වන්දි ගෙවන්නේ මහජනතාවයි

ප්‍රතිචාර 5

25.01.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

රජයට අයත් ආයතන වැඩි වැටුප් ඉල්ලයි. ආණ්ඩුව ඉල්ලීමට අවනත වී තිබේ. නමුත් ඉල්ලන තරමට ම නොවේ. වැඩකරන ජනතාවට එය පරීමටමාණවත් නැත. තම සේවය පරදුවට තබමින් තර්ජනය කරයි. විරෝධතා, වැඩ වර්ජන රටට හුරු පුරුදුය. ආණ්ඩුවත්, ඉල්ලීම් ඉදිරිපත් කරන්නන් අතර වාද විවාද ගැටුම් ඇතිවෙයි. සේවා බිඳ වැටේ. අපහසුතාවයට පත්වන්නේ මහජනතාවයි.
වැටුප් පරිදුශ්නයේ ඇතුල් පැත්තක් තිබේ. එය නැති සම්පත් වෙන්දේසි කිරීමකි. ඡන්ද පොරොන්දුය. දේශපාලන වේදිකාවේ දී පොරොන්දු දෙයි. රජයේ රැකියා ලක්ෂ ගණනින් සැපයීම එකකි. වැටුප් වැඩි කරන බව තවත් එකකි. මෙම වෙන්දේසියෙන් වැඩිම ලන්සුව තබන පක්ෂය බලයට පත්වෙයි. ආණ්ඩු පොරොන්දු ඉශ්ඨ කළ යුතුය. රජයේ සේවයට බඳවා ගැනෙති. අද ලංකාවේ රජයේ සේවය විශාල එකකි. මිලියන දෙකක් පමණය. ජනගහනයේ අනුපාතිකය අනුව වැඩිම අනුපාතිකයකින් රජයේ සේවකයන් සිටින රටකි. දහ දෙනෙකුගෙන් අයෙකු රජයේ සේවයේ නම් මහජනතාවට පහසුවකි. නමුත් රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්නට දින ගණන් වෙහෙසෙන්ට සිදුවෙයි. ජනතාව සතුටු වුවත් නැතත් මාසය අවසානයේ රජයේ සේවකයන්ට වැටුප් ලැබේ. වැටුප් ගෙවන්නේ භාණ්ඩාගාරයයි. වැඩි වැටුප් ඉල්ලා කරන උද්ඝෝෂණ අවසානයේ දී එය ගෙවන්නට තීරණය කළහොත් එහි වියදම දරන්නේ ද එතැනින්ය. එතැනට ධනය බිහිවන උල්පතක් නැත. එකතු වන්නේ බදු ආදායමයි.
රට වැසියන් සියලූ දෙනා බදු ගෙවයි. තමන් බදු ගෙවන බව දැන ආණ්ඩුවට බදු ගෙවන පිරිසක් රටේ ජීවත්වෙති. ඔවුහු ආදායම් බදු ගෙවන්නෝය. අනෙකුත් අය එදිනෙදා කරන ගනුදෙනු වලදී නොදැනුවත්වම බදු ගෙවයි. ඒ බදු එකතු වන්නේ ආණ්ඩුවේ ආදායමටය. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ ද, වැඩි වැටුප් ඉල්ලන විට එයට පරමටයතිපාදන සලසන්නේ ද මේ බදු ආදායමයි. වියදම් වැඩි වන විට ආදායම වැඩිකරගන්නට සිදුවෙයි. ආදායම වැඩිකරගන්නට නම් වැඩි වැඩියෙන් මහජනතාවගෙන් බදු අයකරගත යුතුය. එහෙම නැතිනම් වියදම් පියවා ගන්නට ණය ගන්නට සිදුවෙයි. නිශ්පාදනය වැඩි නොවන, ආදායම උත්පාදනය නොවන විටෙක වැඩිපුර ගෙවීම වන්දියකි. වැදගත් වන්නේ මේ වන්දිය ගෙවන්නේ කොතැනින් ද යන්න වටහා ගැනීමයි. දුප්පත් මහජනතාව වැඩිපුර බදු ගෙවන්නේ ඡන්ද පොරොන්දු වෙන්දේසි කිරීමේ දේශපාලන උගුලටය. රටට අවශ්යො කාර්යක්ෂම ආයතන රාමුවකි. ඒවා යහපත් අන්දමින් පාලනය විය යුතුය. වැටුප් වැඩිපුර ගෙවන්නට හැකිය. එයට නිසි පර යහතිපත්ති අවශ්ය ය. ආයතන පිබිදී මහජනතාව ට වැඩි සේවයක් සිදුවන විට ආයතන වලට වැඩිපුර ආදායම් උපයා ගත හැකිය. ඒ ආදායමින් කොටසක් හිමිවිය යුතු එහි වැඩ කරන ජනතාවටයි. එවැනි වෙනසක් අවශ්යකය. මහජනතාව, මහජනතාව වෙනුවෙන් පෙනී සිටින වේදිකා මේ ගැන විවෘත සංවාදයක කොටස්කරුවන්ය.

