ජගත් ආර්ථික සංසදයේ සටහන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/01/28 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ජගත් ආර්ථික සංසදය අද සිදුවෙමින් පවතින පරිවර්තනයේ අවධානයට ගත යුතු පැති අවධාරණය කරමින් සිටී. විවිධ පැති වලින් ජාත්‍යන්තරයට තොරතුරු එකතු කරන ජගත් ආර්ථික සංසදය මෑතක දී නිකුත් කළ සටහනකින් ලෝක නායකයින් අවධානයට ගත යුතු අංශ පුලූල්ව දක්වා ඇත. වසර එක් දහස් හත්සිය ගණන් වල සිට මේ දක්වා කාලය තුළ අවධානයට ගත යුතු ක්ෂේත‍්‍ර විසි හතරක තොරතුරු මෙයට ඇතුලත් අතර ලෝකය ගමන් කරන ලද රටාව අවබෝධ කරගෙන අනාගතය ගැන යම් අදහසක් පහළ කරගන්නට මෙය ඉතාම වැදගත්ය.

ලෝකයේ ජනගහනය බිලියන 7.2 ක් වන අතර බිලියන දෙකකටත් අඩු ප‍්‍රමාණයක සිට මේ සා විශාල මට්ටමක් දක්වා ජනගහනය වර්ධනය වී ඇත්තේ අවසාන අවුරුදු හැටක එනම් 1950-2010 අතර කාලයේ දීය. වැඩිම වර්ධනයක් පෙන්වන්නේ බ‍්‍රසීලය, රැුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් පහක එකතුව තුළය. ආර්ථික වර්ධනයේ සීග‍්‍ර ප‍්‍රසාරණය පෙන්වන්නේ දියුණු සහ දියුණු වන රටවල වන අතර එම රටවල් තුළට සෘජු විදේශ ආයෝජනය වැඩිම ප‍්‍රමාණයක් ද ලැබී තිබේ. ජනගහනය වර්ධනය සමග බලශක්ති භාවිතාව ඉතාම වේගයෙන් වර්ධනය වී ඇති අතර සංවර්ධනය අරමුණු කරගෙන මුලින් ස`දහන් කරන ලද රටවල් පහ පමණක් නොව සෙසු දියුණු වෙමින් පවතින රටවල ද ගංගා හරස් කරමින් විශාල වේලි බැ`ද අලූත් ඉදිකිරීම් කර ඇත.

ජලය, පොහොර සහ කඩදාසි භාවිතාව ද වේගයෙන් ඉහළ ගොස් ඇති බව 1950-2010 අතර කාලය තුළ සිදුවූ එම ද්‍රව්‍ය ප‍්‍රයෝජනයට ගැනීම් ගැන කරන ලද සොයා බැලීම් තහවුරු කරයි. බ‍්‍රසීලය, රැුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් පහ ජල සහ පොහොර පරිභෝජනය ඉහළම ප‍්‍රමාණයකින් කර ඇති අතර කඩදාසි භාවිතය අතින් ඉහළට පැමිණ ඇත්තේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවලය.සමස්ථයක් වශයෙන් 1950 පසු වසර 2010 දක්වා කාලය තුළ නාගරීකරණය ඉතාම වේගයෙන් සිදුවී ඇත. එයට සාපේක්ෂව ප‍්‍රවාහන සහ සන්නිවේදන අවශ්‍යතා සකස් වී ඇති ආකාරය ද මෙම කරුණු විසි හතරකින් සමන්විත පර්යේෂණය අනාවරණය කරයි. ලෝකයේ රටවල් අතර සංචාරණය වඩා පුලූල් වී ඇත්තේ මෙම කාලය තුළ දී බව පැහැදිලිව පෙනේනනට තිබේ.

