පජාතන්තරවාදය වෙනුවෙන් ජනතාව ගෙවන මිල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.07.31- ලංකාදීප – මිලින්ද මොරගොඩ
ශරී3 ලාකේය ජන සමාජය භුක්ති විඳින්නේ පරමොරජාතන්තරපරවවාදයයි. එය පවත්වාගෙන යන්නේ පාර්ලිමේන්තු මූල ධර්ම පදනම් කර ගත් මිශරි ව කර්ගෙමයකටය. සම්පර්වාදාය මත පාලනය වන බිර්ලිතාන්ය්යෙන් එහි පදනම හඳුන්වා දී ඇත. ඇමරිකානු ව්යසවස්ථාවෙන් එන නිදහස් ආකල්ප පමණක් නොව පරං් ශයේ විධායක ජනාධිපති කරවා මයත් ශරීමරි ලංකාවේ පාලන කර නිමය තුළ තිබේ. විධායක කරර ගමය මෙරට ව්යපවස්ථාවට ඇතුලත් කරන ලද නමුත් ව්ය වස්ථාදායකය හා විධායකය අතර වෙනස පැහැදිලිව ඇති කර නැත. එය වෙනුවට මනාප කරේ‍කමයක් හඳුන්වා දී තිබේ.
පවතින කර‍ක්මය සුදුසු නැති බව පොදුවේ පිළිගැනෙන බව පෙනේ. ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පමණක් නොව විරුද්ධ දේශපාලන පක්ෂ ද කරළි මය ගැන එතරම් සතුටු නැත. ව්ය වස්ථාව, විධායකය හා අධිකරණය අතර ස්වාධීන බල තුළනයකින් පරතෝ ජාතන්තර‍ිරවාදය ආරක්ෂා වෙතැයි අපේක්ෂා කළත් එය එසේ වන බවට සමාජයේ විශ්වාසය ද අඩුය.
බරපතල විවේචනයකට ලක්ව ඇත්තේ මනාප කර වාමයයි. රට එකමුතු කරන්නට මනාප කරපත මය සමත්ව නැත. මහජන නියෝජනය වෙනුවට ජනතාව අතර ඇතිකර ඇත්තේ ගැටුම් සහ පර‍ිවචණ්ඩත්වයයි. ඡන්ද පැවැත්වෙන විට මනාප එකතු කිරීමට අපේක්ෂකයෝ තරග වදිති. ජාති, ආගම් වශයෙන් පමණක් නොව එකම පක්ෂය තුළ පවා බෙදීම් ඇති කර ඇත. මැර බලය සහ පරගම්චණ්ඩත්වය බහුලය. මනාප වෙනුවෙන් අපේක්ෂකයන් වියදම් කළ යුතු ධනය අති විශාල එකකි. එයින් විශාල කොටසක් වියදම් කරන්නේ පර් වචාරය වෙනුවෙන්ය. මෙරට පලාත් සභා අපේක්ෂකයෙකු ඡන්දය දිනාගන්නට කරන ආයෝජනය බිරරචාතාන්ය යේ පාර්ලිමේන්තු නියෝජිතයෙකු කරන