බෞද්ධ ලකුණ හඳුනාගන්නා මග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna
ලංකාදීප-2013.06.26 -මිලින්ද මොරගොඩ

පොසොන් මාසය බොදුනුවන්ට ඉතා වැදගත්ය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමවා තිබේ. බුද්ධ දර්ශනය සමාජය තුළ තහවුරු වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවය. තිස්ස රජ හා මහ රහතන් වහන්සේ අතර සිදුවූ සංවාදය පරැඩමකටය. ධර්මය අවබෝධ කර ගැනීමට පාලකයා සතුව ඇති ඥානය පරදු මාණවත් ද යන්න ගවේශනය කළේ එයින් බව වැටහේ. තමන්ව පර සතශ්න කළ ආගන්තුකයන් පෙන්වන මග හඳුනාගත් රජු තමන් ද, තම වැසියන් ද එක්ව බුදු දහම පිළිගන්නා පිළිවෙතක පිහිටියේය.
මෙම පිළිවෙත පැවත එන්නේ පරම්පරාවට බව අපට හැගේ. ‘‘ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු ’’ යන පණිවුඩය පදනම් කර ගෙන ශරී ලාංකිකයන් අතර පුළුල් මතයක් ඇති කළ අතිපූජ්යෙ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ‘‘බෞද්ධ ගෙදර’’ නමින් කෘතියක් රචනා කර සිල්වත් සමාජය අතට පත් කළේය. එයින් උපුටා ගත් පහත දැක්වෙන කොටස පෙන්නුම් කරන්නේ අපේ යථා ස්වභාවයයි.
‘‘බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධයන් යයි කීවේ නමින් නොව කරියන්යාවෙන් හා ගුණයෙන් බෞද්ධ වූවන්ටය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන්, හැදුණු, වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන්ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නොවෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සතුන්ට ද, ’’බෞද්ධ බල්ලෝ, බෞද්ධ බළල්ලූ ’’ යයි කිව යුතු නොවේද? බෞද්ධ ගෙදරක හැදුණ වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, ‘‘ බෞද්ධ වම්බොටු – බෞද්ධ මිරිස ’’ යයි කිව යුතු නොවේද? එය එසේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනෙකුට බෞද්ධයා යයි කියන්නේ කෙසේද? එය කිසිසේත් සුදුසු නැත. එහෙයින් බෞද්ධයා යැයි කිව යුත්තේ බෞද්ධ පරදය තිපත්ති ඇත්තන්ටමය. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකුට අඩුම ගණනේ පන්සිල් හා ශරිය ද්ධා-ශීල-ශරැු ත-ත්යාහගාදී ගුණයන් වත් තිබිය යුතුය. එබඳු බෞද්ධ පරය කතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර බෞද්ධ ගෙදර වේ.’’
බෞද්ධයන් විය යුතු උපතින්ද? මහ නාහිමියන් ගේ ජන්ම ශත සංවත්සරය සමරන මෙම අවස්ථාවේ සමාජ යථාර්ථය තවදුරටත් දරුණු වී ඇති බව පෙනෙයි. මෙම තත්ත්වයට පත්වූයේ කෙසේද? විද්යාීව හා තාක්ෂණයේ දියුණුව සමග සමාජය එයින් ලබා ගෙන ඇත්තේ එහි ලෞකික පැත්ත පමණකි. බුද්ධ දේශනාව තුළ වැසියන්ට, පාලකයන්ට, නොයෙකුත් වෘත්තීන්හි යෙදෙන්නන්ට ආදී වශයෙන් ලෞකික ජීවිතයට වැදගත් මග පෙන්වීම නොඅඩුය. දහමට නැඹුරු මහා සංඝරත්නය විෂයෙහි සමීප බොදුනු ජනතාව මේ බව දනී. නමුත් පෙනෙන්නට ඇති පර්නයධානම කරුණ මේ සත්යා ජීවිතයට පරාව යෝගිකව භාවිතයට නොගැනීමයි. පොදුවේ අප සියලූදෙනාම මෙකී ඇත්ත ගැන නිසි අවබෝධයකින් යුක්තය. නමුත් එයින් පාඩමක් ඉගෙන ගන්නේ නැත.
මහින්දාගමනය සිදුවූ වකවානුවට වඩා ජනතාව බුද්ධිවන්තය. දැනුමෙන් පොහොසත්ය. මිනිසා හදා රටත් හදා ගන්නට නම් සදහම් පණිවුඩය නිසි ආකාරයට වටහා ගැනීම වටී. පිරිසිදු දහම කුමක් දැයි හඳුනා ගැනීමේ පරවුඩඥාව අද අවශ්යට වී තිබේ. එය පසෙක ලා බුදු දහම යටපත් වෙතැයි බියෙන් අණ පනත් පනවන්නට සහ බලහත්කාරයෙන් මත අවුලවන්නට යාම භයානක විපතකට අත වැනීමකි. ජාතීන් අතර අන්තවාදයකින් ඇති තරමට බැටකන්නට සිදුවූ ලාංකික සමාජයට ආගමික අන්තවාදයක් අවශ්යර නැත. රටට නැවත නැවතත් බෙදා දිය යුතු දහම සතු දර්ශනයයි. දැක්ම වෙනුවට අලූත් මත ඇති කළ යුතු නැත. බෞද්ධ පරම සතිපත්ති වගා කර බෞද්ධ රටක් යැයි හඬ නැගිය හැකිය. බෞද්ධ පරතු තිපත්ති නැත්නම් එහි හිඩැස සොයා පිරියම් යොදන්නට මහ නාහිමිපාණන් ද පරිපාලකයන් ද අවධානය යොමුකළ යුතුය. එය, මහ නාහිමි ජන්ම ශත සංවත්සරයේ අරුත නැංවිය හැකි මගකි.