ජනගහනයේ වර්ධනය, නිෂ්පාදනය සහ පරිභෝජනය ඉහළ යාම පමණක් නොව වායුගෝලය දුෂණය වී ලෝකය නරක තැනක් බවට පත්වන්නේ ද මෙම ස`දහන් කරන ලද කාලය තුළ බව නිරීක්ෂණය කළ හැකිය. කාබන් ඩයෝක්සයිඞ්, නයිට‍්‍රජන් සහ මීතේන් වායු ප‍්‍රතිශත ඉහළ නැග ඇති අතර මුහුදේ උශ්ණත්වය ඉහළ යාමෙන් සිදුවී ඇති පාරිසරික ගැටලූ ද සාකච්ඡුා කර තිබේ. ඉඩම් භාවිතාව ඉහළ යාම, ස්වභාවික වනගහනය අඩුවීම, මුහුදේ සම්පත් හි`ගවන විට කෘතීමව කරන මත්ස්‍ය නිෂ්පාදනය වැනි පැති ගැන ද මෙහි ඇති සටහන් කරුණු අනාවරණය කරයි.

ජගත් ආර්ථික සංසදය මෙම පැති ගැන අලූත් සංවාදයක් ආරම්භ කරන්නේ ලෝක නායකයින්ට අතීතය දෙස බලා, ස්වකීය පාලන කාලය තුළ සිදුවන දේ ගැන ගැඹුරෙන් සිතන්නට අවස්ථාව සම්පාදනය කරමින්ය. ලෝකයේ නොයෙක් පර්යේෂණ ඔස්සේ දියුණු ක‍්‍රම මගින් අනාවරණය කරගෙන ඇති දත්ත උපයෝගි කරගෙන අලූත් මත ගණනාවක් මෙහි දී සාකච්ඡුාවට ලක් කර තිබේ. ඉතාමත් වැදගත් වන්නේ විශ්වය තුළ අසිරිමත් නැනක් වන පොලෝ තලය පසුගිිය වසර හැට තුළ අන් කවර කාලයකටත් වඩා වේගයෙන් පරිවර්තනයවීම පිළිබ`දව දක්වා ඇති අවධාරණයයි.

https://gaenda.weforum.org  යටතේ සෑම නායකයෙකුම කියැවිය යුතු සහ අවබෝධයට ගෙන ප‍්‍රතිපත්ති සකස් කිරීමේ ක‍්‍රියාවලියේ දී සැලකිල්ලට දැක්විය යුතු පැති වශයෙන් හෙළි කරන මෙම දත්ත විශ්ලේශණය කිරීම ශ‍්‍රී ලංකාවට ද වැදගත්ය. වන ගහනය, ඉඩම්, ජලය, සාගර සම්පත් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සහ බලශක්තිය, පොහොර භාවිතාව තුළින් සිදුවිය හැකි බලපෑම විද්වතුන් තුළ සාකච්ඡාවට ගත යුතුය. වසර 1750 සිට 1950 දක්වා සරල පැවැත්මක තිබූ ලෝකයේ හැසිරීම එකවරම අවුරුදු හැටක් තුළ විශාල වෙනසකට ලක් වන විට තවත් වසර සියයකින් මෙම රටවල් පවතිනු ඇත්තේ කෙසේදැයි විමසා තීරණගන්නට මෙම සටහන නායකයින්ට බරපතල ආකාරයකින් බල කරනු ඇත.

සිවිල් සමාජයේ කාර්ය භාරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/01/21 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජන සමාජය තුළ සිවිල් සංවිධාන සහ ශක්තිමත් ඒකක ව්‍යුහයකි. ජන ජීවිතයේ එදිනෙදා පොදු කාර්ය ඉටු කරගන්නට ජනී ජනයා සංවිධාන ගත වෙයි. ගමේ මරණාධාර සමිතියේ සිට ඉහළ පෙලේ වානිජ මණ්ඩලය දක්වා පුලූල් පරාසයක විහිදී ගිය සංවිධාන එයට අනන්‍යය. ජනතාව බලවත් හෙයින් සිවිල් සංවිධාන වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. විවිධ අරමුණු සාක්ෂාත් කරගැනීමට සිවිල් සංවිධාන බිහිව තිබේ. ඒවායේ සාමාජිකයෝ කාලය, ධනය සහ ශ‍්‍රමය වැය කරමින් කැපවීමෙන් කි‍්‍රයාකරති. සාමාජය එකතු වූ විට එය බලයක් සේ නැගී බලවත් ශක්තියක් බවට පත්වෙයි.