වියදමට වඩා වැඩි එකකි. එය දූෂණයේ උල්පත බව නිසැකවම කිව හැකිය. වියදම් කරන්නේ කොතැනකින් හෝ උපයා ගන්නා මුදල්ය. මැතිවරණය පර නිකාශයට පත් කළ වහා සාධාරණව ද අසාධාරණව ද උපයන මුදල් බහුලව ගැවසෙන්නට පටන් ගනී. පුද්ගලයාගේ දක්ෂතාවය හෝ හැකියාවට සාධාරණ අවස්ථා හිමි නොවන බව පැහැදිලි මෙවැනි ස්වභාවයකින් පරෝ හජාතන්තරා හවාදයේ උතුම් ගුණාංග ආරක්ෂා වී ඇතැයි අපේක්ෂා කළ හැකිද?
පලාත් සභා මැතිවරණය උතුර, මධ්යනම සහ වයඹ යන පලාත් තුනක පරුණ කාශ කර ඇති අවස්ථාවකි. මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණ හිතට දැනෙන්නට කලින් පවතින කරි මමය රටට ගැලපෙන්නේ දැයි අවධානය යොමුකිරීම වටී. බලය බෙදා මහජන අවශ්ය තා ඉටු කළ යුතු බව පිළිගැනීමයි. පලාත් සභා කරම වමය හඳුන්වා දුන්නේ එයට උත්තරයක් වශයෙනි. නමුත් මෙම සංස්කෘතිය පවත්වාගෙන යන්නේ බලය ලබා ගන්නටය. බලය ලබා ගන්නට යෙදවෙන බලහත්කාරය රටට පර යනශ්නයකි.
පොදු ජනතාව තම මහජන නියෝජිතයන් තෝරා ගත යුතු ආකාරය වඩා පිරිසිදු එකක් කර ගැනීම අද ඇති බරපතල අවශ්යිතාවයකි. වැඩිම මනාපයෙන් පත් කර ගන්නා නමුත් මහජනතාව සමග සම්බන්ධයක් නැති නියෝජනයක් රටට අවශ්යකද? පත් කරගන්නට දායකවන ජනතාවගේ ගරුත්වය නොසලකා හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් රටට උපයාගත හැකි නායකත්වය කුමක්ද?
බලය තමන් අත ඇති බව ඡන්ද දායකයන් වන මෙරට පුරවැසියන් අමතක කළ යුතු නැත. පක්ෂය අපේක්ෂකයන් නම් කරන නමුත් සුදුස්සා තෝරා ගත යුතු මහජනතාවගේ කැමැත්තෙන්ය. පරමාධිපත්යන ජනතාව අත ඇති අවස්ථාවක බුද්ධිමත්ව කිරනතායා කළ යුතු මහජනතාවය. පරව ජාතන්තරධිමවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය සාධාරණ එකක් කරගැනීම අප සියලූ දෙනාගේම වගකීමකි.

