ශාසන පරිහානිය සහ සංඝ කතිකාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012.03.29 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

බුද්ධ දේශනාව තුළ ඇත්තේ සදාකාලික දර්ශනයකි. එය හෙළි කරන්නේ පරනාවඥාව කරා යන මාවතයි. බිහිකරන්නේ පරීපසඥාවන්තයින්ය. අනුකාරකවාදීන් නොවේ. ශාසනය අභියෝගයකට ලක්ව ඇත. පාලනයට අනුශාසනා දෙන මහා බලවේගය වූ මහා සංඝරත්නය ගිහි සමාජයේ ඇවතුම් පැවතුම් වෙත නැඹුරු වෙමින් තිබේ.

සංඝරත්නය මහජන නියෝජිතයන් සේ කටයුතු කරති. නොයෙකුත් වෘත්තීන් හි නියැලෙති. එළවලූ, පළතුරු හා ධාන්ය් මගින් පමණක් යැපෙන සංඝයා වහන්සේලා ද සිටිති. මුදල් පරිහරණය නොකරන භික්ෂූන් වහන්සේලා ද සිටිති. එයට හාත්පසින් ම වෙනස් අන්දමට ලෞකික දේ සංඝ සමාජයේ පරිහරණය වෙමින් ද තිබේ. දුරකථන, යාන වාහන, ගුවන් විදුලි යන්තරිබ , රූපවාහිනී සහ පරිගණක, මෙයින් සමහරකි. සංඝරත්නයට මෙවැනි දේ අකැප ද? කැපවන්නේ කෙසේ ද? සංඝයා වහන්සේලා ධර්මයට අමතරව වෙදහෙදකම් හා දෛවඥ ඇතුලූ ශාස්තරමය පර් හගුණ කරගෙන සිටිති. අතීතයේ ඒ හෙයින් එකී ශිල්ප ශාස්තරහන ආරක්ෂා විය. නිස්සරණධ්යාවශයෙන් කිරගෙනයා කළේය. එනමුත් අද ඇතැම් වෙහෙර විහාරස්ථාන ගුරුකම් හා යකැදුරුකම් කරන මධ්ය්ස්ථානය. තවත් තැනෙක විහාරස්ථානයේ ඉඩ කඩ වෙන්කරගෙන නොයෙකුත් බාහිර ව්යා්පාර හා අධ්යාථපන පන්ති පවත්වන බව දැක ගත හැකිය. නීති වෘත්තියට ඇතුලූවීම හා රියැදුරු බලපතරන බ ලබා ගැනීම යනාදී ගිහි සමාජයට සීමා වූ අංශ කෙරෙහි ඇතුල්වන්නට භික්ෂූන් වහන්සේලා යෝජනා කරති. සංඝ සමාජයේ විහාරස්ථාන හා දේපොල සම්බන්ධ ආරවුල්ය. උසාවි නඩු තීන්දුවල පිහිට යන අවස්ථාය. මෙය පිරිහීමයි.

අප මුහුණ පා සිටින අර්බුදවලට හේතුව සමාජ විනය හා විශ්වාසය පිරිහීමයි. ආණ්ඩු හා එහි පනවන ලද නීති රීති බිඳ වැටී ඇත. අවංකත්වය, ගෞරවය, මධ්යවස්ථභාවය හා යුක්තිය වැනි ජනසමාජය ගරු කරන වටිනාකම් නැවතත් ඇති කරගත යුතුය. බෞද්ධ දර්ශනයට අනුව මග සැකසෙන රටක සංඝ සමාජය පිරිහෙන විට සමස්ථ සමාජ දේහයම විකෘතියට පත්වීම නොවැලැක්විය හැකිය.