Advertisements

අධ්‍යාපනය හා දේශපාලනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

18.01.2012 – ලංකාදීප
අධ්‍යාපනය හා දේශපාලනය- මිලින්ද මොරගොඩ

ජාත්යනන්තර සමාජය ගත කරන්නෙ පරිවර්තන යුගයක. මේ යුගයේ මෙවලම දැනුම. තොරතුරු ගැන දැනුම අවබෝධය නැතිනම් පැවැත්මක් නැහැ. දැනුම සොයා ගෙන යන්නේ ඇත්තේ තරගයක්. බුද්ධිමත්ව දැනුම ආයෝජනය කරන රටවල් දිනනවා. පුද්ගලයෝ ජය ගන්නවා.

අවුරුදු හත අටකට කලින් දුරකථනය කියන්නෙ වරපර නේසාද පැලැන්තියේ සංකේතයක්. අද ජංගම දුරකථනයක් කියන්නෙ ලෝකයේ දෙකෙලවර සම්බන්ධ කරන අතේ ගෙනියන පරිගනකයක්. කරන්න බැරි මොනවද? මතක ඇති කාලයේ සිද්ධ වූ පෙරැළිය විස්මිතයි. ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ යවමින්, කතාකරමින් විශ්ව විද්යානල ශිෂ්යදයෝ පෙලපාලියෙන් කොළඹට ආවා. රටට දුන්න පණිවුඩය විරු සිසු සමරු පිළිරුව විනාශ කිරීම. පිළිරුව සංකේතයක් විතරයි. ගොඩනැගූ මතය නිදහස් අධ්යා පනයේ විනාශය. තරුණ හිත් උණුසුම්. හදවත්වල ගලාගෙන යන්නෙ කකියන රුධිරය. පහසුවෙන් අවුලවන්න පුලූවන්. මර්දනයට එරෙහිව වීදි බසින්නෙ එහෙම.