Advertisements

නාගරීකකරණය වටහා ගැනීමේ වැදගත්කම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image 

 

ලංකාදීප – 2013.07.23 – මිලින්ද මොරගොඩ 

ප‍්‍රධාන නගර වටා ජනගහනය එකතුවීම සෑහෙන කාලයක සිට අඛණ්ඩව සිදුවන කි‍්‍රයාවලියකි. එය අප රටට පමණක් නොව ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් ද මුහුණ පෑ යම් ගැටලූවකි. සංක‍්‍රමණය සීමාකරන්නට නගරයේ තරමට ගම ද සංවර්ධනය කළ යුතු බවට මතයක් කලකට ඉහත තිබිණි. එය වෙනස්වී තිබේ. නගර වටා ජනතාව එකතුවීම පිළිගැනීම අද පවතින ප‍්‍රතිපත්තියයි. ශ‍්‍රී ලංකාවේ ද නාගරික සංවර්ධනය අලූත් මුහුණුවරක් ගැනීම එහි එක් ප‍්‍රතිඵලයකි.

ජනගහනය වැඩිවීම සහ අවස්ථා සොයා නගරයට පැමිණෙන පිරිස ඉහළයාම හමුවේ නගර සැලසුම් වෙනස් කරන්නට සිදුව තිබේ. අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි සහ සේවා ආර්ථිකය පුලූල්වීම එහි නොනවතින වෙනස්කම් වල කොටසකි. දකුණ සහ බස්නාහිර පලාත් යා කරන අධිවේගී මාර්ගය දැන් ප‍්‍රයෝජනයට ගැනේ. කොළඹ කටුනායක මාර්ගය නුදුරු කාලයේ දී ප‍්‍රයෝජනයට ගත හැකිවනු ඇත. කොළඹ නගරය වටා අලූත් අධිවේගී මාර්ගයක් ඉදිවෙයි. රට මැද හා උතුර නැගෙනහිර ද අධිවේගී මාර්ග පද්ධතියකට යා වෙනු ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කඩුවෙල, කඩවත සහ කොට්ටාව යන නගර ප‍්‍රධාන සංධිස්ථාන වනු ඇතැයි සැලකේ. එය අද පවතින ආකාරයට වඩා සහ මුලින්ම වෙනස් එකකි. මීළඟ පරම්පරාව මෙම නගර දැකගනු ඇත්තේ අද පවතින අසංවිධිත තත්ත්වයෙන් නොවේ. ආණ්ඩුව අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. ජපානය මෙම නාගරීකරණ සැලසුම් වෙනුවෙන් සහය දී ඇත. චීන රජය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ආධාර කරයි. පොදු පහසුකම් සහිතව ආදර්ශ නගර වශයෙන් ඒවා දියුණු කිරීම ප‍්‍රායෝගික අවශ්‍යතාවයයි.

ආණ්ඩුව කරන සැලසුම් වලට පුද්ගලික අංශය ද එකතු විය යුතුය. ව්‍යාපාරිකයන් ද ව්‍යවසායකයන් ද ඉදිරි කාලයේ දී නගර වටා ගොඩනැගෙන අලූත් ආර්ථිකයට සම්බන්ධවීම අවශ්‍යය. නාගරිකකරණය සමග බිහිවන අලූත් යුගයට පදනම සකස් වන්නේ එවිටය.

ශ‍්‍ර‍්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයට පත්වෙමින් සිටී. දියුණුවෙමින් පැවැති රටක ජනතාවගේ බලාපොරොත්තු වලට වඩා මැදි ආදායම් රටක ජීවත්වන ජනතාවගේ ආකල්පවල පැහැදිලි වෙනස්කමක් තිබිය යුතුය. යතාර්ථය එයයි. මහජනතාවගේ අපේක්ෂා ඉටු කළ යුතුව තිබේ. නගරයට සංක‍්‍රමණය වන සහ රට තුළ වේගයෙන් වැඩිවන ජනගහනයේ උවමනා එපාකම්  ඉටු කරන්නට නම්  ආණ්ඩුව සහ සමාජය අතර මනා අවබෝධය වැදගත්ය.

නගර සංවර්ධනය වන විට එය වටා ආර්ථිකය සහ ව්‍යවසායකත්වයට ඉඩ පාදා ගැනීම ප‍්‍රමුඛ කාරණයකි. පවතින රාමුවට වෙනස් ආකාරයට එහිලා නියැලෙන්නට අවශ්‍යය. කුඩා ඉඩ ප‍්‍රමාණයකින් පවා වැඩි නිෂ්පාදනයක් කළ හැකි ආකරය ගැන විමසිලිමත්වීම වටී. තාක්ෂණය උපයෝගී කර ගත හැකි ආකාරය ගැන අධ්‍යයනය කළ යුතුය. ප‍්‍රවාහනයේ දී ඇතිවන අධිවේගී මාර්ග වලට සමාන්තරව මුහුද සහ ගංගා ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන ද සැලසුම් සකස් කළ හැකිය.  අලූත් ව්‍යාපාර සහ සේවා අවශ්‍යතා මුහුද සහ ගංගා ආශි‍්‍රතව ඇති කරන්නට පසුබිම සැකසී තිබේ. කඩුවෙල, කඩවත සහ කොට්ටාව යන නගර වලට නව ප‍්‍රවේශයක් ඇතිවන විට එය ඔස්සේ යමක් අලූතින් හිතන්නටත්,  නව ව්‍යවසාය ගොඩනගා ගන්නටත් ඉඩකඩ තිබේ. නාගරික සංවර්ධනය ජනතාවට ප‍්‍රයෝජනවත් වන්නේ එවිටය.