බුද්ධ දර්ශනය පරතියභාවත් කිරීම වෙනුවෙන් නිසි තීන්දුවලට එළැඹීමේ වගකීමක් ත්රෛේනිකායික මහ නාහිමිවරු පරරීමධාන මහා සංඝරත්නයට තිබේ. ශාසන පරිහානිය කට පසු නිවැරදි මගට ගත් බව ඉතිහාසයේ සඳහන්ය. මහා කාශ්යපප මහ රහතන් වහන්සේගේ පරේ සධානත්වයෙන් පළමු සංගායනාව පවත්වා ඇත. දෙවනුව බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් සියවසරකට පසුව ද, තෙවැන්න මොග්ගලී පුත්තතිස්ස මහ රහතන්වහන්සේගේ පර ද ධානත්වයෙන් පාටලී පුත්ත නගරයේ දී ද පැවති බව මහාවංශයෙහි සඳහන්ය. මේ දක්වා ධර්ම සංගායනා දොළහක් පවත්වා ඇති අතර එයින් සංගායනා තුනක් ශරීන් ලංකාවේ දී පවත්වා තිබීම සුවිශෙෂය. පොළොන්නරු යුගයේ දී මහා පරාකරේ දමබාහු රජතුමන් විසින් ද දඹදෙණිය යුගයේ දී විජයබාහු රජතුමන් ද කතිකාවක් මගින් සංඝ සමාජයේ පරින තිසංස්කරණ ඇතිකරන ලද බව ඉතිහාසය දක්වයි. බාහිර ආකරිය මණ ඇතුලූ නොයෙක් කාරණා මත ශාසනය පිරිහී ගිය අවස්ථාවේ, ශරීස සරණංකර සඟ රාජ හිමිපාණන් ගේ මෙහෙයවීමෙන් නැවත උපසම්පදාව පවා ඇති කරන්නට සිදුවිය. මහා සංඝරත්නය සියම් හෙවත් තායිලන්තයෙන් වඩමවාගෙන පැමිණ තිබේ. මෙවැනි සංශෝධන කරන්නට විශාල ශක්තියක් අවශ්ය ය. එය කළ හැකි වූයේ බලවත් රාජ්යට නායකයන්ගේ අනුගරිබේහය ඇතිවය.

භික්ෂුවගේ පැවැත්ම ධර්මානුකූලව වෙනස් ගත හැකි ආකාරය ගැන බුදු රජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කර තිබේ. අර්බුදයක් පැන නැගි අවස්ථාවක එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි එදවසට ගැළපෙන පරිදි දක්වා ඇත. විහාර හා දේපොල පවත්වා ගැනීම, දායක කාරකාදීන් සමග පවත්වන සම්බන්ධතා හා පාලකයාගේ සිට සාමාන්යන පුද්ගලයා දක්වා බලය නොව ගුණය අනුව උස් මිටි තැන් හඳුනා ගත හැකි අන්දම පැහැදිලිව දක්වා තිබේ. සාකච්ඡාවෙන් සංවාදයෙන් මෙකී කාරණා විසඳාගැනීමට ඉඩ ඇත. එය කළ හැකි වන්නේ ශාසනික සංශෝධනයකින් පමණකි. එවැනි සංශෝධනයක් අවශ්ය බව පෙනේ. සංඝ කතිකාවතකට කාලයයි. එයින් පසු සංඝ සමාජය පමණක් නොව පිරිසිදු ගුණැති හිමිපාණන් වහන්සේලාගේ ආලෝකයෙන් ජන සමාජය ද දිලෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ගොවි උද්ඝෝෂකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

21.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

රටට බත සපයන වී ගොවිතැනෙහි නිරත ගොවීහු අස්වනු නෙලන සමයයි. වී මිළ ගැන විරෝධතා නැගෙන බව පෙනේ. ගොවියන් ගැන සේ ම පාරිභෝගිකයන් ගැන ද සමාජයේ නිසි ගෞරවය සාධාරණ විනිශ්චයකට ලක්විය යුතුය. ගොවිතැන පහසු කාර්යයක් නොවේ. පුරන් කුඹුර මඩ කර එය අස්වැද්දීමේ සිට අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වා අභියෝග රැසකි. මිළ ඉහළ යන තත්ත්ව යටතේ ගොවිතැන් කිරීම පහසු නැත. දුක විඳි මින් අත් නොහැර එහිම නිරත ගොවියන් ඉටුකරන්නේ සමාජ අවශ්ය්තාවයකි.

ශරීැ ලංකාවේ සංස්කෘතිය හා අනන්ය්තාවය ආරක්ෂා කර ගැනීමට ද වී ගොවිතැන දක්වන දායකත්වය මහඟුය. වී ගොවැතැන හා ජන ජීවිතය අතර ඇත්තේ විශාල සම්බන්ධයකි. සමාජය පෙරළා එයට දක්වන පරැන තිචාරයක් ඇත. යම් කැපවීමක් කරයි. ගොවියන්ට සහන දෙන කවර අවස්ථාවක හෝ පොදු මහජනතාව එයට විරුද්ධ වන්නේ නැත. අද කෘෂිකර්මයට විශෙෂ සහන තිබේ. පොහොර සපයන්නේ අති විශෙෂ සහන සහිතවය. වාරි ජල සම්පාදනය වගාව කෙරෙහි ඇල්මක් ඇතිකරන්නට රජය අනුගමනය කරන පරර. තිපත්ති වෙනුවෙන් මහජනතාව එකඟය. තමගෙන් අයකරන බදු ගොවිතැන වෙනුවෙන් වැය කිරිම ගැන මහජනතාව කනස්සල්ල පළකරන්නේ ද නැත. ගොවියා ද ගොවිතැන ද නොමඳ අවධානනයට ලක් විය යුතු බව සමාජ පිළිගැනීමයි.