නිදුක් නිරොගී ජන සමාජයක් ඇති කර ගනු පිණිස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.06.19- ලංකාදීප-මිලින්ද මොරගොඩ 

 

නිදුක් නිරෝගීව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ අසනීපව ප‍්‍රතිකාර ගන්නට සිදුවූ විටෙකය. මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර අවශ්‍ය නම් පුද්ගලික රෝහල් සත්කාරක සේවාව ද තිබේ. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරු සිටිති. කැපවීමෙන් රෝගී පරීක්ෂාවෙහි නිරත ඔවුහු ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන්නේ කාල වේලාවක් නැතිවය. සෞඛ්‍ය අංශයේ අනෙකුත් සේවාවල නිරත කාර්යය මණ්ඩලය ද එයට නොදෙවෙනිය. නමුත් රජයේ රෝහල එහි සම්පත් සහ සේවා සම්බන්ධ කළමණාකරනයෙහි ප‍්‍රශ්න ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

රජයේ සේවාවට සමාන්තරව පුද්ගලික රෝහල් පද්ධතියක් ද මෙරට ක‍්‍රියාත්මකය. ඉහළම සැප පහසුකම්, පමණක් නොව ඉහළම තාක්ෂණික උපකරණ ද පුද්ගලික රෝහල්වල ඇත. ප‍්‍රශ්නය ඇත්තේ රජයේ රෝහලක සම්පූර්ණයෙන් නොමිලේ කරන සේවාව වෙනුවෙන් පුද්ගලික රෝහලක අය කරන ගාස්තුවයි. සාමාන්‍ය මහජනතාවට එවැනි උසස් රෝහලක නතර වී දින දෙක තුනක ප‍්‍රතිකාර ගන්නට නම් විශාල වියදමක් දරන්නට සිදුවෙයි. රෝහලේ ප‍්‍රතිකාර පමණක් නොව වෛද්‍යවරු හමුවී රෝග නිරීක්ෂණයට රසායනික වාර්තා හා වෙනත් තාක්ෂණික සේවා වෙනුවෙන් ද වැය කළ යුතු මුදල සැලකිය යුතු බව යථාර්ථයයි.

