නීති ගරුක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015.09.30 – ලංකාදීප

දෙවැනි මහා ලෝක යුද්ධය පවතින කාලයේ ඉතාලියේ පැසිස්ට් නායක මුසෝලිනි එරට දුම්රිය වෙලාවට ධාවනය කරන බලහත්කාරී උපායක් අනුගමනය කළ බව ජාත්‍යන්තරය අදත් විශ්වාස කරයි. පැසිස්ට් පාලකයෙකු රට තුළ සාධාරණ පුද්ගලයෙකු බවට පත්වන්නේ එරට වැසියන් බලවත් පීඩාවට පත්කර තිබූ දුම්රිය සේවය හො`දටම වැඩකරන තැනට පත් කළ නිසාය. තහවුරු කරන සාක්ෂි නැතත් රියැදුරෙකුගේ හිසට වෙඩි තබා තද බලහත්කාරයකින් පසු වෙලාවට දුවන එකක් බවට දුම්රිය පත් කරන ලද බව කියැවේ.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය ගැන ජනතාව තෘප්තිමත් නැත. විශෙෂයෙන් පුද්ගලික බස් සේවයයි. පොදු ප්‍රවාහනය හරි තැනට ගෙන එන්නට පැසිස්ට් ආකාරයට තීන්දුගන්නට අවශ්‍ය නැත. අයාලේ යන බව පෙනෙන පුද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම ස`දහා ආණ්ඩුව නිසි නියාමන ක්‍රමවේදයකට යා යුතුය. පොලිසිය මහ පාරේ විනය ඇති කරන්නට නායකත්වය ගැනීම අවශ්‍යය.

ඉතිහාසයට අනුව මෙරට පුද්ගලික බස් සමාගම් තිබුණි. ඒවා එක් එක් පලාත් අනුව ක්‍රියාත්මක විය. දේශපාලන කාරණා මත එම බස් රජයට පවරා ගැනේ. ආණ්ඩුවේ බස් කර්මාන්තය පිරිහී පවත්වාගෙන යා නොහැකිතැනට පත් වූ පසු නැවතත් පුද්ගලික අංශයට ආයෝජනය කරන්නටඉඩ දෙයි. 1978 දී පමණ සිදුවූ එම වෙනසට සම්බන්ධවන්නේ මැද පෙරදිග ඇතුලූ රටවලින් යමක් උපයාගෙන රටට පැමිණි කුඩා ව්‍යවසායකයන්ය. බස් රථයකට ආයෝජනය කර එය ලාභ උපයන ආකාරයට පවත්වාගෙන නොගියහොත් අපේක්ෂා බිද වැටෙන ස්වභාවය තුළ මෙරට පුද්ගලික බස්රථ තුළින් අන් යමක් අපේක්ෂා කළ නොහැකිය.

බස් රථ සේවාවේ අකටයුතු ගැන මගී ජනතාව හා සමානව අවබෝධයක් නිලධාරීන්ට ඇත. නිලධාරීන්ට පමණක් නොවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද තිබේ. කාලය නාස්ති කරන, අධික හිරිහැරයකින් යුතු, උවමනා වෙලාවට ධාවනය කරන හා නැතිනම් නතර කරන මගී ප්‍රවාහන සේවාවක් ඇති රටක ආර්ථීක කාර්යක්ෂමතාව අපේක්ෂා කළ නොහැකිය. ප්‍රවාහන සේවා නිසි ආකාරයට නැති හෙයින් රට තුළ පාසල් සේවා සහ කාර්යාල සේවා යනුවෙන් අතිරේක වාහන මහ මගට පැමිණ ඇත. යතුරුපැදි තීවිලර් සහ මෝටර් රථ භාවිතා කරමින් වැඩට එන පිරිස ඉහළ යාමෙන් අධික වාහන තදබදයක් ද රටට බලපවත්වා තිබේ. විනයක් නැති ප්‍රවාහනය රටට සිදුකරන හානිය බලවත් එකක් බව බැලු බැල්මට පෙනේ.

රටක් දියුණු වන විට එය පිළිබිඹු විය යුතු මහා මාර්ගයෙන්ය. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව හෝ ඉන්දියාව මෙයින් දශක දෙක තුනකට කලින් පැවැතියේ ද මේ තත්ත්වයේමය. පාරේ සංස්කෘතිය එම රටවලට මහත් හිරිහැරයක්ව තිබුණි. නමුත් දැන් මේ සියල්ල සංවිධානගතව තිබේ. සිංගප්පූරුව එය ආදර්ශවත් ආකාරයට පවත්වාගෙන යයි.

