නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රායෝගික අධ්‍යාපනයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image 

 

2012.03.27 – මිලින්ද මොරගොඩ

දරුවන් ගේ කෞෂල්‍ය හැඳින අනුරුපවන පරිදි ඉගැන්වීමේ සුවිශෙෂ අධ්‍යාපන රටාවකට මෙරට පාසල් පද්ධතිය තුළ වැඩි ඉඩක් නැත. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු කිරීම දරුවන්ගේ අනාගතය සම්බන්ධව දෙමව්පියන් ගේ සිහිනයයි. රජයේ රුකියාවක් ලබා ගැනීම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, බහුතරයක ඇති අපේක්ෂාව බව පෙනේ. අනාගත වෘත්තිය ගැන සමීක්ෂණයක් කළහොත් ව්‍යවසායකයෙකුව තමන්ම දෙයක් නිපදවන බව කියන පාසල් දරුවන් විරලය.

තම දරුවන් තමන්ට වඩා ඉහළ සමාජ ආර්ථික වටපිටාවක ජීවත්වනු කැමති දෙමව්පියන් එම ඉලක්කය ජය ගන්නට විශාල උත්සාහයක නිරතවන බව අවබෝධ කර ගත හැකිය. තමන් වැඩකරන ගොවිපොලෙන් සහ කම්හලෙන් දරුවන් ඉවත් කර ලස්සනට කාර්යාලයක සේවය කරන තත්ත්වයට යොමු කරන ආකල්පය වැඩි දෙනෙකු තුළ ඇත. එය සේවා ආර්ථිකයට යොමුවීමකි. නමුත් ගොවිපොල සහ කර්මාන්ත ශාලාව ගැන නොසිතන සමාජය තුළ නිෂ්පාදනය සීමිත එකකි. කෘෂි සහ කාර්මික නිෂ්පාදනය සීමාසහිත වන විට රටටත් සමාජයටත් ගැටලූ මතුවිය හැකිය. ගොවියාගේ පුතු ගොවියා ම හෝ ධීවරයාගේ දරුවා මසුන් ඇල්ලීමෙන් ම ජීවත් විය යුතු යැයි නියමයක් නැත. සමාජය දියුණු වන විට එවැනි සම්මත විනාශ කරන්නට අධ්‍යාපන ක‍්‍රමයට මනා ලෙස දායක විය හැකිය.

පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් දරුවන් ගොවිපොලට, ධීවර කර්මාන්තයට හෝ කම්හලට යොමු නොවන පසුබිමක එයට අනුරූපව අධ්‍යාපන ක‍්‍රමය පරිවර්තනය වීම අවශ්‍යය. ගොවිපොලෙන්, ධීවර කර්මාන්තයෙන් හෝ කම්හලේ වැඩ බිමෙන් උසස් අධ්‍යාපනයට දරුවන් තෝරා ගන්නා වැඩපිළිවෙලක් අවශ්‍යය. පාසලේ කෘෂිකර්ම පන්තියට සහභාගීවන නමුත් නිවසේ දී එයට ඇල්මක් නැති දරුවා කුසලතාවය දක්වන තැනට යොමු කරන අතර ගොවිබිම ගැන හැබෑ ඇල්මකින් වෙහෙසෙන දරුවන් තෝරාගෙන ඔවුන්ට ගොවිතැන ගැන උසස් අධ්‍යාපනය ලබා දී තාක්ෂණික ගොවිතැනට හුරු කරන අධ්‍යාපන ක‍්‍රමයක් රටට අවශ්‍යය. තේ දළු නෙලන, කුඹුරේ වැඩ කරන දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ලකුණු ප‍්‍රමාණවත් නොවූ නමුත් නිෂ්පාදනයේ දී හපනුන්ය. ඔවුන් තෝරාගෙන ඔවුන්ම යෙදෙන කර්මාන්තය අලලා වැඩිදුර දැනුමට යොමු කිරීම අවශ්‍යතාවයකි. ලෝකයේ දියුණු රටවල එය සිදුවෙමින් පවතී. ධීවර කර්මාන්තයේ නිරත තරුණන්ට එහි නූතන තාක්ෂණය ඉගැන්වීම අද සිදුවෙයි. සම්ප‍්‍රදායික තත්ත්වයට වඩා ඵලදායී හා ලාභදායී ආකාරයට මසුන් ඇල්ලීමට අලූත් පරපුර එයින් සමත්ව ඇත. ජාත්‍යන්තරව ප‍්‍රකට විශ්ව විද්‍යාල කෘෂිකාර්මික උපාධිය සඳහා තෝරා ගන්නේ ගොවිපොලේ වැඩකරන ගොවියන්ය. මූලික දැනුම ඇති ගොවියන් වැඩිදුර අධ්‍යාපනයෙන් පසු ගොවිබිම තුළ පර්යේෂණ කරන්නට පටන් ගනී. එයින් නිපැයුම වැඩිවෙයි. ගොවිතැනට සමාජය තුළ ඇති පිළිගැනීම තවත් ඉහළ නගී. පාසල් අධ්‍යාපනය මගින් වෘත්තීය ගොවියන් හා ධීවරයන් බිහිකරන්නට නොහැකි පසුබිමක් තුළ එහි නියැලි, එයටම ඇල්ම ඇති පිරිස ට දැනුම දෙන අධ්‍යාපන භාවිතාවක් රටට අවශ්‍යව ඇත.