හදිසි ප‍්‍රතිකාර ගත යුතු අවස්ථාවක රජයේ රෝහලක එයට පහසුකම් ඇතත් අධික රෝගීන් පිරිසක් එහි ප‍්‍රතිකාර පතමින් ලේඛනගතව සිටින විට ප‍්‍රතිකාර ලැබෙන්නේ ලියාපදිංචි වූ අනු පිළිවෙලටය. සැත්කමක් වෙනුවෙන් ලේඛනයෙන් පිට අවස්ථාවක් ලැබෙන්නේ එය හදිසියේ සිදුවූ මාරාන්තික එකක් නම් පමණකි. ග‍්‍රාමීය දිසා හෝ පලාත් මට්ටමින් ඇති ජාතික වැනි  ඕනෑම රජයේ රෝහලක වාට්ටු එහි ඇති නේවාසික පහසුකම් ඉක්මවා ප‍්‍රතිකාර ගැනීමට රෝගීන් සිටින බව දැක ගත හැකිය. එපමණක් නොව කොපමණ මිල අධික නමුත් පුද්ගලික රෝහලක ප‍්‍රථිකාර ගන්නට කාමරයක් වෙන් කර ගැනීම ද පහසු නැති තරමට රෝගීන් බහුලය. රෝහල එහි සත්කාර පමණක් නොව සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුට රෝගියෙකු සමග සාකච්ඡා කර රෝගී තත්ත්වය හ`දුනාගන්නට ඇති කාලය ද ඉතා සීමිතය. රජයේ පමණක් නොව මුදල් ගෙවා සේවාව ලබා ගන්නා පුද්ගලික අංශයේ පවා වෛද්‍යවරු දිනකට පරීක්ෂා කරන රෝගීන්ගේ ගණන විශාලය. ඔවුන්ට නිසි පරිදි නිවී සැනසිල්ලේ රෝග පරීක්ෂාවකට ඉඩක් ලැබෙන්නේ ද යන්න ගැටලූවකි. එය මෙරට සෞඛ්‍ය සේවාවේ පවතින කාර්ය බහුල බව පෙන්වන එක ලක්ෂණයකි.

ජනතාවට අවශ්‍ය සත්කාර සියල්ල නොමිලේ සැපයිය හැකි තරමට රජයේ රෝහල් සේවාව පරිපූර්ණ නැත. එපමණක් නොව පරිපූර්ණ යැයි පෙනෙන පුද්ගලික අංශයේ රෝහල් වලින් සේවාව ලබා ගැනීමට මුදල් නොමැකිව බහුතර ජනතාව පීඩාවට පත්ව ඇත. එක පැත්තකින් සැපයෙන සෞඛ්‍ය පහසුකම් නොමිලේ දිය යුතු යැයි බල කරන අප, තවත් පැත්තකින් මුදල් ගෙවා ලබාගත හැකි රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය හා අය කරන ගාස්තු ගැන විවාද කරන සමාජයකි. මෙම සියළු පරස්පරතා විදහා දක්වන්නේ ඉතාම වැදගත් සෞඛ්‍ය අංශය කෙරෙහි රට තුළ ඇති අසම්පූර්ණ ප‍්‍රතිපත්ති බව පෙනේ.

මැදි ආර්ථිකයක් කරා ගමන් කරන රටක් වශයෙන් ඉදිරි සැලසුම් හා ප‍්‍රතිපත්ති සමාජය සමග සාකච්ඡා කර නිසි ක‍්‍රමෝපාය මාර්ග සැකසීම වැදගත්ය. පොදු ජනතාවට අනිවාර්ය වෛද්‍ය රක්ෂණ ක‍්‍රමයක් අවශ්‍යය. රජය හෝ පුද්ගලික අංශය එම රක්ෂණ ක‍්‍රමය ව්‍යාප්ත කළ යුතුය. ප‍්‍රතිකාර ලබන්නේ කොතැනින්ද හා වියදම යන්න නොව ප‍්‍රතිකාර වෙනුවෙන් සමාන අයිතිවාසිකම් ඇති සමාජයක් ගොඩනැගීම වගකිමකි. එය කළ හැකි වන්නේ අලූත් ආකල්පයන්හි පිහිටා ක‍්‍රියා කිරීමෙන්ය. රජයේ සෞඛ්‍ය සේවාව නිසි ආකාරයට සැලසුම් කළ යුතු අතර පුද්ගලික අංශයට ආයෝජනයට ඉඩදිය යුතුය. මෙම සේවා වල තත්ත්වය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට නිසි නියාමනයක් ද අවශ්‍යය. තද නීති පනවා සෞඛ්‍ය සේවාව පාලනය අවශ්‍යය. වඩා වැදගත් වන්නේ රෝගියෙකුට ප‍්‍රතිකාර ගැනීමට ඇති පහසුව තහවුරු කිරීමයි. 