එනමුත් ආර්ථික පරිසරය අවබෝධ කරගැනීම වටී. වී කිලෝවකට ලැබෙන සහතික මිළ වැඩිකරන ලෙස බලකරයි. නීනි පැනවිය හැකිය. සහල් කිලෝවක මිල වැඩිවන විට එයට වන්දි ගෙවන්ට සිදුවන්නේ පාරිභෝගිකයන්ටය. ගොවියන් ඇතුලූ මුලූ රටේ ම ජනතාව පාරිභෝගිකයෝය. ඔවුහු මෙරට වෙළඳ පොලේ දී පවතින තත්ත්වයන්ට මුහුණ දී අත්යිවශ්ය පාරිභෝගික ද්රෙව්යප මිලදී ගත යුතුය. වී මිල වැඩිවන විට සහල් මිල වැඩිවන අතර එයට සරිලන සේ තම ආදායම වැඩි කරගන්නට පොදු ජනතාවට සිදුවෙයි. එය චකරසර යකි. එක තැනෙක ගැටලූවකට විසඳුම් දෙනවිට අර්බුදය මතු විය හැකි වෙනත් තැනෙකින්ය.

ආදායම පර විමාණවත් නැති බවට වී ගොවීන් නගන තර්කය අවධානයට ගත යුතුය. එය ඇත්තකි. කෘෂිකර්මය ගොවියන්ට ලාභදායී එකක් විය යුතුය. එය කළ හැකි කාර්යක්ෂමතාව හා ඵලදායීත්වය නැංවීමෙනි. ඉඩම වැඩි නොවන නමුදු අස්වැන්න වැඩි කරගන්නා තාක්ෂණය ගොවිපොළට ලැබී තිබේ. නෙලාගන්නා අස්වැන්න ආරක්ෂා කරගැනීම හා වෙළඳ පොල සමග කිරවනෙයාකරන ආකාරය සම්බන්ධයෙන් නව සැපයුම් ජාල ඇතිව තිබේ. එය විද්යාිත්මක නව සොයාගැනීම්ය. ආර්ථික හා අලෙවි පර්යේෂකයන්ගේ අත්දැකීම්ය. සම්පරීම්දාය හා ගොවිතැනේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් මෙකී අලූත් සංකල්ප මෙරට වී ගොවිතැනට එකතු විය යුතුය. අස්වැන්න වැඩි වන විට සහ එය කලමණාකාරනය වන විට ගොවියා ගේ ආදායම ඉහළ යයි. එය මෙරට ලක්ෂ සංඛ්යාාත ගොවීන්ගේ ජීවන මට්ටම හා අහිමානය නැංවීමකි. එවැනි අලූත් අවස්ථා ඇති කර ආකල්ප වෙනස් කිරීම පහසු නැත. දියව්. දියව්. අපට දියව්. සහතික මිල අපට දියව්. කියමින් ගොවියා උද්ඝෝෂකයෙකු කිරීම ඉතා පහසුය.

මහජන උන්නතිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

14. 03. 2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මහ ජනතාව රටක වැදගත් ම කොට්ඨාශයයි. ඔවුහු රට වැසියන්ය. රටක පැවැත්මට රට වැසියන්ගේ උන්නතිය ඉතාම තීරණාත්මක සාධකයකි. මහජනතාව සුරක්ෂිත කර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට නීති රීති ඇත්තේ එහෙයින්ය. එයින් යුක්තිය සාධාරණත්වය ඉටුවෙතැයි අපේක්ෂාවයි. රටවැසි සියලූ දෙනාම මහජනතාවයි. නමුත් ඔවුන් යෙදෙන කාර්ය ස්වභාවය අනුව නිර්වචනයක් ඇත. දරන තනතුර අනුව ඉටු කරන මෙහෙවර එයින් සේවය අපේක්ෂා කරන ජන කොට්ඨාශයේ උන්තතිය උදෙසා විය යුතුය. පොදු මහජන සුබසෙත සැලසිය යුතුය.

