දගගෙයි දඩුවම සියුමැලි කරනට පාදාගත යුතු මග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna2013.08.28 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ඇමරිකානු බන්ධනාගාර වල සිර ද`ඩුවම් වි`දින සිරකරුවන්ගෙන් හරි අඩක් මත් ද්ර ව්ය වැරදි වලට අසුවූ වැරදිකරුවන් බව නිකුත්ව ඇති අලූත් වාර්තාවකින් හෙළිවෙයි. එයින් විශාල කොටසක් මත් ද්ර ව්ය‍ භාවිතා කිරීම සහ ල`ග තබා ගැනීම යන චෝදනාවල ලක්වූවෝ වෙති. මත් ද්රසව්ය‍ ජාවාරම් වල යෙදෙන ලෝක පර ක කට චරිත එහි නැති බව නිසැකය. ජනගහනයේ පරවි තිශතයක් වශයෙන් ඇමරිකානුවන්ගේ ගණන සියයට පහකි. නමුත් සිරගතව සිටින ඇමරිකානුවන් ගේ ගණන ලෝකයේ සියලූම සිරකරුවන්ගෙන් පර‍කුතිශතයක් වශයෙන් ගණන් බැලූවහොත් සියයට විසිහතරක් වැනි ඉහළ අගයක් බව මෙම වාර්තා දක්වයි. එරට බන්ධනාගාර අධික තදබදයකය. නියමිත පරනි මාණයට වඩා සියයට හතලිහකින් වැඩි බව ද කියැවේ. සුළු වැරදිකරුවන්ගේ සිට භයානක වැරදිකරුවන් දක්වා ද`ඩුවම් වි`දින සිරකරුවන් නඩත්තු කරන්නට ඇමරිකානු ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිදුව තිබේ.
මෙයට යම් පිළියමක් වශයෙන් සිර ද`ඩුවම් නියම කිරීම සීමා කළ යුතු බවට මාර්ගෝපදේශයක් ඇමරිකානු අධිකරණ අමාත්යමවරයා නිකුත් කර තිබේ. මත් ද්රීව්යව වැරදි වලට අධිකරණයට ඉදිරිපත් කරන චූදිතයන්ට තරාතිරම නොබලා දැඩු ද`ඩුවම් පමුණුවන ඇමරිකානු විනිසුරුවරුන්ට මෙයින් ඉදිරියට ද`ඩුවම් නියම කිරීමේ දී සිර මැදිරි වල ඉඩ කඩ ගැන ද කල්පනා කර තීන්දුව දෙන්නට සිදුවෙයි. මත් ද්ර ව්ය් ජාවාරම්කරුවන්ට උපරිම ද`ඩුවම නියම කරන අතර මත් ලෝලින් පුනරුත්තාපනය කරන වැඩ සටහන් වලට යොමු කරන්නට මෙම නීතිමය අවකාශයෙන් අලූත් දොරටුවක් විවර වෙයි.
ශරී ලංකාවේ තත්ත්වය ද සලකා බැලිය යුතුය. බන්ධනාගාර වල තත්ත්වය සහ එහි පහසුකම් දුර්වලය. වැරුදි කර ඇති නමුත් ඔවුන් ද මෙරට පුරවැසියන්ය. බන්ධනාගාරය යනු යමෙකු තමන් කළ වැරදි ගැන පසුතැවී පුනරුත්ථාපනය වන තැනකි. මූලික පහසුකම් රහිතව එහි කොටු කර, සමාජයට වෛර කරන පිරිසක් තනන තැනක් විය යුතු නැත.
මෙරට බන්ධනාගාර පද්ධතිය ද අධිත තදබදයකින් යුක්තය. රට තුළ සිදුවන අපරාධ වැඩිවන ආකාරයට බන්ධනාගාර ඉදිකරන්නට සූදානම් විය යුතු නැත. අවශ්යතවන්නේ ජනතාව තුළ වැරදි නොකරන ආකල්ප ඇති කිරීමයි. කරන සුළු වැරදි වලට කෙලින්ම සිරගෙදරට යොමු කරනු වෙනුවට පුනරුත්ථාපනය සහ සමාජ විශෝධන මධ්යසස්ථාන වලට යවා යළි නිසි මගට ගැනීමයි. මත් ද්රඇව්යම භාවිතා කරන වැරදිකරුවන්ට එය උපයෝගී කර ගත හැකිය. දැනටමත් එවැනි යෝජනා රට තුළ කරිි යාත්මක වෙයි. නමුත් එය තවත් දියුණු අදියරයකට යා යුතුය. මත් ද්රඇව්යද ජාවාරම් වල යෙදෙන පිරිස තරාතිරම නොබලා ද`ඩුවම් නියම කළ යුතු අතර මත් ද්රදව්යය භාවිතා කිරීම ගැන චෝදනා ලබන පිරිස පුනරුත්ථාපනය කළ යුතුය. අලූතින් මධ්යතස්ථාන ඇති කරන්නට ආණ්ඩුව මැදිහත් විය යුතු නැත. දැනටම විහාරස්ථාන සහ නොයෙක් ආගමික මධ්යනස්ථාන මත් ලෝලීන් සුසගට ගනිමින් සිටී. අවශ්ය වන්නේ අනුබලයකි. දිරි ගැන්වීමකි. ඇමරිකානු අධිකරණය ගත් තීරණය ඔවුන්ට එය බලපා ඇති අන්දම විදහා දක්වයි. මෙරට අධිකරණ හමුවට පමුණුවන චූදිතයන්ට ද`ඩුවම් නියම කරන විට අනුගමනය කළ හැකි විකල්ප විධි ඇති බව විනිසුරුවන්ට ඒත්තු ගැන්වීම අප සියලූ දෙනාගේම වගකීමකි.