නැවතුමක සිට පියවරක් ඉදිරියට ගමන් කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna 2013.06.12- ලංකාදීප- මිලින්ද මොරගොඩ
සාමාන්ය ජීවිතයේ ඇතැම් අවස්ථාවක ජීවිතය නතර වෙලා වගේ දැනෙනවා. වෙනසක් අවශ්යවයි හිතෙන්නෙ ඒ වගේ අවස්ථාවක. අගනුවර හෝ තදාසන්න පර වගදේශයක ජීවත්වන දරු පවුල් වල සතියේ කාලසටහන ඒකාකාරීයි. කලබලකාරී බවත් වැඩියි. සතියේ දිනක උදෑසනක ගෙදර දොර මෙහෙයවෙන ආකාරය හිතෙන් මවාගන්න හැකිවේවි. ඉවුම් පිහුම් අතරේ ඇඳුම් සොයා දෙන්න, දරුවන් පාසල් වාහනයට නංවන්න ඒ අතරේ තමන්ටත් වැඩට යන්න දෙමව්පියන් කරන්නේ කාලයත් එක්ක සටනක්. නාගරීකරණයට ලක්වුන මැද පන්තියේ ජන කොටස සිටින ජීවන මට්ටමින් පියවරක් ඉදිරියට යන්න වෙහෙසෙන්නේ එහෙම. දියුණු වෙමින් පැවති රටක සිට මැදි ආදායම් ලබන රටක් දක්වා ඉහළට නැගෙනවිට මෙම නාගරික ලක්ෂණ රට පුරා පැතිරෙන බවක් ද පෙනෙන්ට තිබේ.
මැදි ආදායම් ආර්ථිකයක බලාපොරොත්තු විශාලයි. එය කරා ළඟා වෙන්න පොදු ජනතාවට කරන්නට සිදුවී ඇති මහන්සිය තියුණුයි. නොකඩවා සිදුවන යාන්තරිැදික මෙහෙවර නිසා සමාජයේ කොටසක් ගත කරන්නේ නොරිස්සුම් ජීවිත.
අග නුවර වල පවා පර ජීධාන මාර්ගයෙන් ටිකක් එපිටට වෙන විට පාරේ බස් රියක් ගමන් කරන්නේ කාල පරතරයක් ඇතිව. ගෙදර කාර්ය බහුලත්වයෙන් පසු පාරට ආවත් බස් රියක් නැති නිසා ඉන්නෙ නොයිවසිල්ලෙන්. බස් නැවතුමේ නතර වෙලා කාලය ගත කරනවා වෙනුවට එක නැවතුමක් ඉස්සරහට ඇවිදගෙන යන්න අධිශ්ඨානයක් ඇති කර ගත්තොත් හිතටත්, ගතටත් පහසුවක් වේවි. ඈත ගම්වල බස් එකක් එනතුරු පැය ගණන් ඇවිදින ජනතාව අතරේ නගරයේ ජීවත්වන කෙනෙකුට එක බස් නැවතුමක් ඇවිදගෙන යාම අපහසුවෙන එකක් නැහැ.