 

තුන් ඈඳුතු – ඇත්ත නොපෙනන කතාන්දරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013. 07. 14- ලංකාදීප- මිලින්ද මොරගොඩ 

තමන්ගේ දරුවා හොඳ පාසලකට ඇතුලත් කරගන්නේ කොහොමද යන්න දෙමවුපියන්ට ඇති ප‍්‍රශ්නයකි. ගමනක් බිමනක් යන්නට මගට පිවිසෙන මගියාට එහි ඇති අපහසුව බලවත් ගැටලූවකි. ලෙඩක් දුකක් වැළඳී ප‍්‍රතිකාර ගන්නට රෝහලකට යන දුගී දුප්පත් ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ තවත් ප‍්‍රශ්න වැලකටය. මෙම එකිනෙකට ඈදී ඇති ප‍්‍රබල එදිනෙදා අවශ්‍යතා තුනකි. රටට කියන්නේ නම් ඒවා නොමිලේ දෙන බවය. ජනතාවට සහනයක් වශයෙන් සැපයෙන සේවා වගය. අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරයි. නමුත් එයින් ලැබෙන සේවය පොදු ජනතාව තෘප්තිමත් කරන එකක් නොවේ. ඔවුන් උපයන ආදායමෙන් විශාල කොටසක් ද අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන්නට සිදුව ඇත. පවතින තත්ත්වය තුන් ඈඳුතු නමුත් පොදු ජනතාවට ඇත්ත නොපෙනෙන කතන්දරයක් පමණකි.

නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හයක කාලය තුළ අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය යන අංශ තුන පවත්වාගෙන යන්නේ සහන පදනමකටය. එහි සම්පූර්ණ පිරිවැය කෙලින්ම ජනතාව මත පැටවී නැත. ආණ්ඩුව මහජනතාවගෙන් උපයා ගන්නා බදු වලින් සෑහෙන කොටසක් මෙම අංශ වල අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරේ. මෙම සේවා, ජනතාවගේ අවශ්‍යතා පරිදි අඛණ්ඩව පවත්වාගෙන යන්නට රජයේ බදු ආදායම ප‍්‍රමාණවත් නැත. ප‍්‍රතිපත්ති වශයෙන් අලූත් ආකාරයකට සැලසුම් සකස් නොවන අතර ජන ජීවිතය නගා සිටුවන ආකාරයට යම් වෙනසක් සිදු නොවන බව ද පෙනේ. මහජනතාවගේ හැබෑ උවමනාව සහ ආණ්ඩුවකට කළ හැකි දේ අතර පරතරය පුළුල් වෙමින් තිබේ.

අධ්‍යාපන, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය යන අංශ ආණ්ඩුවේ සහනාධාර මත සම්පූර්ණයෙන් පවත්වාගෙන යා නොහැකි පසුබිමක එයට පුද්ගලික අංශයට ද ප‍්‍රවේශ වී ඇත. අධ්‍යාපනය නිදහස් බව ප‍්‍රකාශ වන නමුත් යථාර්ථය එය නොවේ. දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් දෙමවුපියන් වැය කරන ධනය සෑහෙන එකකි. පුද්ගලික අධාපනය රට තුළ පවත්වාගෙන යන ඉඩ කඩ නිසි රාමුවකට අනුව සකස්කර දෙන්නට අප සූදානම් නැත. ප‍්‍රවාහනයට සහන දෙන බව පළවන නමුදු එයට තරගකාරී ආකාරයට පුද්ගලික අංශයට ව්‍යාපාර කරගෙන යන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන් නිර්භීත නැත. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය ද එසේය. රජයේ රෝහල් වල ඇති ප‍්‍රශ්න සාමාන්‍ය ජනතාව දනී. නීති රීති සකස් කර, පුද්ගලික රෝහල ව්‍යාපාරයක් වශයෙන් තහවුරු කරන්නට ඇත්තේ මැලිකමකි. අවසානයේ දී ආණ්ඩුව කරන වියදම ගැන මහජනතාවගෙන් කෘතඥතාවයක් නැත. මහජන මුදල් වියදම් කරන අතරතුර තමන්ගේ ධනය වියදම් කර ඉගෙනගන්නටත්, ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නටත් සහ ලෙඩට දුකට බෙහෙත් ගන්නටත් සාමාන්‍ය ජනතාවට සිදුව තිබේ. මෙම පසුබිම තුළ සෑහීමකට පත්වන කිසිවෙකු නැතිබව පැහැදිලිව පෙනේ.