එය කළ හැක්කේ වෙනසකින් පමණකි. විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තම සම්පත් වලින් යම් කොටසක් ප‍්‍රායෝගිකව යම් යම් ක්ෂේත‍්‍රවල නිරත දරුවන්ට දැනුම සපයන ආකාරයට හැරවිය යුතුය. ගොවියා හෝ ධීවරයාට ඇතුළු වෙන්නට නොහැකි තැනකින් එකී ක්ෂේත‍්‍ර ගැන ඉගෙනගෙන යළි සුපුරුදු වාත්තියෙහිම නියැලෙන විද්‍යාර්ථීන් බිහි කළ හැකි වන්නේ එවිටය. අද බහුලව සිදුවන ආකාරයට උසස්  අධ්‍යාපනයෙන් පසු උත්සාහ කරන්නේ ප‍්‍රායෝගිකව එහි නියැලෙන්නට නොව කෘෂි හෝ ධීවර කළමනාකරණයට ඇතුළු වන්නට බව පැහැදිලිව පෙනේ.

ඇල්මෙන් අකුරු ඉගෙන ගන්නා පරපුරට නිදහස් අධ්‍යාපන පහසුව නොඅඩුව සැපයිය යුතු අතරම ප‍්‍රායෝගිකව ක්ෂේත‍්‍රයෙහි නිරතව එහි ඇල්මෙන් වැඩ කරන දරුවන් සොයා ඔවුන්ට ඉහළම දැනුම හා පුහුණුව සපයන නිසි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ද මතුව තිබේ. අද රට තුළ තිබිය යුතු වෘත්තීය ගරුත්වය හා සමාජ පිළිගැනීම ද එවැනි අධ්‍යාපන ක‍්‍රමයකින් ඇති කළ හැකිය.

Advertisements

සුළුතරයකගේ ඝෝෂාවෙන් බහුතරය නිහඬ කිරීමේ ප‍්‍රවනතාවය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.03.20-ලංකාදීප-මිලින්ද මොරගොඩ

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් එක්තරා තීරණාත්මක අවස්ථාවක සභාවක පැවතිය හැකි තත්ත්වය ගැන පළ කළ අදහස වැදගත්ය. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල් වකවානුවේදී කළ මෙම අදහස  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක පැවතිය හැකි ක‍්‍රමවේදයකි.  සභාවක බලය ලබා ගන්නේ අර්ථවාදීව නොව ඝෝෂාවෙන් බව ඔහු ඉදිරිපත් කළ නිර්වචනයකි. එහිලා ප‍්‍රචණ්ඩත්වය මිස පුළුල්ව සිතන දාර්ශනිකත්වය එකතු කරනොගන්නා අතර එයින් දිනන්නේ නූගත්බව මිස දැනුවත් බව නොවේ යැයි ද කියා සිටියේය.