ගෙදරින් මහ පාරට ඇවිත් පාර පනින්නේ තැනක් නොතැනක් නොබලා. හවස වැඩ අවසන් වූ පසු පවා කාර්යාලයෙන් එළියට ඇවිත් බස් එක ගන්න සූදානම් වෙන්නේ තමන් ගමන් කරමින් සිටින තැනින්ම පාර පැන බව ඇත්තක්. දරුවන්ට මග දෙපස හොඳින් බලා කහ ඉරක් ඇති තැනකින් පාර මාරු වෙන්න කියන දෙමව්පියන් එහෙම සිරිත් අනුගමනය නොකරන්නේ හදිස්සිය නිසාමයි. ගෙදරට උවමනා බඩු ටිකත් අරගෙන තියෙන බස් එකේ එල්ලෙන්න එතැනින්ම පාර නොපැන්නොත් වෙලාවට ගෙදර යා ගන්න බැරි බව තේරුම් ගන්න පුළුවන්. නමුත් ජීවිතය කියන්නේ එහෙම කලබලකාරී එකක් නම් නොවෙයි.
දියුණු වෙන විට, බලාපොරොත්තු ඉහළට නැගෙන විට එදිනෙදා ජීවිතයේත් යම් වෙනසක් ඇති කරගන්න බලන්න. සුළු වෙනසකින් අපේක්ෂා කරන තරමට වඩා ඉස්පාසුවක් අපේ ජීවිත වලට දැනේවි. වෙනසක් වෙනුවෙන් පළමු පියවර තැබීම ටිකක් අමාරුයි. වෙනදා වගේම පාරට බහින්න, ඒ පාරෙන්ම ගමන් කරන්න, එතැන වෙළඳ සැලෙන්ම අවශ්යට බඩු ටික ගන්න, ඒ වගේම තැන නොතැන බලලා පාර පනින්න අපි ඇබ්බැහි වෙලා. පරරු තිසංස්කරණය කියන්නෙ මේ කාර්ය භාරයම වෙනස් ආකාරයකට කරන්න උත්සාහ කිරීම. විකල්ප සොයා බලන්න උත්සුක වීම. තමන්ගේ ජීවිතය පමණක් නෙවෙයි, ගම, පලාත එහෙම නැත්නම් රට තුළ පවා යම් පරත්සතිසංස්කරණයක් අවශ්යමයි.
එක බස් නැවතුමක් පයින් ඇවිදින්න ගියොත් අසල්වැසියෝ කතා කරන්න පටන් ගනීවි. ඇඟට දහඩියයි. වෙලාව මදි එහෙම නැත්නම් බස් එක වරදීවි කියල හිතන කෙනෙකුට වෙනස් වෙන්න අමාරුයි. පවතින කාර්ය බහුල රාමුවෙන් ජීවිතය වෙනස් කරගෙන අලූත් ආකාරයකට හැසිරෙන්න උත්සාහ කිරීම පහසු නැහැ. තමන්ගේ එදිනෙදා වැඩගැන තමන් තුළම විවේචනයක් අවශ්යරයි. එවැනි පර්ස තිසංස්කරණයක් දැනට ඒකාකාරී ජීවිත ගත කරන ඔබට, සමාජයට සහ රටට අවශ්ය්යි.

