ජනගහන රටා වටා ඇති ගුණ නුගුණ

එක් ප්‍රතිචාරයක්

2012.06.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජනගහන රටා, නිතර වෙනස් වන අන්තර් ජාතික තත්ත්ව සැලකිල්ලට ගැනෙන අලූත් සාධයකි.  දේශ සිමා වෙනස් වෙයි. රටවල් එකතුවෙයි. ඒ අතර රටවල් බෙදී අලූත් රටවල් බිහිවෙයි. පවතින රටවල ජනගහන රටා වෙනස් වී අලූත් අනන්‍යතා ද ඇතිවෙයි. පසුගිය වසරේ එරට උපත ලද දරුවන්ගෙන් සියයට 50.4 ක් හිස්පැනිස් සුදු පසුබිම සහිත ඇමරිකානුවන් නොවන්නෝය. 2000 අවුරුද්දේ දී මෙම ප‍්‍රතිශතය සියයට 40.4 කි. අවුරුදු එකොලහක් ඇතුලත සිදුව ඇත්තේ විශාල වෙනසකි. ලෝකයේ නොයෙක් තැනින් පැමිණ ඇමරිකානු පුරවැසිබව ලබාගත් පිරිස ඇමරිකාවේ පැරණි පරම්පරාවේ ජන සංයුතිය ඉක්මවන්නට පටන්ගෙන තිබේ.

ඇමරිකාව  විවෘත සමාජයකි. ලෝකයේ නන් දෙසින් දක්ෂ පුද්ගලයෝ අවස්ථාව සොයා එහි පැමිණෙති. සුප‍්‍රකට ග‍්‍රීන්කාඞ් ක‍්‍රමය බුද්ධිමත් තරුණ පරම්පරාව ඇමරිකාවට ගෙන්වා ගන්නා ක‍්‍රමයකි. ආසියා, අප‍්‍රිකා රටවලින් එරටට පැමිණ පුරවැසි භාවය ගන්නා පිරිස බහුලය. එතෙක් ඇමරිකාවේ තිබුණ ජනගහන රටාව අනුව බහුතරය යුරෝපීය සම්භවයක් සහිත වූහ. අලූත උපන් දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට ඇමරිකාව තුළ සුළුතරය බවට පත්වන්නේ ’’ ඇමරිකානුවන්ය’’ . දැන් පවතින ජනගහන ප‍්‍රතිශත අනුව උපදින දරුවන්ගෙන් හරි අඩකට වඩා අලූත් පදිංචිකරුවන් ගේ වන අවස්ථාවක එරට අනන්‍යනාවය පැරණි ඇමරිකානුවන්ගෙන් ගිලිහීයාමේ අවදානමක් තිබේ. අධ්‍යාපනය, ආර්ථිකය හා දේශපාලන මුහුණුවර වෙනස් වෙන්නට හේතුවක් වී ඇත. විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා අයගෙන් බහුතරය ආසියානු හා අප‍්‍රිකානු සමාජ පසුබිමකය. එරට උගන්වන ගුරුවරුන්ගේ තුනෙන් එකක් ද සුදු ජාතිකයන් නොවේ. විවිධ සංස්කෘතික හා ආගමික පසුබිම් සහිත මෙම ගුරුවරු අලූත් පරම්පරාව ඇමරිකාව පරිවර්තන යුගයකට යොමුකර ඇත. ජාතිය, ආගම, වර්ණය වෙනුවට ආත්ම ශක්තිය හා හැකියාවට තැන ඇති සමාජයක් මෙවැනි සිදුවීම් වලින් සසල නොවේ.

චීනය ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රටයි. ඉදිරි වසර පණහ තුළ චීනය අභිබවා ඉන්දියාව පළමු තැනට පත්වනු ඇත. චීනයේ ජනගහනය ව්‍යාප්තවන ආකාරය අනුව ඉදිරි කාලයේදී වැඩකරන්නට හැකි ජන කණ්ඩායම සීමිත වනු ඇතැයි සැලකේ. ජපානයේ ද එසේය. ආදායම් විෂමතා ඇතිවිය හැකි බව පර්යේෂකයෝ දැනටමත් අනාවැකි පළකරති. ඉන්දියාව ඉඩම් ප‍්‍රයෝජනයට ගැනීම ගැන අලූතෙන් අවධානය යොමු කර ඇත. එම රටවල ජනගහනය වැඩෙන ආකාරය හා ඇති කරන්නට ඉඩ ඇති සමාජ ප‍්‍රශ්න විශේෂ අවධානයට ලක්ව තිබේ.