ජාත්‍යන්තර තලයේ දී සිවිල් සංවිධාන සුවිශේෂී බලවේගයකි. අන්තර් ජාලය සහ තොරතුරු තාක්ෂණය මගින් ඇති කරන තිබෙන අලූත් රාමුව ඔස්සේ එය වඩා ජව සම්පන්නය. ලෝකයේ කොතැනක හෝ වෙසෙන එක සමාන අදහස් ඇති පිරිස එකතු වී සංවිධාන ගොඩනගා ගනිමින් සිටින අතර සමාජ ගෝලීයකරණකට ලක්ව ඇති මෙකල එම සංවිධාන ව්‍යුහ ඉතා සංකීර්ණ සහ වඩා බලසම්පන්න කාර්ය භාරයක් ඉටුකරන තැන් බවට පත්ව තිබේ. අලූත් මත බිහිකරන අතර එම මත ලෝකය පුරා ප‍්‍රකාශ කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සහ එම මත පදනම් කරගෙන මතවාද අලූත් කරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.

මැත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ විවිධ සිවිල් සංවිධාන අති විශාල ප‍්‍රමාණයක් එකිනෙකට වෙනස් ඉලක්ක අනුව බිහිවී ඇත. වෘත්තීය සමිති ක‍්‍රියාකරන්නේ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ය. ගොවි සමිතිය ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටියි. මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, පරිසරය, ව්‍යාපාරිකයන් පමණක් නොව පාරිභෝගිකයන් වෙනුවෙන් ද සිවිල් සංවිධාන ජාල පවතී. ත‍්‍රස්තවාදය මැඩ පවත්වන වකවානුවේ මෙම සිවිල් සංවිධාන අභිබවා රාජ්‍ය මතය ක‍්‍රියාත්මක විය. එහිදී සිවිල් සංවිධාන නගන හ`ඩ යටපත් වන්නේය. අභියෝගාත්මකව මත පළකළ සිවිල් සංවිධාන ආණ්ඩු විරෝධී ඒවා බව ප‍්‍රකාශ විය.

යුද පසුබිමක රජය ශක්තිමත් වන විට දුර්වල වන්නේ සිවිල් සංවිදාන සතු බලයයි. ලෝකයේ හැම විටම සිදුවන්නේ එයයි. ත‍්‍රස්තවාදය තුරන් කර සමාජය යළි ශක්තිමත්වන විට සිවිල් සමාජයේ බලය වැඩෙන්නට ඉඩ දීම ආණ්ඩුවක වගකීමකි. එවිට තම යහපත වෙනුවෙන් වෙහෙසෙන්නට සිවිල් ප‍්‍රජාවට හැකියාවක් ලැබේ. සිවිල් ප‍්‍රජාවගේ හැකියාව පුලූල් වන අතර ජනතා බලය ගොඩනගා සමාජය ශක්තිමත් කිරීමෙන් රටක පැවැත්ම සම්බන්ධ සම්පූර්ණ වගකීමෙන් යම් ප‍්‍රමාණයකට නිදහස් වන්නට සුදුසු පසුබිමක් රටට නිර්මාණය වෙයි.යහපත් රාමුවක් තුළ පක්ෂ දේශපාලනය සහ සිවිල් සංවිධාන සමබරව පවතී. සිවිල් සංවිධාන කාර්ය භාරය ගොඩනගන්නට රට තුළ ඉඩ ස්වභාවිකව ව්‍යාප්තවන්නේ නැත. ජනතා අවශ්‍යතා වෙනුවෙන් පෙළ ගැසුන මතවාද සහිත සිවිල් සංවිධාන යුද පසුබිම හෙයින් දීර්ඝ කාලයක් ප‍්‍රතික්ෂේප වී තිබූ පසුබිමක නැවත සංවිධාන ගත කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡාවට ගත යුතුය. අලූත් මත ඉදිරිපත් කරන සිවිල් නායකයන් රට තුළ සිටී. ජනතාව සංවිධාන ගත කර පුලූල් මතවාද ඇති කරන මෙම නායකයින් අවසාන වශයෙන් දේශපාලන පක්ෂ බලයට පත් කරන සහ පක්ෂ දේශපාලනයෙන් ජනතා අවශ්‍යතා සාක්ෂාත් කර ගන්නට වැර දරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය.