මැලේසියාවේ බස් ධාවනය විනයක් ඇති කරන්නේ එරට අගමැතිව සිටි මහතීර් මොහමඩ්ය. ඒ වන විට බස් රථ වෙනුවෙන් වෙනම මංතීරුවක් තිබිණ. නීති පනවා තිබූ අතර ප්‍රවාහන සේවා බලපත්‍ර නිකුත් කර පුද්ගලික සමාගම් පිහිටුවා තිබුණි. නමුත් බස් සමාගම් එම නීති සැලකිල්ලට ගත්තේ නැත. පාර පුරා ධාවනය කරන ලද අතර වෙලාවට ධාවනය කළේ ද නැත. එහි අපිලිවෙල මහජනතාවට හිරිහැරයක් බවට පත්විය. බස් සමාගම් වලට අනතුරු අ`ගවන ලද නමුත් පලක් නොවූ තැන මහතීර් මොහමඩ් මහතා තද තීරණයක් ගනී. ධාවන තීරුවේ ගමන් කරවීම හෝ නියමිත වේලාවට ධාවනය කිරීම එහි වගකීම බස් සමාගමේ අයිතිකරුට පැවරීමය. එම නීතිය කඩකරන බස් රියැදුරන්ට දඩ කොළ ලියනවා වෙනුවට බස් අයිතිකරුවන්ට දඩුවම් පමුණුවත තීරණය ගනී. එපමණක් නොව අගමැතිවරයා කෙලින්ම බස් සමාගම් වල අයිතිකරුවන්ට කතා කරන්නට පටන් ගත්තේය. සතියක් දෙකක් යන විට එය බලවත් ගැටලූවක් බව වටහා ගත් අයිතිකරුවෝ යතුරු පැදි වල නැගී තම බස් නිවැරදි ආකාරයට පාරේ ගමන් කරනවා දැයි සොයන්නට පටන් ගත් අතර කෙටි කාලයක් තුළ පොදු ප්‍රවාහන සේවා විධිමත් බවට පරිවර්තනය කළ හැකිවිය.

අද රටට අවශ්‍ය මෙවැනි තද තීරණ බව පෙනේ. මගී ප්‍රවාහනය තනි බස් රථ වෙනුවට සමාගම් බවට පත්කර කළමණාකරනය කරන්නට අවශ්‍යය. නීති කඩන සහ බලහත්කාරයෙන් ධාවනය කරන බස් රථ රියැදුරුට, කොන්දොස්තරට පමණක් නොව බස් අයිතිකරුවන්ට ද, දැනෙන ආකාරයේ ද`ඩුවම් ක්‍රමයක් හ`දුන්වා දිය යුතුය. එවැනි ක්‍රමයකින් විනා මහ පාරේ විනයක් හදන්නට බැරි තැනට තත්ත්වය බරපතල වී තිබේ.

බලශක්ති ප‍්‍රශ්නයට ඉර එළිය පිළිතුරකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/09/23 – ලංකාදීප

බලශක්තිය සම්බන්ධයෙන් ඇති ලෝක අවධානය නොසන්සිෙ`දන එකකි. ජාත්‍යන්තර ෂෙල් සමාගමේ ප‍්‍රධානියා මෑතක කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ලෝක බලශක්ති අවශ්‍යතාව ගැන අදහසක් දක්වා තිබේ. ඔහුට අනුව ඉදිරි දශකය තුළ ලෝක බලශක්ති ඉල්ලූම දෙගුණයක් වනු ඇත. මෙම බලශක්ති අවශ්‍යතාව සපුරනු ස`දහා පොසිල ඉන්ධන එනම් බොරතෙල් වලට පමණක් හැකියාව ලැබෙන්නේ නැත. හිරු එළිය ප‍්‍රයෝජනයට ගැනීම කෙරෙහි සියලූ පැති වල ඉලක්කය වි තිබේ.

බලශක්තිය උදෙසා හිරුගෙන් ලැබෙන බලය ප‍්‍රයෝජනයට ගැනීම ආර්ථික අතින් ඉතාම වාසිදායක එකක් බවට පත්ව ඇති පමණක් නොව එය පරිසර හිතකාමී එකක්වීම ද ඉතාම සුවිශේෂී තත්ත්වයකි. හිරු එලියෙන් ආවරණයවීමට තැත් කළ යුගයක සිට හිරු එළිය තමන්ගේ ජීවිතයට ලං කරගැනීමට ප‍්‍රයත්න දරන යුගයක් දක්වා පරිවර්තනය වීමෙන් එය මැනැවින් අවබෝධ වෙයි.