රටට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. යම් අධ්‍යාපන මට්ටමක් දක්වා සම්පූර්ණයෙන් නොමිලේ සමාන අධ්‍යාපන දෙන අතර එයින් පසු ගාස්තු අයකිරීම ගැන ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. ගාස්තු ගෙවන්නට අපහසු දක්ෂ සිසුන්ට ශිෂ්‍යත්ව ක‍්‍රම ඇති කළ හැකිය. ප‍්‍රවාහනයට ද නියම මිල ගෙවා මහ මග සැනසිල්ලෙන් ගමන් කරන්නට හැකි ආකාරයට කාර්යක්ෂමතාව නැංවීම අවශ්‍යය. ජනතාවගේ සුව සේවාව කොටසක් ආණ්ඩුව කරන අතර ඉතිරි කොටස වෙනුවෙන් සමාජ රක්ෂණ ක‍්‍රම ඇති කිරීම වැදගත්ය.

එයට මග පාදා ගත හැකිවන්නේ ප‍්‍රතිසංස්කරණයකින් පමණකි. රට දියුණු වන විට අලූත් පැති ගැන ජනතාව සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර සංවාදයක් පවත්වාගෙන යා යුතුය. එවිට ආණ්ඩුවකට කළ හැකි දේ සහ කරන්නට බැරි දේ ගැන අවබෝධයක් සමාජයට ලැබේ. අලූත් වැඩ සටහන් සම්පාදනය කරන්නට හැකියාව ලැබෙන අතර පුද්ගලික අංශයට ආයෝජන අවස්ථා ඇතිවෙයි. අලූත් ව්‍යාපාර බිහිවන විට ආර්ථිකය සක‍්‍රීය වෙයි. එයින් උපයාගන්නා වැඩිපුර බදු සමාජයේ අවශ්‍යතා ඇති තැන් සොයා සහනාධාර වෙනුවෙන් වියදම් කරන්නට ආණ්ඩුවලට හැකියාව ලැබෙනු ඇත.

ශාන්ති නායකයාණන්ගේ දැක්ම අන්තවාදී නැඹුරුවකට?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.07.10-ලංකාදීප- මිලින්ද මොරගොඩ

බුද්ධ දර්ශනය තර්ජනයකට ලක්ව නැත. නමුත් එහි ප‍්‍රතිරූපයට අභියෝග එල්ල වෙමින් තිබේ. රට තුළ ද රටින් බැහැරව ද වාර්තාවන සිද්ධි සම්පිණ්ඩනය කරන විට පෙනෙන්නේ ශාන්ති නායකයාණන්ගේ දර්ශනය වෙනුවට අන්තවාදී වෛරී පසුබිමක් ඇති වන බවය. මැදුම් පිළිවෙත බුදු දහමේ පදනමයි. අන්තවාදයක් එහි නැත. අට ලෝ දහමට අනුව දුක සැප සමව ඉවසීම එහි පිළිවෙතයි. ආගමික අන්තවාදය දරුණු එකකි. අන්තවාදී භක්තිකයන් අතර ඇවිලෙන මතවාද යුද ගැටුම් ඇති කරන්නට මග පාදා ඇති බව ඉතිහාසය පෙන්වන කරුණකි. බුදු දහම එයට වෙනස්ය. ගැටුම වෙනුවට යථාවබෝධය ඇති කරයි. මැදහත්ව විමසා බලා සත්‍ය ගවේශනයට ඉඩ දෙයි. නමුත් පවතින සමාජ ගෝලීය කරණයේ යම් යම් විෂමතාවලට මුහුණ දෙන්නට බුද්ධාගමට ද සිදුව තිබේ.