සිවිල් සංවිධාන රාමුව එයින් ඔබ්බට විහිද ගිය සමාජ යුක්ති සහගත බලවේගයක් බවට පත්විය යුතුය. අවසාන විස`දුම ඇත්තේ දේශපාලනයෙන් පමණක් නොවේ. ජන කොටස් වල විශ්වාසය දිනාගත හැකි නායකයන් එකතු වී පොදු පදනමකට පැමිණීමෙන් රට තුළ විශාල වෙනසක් කළ හැකිය. ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී සහ රටේ අනාගතය සම්බන්ධ තීරණගැනීමේ ක‍්‍රියාවලියේ දී දේශපාලනයෙන් තොරව ජනතා අදහස් ඉදිරිපත් කළ හැකි සිවිල් සංවිධාන ජාල ගතවීමක් රටට අවශ්‍යව තිබේ. යුද වකවානුවේ දී මහජනතාව වෙනුවෙන් සියලූ අයිතීන් තමා සන්තක කරගත් ආණ්ඩුව යළි මහජන සංවිධාන වලට සිවිල් සංවිධාන ශක්තිය පවරන්නට වගබලා ගත යුතු අතර පොදු ජනතාව ද සංවිධානගත වී ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සුරක්ෂිත කරන සහ සමාජ අවශ්‍යතාවයන් ඉටු කරන පුලූල් සිවිල් බලවේගයක් රට තුළ තහවුරු කරගත යුතුය.

සුදෝතුම් පිය ලංකා ගමන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

14/01/2015 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව පසුගිය දින කිහිපය ගත කරන්නේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණයේ උණුසුම සහිත පසුබිමකය. ශුද්ධෝත්තම පාප් වහන්සේ ගේ සංචාරය සමග එය හක්තිමත් අවස්ථාවක් බවට පෙරැුලී තිබේ. ලංකාදීපයට සැපත් පාප් වහන්සේ ගේ පැවැත්ම, දර්ශනය සහ ක‍්‍රියා කලාපය පෙරැුළිකාර එකකි. දියුණු වෙමින් පවතින රටකින් පත් වූ පළමු පාප් තුමා වශයෙන් සැලකෙන ආර්ජන්ටිනාවේ පුරවැසියෙකු වන එතුමා එම උත්තරීතර පදවියට පත්වන්නේ කතෝලික පල්ලිය අපචාර සහ ධනය සම්බන්ධ චෝදනා වලට ලක්ව තිබූ පසුබිමකය. එයින් මිදී අලූත් ප‍්‍රතිසංස්කරණ ඇති කරනු ඇතැයි ලෝක වාසී බිලියන සංඛ්‍යාත කිතුනු බැතිමතුන් එතුමන්ගෙන් අපේක්ෂා කළේය. අප‍්‍රමාණ ගෞරවාදරය හිමි එතුමන් සරල ශික්ෂාකාමී ජීවිතයකට නතු වෙමින් අපේක්ෂා සාක්ෂාත් කරමින් සිටී.

