නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.04.24- ලංකාදීප- මිලින්ද මොරගොඩ

නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප‍්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ අපේක්ෂා කළ නිදහස් සමාජයේ ප‍්‍රබෝධයද?

ජාත්‍යන්තර සමාජයේ රටක නිදහස ගැන එයට සමාන්තර අලූත් මතයක් ගොඩනැගී තිබේ. පැවැති පාලනයෙන් නිදහස්කර ඉරාකයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළේය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්කරන ලද යුද්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලද නමුදු ඉරාක වැසියන්ට නිදහස ලෙස වෙනසක් දැනෙන්නට පටන් ගෙන නැත. ජාති සහ ආගම් අතර ගැටුම් ඇරඹී ඇත. මුල් අරමුණ එය නොවේ. අරාබි වසන්තය ඊජිප්තුවෙන් පැන නැගිණ. පාලකයන්ගේ ක‍්‍රමයට එරෙහිව මතවාද ඇවිලිණ. මැද පන්තියේ ජනතාව ට්විටර් හා බ්ලොග් වැනි තාක්ෂණික සංවාද මගින් ජනතාව අවුලූවා පාරට බස්සවන්නට සමත් විය. පවතින පීඩනයෙන් මිදී අලූත් නිදහස් ක‍්‍රමයක් ඇතිකර ගැනීම මෙම මත ඇවිලවූ මධ්‍යම පාන්තික පිරිසගේ උවමනාව වී තිබුණි. පැවැති පාලනය ඉවත්කර ඡුන්දයෙන් බලයට පත්ව ඇති නායකයන්ගෙන් එරට වැසියන් අපේක්ෂා කළ නිදහස අද ලැබී නැත. යටත්ව සිටි ග‍්‍රහණයෙන් මිදීම එක අවස්ථාවකි. දෙවනුව අපේක්ෂා කරන නිදහස සොයා යා යුතුය. සාමාන්‍යයෙන් සමාජය තුළ යටත්ව සිටි බලවේග වලින් නිදහස ලැබීම උවමනාව සේ සලකයි. එය උදාකරගැනීමෙන් ඉනික්බිතිව අපේක්ෂා කරන නිදහස තහුවරුකර ගැනීමේ ක‍්‍රියාදාමය අරඹන්නේ නැත. එය  ඕනෑම සමාජයක දැකියහැකි  දුර්වල පැත්තකි.

හතලිස් අටේ දී ශ‍්‍රී ලංකාව යටත් විජිත පාලනයෙන් නිදහස අත් පත් කර ගත්තේය. එය නිදහස් සංකේතයයි. විජාතිකයන්ට වහල්ව සිටි ලාංකිකයන් නිදහස ලැබූ පමණින් මනසින් නිවහල්ව නැත. නිවහල් බව සොයා යන මාවත ඉතා සංකීර්ණ කටු කොහොල් බහුල එකකි. එහි එක් පියවරක දී ත‍්‍රස්තවාදය නැගී ආ බව අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදය රට ග‍්‍රහණය කර, ජනතාවගේ සිතුම් පැතුම් බරපතල අන්දමට පාලනය කරන්නට පටන් ගත්තේය. ජන ජීවිතය යළිත් කොටුවූයේ පාලකයන්ගේ නීති රාමුවකටය. යුද මෙහෙයුමකින් රටවැසියන් ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නට සමත් විය. ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් පමණින් ජනතාවට නිදහසක් ලැබී තිබේද? සිතුම් පැතුම් හා එදිනෙදා ජීවිතයේ යම් පරිවර්තනයක ලකුණු පෙනෙන නමුත් සමාජය සම්පූර්ණයෙන් නිදහස් වී නැත.