මැද මාවත විනා අන්තවාදයක් බුද්ධ වංශය තුළ නැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 Image2013.06.05-ලංකාදීප-මිලින්ද මොරගොඩ

වෙසක් මාසය බොදුනුවන්ට ඉතාම වැදගත් කාල පරිච්ෙඡ්දයකි. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම වෙසක් පුන් පොහොය දිනවල සිදුවූ බව පිළිගැනීමයි. වර්තමානය ඉතා සංකීර්ණය. තාක්ෂණික සහ ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයයි. එහි තර්කයට ඉඩ තිබේ. මධ්‍යම ප‍්‍රතිපදාව බුද්ධ දර්ශනයේ මූලික රාමුවයි. බුදු දහම ශ‍්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි.

බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ විසූ ජේතවනාරාමය ආශ‍්‍රිතව දස දහසක් දෙනා නිතිපතා බුදු දහම අසා සැනහී සතර මග සතර ඵලයට පැමිණෙන්නට ඇත. එහිම නුදුරින් ජීවත්වන්නට චුන්ද සූකර ට ඉඩ හසර තිබිණ. චුන්ද සූකර වෙළෙන්දාට ද වෙළඳ පොළ තුළ යම් පාරිභෝගික පිරිසක් සිටි බව නිසැකය. අණේ පිඬු සිටාණන් සේ ම මට්ටකුණ්ඩලී වැනි දරුවන්ගේ පියවරු ද එකල ජීවත් වූහ. මහා අනර්ඝ මේල පළඳනාවෙන් සැරසී විහාරයට පැමිණි සිටු දියණියන් ගැන ද, විලි වසා ගැනීමට රෙදි කඩක් පවා රහිතව පිහිට පතා අව සිහියෙන් පැමිණි කාන්තාවන් ගැන ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. බුදු රජාණන් වහන්සේ තමන් හමුවට පැමිණි සියල්ලන්ට බෙදා දුන්නේ එකම දැක්මකි. සම සිත සහ සම මෙත පතුරවන්නට අසම සම හිමිපාණන්ට හැකි වූයේ කෙසේද? මහා කාරුණිකයාණන් වහන්සේ ශාක්‍ය වංශයේ නොව, බුද්ධ වංශයේ ප‍්‍රතිපත්ති අනුගමනය කළ හෙයින් බව අමතක කළ යුතු නැත.

අප මහා සංඝ රත්නය සැරියුත් මුගලන් පරපුරෙන් පැවත එන ශාක්‍ය වංශයේ වර්තමානයයි. ස`ග රුවන එම මග තෝරාගෙන ඇත්තේ බවදුක නිවා සසරින් එතෙරව අමා මහ නිවන අපේක්ෂාවෙන්ය. එය සීමාවකින් තොර කැපකිරීමකි. දියුණුවන ලෝකයේ නෙත සිත පිනවන දේ අත හැර නිවන සොයා යන දුශ්කර මාවත තෝරාගෙන ඇති හෙයින් බොදුනුවෝ සඟ රුවනට මහත් භක්තියෙන් උවටැනි කර පින් අපේක්ෂා කරති. තමන්ට ඉදිරි භවයේ දී නිවන් දකින්ට කැපවිය නොහැකි බව දන්නා ගිහියන් මතු භවය තකා යහපතෙහි යෙදෙති. නිවන් දකින මග අතරතුර මධ්‍යම ප‍්‍රතිපදාවෙන් මිදී නොයෙක් අදහස් ඇතිව ඉදිරියට පැමිණීම ශාක්‍ය වංශයට එකඟද?

ගව ඝාතනයට එරෙහිව ස්වාමින් වහන්සේ නමක දිවි පිදීම සමාජය තුළ තැති ගැනීමක් ඇති කර තිබේ. එය බරපතල තත්ත්වයකි. මනුෂ්‍යයන් කරන ගව ඝාතනයට මම එකඟ නොවෙමි. සියළුම සත්ත්වයන්ට ජීවත්වීම සැපයකි. නමුත් සත්ව මාංශ බුදින පිරිසක් සමාජයේ ජීවත්වෙයි. නොයෙක් තර්ක ඇතත් අප ගරු කළ යුතු මධ්‍යස්ථ භාවයටය. නතර කළ යුතු දුක නොව දුක හටගන්නා හේතුවයි. ගව ඝාතනය නතර කිරීම වෙනුවට බොදුනුවන් ගව මස පරිභෝජනය නොකරන තැනට මෙම ජීවිත පූජාව පදනමක් වෙයි නම් එය වැදගත්ය. මිලදී ගන්නා පාරිභෝගික සමාජයක් නැති අවස්ථාවක වෙළ`දාමට ඉඩක් නැත. ඉල්ලූම තිබිය දී එය නොසපයන්නැයි කරන බලහත්කාරය අනුචිතය. පර පණ නසන ගව ඝාතනය පමණක් නොව හොරකම, කාමය, මුසාව සහ සුරාව ද තුරන් වූ සුපසන් බොදු සමාජයක් අපගේ ප‍්‍රාර්ථනාවය. පන් සිල් රකින පරපුරක් ඇති කළ හැකි නම් නරකට කොතැනක හෝ ඉඩක් නැත. නරකට නොඇලී එය නැති කරන ලෙස මැදහත්ව නිස්සරණධ්‍යාශයෙන් තහවුරු කිරීම අද ඇති එකම වගකීමයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල සුපිරිසිදු දර්ශනය එයයි.