ජන අනුපාත සහ ජනගහනයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතිමතාන්තර ශ‍්‍රී ලංකාවේ ද පැන නැගෙමින් තිබේ. අප රට ද විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ භාෂා කතා කරන ජනගහනයක් ඇති රටකි. සපුගිය දශක තුන ඇතුලත පැවති සමාජ ආර්ථික පසුබිම අලූත් අනාගතයක් ඇති කරන බව පෙන්නුම් කරයි. වියපත් ජනගහනය වැඩ වන බවද පෙනේ. මහ ජාතිය සහ සුළු ජාතිකයන් වශයෙන් බෙදී, එම බෙදීම් වැඩෙන ආකාරය අනන්‍යතාව ගැන ප‍්‍රශ්න කරන තැනකට ගමන් කරමින් සිටී. ඇමරිකාවට අමතරව ලන්ඩන්, ප‍්‍රංශය ඇතුළු නොයෙක් නගර මෙවැනි සමාජ පරිවර්තන වලට පත් වෙමින් තිබේ. පිළිගත යුතු යථාර්ථය එයයි.

 

Advertisements

ප‍්‍රවාහනයට මග ගුවනින් හා ජලයෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

20.06.2012 ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජලය, ගුවන ප‍්‍රවාහනයට භාවිතා කරන මගත්. අතිතයේ සිට ජල මාර්ග ඔස්සේ ලෝක වාසීන් රටින් රටට ගමන් කර තිබේ. බටහිර ජාතීන් දිවයින යටත් කර ගත්තේ මුහුදු ආක‍්‍රමණ ඔස්සේය. ඒ වන විට රට තුළ යම් ප‍්‍රමාණයක මුහුද හරහා වෙළ`දාම හා සමාජ සම්බන්ධතා තහවුරුව තිිබිණ. තමන්ට හිමි ශක්තිය ¥පත්වාසීන්ගෙන් ඈත් කළ බැවින්දෝ රට තුළ ප‍්‍රවාහනය ගොඩබිමට සීමා විය. අධිරාජ්‍යවාදීහු නැව, ගුවන් යානය ප‍්‍රයෝජනයට ගත්හ.  ඕලන්ද ජාතිකයන් පුත්තලමේසිට කලූතර දක්වා භාණ්ඩ ප‍්‍රවාහනයට ඇත මාර්ග තැනූහ.

මෙවර බි‍්‍රතාන්‍ය රැුජනගේ සංවත්සරය සමරන අවස්ථාවේ එක් ප‍්‍රධාන අංගයක් වූයේ එරට නැව් සංස්කෘතියයි. අතීත අත්දැකීම් විදහා දක්වමින් නැවු බෝට්ටු දහසක බලකායක් එයට සහභාගී වූහ. චීනයේ හොංකොං, තායිලන්තය, මාලදිවයින ස්වකීය ජීවනෝපායට හා ප‍්‍රවාහනයට ජල මාර්ග උපයෝගී කර ගන්නා බව පෙනේ. චීනය, ඉන්දියාව සහ අප‍්‍රිකානු  රටවල ගුවනින් මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය ප‍්‍රචලිතය. මෙම සමාජ වල අඩු වියදමින් ප‍්‍රවාහනය සම්බන්ද අවශ්‍යතා සපුරා ගන්නට පන්ති භේදයකින් තෙරව ඉඩ ලැබී තිබේ. එය අධ්‍යයනය කළ යුතු එකකි. 