නිදහස දැනෙන්නේ තමන් කොටු කර ඇති රාමුවේ තරම අනුවය. ඉතා කුඩා රාමුවක කොටු කර තිබුණ සමාජයක් රාමුවේ ප‍්‍රමාණය වෙනස් කර තවත් කොටසක් දක්වා එය විශාල කිරීමෙන් ඇවිදින්නට, කතාබහ කරන්නට සහ තීරණ ගන්නට වැඩි නිදහසක් ලැබේ. නමුත් පවතින රාමුව ඉවත් කිරීමක් නොවේ. ජන සමාජයේ පාලනය වෙනත් බලවේගයක් අතට පත්වීම පමණකි. යටත් විජිත ග‍්‍රහණයෙන් මිදීම නිදහස ලැබීම පමණක් වන අතර හැබෑ නිදහස උපයා ගත යුතුය. එයට යුහුසුළු නොවනවිට නොයෙක් ජාති හා ආගමික අන්තවාද බලවේග මතුවෙන්නට පටන් ගනී. නිදහස් චින්තනය ඇත්තේ තමන්ගේ ආගම, ජාතිය හෝ ගොත‍්‍රික ලක්ෂණ තුළ යැයි සිතන්නට නැඹුරුවෙයි. එය භයානක පැත්තකි. සම්ප‍්‍රදාය තුළ වෙනත් ආකාරයකට යටත්වීමක් බව පැහැදිලිය. බටහිරට හෝ ත‍්‍රස්තවාදයට යටත්ව සිටි යුගය අමිහිරි එකක් වන අතර එයින් මිදී අලූත් යුගයක අලූත් නිදහසක් අපේක්ෂා කළේ වෙනත් රාමුවක් තුළ කොටුවන්නට නොවේ. නිදහස යන යාන්ත‍්‍රණය ගැන සංවාදයක් රටට අවශ්‍යව තිබේ. නිදහස් චින්තනය, නිදහස්ව තීරණ ගැනීම නිදහස්ව කි‍්‍රයාකිරීම තවත් කෙනෙකුගේ බලහත්කාර මතයකට හෝ අණකට යටත්වීම නිවැරදි එකක් නොවේ. නිවහල් විය යුතු අණ පණත් වලින් නොවේ තම හද පත්ලෙන්ම නැගෙන සිතිවිලි වලින්ය. නිදහස් සිතිවිලි සිතනා දැයක් උදාරයි යනු එයයි.

Advertisements

මහජන මතය මැන පැන නැගෙන විවාද තේරුම් ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2013 .04 .17 ලංකාදීප – මිලින්ද මොරගොඩmilinda-prashna