අධ්යාෙපනය අයිතියක්. නිදහසේ අධ්යාීපනය ලැබීමේ අයිතිය එයට වඩා පුලූල් සංකල්පයක්. අපේ රටේ දරුවෙක් පාසලකට ඇතුල් කරන්න දෙමවුපියන් සෑහෙන්න මහන්සි වෙනවා. ජාතික පාසලකට ඇතුල් කරන්නෙ රටක් දිනා ගත්තා වගේ. ඒ අවස්ථාව ගන්න කාලය, ධනය වැයකරන්න ඇත්ද? දේශපාලනඥයන් පසුපස යමින් ආත්ම ගරුත්වය කැපකරන තරම කොතරම්ද? පාසලට ඇතුලූ වූ දවසේ පටන් අතිරේක පන්ති. වියදම් කරන මුදල සුලූපටු නෙවෙයි. අවුරුද්දක් පාසා විභාග. දැනුම කියන්නෙ විෂය නිර්දේශය විතරයි. ඉන් එහා නැහැ. දරුවන් හිතන්නෙ එහෙම. හිතන්න වෙලා තියෙන්නෙ ඒ ආකාරයට. ලක්ෂ ගණනක් අතරින් දිනන්න ලැබෙන්නෙ සුලූ පිරිසකට. ඒ පිරිස විශ්ව විද්යාඅලයට ඇතුල් වෙනවා. උපාධියක් ලබනවා. අන්තිමේදී ආයෙත් වීදි බහින්නෙ දියව් දියව් අපට දියව්. රස්සාවක් අපට දියව් කියමින්. දෙමවුපියන්ගෙ අපේක්ෂා ඉටුවෙලාද? නැහැ. දරුවන්ගේ කැපවීමට සාධාරණත්වයක් තිබේද? ඒත් නැහැ. නිදහස් අධ්යා පනයට රජය වියදම් කළ මුදල ගණන් බලන්න පුලූවන්. දෙමවුපියන් අතිරේක පන්ති වලට වැය කළ ධනය අතිවිශාල එකක්. මහා බලාපොරොත්තු සුන්වීමක් පමණයි. ආරක්ෂා කරගත යුතු නිදහස් අධ්යාරපනය දරුවන්ට ආශීර්වාදයක්ද? දරුවන් වීදි බසින්නේ මේ අධ්යාඅපන කරනය මය වෙනුවෙන්ද?
අනුකාරකවාදීන් නොවී ඥාන ගවේශකයන් වීම වැදගත්. රාමුවට එපිටින් සිතන්න අවශ්යගය. විකල්පය සොයා යාම ට පමා විය යුතු නැත. මූලික අධ්යාකපනය සඳහා සැමට සමාන අවස්ථා හිමි සමාජයක් ගොඩනැගීම අපගේ වගකීම. ලෝකයේ සිදුවන්නේ කුමක්ද? දරුවන් ඉගෙන ගන්නේ මොනවාද? අනාගතය ගොඩනගන්නේ කෙසේද? යන්න ගැන සංවාදයක් රටට අවශ්යකය. මෙම සංවාදය ඇතිකිරීමට අවශ්ය පසුබිම රට තුළ ඇත. වත්කම් ඇති, යා යුතු මාර්ගය දන්නා පවුල්වල දරුවන් ලෝකයේ කොතැනකින් හෝ දැනුම සොයාගෙන තම අනාගතය ගොඩනගා ගනී. වරපරනුමසාද අහිමි පෙලැන්තිය පාලකයන්ට වෛර කරති.

දේශපාලනය සහ ප‍්‍රචණ්ඩත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image

11/01/2012 – ලංකාදීප
දේශපාලනය සහ ප‍්‍රචණ්ඩත්වය – මිලින්ද මොරගොඩ

කහ ඉර තියෙන්නෙ පාර මාරුවෙන්න. ඒක නීතියක්. නීතිය කැඩුවොත් දඩ. පාරෙ කෙළ ගහන්නත් තහනම් කරන්න යනවා. අධික ශබ්ධයෙන් හෝන් ගහන රියැදුරන්ටත් දඬුවම් කරන්න සූදානම. ඇයි මේ? රට යහපත් තැනක් කරන්න. අනුන්ට කරදරයක් නැති සමාජයක් හදන්න. මහජනතාව පමණක්?

දේශපාලනඥයෝ මහජනතාවට ඉහලින්. පත්වෙන්නෙ ජනතාවගේ ඡන්දයෙන්. බලයට පත්වෙනවා. ජන්දයෙන් ජය ගන්නෙ බලයත් එක්ක. මේ බලය ලැබෙන්නෙ මහජන සේවයට. මහජනතාවගේ කීකරු සේවක. අද එහෙම නෑ. බලයට පත්වෙන ඇතැම් දේශපාලනඥයන්ට නීතිය අදාලත් නැහැ. එහෙම වෙන්නෙ කොහොමද? බලය පවරන්නෙ මහජනතාව. තමන්ගෙ නියෝජිතයා හැටියට. බලය සමග බලහත්කාරය එකතු වෙනවා. මහජන නියෝජිතයන් බලය අතට ගැනීම ප‍්‍රශ්නයක්.  බලය පවරන මහජනතාව නිහඬව සිටීම එයටත් වඩා ප‍්‍රශ්නයක්.