කිරි නිපදවන රටක් සේ නැගෙන්නට ඇති අභියෝග

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

2013.08.21- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ‍්‍රි ලංකාවේ කිරි පිටි වෙළද පොල ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇත. මෙරටට ආනයනය කරන කිරි පිටි වල සිරුරට අහිතකර රසායන ඇති බවට මතයක් නැගෙයි. ආනයනකරුවන් ගේ අදහස තමන් ගෙන්වන කිරි පිටි වල වස විස නැති බවය. නමුත් මෑත කාලය තුළ ලෝකයේ නොයෙක් රටවලින් කිරි පිටි තත්ත්ව පරීක්ෂණයේ දී අනාවරණය වූ තොරතුරු අනුව අහිතකර රසායන නියමිත ප‍්‍රමාණයට වඩා අඩංගු වූ බවට සාක්ෂි තිබේ. කිරි ගව පාලනය මහා පරිමානයෙන් කරන විට එකතුවන කිරි තොග අවසාන නිෂ්පාදනය තෙක් නරක් නොවී පවත්වාගන්නට නොයෙකුත් දේ එකතු කරයි. අද පවතින සංකීර්ණ තාක්ෂණ පහසුකම් අනුව කිරි පිටි වල ඇතුලත් සංයෝග මනා ලෙස පාලනය කරන අතර එහි ඇති ස්වභාවිකත්වය තුරන් කර විවිධ නිෂ්පාදන සකස් කරයි. මෙම ක‍්‍රියාවලිය අතරතුර වරදින්නට ඉඩ ඇති අතර එම වැරදීමක අවසාන ඉලක්කය දරුවෙකු හෝ ගැබිණියක වුවහොත් එය බරපතල එකකි.
අප රටට අවශ්‍ය කිරි ප‍්‍රමාණය මෙරටෙහිම නිපදවන්නේ නැත. අවුරුද්දකට කිරි පිටි ටොන් අසූ පන් දහසක් පමණ ආනයනය කරන බව පැවසේ. කිරි පිටි නිපදවන ජාත්‍යන්තර සමාගම් වලට ශ‍්‍රී ලංකාව හොද වෙළද පොලකි. විවිධ නම් වලින් අසුරා රටට එන කිරි පිටි වල ඇති පෝෂණය සහ අඩංගු රසායනික ද්‍රව්‍ය සම්බන්ධව ගැටලූ එමට තිබිය හැකිය. නමුත් ජාත්‍යන්තර ප‍්‍රමිති සහ තත්ත්ව සහතික අනුව කිරි නිෂ්පාදනය කරන බව පිළිගත යුතුය.
විශාල ධනයක් වියදම් කර රටට ගෙන්වන කිරි පිටි වෙනුවට අප රටට කිරි වලින් ස්වයං පෝෂණය වන අවස්ථාවක් නැත්ද යන්න විමසා බැලිය යුතුය. පරම්පරාවකට කලින් මෙරට ජීවත්වූවෝ දිනකට කිරි වීදුරවක් පානය කළේ නැත. එක එක ආබාධ සලකා වෙන වෙනම කිරි පානය කර නිරෝගී වූයේ ද නැත. මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වන විට සමාජයේ නොයෙක් තරාතිරම් වල පුරවැසියන්ගේ අවශ්‍යතා වෙනස්වෙයි. අලූත් ඇබ්බැහිවීම් ඇතිවෙයි. ලංකාවේ කිරි ගවයන්ගෙන් ලැබෙන දියර කිරි පානයට හුරු කරන වැඩ පිළිවෙලක් අරඹා ඇති නමුත් පිටි කර පැකැට් කළ කිරි වලට කර ඇති හුරුව එකවර නතර කරන්නට හැකියාවක් නැත.