නොයෙක් විට, නොයෙක් තැන අලූත් මත පැන නැගෙන බව මෑත   කාලය තුළ දැකිය හැකි නව පරමස වනතාවයකි. මෙවැනි මත තුළින් ඇතිකරන අවසාන පරැන තිඵලය බහුතර ජනතාවගේ කැමැත්ත විය යුතුය. හැම දෙනාටම නිදහස්ව සාමකාමීව ජීවත්වන්නට ඉඩ ඇතිකිරිම හො`ද සංස්කෘතික ලක්ෂණයකි. අප සොයා යා යුතු එවැනි පදනමකි. මරාගෙන මැරෙන යුදකාමයකින් නිදහස් වූ රට අලූත් යුගයකට ඇතුළුවන විට අලූත් දර්ශනයක් අවශ්යිය. යුද පසුබිමේ සිට සාමකාමී කාල පරිච්ඡ්දයකට යොමුවන පසුබිමක එහි අවශ්යශතාව තදින් දැනේ.
වෙඩි හ`ඩට යටපත්ව තිබුණ ජන මතය දැන් නිදහසේ ඇවිල යන බව පැහැදිලිව පෙනේ. සමාජය තුළ ඝෝෂාවක් තිබේ. ඝෝෂාවෙන් නැගෙන හ`ඩ බලවත්ය. නිහ`ඩ බහුතරයක අදහස පරයමින් සු`ළු දෙනෙකුගේ හ`ඩට වැදගත් තැනක් ලැබී ඇති සෙයකි. සමාජය තුළ බහුතරය නිහ`ඩය. ඕනෑම සභාවක කතාකාරයා වැඩි අවධානයක් ගන්නා නමුත් ඔහු කියන්නේ සමස්ථ සභාවේ ම අදහස දැයි පරබහ ශ්න කිරීම අද අපට ඇති බලවත් වගකීමකි.
නිහ`ඩ බහුතරය දක්වන අදහස, නැගෙන ඝෝෂාව තුළින් යටපත්වීම යුක්තිගරුක සමාජයක සිදුවිය යුතු දෙයක් නම් නොවේ. වැඩි දෙනෙකු නිහ`ඩ නම් ඔවුන් ගැන වෙහෙසෙන්නේ කුමකටදැයි පරසමාශ්න කර හ`ඩ එන තැනට පමණක් සවන්දීම ද යහපත් පර දෙවනතාවක් ද නොවේ. බුද්ධිමත් සමාජයේ මෙවැනි හ`ඩ නැගෙන අතර නියම මතය කුමක් දැයි දැනගන්නට නිතර පර්යේෂණයෙහි නිරත වෙති. ඒවා කෙරෙන්නේ ජන මත සමීක්ෂණ ආකාරයටය. අලූත් යුගයකට ඇතුළු වන්නට තැත් දරන ශරී න ලාකේය ජන සමාජය ද ජන මත සමික්ෂණ ගැන පරාර මාණාත්මක අවධානයක් යොමු කිරීම වටී. එයින් නියම මහජන අදහස කුමක්දැයි අවබෝධ කර ගත හැකිවෙයි.
දියුණු රටවල් සංවර්ධන වැඩසටහනක් අරඹන්නට කලින් එහි අවැසි අනවැසි බව ගැන ජනතාවගෙන් විමසයි. පරයු තිපත්ති වෙනස් කරන්නට අලූත් තීරණයක් ගන්නට කලින් ජනතාවගේ අදහස කුමක්දැයි විමසා බැලේ. දේශපාලනයේ දී එය වැඩිපුර උපයෝගී කර ගන්නා බවපෙනේ. පක්ෂයක ොහ් අපේක්ෂකයෙකුගේ ජනපරාලනයතාව දරන පරර ගතිපත්ති කෙරෙහි පොදු මතය ජන මත විමසුම් වලින් අනාවරණය කර ගැනේ. තාක්ෂණය දියුණු හෙයින් එය වඩා ලෙහෙසි වී ඇත. අප රට තුළ ද එවැනි සමීක්ෂණ අති නමුත් බහුලව උපයෝගී කර ගන්නේ නැත. දේශපාලනයේ දී එවැනි මත සොයා යාම ඉතා වටිනා ආයෝජනයකි. නිතර නිතර වෙනස්වන මහජනතාවගේ ආකල්ප හා ඒවා විහිදෙන අකාරය සමාජයේ තෝරා ගත් නියැදියකින් පරකි ශ්නාවලියකින් විමසා බැලීම පරේ ආයෝජනවත්ය. ජනමත සමීක්ෂකයන් ඉදිරිපත් කරන පරම්තශ්න සහ තෝරාගත් නියැදිය දෙන උත්තර නිසි ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් නොයෙක් මත විහිදී ඇති ආකාරය කදිමට අවබෝධ කර ගත හැකිවෙයි. ජනමතය හ`දුනාගැනිමට කරන මෙවැනි පර්යේෂණ වෙනුවෙන් සැලකිය යුතු ධනයක් වැය කරන්නට සිදුවන බව නොරහසකි. ආර්ථික අතින් බලවත් නැති රටවල් ජනමත සමීක්ෂණ වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේ නැත්තේ එහෙයින්ය.
ජනමතය නිසි ලෙස පිළිබිඹු නොවන විට සමාජයේ පර න ශ්න වල යථාර්ථය වටහා ගැනීම අපහසුය. ගැටලූවක් පැන නැගෙන විට මහජන නියෝජිතයන් උත්තර හොයන්නේ තමන් අවට ගැවසෙන අනුගාමිකයන්ගේ අදහස්වලට අනුවය. අනුගාමිකයන්ගේ මතය හැබෑ ජනමතය නොවේ. නිර්භයව ඇත්ත කියන්නට සූදානම් නැති දේශපාලන අදහස් සහිත මහජන නියෝජිතයන් වටා ගැවසෙන කණ්ඩායම පරනුගශ්නය දකින්නේ තමන්ගේ රාමුවෙන් වීම තවත් භයානක පැත්තකි. ඝෝෂාවෙන් මත ඉදිරිපත් කරන පිරිස ද හැබෑ සතය යටපත් කරයි.
ශරීු ලංකාව මහජන මතයට ගරු කරන රටකි. මහජන නියෝජිතයන් ජනතා කැමැත්ත ඉහළින් අපේක්ෂා කරති. පරමු ජාතන්තර මහවාදී සමාජයක මහජනතාවගේ අදහස් ඉතාම වැදගත් බව එයින් තහවුරු වෙයි. මැදි ආර්ථිකයකට නැගෙන ශරීවීම ලංකාවට ද කලින් කලට ආර්ථික සමාජ තොරතුරු සම්බන්ධව මහජන මතය විමසා පරවුරතිපත්ති සම්පාදකයන්ට හා වගකිවයුතු අංශ වලට යොමු කරන වැඩ පිළිවෙලක් අවශ්යය.
මිලින්ද මොරගොඩ.