හිරු එළිය ප‍්‍රයෝජනයට ගැනීම කොපමණ බලවත් ආකාරයකට සිදුවෙන්නේ ද යත් ලෝකයේ ඇතැම් රටවල් තමන්ගේ බලශක්ති භාවිතාවෙන් සියයට ප‍්‍රතිශතයක් හිරු එළියට පරිවර්තනය කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස නම් කර තිබේ. ඒ අනුව ජාතික ඉලක්ක දක්වන අතර නියමිත කාලයක් තුළ එකී ඉලක්කට අනුව හිරු එළියෙන් බලශක්තිය නිපදවා ගැනීම අරමුණ වී තිබේ. රටවල් පනහක්, වසර 2020 වන විට ගිගාවොට් 350 ක බලශක්තියක් හිරු එලියෙන් නිපදවා ගැනීමේ ඉලක්කයක් ජාතික සැලසුම් සකස් කර ඇත.

දශක කිහිපයකට කලින් සීතල රටවල වැසියන් හිරු එළිය ඉල්ලා සිටියේ සීතල දුරු කරගන්නටය. වසරේ වැඩි කාලයක් ප‍්‍රමාණවත් හිරු එළිය නැති රටවල් එහි ඇති වැදගත්කම හො`දින් දනී. ශ‍්‍රී ලංකාවට හිරු එළිය ප‍්‍රශ්නයක් නැත. එසේ හෙයින්ම හිරු එළිය ප‍්‍රයෝජනයට ගැනීම ගැන එපමණ අවධානයට ගන්නා කාරණයක් නොවේ. නමුත් එකී අවධානය වෙනස් කළ යුතු හෝරාව උදා වී තිබේ. සලකා බැලිය යුතු කාරණය එයයි.
ආහාර පිසීම, ගෙදර දොර ආලෝකවත් කරගැනීම පමණක් නොව වාහන ධාවනයට ද සූර්ය තාපය ප‍්‍රයෝජනයට ගැනීම අද සුලබ එකකි. නොබෝදා දකුණු අප‍්‍රිකාවේ නගරයක විශාල වාහන අංගනයක් සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ සහිත වහලයක් සවිකරන ලද අතර එයින් පරිසරයට අත්පත්වන වාසිය සහ ආර්ථික අතින් කරදෙන ධන ඉතිරිය සලකා බැලීමේ දී අති විශාල එකක් බව තහවුරු වි තිබේ. මෙයින් අවුරුදු විස්සකට පමණ කලින් තිබූ සූර්ය කෝෂ සහ ඒවායේ තාක්ෂණය සමග සස`දන විට වියදම අඩු සහ බලශක්ති ඉතා විශාල වශයෙන් ගබඩාකර ගත හැකි අලූත් සූර්ය කෝෂ නිෂ්පාදන දැන් වෙළ`ද පොලට පැමිණ තිබේ. ඒ වෙනුවෙන් කළ යුතු ආයෝජනය ද තර`ගකාරී ලෙස සකස්වන බව පෙනේ. සාමාන්‍ය පාරිභෝගිකයන් කෙසේ වෙතත් ආයතනික මට්ටමින් ලෝකය පුරා භාවිතාවට ගැනෙන බව අවධාරණය කළ යුතුය.

ශ‍්‍රී ලංකාවට අලූත් යුගයක් ගැන හිතන්නට කාලය එළැඹ තිබේ. ජල විදුලිය බලය උපයෝගී කරගෙන රට තුළ අඩු පිරිවැය විදුලිය නිපදවූ නමුත් අද වන විට ජල විදුලිය බලාගාර නිපදවිය හැකි තැන් සම්පූර්ණයෙන් උපයෝගී කරගෙන හමාරය. අවුරුද්දක් පාසා රටට ආනයනය කරන බොර තෙල් ප‍්‍රමාණය බලන විට එය මෙර සමස්ථ ආනයන වියදමෙන් හරි අඩකට වඩා බව දැක්වෙයි. මෙවැනි අති විශාල ඉන්ධන ආනයනයක් වෙනුවෙන් වියදම් කරන ධනය කොපමණද? අලූත් යුගයක් ගැන සිහින මවන පරම්පරාව එය ප‍්‍රශ්න කළ යුතුය. එවැනි ධනස්කන්ධයක් වැය කර ආනයනය කරන ඉන්ධන වලින් රට අත්පත් කරගෙන ඇති වාසිය කුමක්ද? දිනෙන්දිනම කාර්මික පැත්තෙන් සහ පාරිසරික පැත්තෙන් පිරිහෙන බව ලැබෙන තොරතුරු දක්වයි.