පසුගිය ටයිම් සඟරාවේ කවරයට භික්ෂු නමකගේ පින්තූරයක් ඇතුලත් කර තිබිණ. එම භික්ෂුව ද එයින් මතු කර ඇති කරුණු ද පෙන්වන්නේ බුදු දහම තුළ නොතිබුණ අන්තවාදයක් ගැනය. බුද්ධගයාවේ සිදුවූ පිපිරීම් බෞද්ධයන් තුළ මහත් තැති ගැන්මක් ඇති කර ඇත. බංගලාදේශයේ ගිනි තැබීම්, බාමියන් බුදු පිළිම විනාශ කිරීම සිට මෙවැනි නොයෙක් සිදුවීම් එකිනෙකින් පෙළ ගැස්සවිය හැකිය. මේවා හුදෙක් සිද්ධි පමණකි. දර්ශනය යටපත් කළ නොහැකි කණගාටුදායක පැල්ලම්ය. ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ලෝක ප‍්‍රකට ඓතිහාසික සිද්ධස්ථානයකි. දීර්ඝ කාලයක් නොසලකා යටපත්ව තිබිණ. බුද්ධාගම වසා එය වෙනුවට අන් ආගම් පැතිරිණ. නමුත් ඉන්දුනීසියාවේ පවා යළි බෞද්ධ ප‍්‍රබෝධය ඇති වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ ද බුද්ධාගමටත්, කහ සිවුරටත් නොයෙකුත් බලපෑම් සිදුවූ බව ඉතිහාසය දක්වයි. දළදා වහන්සේ ආරක්ෂා කරගන්නට නොයෙක් කැපවීම් කරන්නට සිදුවූ බව පොත පතෙහි දැක්වෙයි. මෙරට උපසම්පදාව ද නැතිවී ගියේය.  සියමයෙන් හා බුරුමයෙන් ලැබුණ ආභාශය මත යළි ස්ථාපිත කර තිබේ. එය යථාර්ථයයි.

බුද්ධ දර්ශනය සර්ව කාලීන නමුත් එයට එකතුවන නොයෙක් ආගන්තුක තත්ත්ව යටතේ දහම ද කලක දී යටපත්ව යන බව බොදුනුවන්ගේ විශ්වාසයයි. දහමේ සංකේතය කහ නූලකට සීමා වනු ඇති බවට ද මතයක් ඇත. සියලූ දේ සදාකාලික නැති අනිත්‍ය ස්වභාවය ගැන බුදු දහමෙන් ගෙනෙන දැක්මට එය සාක්ෂියකැයි සිතේ. දහම සහමුලින්ම ජනතාව අතරින් නැතිවූ කාලයකට පසු තවත් යුගයක දී නැවතත් බුද්ධෝත්පාද යුගයකට පසුබිම සැකසෙනු ඇතැයි ද කියැවේ.

මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ වදන් වලට අනුව දහම පවතින්නේ භික්ෂු, භික්ෂණී, උපාසක සහ උපාසිකා යන සතර කොටස තුළ පවතින නොබිදන සහ සම්බන්ධතාවය අනුවය. එක් එක් පිරිස සතු වගකීම මහත්ය. යුතුකම බරපතලය. යම් ප‍්‍රමාණයක පිරිහීමක් ගැන විවේචන තිබේ. පිරිහුණ ශාසනික විනය නැවත ඇති කරන්නට සංගායනාවකට යා යුතු කාලයකි. කතිකාවත ගැන අවධානය යොමු කළ යුතුය. ශාසනික වතාවත් වලදී වගකීම සහ යුතුකම කෙරෙහි මෙරට බොදුනුවන් මනා සැලකිල්ලත් දක්වන බව පෙනේ. බුද්ධගයාවේ සිදුවීම හමුවේ සංවේගයට පත් ලාංකිකයන්ගේ අදහස් එයට උදාහරණයකි.