ජෝන් ඇඩම්ස් මහතා මෙම මතය ඉදිරි පත් කළේ එදා පැවති තමන්ගේ දේශපාලන රටාවටය. බුදු දහමින් පෝෂිත රටකට ඇමරිකානු නායකයෙකු ගේ වදන් උපුටා දක්වන්නට සිදුවි ඇත්තේ ඇයි? තමන් වහන්සේ කියන හෙයින් කිසිවක් පිළිනොගන්නා ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කළේය. බුදු වදන පවා කපා කොටා පිරික්සා එහි ඇත්ත අවබෝධ කර ගත යුතු අතර එය කළ යුතු රන් කරුවෙකු රන් කැබැල්ලක් නියම රන් දැයි හඳුනා ගන්නට කරන පරීක්ෂාවක ආකාරයට බව බුදු වදනෙහි දැක්වෙයි. මැද පිළිවෙතින් ජිවිත ජයගන්නා ආකාරය පැහැදිලිව දැක්වෙන දර්ශනය හදාරන්නට උත්සුක නැති වත්මන් සමාජය තුළ බලය අත්පත් කරගන්නේ බුද්ධිමත් බවින් නොව ඝෝෂාවෙන් බව පැහැදිලිව පෙනේ.

බුද්ධිමතුන් නිහඬය. නිහඬ වන්නට සිදුව ඇත්තේ ඇයි? ඝෝෂාකාරීන් මැදට පැන තම මතය අවුලවන්නට තමන්ට ද ඝෝෂා කරන්නට ඇති අකමැත්ත එහි දී ඔවුන් තුළ තිබේ. එකතුවන්න. සන්සුන්ව සාකච්ඡ කරන්න, සන්සුන්ව විසිර යන්නැයි දේශනා කළේ බුදු රජාණන් වහනසේය. එවැනි සන්සුන්, සාවධාන සාකච්ඡවක  දී මැදහත්ව අදහස්  පැන නගී. අලූත් පැති ගැන අවධානය යොමු වෙයි.

අද එවැනි සාකච්ඡ දුලබය. වැඩි වශයෙන් සිදුව ඇත්තේ සුළු දෙනෙකු ගේ ඝෝෂාවට බහුතරයකගේ හඬ යටපත්වීමයි. ගමේ නගරයේ හැම තැනෙකම නැගෙන හඬ  බලය ඇත්තාගේය. උස් හඬින් කරන කතාවට හැබෑ මත යටපත් වෙයි. කෙනෙකු උස් හඬ කින් අදහස් දැක්වීමෙන් පමණක් එම අදහස සියළුම දෙනා එක හෙළා පිළිගැනේ යැයි උපකල්පනය කළ හැකිද? නැත. මෙකළ වැඩි වශයෙන් සිදුවන්නේ එයයි. ඝෝෂාව පැතිරෙයි. බහුතරය නිහඬය. මත නැගෙන්නේ හඬ ඇති සුළු පිරිස අතරින් පමණකි. එය නිහඬ බහුතරයකගේ අදහස නොවේ. බහුතර නිහඬ  ජන කොටස නොසලකා හඬ නැගෙන තැනට පමණක් අවධානය යොමු කිරීම සුදුසුද? ගුප්ත නිහඬ  බව තේරුම් ගැනීම වැදගත්ය. බොහෝ ඝෝෂාකාරී පරිසරයක් තුළ නිහඬවම විශාල පෙරැළියක් සිදුවිය හැකිය.

අප සියලූ දෙනාටම ගරුත්වය හා පූජණීයත්වය සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු යැයි ප‍්‍රකාශ වන්නේ එහෙයින්ය. අධිපතිවාදීන් විය හැකිය. මත ඇති කරන්නටත්, ඇති කරන මත මහා ඝෝෂාවක් සේ රළ නගා පැතිරෙන්නටත් අවස්ථාව ඇත. නමුත් අවබෝධ කරගත යුතු යථාර්ථයක් තිබේ. සමාජය අවදිවෙමින් සිටින්නේ නොදැනුවත් බවින් මිස දැනුවත් බවින් නොවේ. උණුසුම් හා පුළුල් වියයුතු මිනිස් හදවත් හැකිලෙමින් තිබේ. එය විශාල අධ්‍යාත්මික පරිහානියකි. එයින් ඔප්පු කරන්නේ මහා සමාජයක ජීවත්වන බුද්ධිමතුන් නිහඬ මන්දැයි යන කාරණයයි. පවතින සමාජ පිරිහීම නතර කර ගැනීමේ වගකීමක් අපට තිබේ. සාවධානව සිටින බුද්ධිමතුන්ගේ අදහස් වලට සවන් දිය යුතු මොහොත උදා වී ඇත.