අලූත් රාජ්‍ය නායකයෙකු පත්ව ඇති ශ‍්‍රී ලංකාව ශුද්ධොත්තම පාප් තුමන් ගේ සරල ජීවිතයෙන් පමණක් නොව පෙරැළිකාර ප‍්‍රතිසංස්කරණ ද මැනවින් අධ්‍යයනය කළ යුතුව ඇත. තද පාලනයක සිටි කාදිනල්වරු නව දෙනාගේ ව්‍යුහය කාර්යක්ෂම බවට පත් කළ අතර විනිවිද පෙනෙන සහ විගණනයට ලක්වන පාලනයකට වතිකානුවේ මූල්‍ය කටයුතු පත් කළේය. එතුමාගේ උපදේශක කාදිනල්වරු දියුණු වන රටවලින් තෝරාගත් අතර විප්ලවීය ප‍්‍රතිසංස්කරණ කිතුනුවන්ගේ පමණක් නොව සමස්ථ ලෝක වාසීන්ගේම බලවත් ප‍්‍රසාදයට හේතු වූ භව දැක්විය යුතුය.

පාප් තුමන් කතෝලික පල්ලිය තුළ කරන ලද ප‍්‍රතිසංස්කරණ නූතන සමාජය ඉල්ලා සිටි සාධාරණ සහ යුක්ති සහගත අංශ බව පැහැදිලිය. එකී අවශ්‍යතා ඉටුවන පරිසරය තුළ ඒවා කවරේදැයි විමසා බලා එය ඇසුරෙන් නව අපේක්ෂා ඇති කරගන්නට කිතුණු සමාජයට හැකියාව ලැබිණ. රාජ්‍ය සතු බලය, එය ජන සමාජයට බලපවත්වන ආකාරය සහ ඒ ඇසුරෙන් නැගි වැඞී පැවැති දේශපාලන සංස්කෘතිය නැඹුරු විය යුතු ආකාරය විමසා බලන්නට පාප් තුමන්ගේ සංචාරය සමග අවස්ථාවක් හිමිව තිබේ.

ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ වතිකානුවේ පමණක් නොවේ. චීනය සහ ඉන්දියාවේ සිදුවන ප‍්‍රතිසංස්කරණ වලින් මතුවන අවස්ථා සහ අභියෝග මතුවෙයි. යථාවාදී වානිජ මුහුණුවරක් දක්වා හැඩගැසෙන ඉන්දියාවේ වෙනස්කම් හ`දුනාගැනීම වැදගත්ය. ඒ ආකාරයටම පුද්ගලික අංශය මෙහෙයවා අන්තර් ජාතික වශයෙන් අවස්ථා උත්පාදනයට චීනය හැසිරෙන ආකාරය විස්මය ජනකය. චීන සමුද්‍ර සේද මාවත සංකල්පය ඇමරිකනු ඩොලර් බිලියන හතලිහ ඉක්මවන ආයෝජනයකි. ඉන්දියාව තුළ මෝදි ආණ්ඩුව කරන වෙනස්කම් හමුවේ වර්ධනයක් සනිටුහන් කරන අතර උද්ධමනය අඩු, කොටස් වෙළ`දාම ඉහළ යන, විදේශ ආයෝජන ආකර්ශනය කරන සහ ගෙවුම් ශේෂ ගැටලූ නිරාකරණය කරන තැතක් බවට පත්වෙමින් තිබේ. බදු ව්‍යුහය සහ තීරණ ගැනීමේ ප‍්‍රතිපත්ති වෙනස් කරන ඉන්දියාව එරට රක්ෂණ, ආරක්ෂක, දුම්රිය, නිවාස, ඉදිකිරීම් සහ දේපොල සම්බන්ධ ආයෝජනයට ඉඩ දෙන නීති පද්ධතිය සරල සහ විනිවිද පෙනන තීරණ ගන්නා ආකාරයට හසුරුවන්නට ගෙන ඇති තීරණය ඵලදායී එකක් වී ඇත.