මහජන සේවය කරය යමයෙන් අමතක වෙමින් තිබේ. ශරී ලාංකික ජන සමාජයේ සිදුවීම් එය පැහැදිලිව පෙන්නුම් කරයි. ස්වකීය සේවය අපේක්ෂා කරන පිරිස නොතැකීම රටක සිදුවිය හැකි බරපතල අවාසනාවන්ත තත්ත්වයකි.

මගී පරයක වාහනය සේවාවකි. එයින් සාධාරණය ඉටු විය යුතු මගියාටය. වර්තමානයේ බස් මගියා දහයේ කෑල්ලකි. මගීන් පර‍ කවාහනය කරන්නේ බස් හිමියන්ගේ ලාභ අලාභ ඉලක්ක සාක්ෂාත් කරගන්නටය. මගීන්ට කවර උවමනා එපාකම් තිබුණත් බස් රිය ධාවනයවන්නේ බස් හිමියාගේ හෝ එය මහ මඟ රැෙ ඟන යන රියැදුරු ට හෝ කොන්දොස්තරට උවමනා පරිදිය. නවත්වන්නේ, ගාස්තු අයකරන්නේ මගියා බස් රිය තුළ හැසිරිය යුත්තේ පමණක් නොව ධාවනයෙන් ඉවත්ව වර්ජනය කරන්නේත් මගීන්ට රිසි පිරිදි නොවේ. මගී පරහැ වාහන සේවාවේ දී සේවය ඉටු විය යුතු මගියා අසරණය. සෞඛ්ය සේවාව කිර මගයාකරන්නේ රෝගියා ගේ උවමනාව අනුවද? පහළම සිට ඉහළම තැන දක්වා රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙකුට රෝගියා වැදගත් නැත. අධ්යාේපනය ලැබිය යුතු දරුවන්ටය. මතු පරපුරටය. අධ්යායපනය වෙනුවෙන් ඇති නොයෙකුත් අංශ විමසන්න. දරුවන්ගේ අනාගතය ගැන වැඩි උවමනාවක් තිබේද?

රජයේ කාර්යාලයක අරමුණ මහජනතාවට සේවය කිරීමයි. එහි නිලධාරීහු මෙයට යටහත් සේවක යනුවෙන් ලිපි එවූ යුගයක් තිබිණ. අද රජයේ කාර්යාලයකට කාර්යයක් කරගන්නට එන අයෙකු කරදරකාරයෙකි. ඔහු කියන දුක් ගැනවිල්ල අසන්නට එහි නිලධරයන්ට ඉවසිල්ලක් නැත. උපතේ සිට මරණය දක්වා මහජනතාව ගත කරන ජීවිතයේ දී ඔහුට හිමිව තිබුණ තැන අහිමි වී තිබේ. මෙරට දකින්නට ඇති යතාර්ථය එයයි. මෙවැනි අසාධාරණයට එරෙහිව අධිකරණයට යා හැකිය. එහි දී යුක්තිය පසිඳනු ඇතැයි විශ්වාස කරමු. නඩු දිනය ගැන තීරණය ඇත්තේ ද, නීතිඥයන් අතය. ඒ වෙනුවෙන් වැය කල යුතු ධනය හා මහන්සිය විශාලය. විත්තිකරුවන් ද, පැමිණිලිකරුවන්ද ස්වකීය උන්නතිය අපේක්ෂා කරයි. ඔවුන් එහි දී වැදගත් නමුත් අධිකරණ කිරවිතයාවලියේ දී කඩිනමින් යුක්තිය ඉටුකර ගැනීමට ඉඩක් නැත.

රට තුළ ආකල්ප වෙනසක් ඇතිකළ යුතුය. සිතන, පතන හා කරිඑහ යාකරන ආකාරය ආපසු හැරවීම අවශ්යංය. නිදහස ලැබීමෙන් පසු ගමන් කර ඇති කාලය තුළ වෙනස් වී ඇති හර පද්ධති මහජනතාවට අවැඩකි. මහජන උන්නතිය උදෙසා කිරු ගයාකරන පිළිවෙතක් උදෙසා අලූත් ජන සංගායනාවකට ආගමික හා සමාජ නායකයෝ ඉදිරිපත්වීම වටී.

මහ පොළවට නොදැනෙන කදුළු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

07/03/2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ආණ්ඩු අපේ. මහජනතාවගේ පත්කරගන්නෙ පුරවැසියන්ගෙ වැඩි කැමැත්තෙන්. සියලූම දෙනාට සමාන අවස්ථාව දෙන එක ආණ්ඩුවක වගකීම. අවශ්යනතා හොයා බලා පුරවැසියන් ට එකලෙස සැලකීම පහසු නැහැ. නීති රීති පනවන්නෙ සාධාරණ අවස්ථා ඇතිකරන්න. වැදගත්වෙන්නෙ යුක්තිය.