අද පවතින තත්ත්වය අනුව කිරි පිටි ආනයනය නතර කළහොත් හෝ එයට බාධක පැනවුවහොත් රට තුළ කිරි හි`ගයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. දේශීයව නිපදවන කිරි ප‍්‍රමාණය අවශ්‍යතාවයෙන් සුළු කොටසක් පමණකි. රටට අවශ්‍ය තරමට කිරි නිපදවන්නට උත්සාහ කල හැකි නමුත් එය ප‍්‍රායෝගික එකක් නොවේ. මිලියන විස්සක ජනගහනයකට අවශ්‍ය කිරි නිපදවන්නට කිරි දෙනුන් ගේ අවශ්‍යතාවය ගණන් බැලිය හැකිය. මෙම දෙනුන්ගේ ආහාර ස`දහා තණ බිම් සොයා ගැනීම ගැටලූවකි. සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඇති රට තුළ තණ බිම් සකසා කිරි දෙනුන් ඇති කරන ගොවි පරපුරක් ඇති කිරීම ද පහසු නැත. අද රට තුළ ඇති පසුබිම අනුව තරුණ පරපුර නැඹුරු වෙමින් සිටින්නේ තාක්ෂණික යුගයකටය. ඉක්මනින් ධනය උපයන්නට නීත්‍යානූකූලව හෝ නැතිනම් නීති විරෝධීව ලෝකයේ ඕනෑම තැනකට යන සූදානමක් ඔවුන් තුළ ඇත. පහසු රුකියා අත හැර කිරි දෙනුන් ඇති කරන්නට පෙළඹවීම අපහසුය. සෑම නිවෙසක්ම සත්ව පාලනයට හුරු කරන සැලසුම් සකස්කළ හැකි නමුත් ගොවි ගෙදරක පවා ශ‍්‍රමය හි`ග වන වකවානුවක එහි ප‍්‍රායෝගික බව ගැටලූවකි.
බරපතලම ප‍්‍රශ්නය කිරි වෙනුවෙන් පමණක් දෙනුන් ඇති කිරිමයි. තණ බිම් අඩු හෙයින් ධාන්‍ය ඇතුළු කෘතීම ආහාර සැපයිය යුතු අතර එය විශාල පිරිවැයකි. කිරි අවසන් වන මහලූ වන දෙනුන් සහ ගවයන් ට අත්වන ඉරණම කුමක්ද? සත්ව පාලනය සමග කිරි පමණක් නොව මාංශ නිෂ්පාදනයක් සිදුවෙයි. බෞද්ධ රටක් වන තායිලන්තය හලාල් සහතිකය ඇති ගව මස් මැද පෙරදිගට සැපයීම ආදායම් මාර්ගයක් කරගෙන සිටී. ශ‍්‍රී ලංකාව තමන්ගේ අවහ්‍යතාව සහ එයට ඇති ප‍්‍රායෝගික පැති ගැන විවෘතව සාකච්ඡුා කළ යුතුය. රටට ඇති කිරි අවශ්‍යතාව සහ එහි ඇති පදනම අවබෝධ කරගෙන අලූත් මත ඇති කිරිම වැඩදායකය.

