වපුරන තරමට අස්වැන්න නෙලීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/10/29 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ප‍්‍රතිඵලයක් ලබා ගන්නට නම් ක‍්‍රියාවක් තිබිය යුතුය. යහපත් කි‍්‍රයාකාරකමකට හො`ද ඵලයක් ලැබෙයි. අස්වැන්න හො`ද එකක් වන්නේ වපුරන තරමටය. මෙහිදී ‘තරමටය’ යන්නෙන් කියැවෙන අදහසට වඩා නොකියැවෙන දහසක් අදහස් අනාවරණය කෙරෙයි. ජන සමාජය සාකච්ඡා නොකරන සහ අවධානයට නොගන්නා පැත්ත එයයි.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. අපගේ උරුමය ආහාර නිෂ්පාදනයයි. ජන සංස්කෘතියට සහ අනන්‍යතාවයට ගොවිතැන පදනම් වී තිබේ. අතීතයේ පටන් පැවැත්ම සකස්වී ඇත්තේ ගහ කොළ සතා සිව්පාවා සමගය. සමාජය සංකීර්ණ වී කාර්ය බහුල තැනක් බවට පත්වන නමුත් මූලික රාමුවෙන් බැහැර නොවේ.

ගොවිතැන සහ එහි පියවර ගැන අවබෝධයක් ඇත්තේ ගොවිකමින් ජීවනෝපාය සලසා ගන්නා අයට පමණක් නොවේ. වපුරන වහා අස්වැන්න ලබා ගත නොහැකි බව පොදු අවබෝධයයි. වපුරන්නට නම් බිම සකස් කර ගත යුතුය. පස පෙරලා වැට කොටු තනා වගා කරන බව බෝග අනුව බිම සකස් කර ගත යුතුවෙයි. බිම සකස් කරන විට වැහි කාලය එළැඹෙන බව දැන අවබෝධයෙන් නිසි කලට වැසි අපේක්ෂා කරයි. එය හුදෙකලා කාර්යයක් නොවේ. කණ්ඩායම් හැ`ගීමෙන් එකට එකතු වී කුඹුරු යායක් නොඑසේනම් හේන් යායක් ලෙස මූලික වැඩ කරගැනීම සිදුවෙයි. බීජ වර්ග තෝරා ගැනීම, ඒවා පැලකරන හෝ කෙලින්ම වපුරන ආකාරය, පැල සිටුවීමෙන් හෝ බීජ වැපිරිමෙන් ඉනික්බිති පොලවට මුල් ඇද ශක්තිමත්වන තෙක් රැක බලාගත යුතු ආකාරය සුවිශේෂීය. පොහොර යොදන්නට අවශ්‍යය. කෘමි හානි වලක්වා ගත යුතුය. මේ වෙනුවෙන් විශාල වෙහෙසක් දරන්නට සිදුවෙයි. කුඩා කෘමියා ගේ සිට දැවැන්ත වන සතුන් දක්වා පරාසයක ආක‍්‍රමණිකයන්ය. මහත් වැර වෑයමකින් වගා කරන භෝග ඵල දරන කාලය දක්වා පරාසය කැපවීමෙන් ඉවසා සිටින්නට සිදුවෙයි.

කාලගුණය හෝ වෙනත් බාධා මතුවුවහොත් කන්නයක් අතහරින්නට සිදුවෙයි. අස්වැන්න සරු වූ විට නෙලා අටු කොටු පුරවා ගන්නා තෙක් ගොවිතැනෙහි දී මෙම පියවර ගණනාව වෙනුවෙන් කරන මහන්සිය තක්සේරු කර වටිනාකමක් නියම කිරීම අපහසුය.ගොවියන් තුළ ක්ෂේත‍්‍රය ගැන ඇති දැනුම අවබෝධය සහ ශික්ෂණය හෙයින්ම ශ‍්‍රී ලාංකේය ජන සමාජය තුළ ඔවුන් කෙරෙහි බලවත් ගරුත්වයක් පවතී. පාරම්පරික ගොවිතැනේ සිට යාන්ත‍්‍රික ක‍්‍රමය දක්වා වර්තමානයට ගමන් කරන විට නවීන ක‍්‍රම සහ තාක්ෂණය යහමින් බලපවත්වන්නේය. නවීන පර්යේෂණ උපයෝගී කර ගැනෙන්නේය. මානව සම්පත උපයෝගී වන ආකාරය පරිවර්තනය වන්නේය.