මහ මග ඇති අති සුඛෝපභෝගී වාහන සමාජ ස්ථරයේ වත්කම් ගැන දැනේ. රථවාහන තදබදය සුලබ එකකි. කෙටි දුරකදී පවා පැය ගණන් මහ මගට වැය කරන්නට සිදුවන අවස්ථා එමටය. කුඩා වාහන පමණක්ද? නැත. සුවිසල් බලයකින් යුතු සුපිරි වාහන පවා සැතපුම් ගණන් දිග පෝලිම් වලය. වාහන වැඩිවන තරමට මහා මාර්ග පුලූල් කිරීම කළ නොහැකි එකකි. කුඩා රටක් හෙයින් ඉඩම සීමිතය. ජනගහනය ද වැඩි වෙමින් පවතින අතර ඉදිරි දශක කිහිපය තුළ ඉඩම් ප‍්‍රශ්නය බරපතල වන විට මහා මාර්ග වෙනුවෙන් වෙන්කරන්නට සිදුවන භූමිය සීමාකරනු විනා වෙන කළ හැකි යමක් නැත.

ශ‍්‍රී ලංකාවේ පිහිටීමෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ඇති මග ගැන අවධානය යොමු කළ යුතුය. ප‍්‍රධාන නගර යාකෙරෙන බෝට්ටු හා කුඩා නැව් සේවාවකින් මගී ප‍්‍රවාහන සේවය විකල්ප මගකට යොමු කළ හැකිය. සංචාරක කර්මාන්තය දියුණු කරන්නට හැකියාව තිබේ. භාණ්ඩ ප‍්‍රවාහනය මුහුද හා ගංගා ඔස්සේ ම කළ හැකිය. රට අභ්‍යන්තරයේ සෑහෙන දුරක් බෝට්ටු ගමන් කළ හැකි අතර ඉවුරු ආරක්ෂා වන අලූත් තාක්ෂණය ට ද එයින් මගක් පාදා ගත හැකිය.

මහ පාරේ ධාවනය වන වටිනා සුඛෝපභෝගී වාහනයකට වඩා අඩු මිලකින් ඉස්තරම් පුද්ගලික සංචාරක බෝට්ටුවක් මිලදී ගැනීම පහසුය. සාමාන්‍ය බෝට්ටු ප‍්‍රවාහන සේවයකින් සමාජයේ සෑම තලයකටම සමානව අවස්ථා ඇතිකළ හැකිය. දෙතුන් හෝරාවක් ප‍්‍රධාන නගරයක ගමන් කරන කෙනෙකුට පුද්ගලික කුඩා ගුවන් යානා මිලදී ගන්නට වත්කමක් ඇති හෝ එවැනි පුද්ගලික ගුවන්යානා සේවාවක් කුලී පදනමකින් ආරම්භ කළහොත් එයට හො`ද ඉල්ලූමක් ඇතිවන බව පෙනේ.

මහා මාර්ගය දිගේ බිහිවන ආර්ථිකය ගැන පොදු ජනතාවට අවබෝධයක් ඇත. ග`ග දිගේ, මුහුද වටා එවැනි ආර්ථිකයක් බිහි වී නැත. ගංගා ඉවුරු අයිනේ දුප්පතුන් කටුක ජිවිත ගතකිරීම අත්හැර අලූත් ආර්ථිකයක් ගොඩනගන උපා කෙරෙහි සැලකිලිමත්වීම වටී.

 

යුද බිමේ අභියෝග සහ සාමාන්‍ය ජීවිතයට හුරුවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

13.06.2012- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ගෙවී යන සියවසේ ඇති වූ යුද්ධ ගණනාවකි. යුද ගැටුම් සමග බිහිවූ යුදකාමී රටවල් වෙති. යුද මානසිකත්වය හා යුද තාක්ෂණය එයත් සමග වර්ධනය විය. මිනිස් යුද්ධයකට වඩා තාක්ෂණික යුද්ධයක් දක්වා යුද්ධයේ ගමන වෙනස් වෙමින් තිබේ. යුද්ධයට පසු සටනට ගිය සොල්දාදුවාගේ මනස හ`දුනාගෙන ව්‍යාධි දුරු කරන මනෝ විද්‍යාව ද දියුණු තලයකට පත්ව ඇත.