මිලින්ද මොරගොඩ

කෘෂි අංශයෙහි නවෝදයක් උදෙසා

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

2013.08.14- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තේ, රබර් සහ පොල් බව සඳහන් වූ කාලය අවසන්ය. කෘෂි අපනයන ආදායම මෙරට ආර්ථිකයේ ඉතාමත් සීමිත කොටසක් බවට පරිවර්තනය වී තිබේ. කෘෂි අංශය ආර්ථිකයට දක්වන දායකත්වය අඩුවීම පමණක් නොව සමාජය කෘෂිකාර්මික කටයුතු වලින් ඈත්වීම ද යම් ප්‍රමාණයකට ගැටලූවක් විය හැකි ලකුණු පෙනේ.
ලෝකයේ අද කතාබහ මතු වන්නේ ආහාර අර්බුදයක් ගැනය. ඉඩම සීමා සහිත වන අතර ජනගහනය වර්ධනය වෙයි. ලෝකවාසීන්ට ආහාර සඳහා මුහුදෙන් සහ ගොඩබිමෙන් හ`දුනා ගත හැකි අලූත් දේ ගැන පර්යේෂණ ඇරඹී ඇත. එයට අනුව මුහුදු පාසි සහ නොයෙකුත් මුහුදු ජීවීන් වගා කර ආහාර නිපදවීමට සහ ආහාරයට සුදුසු කෘමීන් නම් කරන්නට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියාකරමින් සිටී. එවැනි පසුබිමක මෙරට වගාවට සුදුසු ඉඩම් උපරිම කාර්යක්ෂමතාවයෙන් අස්වද්දා අස්වැන්නක් උපයා ගැනීම සහ මීළග දසක කිහිපය තුළ කෘෂිකර්මයෙහි නිරතවන ශ්‍රමයට හිමිවන තැන පිළිබඳව පූර්ව තක්සේරුවකට සුදුසු කාලය එළැඹ තිබේ.