විදුලිය, ඛනිජ තෙල් සම්බන්ධව පැවැති බලය වෙනස්කර පුද්ගලික අංශයට ද ආයෝජනය කරන්නට ඉඩ සලසා දී ඇති අතර කම්කරු නීති සහ බැංකු අංශයේ කරන වෙනස්කම් වෙළ`ද පොළ තර`ගකාරී තත්ත්වයට මුහුණ දීමේ පසුබිම ඇති කරන බව පෙනේ.චීනයේ සහ ඉන්දියාවේ සිදුවන ප‍්‍රතිසංස්කරණ සහ වතිකානුවේ සිදුවූ විප්ලවීය වෙනස දෙස බලන විට පාප් තුමන්ගේ සංචාරය ශ‍්‍රී ලංකාවේ අලූත් පාලනය සමග අලූතෙන් තීරණ ගැනීමට ධෛර්යය උපදවන්නක් විය හැකිය. අලූත් ගමනක් බලාපොරොත්තුවෙන් සිටින පුරවැසියන්ට වෙනස ඇති කර ප‍්‍රායෝගිකව එහි ප‍්‍රතිලාභ අත්පත් කරදෙන්නට නම් පවතින රාමුව යළි විමසා බලන්නට අවශ්‍යය. දුප්පත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් සහ ජනප‍්‍රිය දේශපාලනයෙන් ගමන් කළ හැකි දුර අවසානයේ සමාජය දී ඇති තීරණය ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ මාලාවකින් පදනමක් සකස් කරගත හොත් එය මෙරට ජන සමාජයට බලවත් මෙහෙවරකි.

දැනුම හා අවබෝධය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

07/01/2015 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

අලූත් පාසල් වාරයක් ආරම්භ වී තිබේ. දරු දැරියන් ලක්ෂ ගණනක් පළමු වසරෙන් අධ්‍යාපන ඉලක්කය අරඹයි. මෙතෙක් පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් ඉහල ශ්‍රේණියකය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ඉතාමත් සංකීර්ණ එකකි. දෙමව්පියන්ගේ උවමනාව දරුවන් ඉතාම ජනපි‍්‍රය ජාතික පාසලට ඇතුලත් කිරීමය. සීමිත අවස්ථා වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන ස්වභාවය තුළ පාසලට ඇතුලත්වීම පමණක් නොව අධ්‍යාපනය රටාව ද, සෑම වසරක් පාසාම තර`ගකාරී එකක් බවට පත් වෙමින් තිබේ. ආණ්ඩුව අධ්‍යාපන කටයුතු වෙන්වෙන් විශාල ධනයක් වෙන් කරන අතර දෙමව්පියන් ද සිය දරුවන්ගේ අනාගතය උදෙසා නිතිපතා කරන වියදම සැලකිය යුතු එකකි.

දරුවන්ට උගන්වන ආකාරය සහ ඉගෙන ගැනීම සම්බන්ධව ලොව පුරා විවිධ අත්හදා බැලීම් සිදුවෙයි. නිතිපතා කරන පර්යේෂණ අනුව නූතන අධ්‍යාපන රටාව දරුවෙකු දැනුමෙන් පොහොසත් කිරීමට වඩා පුලූල් අවබෝධයෙන් යුතු පුරවැසියෙකු බිහි කිරීම කෙරෙහි කේන්ද්‍රගතව තිබේ. සියලූම දේ දැන ගැනීම වැදගත් නැත. සියලූම දේ දැනගත හැක්කේ කෙසේද යන්න ගැන ප‍්‍රමාණාත්මක දැනුම සහ අවබෝධය තිබීම ඉතාමත් වැදගත්ය.
කට පාඩම් කිරීම සහ ගුරුවරුන් කියන දේ ඒ ආකාරයටම උත්තර පත‍්‍රයට ලිවීම අසාර්ථක අධ්‍යාපනයක් බව වර්තමාන පර්යේෂණ පෙන්වා දෙයි. මෙරට පාසල් වාර විභාග වලදී සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වෙන දරුවන් උසස් පෙළ අසාර්ථක වන්නේ උත්තරයට වඩා දරුවන් හිතන්නට හැකි පිරිසක් දැයි උත්තර පත‍්‍රයේ දී පරීක්ෂා කරන හෙයින්ය. විශ්ව විද්‍යාලයේ දී සහ ආචාර්ය, මහාචාර්ය මට්ටම් වලදී දැනුම විභාග කිරීමට වඩා දැනුම උත්පාදනය කිරීමට ඇති හැකියාව පරීක්ෂා කර බලා සමත් කරන්නේය. දියුණුම විභාග ක‍්‍රම වලට අනුව ප‍්‍රශ්න වලට උත්තර සැපයීමේ දී ඕනෑම මෙවලමක් සහ පොත පත ප‍්‍රමාණයක් උපයෝගී කරගත හැකිය. නිශ්චිත කාලයක දී ගැටලූව විශ්ලේෂණය කර උත්තර සපයන්නට නම් එම උත්තරය ඇත්තේ කොතැනකදැයි දැන සිටිය යුතුය. කලින් පොත පත ගවේශනය කර හො`ද අවබෝධයක් නැත්නම් කොපමණ උපකාරක පොත පත විභාග ශාලාවට රැුෙ`ගන ගිය ද පලක් වන්නේ නැත.