දුප්පතුන් ට පවරා ඇති පොහොසතුන් ගේ උවදුරු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.03.13- ලංකාදීප – මිලින්ද මොරගොඩ

දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ හෝ මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ හිමිකරගෙන සිටියේ යම් රටක ධනවත් සේ ගැනෙන ඉහළ ස්ථරයයි. මේවා බෝ නොවෙන රෝග ලෙස සැලකේ. මහන්සියෙන් වැඩ නොකරන නමුත් ලැබෙන ආදායමෙන් ජයට කා බී සැනසීම එම පැලැන්තියේ විපතට පදනමක් විය. නමුත් ස්වභාවය ආපසු හැරවෙමින් තිබේ. ධනය ඇති සමාජය තමන්ට සිදුවන අනතුර අවබෝධ කරගෙන ඇත. එයින් වැළකෙන්නට හැකි ආකාරයට ඔවුන්ගේ  ජීවිත සකස් කරගෙන තිබේ. අද මෙවැනි රෝග වැඩිපුර වාර්තා වන්නේ සමාජයේ අඩු ආදායමක් ලබන ජන කොටසගෙන්ය. ව්‍යායාමයෙන් සහ නිසි පැවැත්මෙන් ප‍්‍රතිශතයක් වශයෙන් යම් පමණකට මෙවැනි රෝග වලකා ගන්නට පොහොසතුන් සමත්ව ඇති අතර දුප්පතුන් ගොදුරුව ඇත්තේ කටුක ඉරණමකටය. එයට හේතුව දැනුම පතුරුවන සන්නිවේදනයේ යම් වරදක්ද?

විසි එක්වැනි සියවස අවසන් වන විට එම සියවස තුළ බිලියනයක ලෝක වාසී පිරිසකට දුම් පානය හේතුවෙන් ජිවිත අහිමි වන බව ගණන් බලා තිබේ. බෝ නොවෙන වෙනත් රෝග වලින් අහිමිවන ජීවිත ප‍්‍රමාණය එයට ඉහළ සංඛ්‍යාවක් බව නිසැකය. ලෝක ජනගහනය බිලියන හතකට මදක් වැඩිය. මෙම ඉලක්කම් පෙන්වන්නේ අප පෙලන ව්‍යවසනයක තරමයි. මෙවැනිම ප‍්‍රවනතාවයකට අනතුරුදායක අන්දමට නැඹුරු වෙමින් පවතින වග ශ‍්‍රී ලංකාවෙන් පවා නිරීක්ෂණය කළ හැකිය. පිළිකා රෝහලට ප‍්‍රතිකාර පතා පැමිණෙන පිරිස වසරක් පාසා වැඩිවෙන බව කියැවෙයි. හදවත් රෝග ප‍්‍රතිකාර පතා ලැයිස්තුගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ප‍්‍රමාණයකි. වකුගඩු ආබාධ වලට ප‍්‍රතිකාර පතා කරන ආයාචනා නිතර මාධ්‍ය වලින් වාර්තාවෙයි. මෙවැනි පැති අවහිරකර නිරෝගී සමාජයක් බිහි කරන්නට මග පාදා ගැනීමේ යුතුකමක් අප සියලූ දෙනාටම තිබේ.

මත් පැන්, මත් ද්‍රව්‍ය හා දුම් පානයෙන් සිදුවන ආදිනව ගැන සමාජයට  කරුණු දක්වන අවස්ථා එමටය. නමුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. එවැනි ඇබ්බැහිවීම් විනාශය ඇතිකරයි. සමාජයක් නිදුක් නිරෝගි කරන්නට නීති වලට පමණක් හැකියාවක් නැත. ශ‍්‍රි ලංකාවේ දුම්කොල හා මත්පැන් බදු රටට වැඩිම ආදායම උපයා දෙන බව පෙනේ. දුම්කොළ බද්දෙන් උපයන රජයේ ආදායම පමණක් අවුරුද්දකට රුපියල් බිලියන හැත්තෑවකට වැඩිය. බදු ගෙවන්නේ දුම් පානය කරන්නන්ය. එම ආදායම සංවර්ධනයටත් රටේ වියදම් වලටත් යෙදවේ. නමුත් දුක් විඳීන්නේ බදු ගෙවන්නන්මය.  ලෝකයේ නොයෙකුත් රටවල් මත් පැන්, දුම්පානය හා මත් ද්‍රව්‍ය වලට බරපතල දඬුවම් නියම කරයි. දඬුවම පෙනි පෙනී සහ තම ජීවිතය අවදානමක බව දැන දැනම මිනිසුන් එවැනි නරක පුරුදු වල නියැලීම විශාල ප‍්‍රශ්නයකි.