රටට සුර්ය බල ශක්ති පරිභෝජනය සම්බන්ධ ජාතික ඉලක්කයක් සම්පාදනය කළ යුතුය. කර්මාන්තශාලා ඒ වෙනුවෙන් කරන නැඹුරුව දිරිමත් කළ යුතු අතර සාමාන්‍ය පුරවැසියන් සූර්ය කෝෂ මිලදී ගෙන රටටත් පරිසරයටත් ආස්වාදයක් ඇති කරන විට එය දිරිගන්වන සැලසුමක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. බලශක්තිය සම්බන්ධ ජාතික දැක්මක් වෙනුවෙන් විකල්ප මතධාරීන් අලූත් අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වැඩදායක කර්තව්‍යයකි.

කාන්තාව සුරක්ෂිත කරන සමාජයක් කරා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/09/16 – ලංකාදීප
කාන්තාවන් ගේ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් අවශ්‍යය. දවසේ පැය විසිහතර පුරා නිදහසේ රට තුළ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට ඉඩ ඇති සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය යුතුය. මග තොට, බස් රියේ, වැඩපොලේ කාන්තාව ගොදුරු කරගන්නට බලාසිටින ඇස් ඇති බව අද පවතින සාමාන්‍ය අවබෝධයයි. ස්විට්සරලන්තය, සිංගප්පූරුව, ජපානය සහ හොංකොං ඇතුළු රටවල් කාන්තාවන් සුරක්ෂිත සැහැල්ලූ ජීවිත ගත කරති. ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එකී පැවැත්ම ශ‍්‍රී ලංකාව සමග සස`දා බැලීම සුදුසුය.
විද්‍යාගේ සිද්ධිය වන විට රට තුළ පැවැති උද්වේගය අද නැත. අද වන විට සේයා සදෙව්මි නමැති දැරිය ගැන සමස්ථ සමාජයම කතා කරයි. මෙම සිද්ධි දෙක අතර පමණක් නොව එයට කලින් සිදුවූ සියලූ දේ ගැන ප‍්‍රමාණවත් ආකාරයට අවධානයක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට අසමත්වන්නේ ඇයි?
මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය ඉතාමත් සංකීර්ණ එකක් බවට පත්ව තිබේ. එවැනි තත්ත්වයකට පත්වන්නේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට නිදහසේ ගමන් කරන්නට කානාතාවකට බාධාවක් නොතිබුණ රටක් බව ඉතිහාසය පෙන්වා දෙයි. රට වැසියන් ජීවත්වන්නේ බලව’ත් පීඩනයකින්ය. යහපාලනය වශයෙන් හ`දුන්වන්නේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනය පමණක් නොවේ. ආණ්ඩුව හා සමාන්තරව පුරවැසියන් ද සමාජය සැනසිලිදායක තැනක් කරන්නට යම් ප‍්‍රමාණාත්මක ප‍්‍රයත්නයක් දරන්නට අවශ්‍යය.

කාන්තා අතවරයක්, අමානුෂික සිද්ධියක් වාර්තා වූ වහා සමාජය කම්පනයට පත්වෙයි. සිදුවීමට බලපෑ හේතු සොයා බලා නිවැරදි කරන්නට වග බලා නොගන්නේ මන්ද? දීර්ඝ කාලයක් යුද පසුබිමක සිටි සමාජයක් කර්කෂ, කුරිරු සිද්ධීන් වලින් පදම්ව ඇති බව පිළිගත හැකිය. මත් පැන් සහ මත් ද්‍රව්‍ය රට තුළ බහුලවීම තුළ සමාජ විකෘතියකට මග පාදන බව වටහා ගැනීම අපහසු නැත. කාන්තාවන් විදේශගතවීම හේතු කරගෙන දරුවන් අනාරක්ෂිත වන සහ පවුල් ඒකක විෂමාකාරී ගැටලූ වලින් ගහන තත්ත්ව ඇතිකරන බව පැහැදිලිය. මෙම සියලූ පැති සලකා බලා කම්පාවීම සහ ඉතා ඉක්මනින් ඒවා අමතක කර සාමාන්‍ය බවට හැරීම අනුමත කළ හැකිද?