දේශපාලනඥයන් ගැන මහජනතාවගේ තක්සේරුව නරක එකක්. හැම දේශපාලනඥයෙකුම හොරෙක්. වංචාකාරයෙක්. අපරාධකාරයන් ආරක්ෂා කරන්නෙක්. නැත්නම්, නීතිය කඩන, බලය අයුතු අන්දමට හසුරවන අයෙක්. පහලම තැන සිට ඉහළම තැන දක්වා රටේ ආකල්පය එහෙම.

යහපත්, අවංක පුද්ගලයෙකු දේශපාලනයට ඇතුල්වෙන්නෙ යහපත් අදහස් ඇතිව. ඉතාම ඉක්මනින් මෙම සංස්කෘතියේ ගොදුරක් බවට පත්වෙනවා. එහෙම නොවී ඉන්නෙ කොහොමද? පත්කරන ජනතාව හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නෙ දේශපාලනඥයාගෙන්. දරුවා පාසලට දාන්න. පිටරටක ට පැන ගන්න. වීසා ගන්න. රස්සාවක්, මාරුවක්, එහෙම නැතිනම් උසස්වීමක් ගන්න පාක්ෂිකයෝ යන්නෙ දේශපාලනඥයා ල ඟ ට. පොදු වැඩ කරන්න වෙලාව නැහැ.  ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්න පත්කරගන්න නියෝජිතයා ගේ වගකීම පාක්ෂිකයගේ ඉල්ලීම් ඉටු කිරීම.

ඊළඟ වාරයේ දිනන්න නම් පාක්ෂිකයන් සතුටු කළ යුතුයි. නීතිය, යුක්තිය පලක් නැහැ. තමන්ගෙ අවශ්‍යතාවය ඉටු කරන මහජන නියෝජිතයා වීරයෙක්. ජනතා නියෝජිතයා බලය අතට ගන්නෙ එහෙම. වැඩගන්නෙ බලහත්කාරයෙන්. නීතිය පැත්තක. නිලධාරීන් අසරණයි. ඩෙංගු කීටයෙක් ගෙවත්තෙන් හොයාගත්තාම දුප්පතා හිරේ දාන රට. ටී පනස් හයෙන් අහසට වෙඩි තියන්න දේශපාලනඥයෙකුට ලැබෙන්නෙ බලය. මහජනතාව බලය දෙනවා. දේශපාලනඥයන් බලය අතට ගන්නවා. දේශපාලනය එක්ක ප‍්‍රචණ්ඩත්වය එකතු වෙන්නෙ එක රැයකින් නෙවෙයි. මෙතැන පෙනෙන්නෙ ක‍්‍රමය පිරිහීම. ආපසු හැරෙන්න අවශ්‍යයි. මහජනතාව ගරු කරන දේශපාලනයක්. පාක්ෂිකයන් බලාගන්නා දේශපාලනඥයන් වෙනුවට රට ගොඩනගන දේශපාලන ක‍්‍රමයක්. පුරවැසියන්ට, නිතිය හා යුක්තිය සමානව හිමිවන සමාජයක්. මේ බලාපොරොත්තු ඉටුකරගත යුතුයි.

මහජනතාව ගරු කරන දේශපාලන සම්ප‍්‍රදාය ඇතිකිරීම දේශපාලන පක්ෂ වල වගකීමක්. පක්ෂ නායකයින් තම සාමාජිකයන්ගේ විනය ගැන අවධානය යොමු කළ යුතුයි.  විශෙෂයෙන් දේශපාලනයට එන තරුණ පරම්පරාවෙන්. කොතැනකින් හෝ ආරම්භයක් අවශ්‍යයි. දේශපාලනඥයන් බලයට පත්කරන මහජනතාවටත් එහි කොටස්කරුවන් විය හැකියි.