එවැනි අධ්‍යාපන ක‍්‍රමයකින් සකස් කරන්නේ හිතන්නට හැකි සහ අලූත් ආකාරයකට විස`දුම් සොයන පරපුරකි. රටකට වැදගත් වන්නේ එවැනි පුරවැසියන් විනා කලින් පරම්පරාව සොයා ගත් උත්තරය නැවත වතාවක් පිළිතුරු පත‍්‍රයේ ලියන්නට දක්ෂ පරපුරක් නොවේ.වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය ගුරුවරයා උගන්වන සහ පංති කාමරයට සීමා වූ එකක් නොවේ. දරුවන්ට ඉගෙන ගන්නට කාර්මික සහ තාක්ෂණ අවස්ථා බහුලය. එක කරුණක් දැන ගන්නට පොත පත ගණනාවක් කියවන්නට සිදුවූ යුගය අහෝසි වී ඇති අතර අන්තර් ජාලයේ කරන ගවේශනයක දී යම් කරුණක් ගැන විවිධ පැති වලින් ලියැවුණ එකිනෙකට වෙනස් තොරතුරු ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයක් සොයාගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය හෝ පුද්ගලික අධ්‍යාපනය යන විවාදය තදින් පවතී. නොයෙක් විවාද ඇතත් මුදල් ගෙවා ඉගෙන ගැනීමේ අවස්ථා හමුවේ නිදහස් අධ්‍යාපනය යම් ප‍්‍රමාණයකට සීමා වී ඇති බව පිළිගත යුතුය. මුලින් ස`දහන් කරන ලද පරිදි දෙමව්පියන්සිය දරුවා හො`දම ජාතික පාසලට ඇතුලත් කරන නමුත් එම දරුවා ද සවස් කාලය ගත කරන්නේ අතිරේක පන්තියකය.පවතින විවාදය වෙනස් මගකට යොමු කිරීමට කාලය උදා වී තිබේ. ඉගෙන ගත යුතු පොත පතෙහි ස`දහන් දේ පමණක් ම නොවේ. දැනුම ඇත්තේ කොතැනද යන්න ගැන අවබෝධය ලබා ගැනීම එයටත් වඩා වැදගත්ය. ලෝකයේ සිදුවන විශාල පරිවර්තනය අනුව සියලූම දේ මතකයෙහි ර`දවා ගැනීමට හැකියාවක් නැත. නමුත් නව දැනුම ඇත්තේ කොතැනකද සහ සොයාගන්නේ කවර ආකාරයකට ද, යන ඥානයෙන් පොහොසත් දරුවන් අධ්‍යාපන ක‍්‍රමය තුළින් බිහි කළ හැකිය.