පුරවැසියන් මුහුණ දෙන පීඩනය මැඩ ඉවසිලිවන්ත සමාජයක් ගොඩනැගීම සියලූම දෙනාගේ වගකීමකි. ආණ්ඩුව ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. ආගමික නායකයන් සහ සමාජ නායකයන් රට තුළ පවතින ස්වභාවය බලවත් ආකාරයකට සාකච්ඡුා කිරීම ඉතා වැදගත්ය. සිංගප්පූරුව ඉතා සංකීර්ණ ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කුඩා රටකි. හොංකොං ¥පත ද එසේය. මෙම රටවල් දෙක කාන්තාවන්ට ගරු කරන සහ අපරාධ අඩු සුරක්ෂිත තැනක් බවට පත්වන්නේ කෙසේද? ජපානය වැනි විශාල රටක් තුළ කාන්තාව ගෞරවාන්විත ආකාරයේ පැවැත්මක් සහතික කරන්නේ කෙසේද? මේවා අධ්‍යයනය කළ යුතුව තිබේ.

සමාජය තමන්ගේ වගකීම් ගැන අවධානය යොමු කරන අතර ජනතාවට ශක්තියක් වන ආකාරයට ව්‍යුහය සකස් කරන්නට ආණ්ඩුව වග බලා ගත යුතුය. නීතිය එහි එක් ප‍්‍රමුඛ මෙවලමකි. මෙරට අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ඉටුවන ආකාරය පැහැදිලි නමුත් එහි ප‍්‍රමාදය සමාජය ඉවසන්නේ නැත. වින්දිත කාන්තාවක තමන් මුහුණ පෑ ඉරණම අධිකරණයේ කියන්නට පමණක් නොව, එය නැවත නැවතත් විග‍්‍රහ කරමින් අවුුරුදු ගණනක් නඩු පවත්වාගෙන යන්නට සිදුවීම, අපරාධකරුවන්ට සහනයකි.

අලූත් රටක් ගොඩනගන ව්‍යායාමය තුළ කාන්තාව කේන්ද්‍රීය ලක්ෂයකි. ඇගේ සමාජ සුරක්ෂිත භාවය ඇති කිරීම ගෞරවණීය තත්ත්වයකි. අතවරයට සහ හිංසනයට ලක්වන කාන්තාවන් සිටින රටක් ගැන දෙස් විදෙස් මැදිහත් ජනතාව සිතන ආකාරය ඉතාමත් අවලස්සනය. එවැනි ඉරණමකට ගොදුරු වූ කාන්තාවක්වේ නම් ඇයට යුක්තිය ඉටුකිරීම තව තවත් ප‍්‍රමාද කරන තැනට කරුණු ගොනුවෙන්නේ නම් එය තවත් අයහපත් බරපතල පසුබිමකි. එවැනි පැති ගැන විමසා බලා අලූත් ආකාරයකට තීන්දු ගන්නට සමස්ථ සමාජයම එකතුවීම අවශ්‍යය.

ආර්ථික නිදහස ඇති කිරීම රටට වැදගත්ය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/09/09 – ලංකාදීප

තවත් දින දෙකකින් සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ස`දහා ඡුන්ද විමසීමක් පැවැත්වෙයි. අවුරුදු පහකට වතාවක් පාර්ලිමේන්තුව තෝරා ගන්නා ඡුන්දය පවත්වන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයි. එම කාර්යාලය එරට අගමැතිවරයාට අයත් විෂය පථයෙන් එක් අංශයකි. අගමැතිවරයාට අයත් විෂයයක් බවට පත්වීමෙන් එය පාර්ලිමේන්තුවට වගකියන එකකි. එයින් පෙන්වන්නේ ක‍්‍රමය ගැන විශ්වාසයක් ඇත්නම් ස්වාධීන කොමිසම් අවශ්‍ය නැති බවය.