රටට අවුරුදු සිරිය ගෙන එන විදෙස් ගත නෑයෝ

එක් ප්‍රතිචාරයක්

Image2013.04.10- ලංකාදීප – මිලින්ද මොරගොඩ

සිංහල සහ දෙමල අලූත් අවුරුද්දට දින ගණන් කරමින් සිටින වකවානුවකි. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සියළු දෙනාගේ බලාපොරොත්තුව අභිවෘද්ධියයි. අලූත් අවුරුද්ද බලාපොරොත්තු අලූත් කරගැනීමේ සංකේතයකි. සිංහල සංස්කෘතිය හා කෘෂි නැඹුරුව අනුව උදා වී ඇත්තේ  බක් හෙවත් භාග්‍යවන්ත මාසයයි. සූර්ය සංක‍්‍රාන්තිය අනුව අලූත් අවුරුද්ද උදාවන බව ජොතිෂ්‍යට අනුව සැලකෙයි. පැරණි සමාජයේ දී අස්වනු නෙලාගැනීමෙන් ඉනික්බිතිව නැවත ගොවි බිම් අස්වද්දා ලැබෙන විවේකයේ දී ගහ කොළ හා බැඳුණු වතාවත් සමග අලූත් අවුරුද්ද සමරති.

යටත් විජිත යුගයේ දී බටහිර චාරිත‍්‍ර වාරිත‍්‍ර අවුරුද්ද හා මුහු විය. එය තවත් පරිවර්තනය වී වැඩ කරන ප‍්‍රජාවක් බිහිව තිබේ. කම්හලේ ගොවිපොලේ වැඩකරන ජනතාව වෙනුවට අද වැඩ කරන්නේ පිටරටකය. විදේශ ගතව මහන්සියෙන් වැඩ කරන අඹු දරු නෑ හිතවතුන්ගෙන් ඈත්ව සිටින අතර පවුලේ සෙසු පිරිස අවුරුදු සමරති. අවුරුදු සමරන අස්වැන්න සේ සැලකිය හැකි ධනය රටට ලැබෙන්නේ පිටරටින්ය.

තේ රබර් පොල් යන කෘෂි භෝග රටේ විදේශ ආදායම අපයන පළමු තැන සේ සැලකූ කාලය අවසන්ය. දැන් රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් එන්නේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ගෙනි. එම ධනය මෙම වසරේ දී නම් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් පමණ වනු ඇත. ඇඟලූම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයන නමුත් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත‍්‍ර සූත‍්‍ර වෙනුවෙන් ආපසු රටින් එපිටට යන ධනය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්නය. ඉතිරි වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ අවුරුද්දකට උපයන අතර අලූතෙන් දියුණු වන සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ද ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ප‍්‍රමාණයක් බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ පදනම මැද පෙරදිග ඇතුළු රටවල වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත ජන කොටස උපයන දෙය බව අවබෝධ කර ගත යුතු යථාර්ථයයි.

පිටරට වල වැඩකරන ලාංකීයයන් ගේ වෘත්තීය ජීවිතය සුබදායක එකක් නොවේ. වෘත්තීය ගැටලූ ඇති තරම් තිබේ. දරු පවුලෙන් ඈත්ව හුදෙකලාව ගත කරන කාලය වේදනාබරය. විදේශ රැකියාවක් සොයායන්නට විශාල වශයෙන් ණය වූ පිරිසක් ද වෙති. සමස්ථයක් වශයෙන් මෙම පිරිස උපයන ධනය ඉතිරි කරන්නට කරන කැපවීම තක්සේරු කළ නොහැකි තරමට සංකිර්ණය. මෙරට ජනගහනයෙන් දහයෙන් එකක පමණ කොටසක් රටට විදේශගතව රුකියාවල යෙදෙමින්, ධනය උපයන විශිෂ්ට පරිත්‍යාගයෙහි නිරත බව අවබෝධ කරගැනීම වැදගත්ය.