දහම සහ සමාජය දෙස බලන විට සුපසන් සංවාදය වර්තමානයේ ඉතාම වැදගත් සාධකයක් බව පෙනේ. ගිහි පැවිදි දෙකොටස අතර දහම හා එහි අනන්‍ය ස්වභාවය ගැන පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍යය. එය සිදුවිය යුතු මැදහත්වය. අන්තවාදයෙන් තොරවය. සෑම පන්සලකම දායක සභාවක් තිබේ. දහම මුහුණ දී ඇති තත්ත්වය ගැන පන්සල හා දායක සභාව අතර සාකච්ඡ කළ යුතුය. ධර්මධර වියත් හිමිපාණන් වහන්සේලා සහ ගිහි සමාජයේ නායකයන් එය කේන්ද්‍රගත කිරීම කෙරෙහි සැලකිල්ල දැක්වීම අවශ්‍යය.

ජන මූල සංවිධානයක බලවත් පදනම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.07.04- ලංකාදීප-මිලින්ද මොරගොඩ
සැපතේ දී එකතුවීම මනුස්ස ස්වභාවයයි. විපතක ලකුණු දකින විට ඈත් වන පිරිසක් ද ඇත. දුක සැප දෙකෙහිදීම සිටින්නේ කලන මිතුරන්ය. බෞද්ධ දර්ශනය අනුව ඉපැදීම හා මරණය ගැන පැහැදිලි නිර්වචන ඇතත් ඉපැදිම පවුලකට මහත් සතුටක් ගෙන දෙන නමුත් මරණය සංවේගය දනවන අවස්ථාවකි. සාමාජිකයෙකු ගේ අභාවයෙන් ශෝකයට පත්වන දරු පවුලකට සහනයක් වන්නේ අසල්වැසි හිත මිතුරන්ය. සමීප ඥාතීන් පැමිණ අවශ්යම කටයුතු වලට මැදිහත්වන තෙක් කලට වේලාවට තීරණ ගෙන නොපමාව වෙහෙසෙන්නේ අසල් වැසියන්ය.
විපත වෙනුවෙන් එකතුවන අසල්වැසියන් එකතු වී පොදු සංවිධානයක් පිහිටුවාගෙන ඇත. එය මරණාධාර සමිතියයි. පවතින සංකීර්ණ සමාජ ව්යුඇහය තුළ තවමත් උසස් සංවිධාන රටාවකින් සහ කැපවුන ජනතා බලවේගයකින් මරණාධාර සමිතිය පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. නගර, ගම් නියම් ගම් හැම තැනෙකම මරණාධාර සමිති කරිත යාත්මක වෙයි. එය මෙරට ඇති පැරණිම ස්වේච්ඡ සංවිධාන අතලොස්ස අතර මුල් තැනෙකය. දේශපාලන බේධ සහ නොයෙකුත් මත වාද එහි බහුලව නැත. ලාභ අපේක්ෂාවෙක් තොරව පවත්වාගෙන යන බව දැකිය හැකි යහපත්ම ලක්ෂණයයි. අවමගුලක් දැනගත් වහා එහි එකතුවන සමිතියේ කරිෂ යාකාරීන් ධනයෙන් ද, ශර ස මයෙන් ද දායකත්වය දක්වති. විපත කල්තබා නොපැමිණෙන හෙයින් කිසිම සූදානමක් නැතිව සිටින නිවැසියන්ට එය මහත් අස්වැසිල්ලකි. ගෙවත්ත කළ එළි