මහ මැතිවරණයක් ඇති බව ජාත්‍යන්තර අවධානයට ලක්ව නැත. අඩු තරමින් සිංගප්පූරු වැසියන්ගේ පවා විශේෂ අවධානයට ලක් වී ඇති එකක් නොවේ. එරට වැසියන් වෙනදා මෙන් වැඩට යයි. ගනුදෙනු කරයි. ආර්ථික සහ වෙළ`ද කටයුතු වෙනදා මෙන්ම සිදුවෙයි. ආණ්ඩු පෙරුලියක් ගැන එරට කතා කරන්නේ නැති අතර අලූත් ආණ්ඩුවකින් රටට ආර්ථිකයට මොනවා වේ දැයි රට තුළ බලවත් කුකුසක් හෝ විමතියක් ද නැත. සිංගප්පූරුව මෙම මහ මැතිවරණය කැ`දවන්නේ පවතින ලෝක ආර්ථික තත්ත්වය හ`දුනාගෙන එයට මුහුණ දිය හැකි ආකාරයට රට තුළ වෙනස්කම් කළ හැකි ශක්තිමත් ආන්ඩුවක් පත් කරගැනීමේ අරමුණ ඇතිවය. එය එරට පුරවැසියන් වටහාගෙන තිබේ. මහමැතිවරණය හෙයින් එක කොටසකගේ හෝ ජන ජීවිතය බරපතල ආකාරයකට වෙනස් වන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුයේ මෙම වසර ආරම්භයේ දී ය. අවුරුද්ද අවසාන කාර්තුවට පැමිණ ඇති අද දිනයේ ද, රට වැසියන්ගේ සම්පූර්ණ අවධානය කැබිනට් මණ්ඩලය පත් කිරිම සහ නියෝජ්‍ය ඇමැතිවරු ගැනය. මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රියාවලිය අගමැතිවරයාට අයත් විෂයයක් වුවහොත් රට තුළ පැවැතිය හැකි තත්ත්වය කුමක්ද? රටවල් දෙකක වෙනස එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බලාපොරොත්තු පුළුල්ය. මානව නිදහස සහ මාධ්‍ය නිදහස ගැන රට තුළ ඇති කතිකාව පුලූල් එකකි. නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් පවතී. නමුත් රටට ඉතා වැදගත් කාරණයක් වන ආර්ථික නිදහස ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? දේශපාලන කාරණා විසින් සමාජ ආර්ථික ව්‍යුහය ආවරණය කර එය යටපත් කරගෙන ඇති ආකාරය අවධානයට ලක් කළ යුතු ප‍්‍රමුඛ කරුණකි.
මෙයින් අවුරුදු පනහකට කලින් සිංගප්පූරුව ජාත්‍යන්තර අවධානයට ලක් වූ රටක් නොවේ. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ වෙතත් ආයෝජන, වෙළ`දාම, සංචාරය සහ සේවා සම්පාදන ආදී වශයෙන් ක්ෂේත‍්‍ර ගණනාවකින් පෙරදිග කලාපයේ ඉහළම ස්වාධීන පැවැත්මක් ඇති රටකි.

ආර්ථිකය මුල් කරගෙන ලෝකයේ ඕනෑම රටක් සමග සම්බන්ධතා පවත්වන්නට සූදානම්ය. චීනය සමග සබ`දතා පවත්වාගෙන යන අතර වාරයේ ඉන්දියාව සමග හො`ද හිත පවත්වාගෙන යන්නටත්, ඇමරිකාව, යුරෝපය පමණක් නොව ලොකු කුඩා බලවත් රටවල් සමග මිත‍්‍රත්වය පවත්වාගෙන යන්නත් සිංගප්පූරුවට හැකියාව තිබේ. ලෝකයේ ඉහළම ආයෝජන අවස්ථාව පමණක් නොව ඉහළම සෞඛ්‍ය පහසුකම් සිංගප්පූරුවේ ඇත. එකී දියුණුවට දේශපාලන හෝ වෙනත් බැ`දීම් නැත. ඕනෑම ව්‍යවසායකයෙකුට එහි පැමිණ ආයෝජනය කළ හැකිය. ඉඩම් මිලදී ගන්නටත්, ව්‍යාපාර වෙනුවෙන් ණය ගන්නටත් හැකියාව තිබේ. තමන් මිලදීගත් දේපොල විකුණා ආපසු යන්නටත් පුලූවන්කම ඇත. කි‍්‍රයාකරන්නේ ක්ෂේම භූමියක් හැටියටය. නිදහස ඇති නමුත් එරටට එන සියලූම පාර්ශව සිංගප්පූරුවේ නිතියට හිස නමන්නට අවශ්‍යය. සිංගප්පූරුවේ නිර්මාතෘ දිවංගත ලී ක්වාන් යූ මහතාට නොබැ`දි සංවිධානයට ආරාධනා කළ අවස්ථාවේ එතුමා ප‍්‍රකාශ කළේ ‘‘නොබැ`දි රටක් වෙන්න බැහැ’’ යනුවෙනි. නොබැ`දි බව එළිපිට ප‍්‍රකාශ නොකර අවස්ථාව අනුව ක‍්‍රියාකරමින් ලෝකයේ බලවත් රටවල් සමග සහයෝගීතාවයකට යන්නට සිංගප්පූරුව සමත්ව තිබේ.