වානිජ බැංකු, ගාහ විදුලි උපකරණ අළෙවි කරන සමාගම්, දේපොල වෙළඳාමෙහි නිරත අතරමැදියන්, රක්ෂණ තැරුව්කරුවන් ඇතුළු නොයෙකුත් දෙනා නොයෙක් ප‍්‍රචාරක උපක‍්‍රම පතුරවමින් උත්සාහ කරන්නේ මෙරටට ඇදී එන විදේශ ආදායමෙන් තමන්ගේ පංගුව දිනාගන්නටය. වානිජ ක‍්‍රමය තුළ පවතින තරගය පැතිරෙන ආකාරය අනුව එයට වඩා වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ යුතු නැත. නමුත් ඔවුන්ගේ දරු පවුලටත්, රටටත් සමෘද්ධිය යන අවසාන අරමුණින් ඈත්වීමට ඉඩ දිය යුතු නැත.

විදේශගත ලාංකිකයන් මහන්සියෙන් උපයන ධනය රටට ඉසුරු සදන අතර අවුරුද්ද පුරා අවුරුදු ඇති කරන ආදායම් මාර්ගයක් බව බැලූ බැල්මට පෙනේ. මෙම ඉසුරුමත් අවුරුදු සතුටින් පමණක් රටක අනාගතය උදා වනනේ නැත. එතෙරින් උපයා එවන ධනයෙන් කොටසක් වියදම් කරන අතර මතු දියුණුවට ඇතිවන ආකාරයට එයින් කොටසක් යළි ආයෝජනය කරන්නේ කෙසේ ද යන වැදගත් පණිවුඩය සමාජය තුළ තහවුරු කරන වැඩ පිළිවෙලක් අවශ්‍යය. තමන්ගේ පවුලේ සාමාජිකයා හෝ සාමාජිකාව පිටරටක වෙහෙසී දුක් මහන්සියෙන් උපයන ධනයෙන් පවුලට උපරිම ප‍්‍රයෝජනය ගන්නේ කෙසේ දැයි සොයා බලා අවධානයෙන් වැඩ කටයුතු කිරීම ස්ථාවර සමෘද්ධිය ළඟා කර ගැනීමට ඇති එකම මග බව අවුරුදු සිරිය මැද මනාව තේරුම් ගැනීම වැදගත්ය.

 

දේශපාලනය අතහැර ආර්ථිකය දෙසට අවධානයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.04.03- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන මත ගැටුම් ඇවිලෙන බවක් පෙනේ. තමිල්නාඩුව එහි බල කේන්ද්‍රයයි. ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධව කනස්සල්ල පළ කරන තමිල්නාඩුව ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ප‍්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය මහ ආණ්ඩුවට බලපෑම් කරමින් සිටී. තමිල්නාඩුව සහ ඉන්දියානු දේශපාලන නායකයන් දක්වන අදහස් වලට එරෙහිව අප රට තුළ නැගෙන විරෝධය සැලකිය යුතු එකකි. අන්තවාදී ඉන්දීය දේශපාලන අනුගාමිකයන් ඇතිකරන සිද්ධි ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන බව පැහැදිලිව පෙනේ.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සම්බන්ධය ඉතිහාසගත එකකි. එහි හිතවත්කම මෙන්ම සතුරුබව ද, නොඅඩුව ඇත. ආගමික සංස්කෘතික හා ආර්ථික අතින් ශ‍්‍රී ලංකාව ඉන්දියානු ලක්ෂණ වලට ඇති සම්බන්ධය ඉතා සංකීර්ණ බව වටහා ගත යුතුව ඇත. ඈත කාලයේ මෙන් ම මැත කාලයේ ද ඉන්දියානු ආක‍්‍රමණ ගැන සඳහන් වන අතරම බුදු දහම වැනි ලාංකිකයන්ට ඉතා වැදගත් දර්ශනය ද ඉන්දියාවෙන් ලැබුණ දායාදයක් බව සඳහන් කළ යුතුය.

ඉන්දියාවේ මහ ආණ්ඩුවේ බලය ශක්තිමත් නැත. තමිල්නාඩුව වැනි ප‍්‍රාන්ත ආණ්ඩුවක නියෝජනය මධ්‍යම රජයට අවශ්‍යය. තමිල්නාඩු දේශපාලනඥයන් තම ජනපි‍්‍රයතාව උදෙසා නොයෙකුත් මත අවුලවයි. තමිල්නාඩු නියෝජනය වැදගත් සාධකයක් බැවින් පටු අරමුණු ඇති දේශපාලනඥයන් නගන කවර අදහසක් හමුවේ පවා යම් ප‍්‍රමාණයකට අවනත වන්නට ඉන්දීය මහ ආණ්ඩුවට සිදුවී තිබේ. තම බලය හා ජනප‍්‍රියතාව තහවුරු කරගැනීම අරමුණු කරගෙන තමිල්නාඩු දේශපාලනඥයන් ශ‍්‍රී ලංකාව සම්බන්ධව නොයෙක් අර්බුද ඇතිකරන බව නොයෙක්විට සනාථ වන කරුණකි.

