග සම්බන්ධ කළ හැකිය. කඩුවෙල, කොට්ටාව, කෙරවලපිටිය සහ කඩවත යන නගර හතර ඉදිරියේ දී විශාල පුනරුදයක් ඇතිවන බව සමීක්ෂණ දක්වයි. මෙම නගර වටා ප‍්‍රධාන මාර්ග වල පොදු ප‍්‍රවාහනය කේන්ද්‍ර ගත කළ හැකිය. එම නගර සමග කොළඹ සම්බන්ධ කරන නගරය තුළ පොදු ප‍්‍රවාහනය වෙනම පවත්වාගෙන යා හැකි වෙයි. සියලූම වාහන කොළඹට ඇතුළුවීම සීමා වන අතර එය කළ හැක්කේ දැන් සිටම අලූත් ප‍්‍රවාහන සැලැස්මක් ගැන සාකච්ඡුා කළහොත් පමණකි.

පොළවට ඉහළින් ඉදිවන මාර්ග සහ උමං මාර්ග වැනි අධික වියදම් සහිත ව්‍යාපෘති වලට ප‍්‍රවේශවීම විනා විකල්පයක් රටට නැත. ඒවා සැලසුම්කර ආයෝජනයක් වන තෙක් කොළඹ වටා ඇති ප‍්‍රධාන නගර වලට වාහන තදබදය බෙදා හැරියහොත් සහ කොළඹට ඇතුළුවන ජනතාව වෙනුවෙන් හො`ද නාගරික පොදු ප‍්‍රවාහන සේවවාක් ඇති කළහොත් එය ඉතාමත් වැදගත්ය. නාගරික රථවාහන තදබදය නිසා රටට අහිමි වන ශ‍්‍රමය සහ ඉන්ධන හානියේ තරම ගැන සොයා බලන විට ඉක්මනින් යම් විස`දුමක් වෙන්වෙන් එක`ගවීම විනා විකල්පයක් නැති බව පැහැදිලිය.