සමාජය දියුණු වන විට යම් ප‍්‍රමාණයකට යථාර්ථය අවබෝධ කර ගනී. එවිට නරක ඇබ්බැහි වලින් මිදෙන්නට සමාජයේ බුද්ධිවන්ත කොටසට ආත්ම ශක්තිය ලැබේ. මැතක සිට මෙරට තුළ තරුණ පරපුර ඇතැම් ඇබ්බැහිවීම් වලින් මිදෙමින් සිටී. විශේෂයෙන් දුම් පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය පැතිරීමට එරෙහිව විශාල සමාජ මත වාද නැගෙමින් ඇත. සමාජ බලවේග වලින් පවා නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. ප‍්‍රචාරාත්මකව වානිජ අරමුණු සාක්ෂාත් කරගන්නට ඉඩදෙන්නේ ද නැත. කලා හා රසාස්වාද මාධ්‍යයෙන් වක‍්‍රව කරන ප‍්‍රචාරන උපක‍්‍රම වලට ද බාධා පමුණුවන පරිදි සාරධර්ම සකස් වී ඇත. එබඳු මග තිබිය දී පවා විපතින් සහ මුලින් ම මිදෙන්නට හැකියාව ලැබි නැති සෙයකි. නිසි තීරණය ගන්නට සිදුවන්නේ එවැනි දෙයට ඇබ්බැහි වී ඇති සමාජයටමය. අනර්ථය සහ ජීවිත ව්‍යසනයට ඇද දමන ඇබ්බැහිවීම් ගැන සමාජය තුළ අඛණ්ඩ විශාල ප‍්‍රතිවිරෝධයක් බලපැවැත්විය යුතුය. පාසල් වියේ සිටම දරුවන්ගේ මනසට මෙවැනි ඇබ්බැහිවීම් වල ආදීනව කියා දෙන්නට නිසි පියවර ගැනීම අවශ්‍යය. එය කළ යුතු සංවිධානාත්මකවය.

 

අලූත් පරපුර අලූතින් සොයන කොන්ෆියුසියස් දර්ශනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.03.06 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
චීනයේ විසූ කොන්ෆියුසියස් තුමා සමාජ වටිනාකම් හා විනය වෙනුවෙන් දර්ශනයක් ඉදිරිපත් කළේය. අවුරුදු දෙදහසකට පමණ පෙර වකවානුවකය. චීන විප්ලවයට ද කලින්ය. තම දර්ශනය අනුගමනය කරන්න. නමුත් තමන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව එය අදහන්නට එපා යැයි හෙතෙම ඉල්ලීමක් කළේය. ඔහුගේ නමට පන්සලක්, පල්ලියක් හෝ දේවාලයක් තැනුණේ නැත. ජනී ජනයා එකතුව සංවාද කරන පරුත ජා ශාලා ඉදිකෙරිණි. ජීවත් විය යුතු අරමුණ මැනවින් විගර නරහයට ලක් කරන කරුණු පහක් කොන්ෆියුසියස් දර්ශනයෙහි ඇතුලත්ය. කාරුණිකත්වය එහි පළමුවැන්නයි. යුක්තිය සහ ශීලාචාරබව දෙවැන්නයි. සුසිරිතට අනුව විශ්වාසවන්ත විය යුතු බව තුන්වැනිව කියැවේ. හතරවැන්න දැනුමෙන් සියුම් අවබෝධය ඇතිකර ගැනීමයි. අවංකව යහපත් පරිපූර්ණත්වයකට පත්වීම අවසන් කරුණයි. ඔබට යමෙකුගෙන් විය යුතුයැයි අපේක්ෂා කරන නිසි ආකාරයට ම අන්යනනයන්ට යමක් කරන විට ඉටුකරන්න යන පණිවිඩය රත්රන් අදහසක් වශයෙන් සලකන දර්ශනය එහි පදනම විය.