පාසල, සන්සල සමාජයේ කොටස්. පරණ ජාවට පොදු තැන්. වැවට ගිහින් වතුර දෝතක් බොන්න තහනමක් තිබුණෙ නැහැ. පන්සලට, පල්ලියට, කෝවිලට ගිහින් මලක් පූජා කරන්න නිදහස තිබුණා. පාසලත් එහෙම විවෘත තැනක්. ගමේ පන්සල, පාසල ගරු බුහුමන් දිනාගත් තැන්. පන්සල වගේම දරුවන් ඉගෙන ගන්න පාසලටත් නොයෙකුත් සීමා. අද පාසල සමාජයේ ජීවත්වන පරගත්ජාවගෙන් දුරස්ථයි.

පරෙන දේශයේ පාසලට නීති හැදෙන්නෙ පරිබාහිර තැනක. පාසල අවට ජීවත්වන පරවගෙජාවට මෙම නීති රීති ආගන්තුකයි. මොරටුවේ පරීත ධාන පාසලක් පෙනෙන නොපෙනෙන මානයේ ජීවත්වන දෙමව්පියන්ට තමන්ගෙ දරුවා පාසලට ඇතුල් කරන්න ඉඩ ලැබුණේ නැහැ. පාසල වටා ගුවන් කවයක් අදින, තීරණ ගන්නා පිරිසට කවයෙන් එපිට අය පිටස්තරයන්. මහා මාර්ගය දිගේ පාසලට ඇවිදගෙන එන්න හැකියාව ඇති නමුත් එයට ඉඩ නැති දරුවන්ගේ දෙමවුපියන් වෛර කරන්නෙ කාටද? එහෙම නමුත් පාසලට සෑහෙන ඈත පර එයදේශවල දරුවන් ජනපරිෛ ය පාසල්වලට එන්නෙ සෑහෙන කාලයක් ධනයක් වියදම් කරමින්. තීරණ ගන්නෙ මහපොළවෙ පය නොගහන කණ්ඩායමක්ද? අවුරුද්දෙ මාස දෙකක් අවසන් ව ඇතත් තමන් කැමති පාසල නැති දරුවන් කොළඹ නගරයේ ජීවත්වෙනවා. පරසල ධාන නගරවලත් එහෙමමයි. දරුවන් ජනපරිඹ නය පාසලට ඇතුල් කරන්න මහන්සි වෙන හැම දෙමාපියෙකුට ම රටට ඇහෙන්න කියන්න සාධාරණ කතාවක් ඇති බව පැහැදිලියි.

දරුවන් පාසල ට ඇතුලූ නොකරන්න නීති පනවන්න සිදුවීම කණගාටුවට කරුණක්. දෙමාපියන් සොයන්නෙ තමන්ගෙ දරුවන්ට දෙන්න හැකි හොදම දෙය. එයින් සාර්ථක කරන්නෙ නොදරුවන්ගේ අනාගතය. ගොඩනැගෙන්නේ රටේ ඊළග පරම්පරාව. පුරවැසියන්ගෙ අයිතිය යටපත් කිරීමෙන් අසරණ වෙන්නේ සමාජය. ජීවත්වන සමාජය අවට තිබුණ වැදගත් සංකේත වටා නීති රීති, බාධක ඇතිකරන විට දුරස් වෙන්නේ එකිනෙකාගෙන්. එකමුතු නොවෙන සමාජයක් රටට සාධාරණ බලාපොරොත්තු අපේක්ෂා කිරීම අපහසුයි. තමන්ගෙ දරුවන්ට අවස්ථාව නැති බව පෙනෙන තැනක පරිත්යාතගය ගැන කතා කිරීම නිශ්ඵලයි. පරාර්ථකාමී හැගීම ඇතිවෙන්නෙ කොහොමද? ජීවත් වන්නෙ පරිත ශ්න නැති සමාජයක නෙවෙයි. විසදාගත යුතු බරපතල කාරණා එමටයි. එහෙම නමුත් දරුවන්ගේ ඉගෙනීම බොහොම සංවේදී කරුණක්. දරුවාට පාසලක් වෙනුවෙන් ධනය වැය කරන්නටත්, දේශපාලනඥයන් ට ඇවිටිලි කරන්නටත් සිදුවීම අවාසනාවක්. නීති පනවා, එම නීති වලට එපිටින් ඇති හැකි අය කරි යාකරන විට සමාජය අවුලවන පීඩනය තේරුම් ගැනීම පහසු නැත.