කරන අතර අවශ්ය් මඩු කූඩාරම් තනයි. හැන්දෑවේ ශබ්ධ විකාශන මගින් ගම පුරා තොරතුර පතුරවයි. දිවා රු දෙකෙහි අවමගුල් නිවසට ආහාර පාන සපයන අවමංගල්යාමධාර සමිති ද වෙයි. නියමිත පරිදි මුදලින් ආධාර කරන අතර සුසාන භූමිය සරසන කටයුතු ද නොපිරි හෙලා කරයි. අනුරාධපුරයේ මැදවච්චිය ගමේ ඇති සමිති සාමාජිකයෝ නිවසේ අය වෙනුවට ශෝකය බෙදා ගන්නට නිවසට පැමිණෙන්නන් පිළිගෙන අසුන් පමුණුවා කතා බහ කරන තරමට මෙම සමිති සංස්කෘතිය දියුණු කර ඇති බව අසන්නට ලැබිණ. දකුණේ තවත් පරර ඇදේශයක කුල බේධ නොසලකා හේවිසි වාදනයට පුහුණු වූ තරුණ කණ්ඩායම් ද සමිතියට අනුයුක්තව සිටින බව දැනගන්නට ලැබිණ. උසස් තානාන්තර දරන පුද්ගලයන් පවා සමිතියෙන් පැවරෙන වගකීම හෙයින් මළගම අවස්ථාවේ දී හේවිසි නාද කරමින් තම යුතුකම ඉටුකරන බව අනාවරණය වෙයි. මෙවැනි උසස් සහ අගය කළ යුතු මෙහෙවරක නිරත අවමංගල්යා ධාර සමිතිය ගැන රට තුළ ඇති පරබව ශංසාව තවත් ඉහළ එකක් විය යුතුය.
පොදු වැඩට එකතුවන මරණාධාර සමිතියේ එදිනෙදා පාලනයට ස්වේච්ඡුාවෙන් එකතු වූ පිරිසක් සිටින බව පෙනේ. ආධාර එකතු කරන්නෝ ද, ගිණුම් කටයුතු පවත්වාගෙන යන්නෝද සහ විගණනය කරන්නෝ ද ගමේ හෝ පරුම්දේශයේ ජීවත්වන පිරිසය. වෙනත් සමිතියක ගිණුම් ගැන මැසිවිලි නැගෙතත්, තනතුර වලට පැන බලය අල්ලාගන්නට තැත් කරතත් අවමංගල්යායධාර සමිතියේ එවැනි බේධ බරපතල ලෙස අසන්නට නොලැබෙන බව නොයෙක් දෙනාගෙන් විමසන ලද විට ලැබුණ පිළිතුරයි.
ශරී ලංකේය පොදු ජනතාවට අවශ්ය තාවයක් ඇත්නම් කැපවීමකින් යුතුව පොදු ජන මෙහෙවරෙහි නිරත විය හැකි බවට ගමේ නගරයේ කරිපොදයාත්මක මරණාධාර සමිතිය කදිම සාක්ෂියකි. මෙම සරල පදනම රටට ආශීර්වාදයක් බවට පෙරලා ගන්නට උත්සාහ නොකිරීම කණගාටුවට කරුණකි. සහභාගීත්ව කරඋත්මවේදයකට අනුව ශෝකාකූල අවස්ථාවේ ඇතිවන පසුබිම බෙදා හදාගන්නට බිහිවී ඇති මෙම අසංවිධිත රාමුව සංස්ථාගත කරන්නට යෝජනා කළ යුතු නැත. දැනට සංස්ථාගත ව ඇති මෙරට නොයෙකුත් ආයතන වලට මෙම සමිති වල ඇති කරමෙරමවේදය හා කැපවීමෙන් සේවය කරන යහපත් මිනිසුන්ගේ ලක්ෂණ අත්දැකීමක් විය යුතුය.