ගැටුමකට මැදිවන හමුදාවක බරපතල බව කොතරම්දැයි අන්තර් ජාතික ප‍්‍රජාවට ඒත්තු යන දත්ත දැන් අනාවරණය වෙයි. වර්තමානයේ දිනකට ඇමරිකානු සොල්දාදුවෝ දහ අට දෙනෙකු දිවි නසා ගනිති. යුද බිමේ දී වීරයන් වන සෙබලූන් සිවිල් ජන ජිවිතයට ඇතුලත් වනවිට මුහුණ දෙන අර්බුද එමට බව එයින් පැහැදිළිය. එරට හමුදා සෙබලූන් නොයෙකුත් මානසික ව්‍යාධි, අවයව අහිමි සහ අන්ධ භාවයට ගොදුරු වී සිටිති. එම පිරිස ලක්ෂ අටක් පමණ බව දැක්වේ. මෙම පිරිස පුනරුත්ථාපනය කර සාමාන්‍ය ජන ජීවිතයකට යොමු කිරීම පහසු කර්තව්‍යයක් වී නැත. යුද මානසිකත්වයේ සිටි, නවීන ආයුධ පරිහරණයෙහි ශූර බලවත් කණ්ඩායමක් සරල ජීවිතයකට යොමු කිරීම සියුම් තැතකි.

ඇමරිකානු හමුදා සේවයෙන් විශ‍්‍රාමයන්නන් තාක්ෂණයෙන් දියුණු, නවීන මෙවලම්, පරිගණක හා සංකීර්ණ අවි භාවිතයට හුරු පිරිසකි. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත සෙබලූන්ට නොයෙකුත් කළමණාකරන, තාක්ෂණික අංශ වල දොරටු විවරවෙයි. නමුත් අවාසනාවකට මෙන් වැඩ කළ හැකි වයසේ පසුවන සෙබලූන් විශ‍්‍රාම යන විට එයින් සියයට දහ හතක් විරැුකියා ගොන්නට එකතු වන බව ද දැක්වේ. ඇමරිකාව නිකුත් කර ඇති දත්ත අනුව එම පිරිස ද ලක්ෂ හයත් හතත් අතරය.

ඇමරිකාවේ මෙම පසුබිම ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වල ස්වභාවය සමග සැස`දීම වටී. රටට දශක තුනක කාලයක් තිස්සේ පැවති දීර්ඝ දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දෙන්නට සිදුවිය. ආරම්භයේ මිනිස් හටනක් වූ එය පසුව දැවැන්ත කාලතුවක්කු හා මිසයිල් ප‍්‍රහාර සමග තාක්ෂණයට පරිවර්තනය වූ බව පෙනේ. ත‍්‍රස්තවාදය අවසන් කර ගත වූ අවුරුදු තුන ඇතුලත ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පරිවර්තන පසුබිමක සිටී. තවමත් විශාල පිරිසක් ආරක්ෂක සේවයේ නිරතව සිටින අතර යළි සමාජ ගත වන කණ්ඩායම රටට බරපතල ප‍්‍රශ්න ඇති කර නැත. නමුත් දියුණු මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කිරීමේ වගකීම අපට ඇත. මනස සම්බන්ධ ප‍්‍රතිකාර ගැනීම පරිවර්තනයකට ලක්ව තිබේ. අතීතයේ එය හුදෙකලාව රහසිගතව බරපතල ලජ්ජාවකින් කරන එකකි. නමුත් අද එසේ නොවේ.

මතු පිටින් පෙනෙන්නට නැතත් ලාංකික ආරක්ෂක අංශ රටට ගැලපෙන සාමාන්‍ය පුරවැසියන් බවට පරිවර්තනය කරගැනීම වෙහෙසකර එකකි. අද දක්වා ජන සමාජය ඒ වෙනුවෙන් කර ඇති කැපවීම අගය කළ යුතුය. නිෂ්පාදනයට දායක විය යුතුව තිබුණ තරුණ ශ‍්‍රමය ඔවුන්ගේ දීප්තිමත් ම අවධියේ දී රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැප කිරීම විශාල පරිත්‍යාගයකි. මෙම කණ්ඩායම යළි සමාජගත වන්නේ වියපත් ජනගහනයක් වශයෙනි. රටට අවශ්‍ය කණ්ඩායම ඉතිරි කරගෙන ඉතිරි පිරිස සාමාන්‍ය ජීවිතයට ඇතුළුවිය යුතුය.