ශ‍්‍රී ලංකාව නොබැ`දි රටවල් අතර ප‍්‍රබල සාමාජිකයෙකි. දක්ෂිණාංශික ප‍්‍රතිපත්ති පමණක් නොව වාමාංශික අදහස් ඇතිව ද ක‍්‍රියාත්මක වෙයි. නමුත් රට තුළ ආර්ථික නිදහසක් නැත. අලූත් ව්‍යවසායක්, අලූත් කර්මාන්තයක් ආරම්භ කරන්නට පූර්ණ නිදහසක් රට තුළ නැත. අලූත් දේ කරන්නේ නැතිව ජාතිය ලොව නොන`ගී යැයි කුමාරතුංග ශූරින් කළ ස`දහන සිහිපත් කළ යුතුය. දේශපාලනය අවශ්‍ය ඡුන්දයට පමණකි. කාලීන ප‍්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගෙන යන වැඩ පිලිවෙලට රාජ්‍ය පෞද්ගලික අංශ එකතු විය යුතුව තිබේ.

දරුවා පාසලට යන ගමන රටක ප‍්‍රතිපත්ති තීරණයකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/09/02 – ලංකාදීප
ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ පාසල් ගමන ගැන අලූතින් හිතන්නට පසුබිමක් සකස්ව ඇති බව ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරයි. එයට අනුව පාසල් බස් සේවා අයකරන ගාස්තුව වැඩි වන්නට ඉඩ තිබේ. ඇමරිකානු දරුවන්ගේ පාසල් බස්ගාස්තුව වැඩිවීම ශ‍්‍රී ලංකාවේ දෙමව්පියන්ට සලකා බලන්නට සිදුවන්නේ ඇයි?

ඇමරිකානු දරුවන්ගේ පාසල් බස් සේවය නඩත්තු කරන්නේ පලාත් පාලන ආයතනවල වගකීමක් හැටියටය. නගරයේ පදිංචි පුරවැසියන්ගෙන් වාර්ෂිකව දේපොල මත පදනම්ව වරිපනම් ගාස්තු අය කෙරේ. මෙම වරිපනම් ගාස්තු ගෙවන ඇමරිකානුවන් ඒවා සෘජුව යෙදවෙන්නේ දරුවන්ගේ පාසල් බස් සේවය වෙනුවෙන් බව හො`දින් දනී. අයකරන වරිපනම් ගාස්තුවෙන් දරුවන්ගේ පාසල් ගමන ආවරණය කරන හෙයින් එය නිසි කලට ගෙවන්නට නාගරිකයෝ හුරු වී සිටිති. අය කරන වරිපනම් වලින් පාසල් බස් සේවයට අමතර වෙනත් සංවර්ධන වැඩ වලට ද මුදල් විය කරන්නට ප‍්‍රතිපත්ති තීරණගත් ඇමරිකානු පලාත් පාලන ආයතන මෙම පාසල් වාරයේ සිට පාසල් බස් සේවා වෙනුවෙන් කරන වියදම හරි අඩකින් කපා හරින්නට තීරණය කර තිබේ.