වැඩිම ඉඩම් ප්‍රමාණයක් තේ වගාවට වෙන් කර ඇති නමුත් එයින් රටට දෙන ආදායම ප්‍රමාණවත් නැත. තේ අපනයනයෙන් රටට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් 1.4 ක මුදලකි. මැද පෙරදිග ඇතුළු රටවලට ගොස් වැඩකරන ජනතාව එම ආදායම මෙන් හය ගුණයක් ඉහළ විනිමය ප්‍රමාණයක් උපයයි. තේ වගාව ඵලදායීතාව දියුණු නොකළහොත් අනතුරකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. වී ගොවිතැන ක්‍රමයෙන් දියුණු නමුත් ඉදිරි කාලය තුළ රටට අතිරික්ත වී අස්වැන්නක් ලැබෙනු ඇති බව පෙනේ. ජාත්‍යන්තර තරගකාරීත්වයට අනුව නිපදවන්නට නොහැකි වුවහොත් අතිරික්ත සහල් වලට වෙළඳ පොලක් සොයා ගැනීම අපහසුය. පොල් සහ රබර් වගාව කෙරෙහි ජනතාවගේ උනන්දුව අඩු වෙමින් ඇති බව පෙනේ. වතු ඉඩම් කැබැලි කරමින් සිටින අතර අයිතිකරුවන් ආදායමක් ඇති වෙනත් අංශ වලට ඉඩම් පවරමින් සිටින වකවානුවකි. පොල් සහ රබර් අපනයන ආදායම අඩුවීම පමණක් නොව රටට උවමනා තරමට අස්වැන්න නොලැබුනහොත් එය බරපතල තත්ත්වයකි. ලෝකයේ හොඳම කුරුඳු නිපදවන්නා ශ්‍රිලංකාව නමුත් අද එහි දියුණුවට ගෙන ඇති අවධානය සුළු එකකි. අපනයනය ඉලක්ක කරගෙන කුරුඳු වගාව නැංවීමෙන් රටට ස්ථාවර විනිමය පරාව මාණයක් උපයා ගන්නට හැකියාව තිබේ. මෙම සියලූ අවස්ථා දැන් පවතින ප්‍රමාණයෙන් පවත්වාගෙන යන්නේ ද පොහොර සහ රජයේ වෙනත් වගා සහනාධාර සහිත රාමුවක බව ද අමතක කළ යුතු නැත. දිරිගැන්වීම සහ සහනාධාර නතර කළහොත් සඳහන් කරන ලද වගාවන් දැන් පවතින තත්ත්වයෙන් පවා නඩත්තු කළ නොහැකි බව යථාර්ථයයි.
මෙවැනි පසුබිමක් මෙරට කෘෂිකර්මයෙහි පවතින්නේ කලින් ද සඳහන් කළ පරිදි ලෝකයේ ආහාර අර්බුදයක් නුදුරු කාලයේ දී ඇති විය හැකිය යන සාකච්ඡාව පවතින වකවානුවකය. ලාභදායී ආකාරයට වී ගොවිතැන පවත්වාගෙන යන්නට සහ නවීන ක්‍රම උපයෝගී කරගැනීමට උනන්දු වන තරමට අස්වැන්න වැඩි කර ගත හැකිය. එයින් ආදායම ලැබෙන බව තහවුරු වන විට තරුණයන් තාක්ෂණික මෙවලම් සමග ගොවිතැනට යළි එකතු කළ හැකිවෙයි. වී වගාවෙන් අස්වැන්න වැඩිවන බව පෙනෙන විට වගා නොකරන කන්නවල සහ හොඳ අස්වැන්නක් උපයා ගත නොහැකි කුඹුරු වලින් එලවලූ සහ පලතුරු මහා පරිමානයෙන් වගා කරන්නට උනන්දුවක් ඇති කළ හැකිය. තේ වගාවේ වැඩි දියුණුව ද, රබර් සහ පොල් වගාව ආශ්‍රිතව පවතින ගැටලූ හඳුනාගෙන ඉදිරි දසකයට සූදානම්වීම ඉතාම වැදගත් කාර්යභාරයකි. සම්ප්‍රදායික කුරුඳු අපනයනය වෙනස් කළ යුතුය. කෙලින්ම පාරිභෝගිකයා අතට ලැබෙන සේ මිල වටිනාකම් එකතු කළ දෙයක් ලෙස කුරුඳු අපනයනයට අවස්ථා ඇති කළ හැකිය. මෙවැනි අලූත් දේ සොයන තරමට රට තුළ ආර්ථික ප්‍රසාරණයක් සිදුවන අතර ජාත්යවන්තරයේ දැනට පැන නැගෙන ආහාර අර්බුදය ගැන සංවාදයට අපට ද එකතු විය හැකිවනු ඇත.

 

රටට ගැලපෙන ආයතන ක‍්‍රමයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Image2013.08.07- ලංකාදීප- මිලින්ද මොරගොඩ

 

ආණ්ඩුවේ ව්‍යවසාය වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව නොයෙක් අවස්ථාවල සාකච්ඡ කර තිබේ. දැනට පෙනෙන ආකාරයට රජයට අයත් ආයතන පවත්වාගෙන යන්නේ විශාල අලාභයක් සහිතවය. අකාර්යක්ෂමතාව, දූෂණ සහ දේශපාලන අවශ්‍යතා අනුව මෙහෙයවීම ගැන නැගෙන චෝදනා බරපතලය. එසේ තිබිය දී රාජ්‍ය නොවන සංවිධාන ගැන ද රට තුළ ඇත්තේ ප‍්‍රසන්න මතයක් නොවේ. රාජ්‍ය නොවන ආයතන වල ක‍්‍රියාකාරීත්වය, ඒවායේ අරමුණු සහ අරමුදල් වැය කරන ආකාරය ගැන බරපතල ප‍්‍රශ්න නොයෙක් විට මතු කරයි. ඉලක්ක ගත අරමුණක් සාක්ෂාත් කර ගැනීමට ව්‍යාපෘති සකස් කරන රාජ්‍ය නොවන සංවිධාන එයට අරමුදල් සම්පාදනය කරගන්නා අතර එයින් සමාජයට ප‍්‍රතිලාභ අත්වන ආකාරයට වැඩසටහන් පවත්වාගෙන යාම සාමාන්‍යයෙන් සිදුවෙයි. නමුත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එකතු කර ගන්නා ධනය අරමුණට පරිබාහිර දෙය වෙනුවෙන් වැය කරන අතර එයින් රටට ප‍්‍රශ්න ඇති කරන බවට ද මතයක් ඇති වෙමින් තිබේ.