දේශපාලනය සංදර්ශනයක ආකාරයක ඇති නමුත් තමිල්නාඩුවේ ආර්ථිකය ඉතා ශක්තිමත්ය. දේශපාලන වේදිකාව සහ ආර්ථික ප‍්‍රතිපත්ති වෙන වෙනම පවත්වාගෙන යන්නට තමිල්නාඩු නායකයන්ට හැකියාව ලැබී ඇත. ඉන්දියාවේ ප‍්‍රාන්ත අතරින් දෙවැනි තැනට වැඩිම ආර්ථික සංවර්ධන වේගයක් දක්වන ප‍්‍රාන්තය තමිල්නාඩුවයි. මෙම වසරේ පවා එහි අය වැය හිගය වෙනුවට අතිරික්තයක් ඇති එකකි. ප‍්‍රාන්තයට ආදායම් උපයා දෙන කර්මාන්ත ව්‍යාපාර විශාල ආකාරයට විහිදී තිබේ. ලෝකයේ ප‍්‍රධාන පෙලේ වාහන නිෂ්පාදකයන් තමිල්නාඩුව තුළ ව්‍යාපාර ආරම්භ කර ඇත. ප‍්‍රාන්ත ආණ්ඩුවේ බලධාරීන් ව්‍යවසාය ඇතිකරන ආකාරයට හා ආර්ථිකය දියුණු කරන අන්දමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කර තිබීම එතැන ඇති  රහසයි.

තමිල්නාඩු දේශපාලනය හමුවේ කෙරෙන වාග් සංග‍්‍රාම ආර්ථිකය පළුදු කරන එකක් විය යුතු නැත. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට, වන්දනා නඩ වලට කරන බලපෑම් වලට ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින්තදබල විරෝධය දක්වන්නට අවශ්‍යය. තමිල්නාඩු ආර්ථිකය සමග සම්බන්ධ විය හැකි නම් ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයට වෙනත් රුකුලක් අනවශ්‍යය. එය එපමණකටම ප‍්‍රබල එකකි. තමිල්නාඩුවට ඇගලූම් යැවිය හැකිනම්, එම ප‍්‍රාන්තයේ මෝටර් රථ කම්හල් වලට අවශ්‍ය එක උපාංගයක් ලංකාවෙන් යැවිය හැකිනම් මෙරට අපනයන ආදායම දෙගුණ තෙගුණකර ගත හැකි ධන ඉල්ලමකි. දේශපාලනඥයන්ට ඔවුන්ගේ මත අවුලවන්නට ඉඩ දී ආර්ථික අතින් ඉන්දියාවේ ප‍්‍රාන්ත මට්ටමින් සම්බන්ධතා ඇතිකරගන්නට වෙහෙසීම වැදගත්ය. තමිල්නාඩුව, කේරළය, අන්ද්‍රා හා කර්නාටක ප‍්‍රාන්ත එහිලා ප‍්‍රයෝජනවත් බව පෙනේ.

දෙවැනි ලෝක යුද්ධයේ පස මිතුරු රටවල් අද සමීප ආර්ථික සම්බන්ධතා පවත්වයි. ජර්මනිය, ජපානය, ප‍්‍රංශය හා රුසියාව අතර කෙරෙන ආර්ථික ගනුදෙනු වල යුද අමනාපකම් පෙන්වන්නේ නැත. පරමානු බෝම්බය හෙලූ ඇමරිකාව ගැන ආර්ථික සම්බන්ධතා හමුවේ ජපානයට මතක නැත. වියට්නාමයට සිදුවූ හානිය සලකන විට අද එහි වැඩිම ආයෝජනයක් කරන්නේ ඇමරිකානු ව්‍යවසායකයන්ය. ජාත්‍යන්තරයේ ස්වභාවය එයයි. අන්ධකාරය මැදින් එහි ඇති රිදී රේඛා දකින්නට මෙරට ව්‍යවසායකයන්ට අයිතියක් තිබේ.