මෙම තීරණය සමග දෙමව්පියන්ගේ වියදම්, පාසල් බස් වෙනුවට පුද්ගලික වාහන පාරට එකතු වීමෙන් ඇතිවන තදබදය පමණක් නොව මෙම බස් සේවා ආරම්භ කිරීමෙන් අරමුණු කරන ලද සංකල්ප සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූ ද සාකච්ඡුා කරන්නට පටන්ගෙන තිබේ.
ඇමරිකානු ඉතිහාසයට අනුව පාසල් බස් සේවා ආරම්භ කරන්නේ කලූ සුදු බේධයට උත්තරයක් වශයෙන්ය. අවස්ථාව නැති කලූ ජාතික දරුවන් නාගරික ප‍්‍රදේශවල ආණ්ඩුවේ පාසල් වලට කැටුව එන්නට පමණක් නොව නගරයේ පහසුකම් සහිත සුපිරි පවුල් වල දරුවන් නගරයෙන් බැහැර පාසල් වලට යොමු කරන්නට ද පාසල් බස් සේවය ක‍්‍රියාත්මක විය. පාසල් දරුවාගේ සිට සමාජය මිශ‍්‍ර කරන අදහසක් වූ අතර එය 1954 දී පටන් බලපවත්වන ලද්දක් බව ස`දහන් කළ යුතුය. ඇමරිකාවේ පාසල් බස් සේවා වෙනුවෙන් වරිපනම් වලින් ගෙවන මුදල හරි අඩකින් අඩු කිරීමට අකැමැති පිරිස අද මතයක් ගොඩනගන නමුත් සමාජය මිශ‍්‍ර කිරීම ඇතුලූ අරමුණු ගණනක් සහිතව එදා මෙම සේවය ආරම්භ කරන විට මිනිසුන් පාරට බැස එයට විරුද්ධ වූ ආකාරය අමතක කළ නොහැකි පැත්තකි.

ඇමරිකාව බලය බෙදා හැර ඇති රටකි. මධ්‍යම ආණ්ඩුව නාගරික ප‍්‍රතිපත්ති වලට අවධානය යොමු කර පාසල් බස් සේවාව මගින් කලූ සුදු සමාජය එකතු කරන තීන්දුව ගත් අතර එය ප‍්‍රාන්ත දේශාපලනයට මධ්‍යම ආණ්ඩුව මැදිහත් වූ අවස්ථාවක් වශයෙන් ද ඉතිහාසයට එකතු වී තිබේ.
මෙරට අධ්‍යාපන රටාව අනුව තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ ඉදිරි සතියේදීය. පාසල් බස් සේවා ගැන කිසිම ප‍්‍රමිතියක් නැත. දරුවා ජනප‍්‍රිය පාසලකට ඇතුළු කරන්නට මහන්සි වෙන දෙමාපියෝ ඉන් අනතුරුව දුක දරන්නේ පාසලට යවන්නට සහ ආපසු ගෙදරට ගෙන්වාගෙන අතිරේක පන්ති යවන්නටය. ඒ වෙනුවෙන් වැයකරන කාලය වියදම්කරන ධනය අති විශාල එකක් බව සමාජය තකන්නේ නැත. නමුත් මෙම ක‍්‍රමය නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් යැයි බලවත් විශ්වාසයකින් සිටී.

මෙම විශ්වාසය පමණක් නොව පාසල් බස් සේවය එය හුදෙක් දරුවා පාසලට යවන්නට කරන ආධාරයක් වශයෙන් සලකනවාට වඩා එපිට බලවත් දර්ශනයක් ඇති යමක් ලෙස අවධානය යොමු කරන ප‍්‍රතිපත්ති රටට සකස් කළ හැකිය.
මෙරට පාසල් පද්ධතියේ සමාජ ප‍්‍රශ්නයක් තිබේ. එක්තරා කොටසක් දරුවා යවන්නේ ආණ්ඩුවේ උසස්ම පාසලටය. උවමනාවක් ඇතත් එය කරගන්නට නොහැකි අති විශාල පිරිසක් මෙම ක‍්‍රමය දෙස බලන්නේ බලවත් කම්පාවකින්ය. කොළඹ නගරයේ ජීවත්වන පිරිස පමණක් නොව කොළඹට එපිටින් ජීවත්වන පුරවැසියන්ගේ දරුවන් මිශ‍්‍ර කරන්නේ කොහොමද? බි`දුණු සහ සංහිදියාව ගැන අද ඉහළ අපේක්ෂා ඇතිව ජීවත්වන සමාජයකට පාසල් බස් සේවය ප‍්‍රවේශයක් විය හැක්කේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කළ යුතුව තිබේ. වරිපනම් බදු ගෙවන නමුත් දරුවා පාසලට යවන නිසි ආකාරයේ සේවයක් ඇති කරන්නට පලාත් පාලන ආයතනයට වගකීමක් ඇති බව හිතන්නටත් ඇමරිකාවේ සිද්ධිය මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වැදගත් අදහසකි.