 

ආණ්ඩුවේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ එකිනෙකට බද්ධ නැති වැදගත් ව්‍යුහයන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව රජය ජනතා අභිලාශයන් වෙනුවෙන් මහජන නියෝජිතයන්ගෙන් සමන්විතය. මහජන නියෝජිතයෝ හමුවී සාකච්ඡ කර පක්ෂ විපක්ෂ අදහස් අවසානයේ දී හොඳම සැලසුම කි‍්‍රයාවට නගති. නමුත් යම් අවස්ථාවක රජය අසාර්ථක බව බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල අවධානයට ලක්විය. ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන මුදල් වලින් අවසානයේ දී කෙලින්ම ජනතා යහපතට යෙදවෙන ප‍්‍රතිශතය සුළු එකක් වන අතර අතර මැද ඇති ආයතනික යාන්ත‍්‍රණයේ ඇති අකාර්යක්ෂමතාව සහ නිලධාරීන් අනුගමනය කරන නීති හා රෙගුලාසි නිසා මහජන සේවය ඉක්මනින් ඉටු නොවන බවට තර්ක පැන නැගින.

මහජනතාව නියෝජනය කරන ආයතන ව්‍යුහයක් ගොඩනැගුනේ එයට විකල්පයක් වශයෙනි. විකල්ප ආකාරයකට ජනතාව සමග සම්බන්ධවී සංවර්ධන අවශ්‍යතා ඉටු කරගන්නා රාජ්‍ය නොවන සංවිධාන වලට ජාත්‍යන්තර සමාජයේ ඇති පිළිගැනීම සැලකිය යුතු එකකි. සංවර්ධන ව්‍යාපෘති සඳහා ලෝකය පුරා හුවමාරු වන ධනයෙන් සෑහෙන කොටසක් රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ජනතාව අතට පත්වන බව නිරීක්ෂණය කළ හැකිය.

ධනය නිපදවන්නේ පුද්ගලික අංශයයි. එයට දක්ෂ පුද්ගලික ව්‍යවසායකයන්ය. ආණ්ඩු ප‍්‍රතිපත්ති සම්පාදනය කරන අතර සමාජයට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරයි. පුද්ගලික අංශය තරගකාරීව ධනය උපයයි. රාජ්‍ය නොවන සංවිධාන ස්වේච්ඡවෙන් කැපවී මෙහෙයැවෙන අරමුණක් තිබේ. අද සාමාන්‍යයෙන් පිළිගැනෙන සම්මත රාමුව එයයි. එය ලෝකයේ සාර්ථකත්වයට බලපා තිබේ. රාමුව බිඳිය හැකිය. එයට විකල්පයක් ඉදිරිපත් කිරීම අවශ්‍යය.

ආණ්ඩුවේ ආයතන පමණක් නොව එයට විකල්පයක් වශයෙන් බිහිව ඇති රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රමයට එරෙහිව ද අද නොයෙක් මත ඇතිවෙයි. පුද්ගලික අංශය ගැන ඇත්තේ වෙනත් අදහසකි. පවතින තත්ත්වයට අනුකූල වන ආකාරයට යථාර්ථය වටහා ගැනීම සමාජයේ වගකීමකි. රටට ගැලපෙන ආයතනික ව්‍යුහය කුමක්ද? වරද ඇත්තේ කොතැනද?