චීනයේ මහජන විප්ලවයට සිදුවන විට එයට සමගාමීව අලූත් පරෙන්බෝධයක් එරට ඇතිවිය. පැරණි අදහස් පරනය තික්ෂේප විය. කොන්ෆියුසියස් දර්ශනය ද එයට අනුකූලව යටපත්ව ගියේය. පරම්පරා ගණනකට පසු චීන ආර්ථිකය නැගී වැඩෙමින් තිබේ. අද එරට සමාජය වෙනත් පරකූ වේශයකය. එම පරණනකවේශය තුළ කොන්ෆියුසියස් දර්ශනයට නව පිළිගැනීමක් ඇති වෙමින් තිබේ. විවෘත ආර්ථිකය සහ එයින් නැගෙන අලූත් සමාජ චර්යාවන්ට කොන්ෆියුසියස් දර්ශනය ගලපා ගන්නට එරට අලූත් පරම්පරාව උත්සාහ කරන බව පෙනේ. එපමණක් නොවේ. ජාත්යඑන්තර සමාජය ද තම ජීවිත සාක්ෂාත් කරගත හැකි මග දක්වන විවිධ දාර්ශනිකයන්ගේ සංකල්ප අධ්ය්යනය කරමින් සිටී. කොන්ෆියුසියස් දර්ශනය එයින් එකක් බවට තෝරා ගෙන ඇති කණ්ඩායම සැලකිය යුතු තරම් බව නිරීක්ෂණය කළ හැකිය. බුද්ධ දර්ශනය, තාවෝ පණිවුඩය හා කොන්ෆියුසියස් දර්ශනය ඇසුරු කරගෙන නියෝ කොන්ෆියුනිසම් යන නව ලිබරල් කතිකාවතක් ද තරුණ සමාජය අතර පැතිරෙන්නට පටන්ගෙන තිබේ. දියුණු වන සමාජය වියවුල් පරාජය කරන්නට හික්මීම හා විනය ඉල්ලා සිටින අතර මෙවැනි සංකල්ප එයට යම් පදනමක් සපයන්නට සමත්ව ඇත.

වේගවත් තරගකාරී සංවර්ධන රටාව තුළ ජන ජීවිත වල යම් පරිවර්තනයක් වන බව ඇත්තකි. පුද්ගලයන්ට එයින් සිදුවන බලපෑම සියුම්ය. සමස්ථ සමාජයම එහි පරප. තිඵලයට වග කියයි. ධනයෙන්, බලයෙන් සහ තාක්ෂණයෙන් නැගෙන විට හදවතට හිමි වන තැන පිළිබ`දව පරඑහිශ්න ඇතිවන්නට පටන්ගෙන තිබේ. බුද්ධිය වර්ධනය වී එය සංකීර්ණව මෙහෙයවන තරමට පොදු ධර්මතා ආරක්ෂා නොවන බව අවබෝධ වෙමින් ඇත. මිනිසුන් කෘතීරමෙ මව සහ විකෘතියට නැඹුරු කරන ඉඩ විවර වන තරමට ස්වභාවික යුක්තිය, පර්ධ කෘතිය සහ විශ්ව සාධාරණත්වය ද අසරණ වන බවට හඩ පැතිරෙයි. එවැනි සමාජ තලයක හෘද සාක්ෂිය මානව සම්බන්ධතා වලට ගරු කරන දාර්ශනික අදහස් නැවත පිබිදෙයි. සිදුවෙමින් පවතින්නේ එයයි.
ඇමෙරිකන් සෙන්ටර්, බිරන්නතාන්ය් කවුන්සිලය හා ජර්මනියේ ගර්නර් මධ්යිස්ථාන වශයෙන් ලෝකයේ පරෙර බල රටවල් ස්වකීය දැක්ම පතුරවන තැන් ලොවපුරා ස්ථාපනය කෙරෙන යුගයකි. ආසියානු වටිනාකම් නැවත පැතිරෙන සමයක චීන භාෂාව හා දර්ශනයට ඉඩ පාදා ගැනෙන කොන්ෆියුසියස් මධ්යනස්ථාන ද බිහිවෙමින් තිබේ. කොන්ෆිසුයියස් තුමා ඉතා කෙටි කාලයක් දේශපාලනය කළ, එතැනට නොගැලපී චීනයේ ගමින් ගම යමින් තමන් අදහන්නට එපා යැයි දේශනා පැවැත්වූ දාර්ශනිකයෙකි. ජීවත්විය යුතු ආකාරය ගවේශනය කරමින් සිටින සමාජයක් තුළ මෙම පරේශනභව ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීම ද වැදගත්ය.