 

ජීවිතයට ජනනීය ඉන්ද්‍රිය එකතුවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

2012.06.06 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මනුස්ස ජීවිතය සංකීර්ණය. පුදුමාකාර එකකි. නිතර අලූත් දේ එකතුවෙයි. ඒවා සොයාගැනීම්ය. නූතන තාක්ෂණය හා විද්‍යාව එකතු වූ විට විවිධාකාර නව නිපැයුම් බිහිවන්නට පටන්ගෙන ඇත. ස්වභාවිකව සිදුවන පරිවර්තනයට පරිබාහිරව කෙරෙන පර්යේෂණ සේ සැලකිය හැකි මෙකී නව සොයාගැනීම් ලෝක ස්වභාවයට අභියෝග කරයි. ජනනීය අවයව භාවිතය අලූතෙන්ම එකතු වි ඇත.

හදිසි අනතුරකදී අහිමිවන අවයවයක් වෙනුවෙන් කෙනෙකුගෙන් ලබා ගන්නා ඉන්ද්‍රිය බද්ධ කෙරිණ. ජීවත්ව සිටින හෝ මියගිය වහාම ගන්නා අවයවයකින් තවත් කෙනෙකුට ජීවත් වන්නට ඉඩදීම අද සාමාන්‍ය භාවිතාවකි. ජනනීය අවයව වෛද්‍ය විද්‍යාවේ හාස්කමකි. මිනිස් සිරුරේ අවයව පර්යේෂණාගාරයක වවන්නට පටන්ගෙන තිබේ. එය සාර්ථක බව අනාවරණය වෙයි. අස්ථියක්, කාටිලේජයක් කෘතීමව සකස් කර බද්ධ කරන ලද නමුත් මෙම තාක්ෂණය එයටත් දියුණු එකකි. මිනිස් ෙසෙල වලින් අවයව වගා කිරීමකි. එය විශ්වාස කරන්නටත් අපහසු දියුණුවකි. පර්යේෂණ මට්ටමින් ඇති මෙම අවයව ජනනය කෙටි කාලයක් ඇතුලත සාමාන්‍ය රෝහලක සිදුවිය හැකිය. සෞඛ්‍ය අංශයේ විප්ලවයකි. රෝගයක් වැළදුන තම අවයවය ඉවත්කර ඒ හා සමාන ලෙයින් මසින් සකස් වූ අලූත් ම අවයවයක් බද්ධ කරගන්නට අවස්ථාව ලැබීම ජීවිතය ගැන අපේක්ෂා වෙනස් කරන තත්ත්වයකි.

අවයව ජනනය බටහිර දියුණු රටවල කෙරෙන පර්යේෂණයකි. මිනිස් යහපතට සිදුවන මෙවැනි දුලබ සමත්කම අප රටට ද හිමි විය හැකිද? එපමණක් නොව, සුව සෙත සලසන නොයෙක් අලූත් ඖෂධ හා නවීන දැනුම රටට ලගා කරගත නොහැකිද? පළමුවෙන් මෙම අවස්ථා ඉතා ධනවත් සමාජයට සිමාවිය හැකිය. දැනටත් මෙරට වෛද්‍ය පහසුකම් ඉතා වියදම් සහගත එකකි. රජය ඉතා විශාල වියදමක් මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වැය කරයි. නොමිලේ සැපයෙන සේවාව වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයක් ද සිටී. එනමුත් එයින් සැපයෙන සේවාව හා සාමාන්‍ය ජනතාව රෝග පීඩාදියෙන් මිදෙන්නට විදින කරදර අතර විශාල පරතරයක් තිබේ. යථාර්ථය එයයි. ලෝකය වේගයෙන් ඉදිරියට යමින් මිනිස් ජීවිත ආරක්ෂා කරන නමුත් මෙරට වැසියන්ට එවැනි නූතන අවස්ථා විරලය.