පවතින සමාජ ව්‍යුහය තුළ මෙම සදාතනික පැවැත්ම සම්බන්ධයෙන් අනුකූලතාවයක පිහිටීම වැදගත්ය. ශ‍්‍රී ලංකාව සාරවත් දේශයකි. සමාජය අනන්‍ය සංස්කෘතික ලක්ෂණ වලින් සමන්විතය. විවිධ අභියෝග සහ අසාධාරණකම් වලට දේශය ගොදුරු වී තිබේ. මෙම මූලික රාමුව තුළ පිහිටමින් ජාත්‍යන්තර සමාජයේ අන් රටවල් මෙන් දියුණු වී සැනසිලිදායක තැනක්කර ගන්නට අවශ්‍යය. නිදහසට පසු කාලසීමව තුළ බිම සකස් කර බව භෝග වපුරා තිබේ. නොයෙක් අභ්‍යන්තර සහ බාහිර බලපෑම් රටට එල්ලවිය. ත‍්‍රස්තවාදය වැනි උපද්‍රව සහ සුනාමි වැනි කාලගුණ ප‍්‍රශ්න වලට ද මුහුණ දී තිබේ. පාලනය කරන්නට හැකි තර්ජන පමණක් නොව පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගන්නට අසමත්ව සමාජය නොසන්සුන් වූ අවස්ථා ගණනාවකි. නිදහසින් පසු ගෙවී ගිය කාලයෙන් හරි අඩක් රට සංවර්ධනය නමැති වැපිරීම ත‍්‍රස්තවාදය හෙයින් ප‍්‍රමාද වූ බව පැහැදිලිය.

පසුගිය කාලය තුළ යටිතල පහසුකම් මැනවින් සකස් කර තිබේ. එය කෙත් බිම් සකස් කිරීමයි. හො`ද මානව සම්පත් වෙනුවෙන් සහ ආයෝජනය වෙනුවෙන් ආණ්ඩු ක‍්‍රියා කර ඇත. දුගී දුප්පත් තත්ත්වයක සිට මැදි ආදායම් රටක මට්ටමට පැමිණෙන්නට හැකියාව ලැබී ඇත. එය පුරවැසි ජනී ජනතාවගේ අප‍්‍රමාණ කැපවීමේ ප‍්‍රතිඵලයකි. නිසි අස්වැන්න ලැබෙන්නේ මතුවටය. මතු පරපුරටය. ඒ වෙනුවෙන් ආකල්ප සකස් කිරීම අවශ්‍යය. ඒ වෙනුවෙන් අවබෝධයක්, ඉවසිල්ලක් සහ පැවැත්ම සම්බන්ධ විශ්වාසයක් රටට අවශ්‍යය.

Advertisements

නිෂ්පාදකයා ආරක්ෂා කරන පාරිභෝගික සමාජය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/10/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වෙළ`ද පොළ ආර්ථික ක‍්‍රමය තුළ ප‍්‍රමුඛතා හ`දුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවකි. භාණ්ඩ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුණ ගැසෙන්නේ වෙළ`ද පොලේ දීය. මිළ, ප‍්‍රමිතිය, උපයෝගීතාව සහ පහසුව රහිත නම් පාර්ශව දෙකටම ගැටලූ මතුවෙයි. පාරිභෝගිකයන් වශයෙන් පොදු මහජනතාවට අඩු මිලට හො`දම තත්ත්වයේ භාණ්ඩ, පහසු මිලට, ඕනෑම තැනකින් ගන්නට හැකියාව ලැබිය යුතුය. නිෂ්පාදකයන් සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතු අතර එහි බාධා සිදුවන විට වෙළ`ද පොළ අයහපත් පැත්තට හැරේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති තුළ ආණ්ඩුවකට කළ හැකිවන්නේ නිෂ්පාදකයාට සහ පාරිභෝගිකයාට සමව සලසන ක‍්‍රමවේද හ`දුන්වාදීම පමණකි. ගැටලූ හමුවේ නිෂ්පාදකයා ආරක්ෂා කළ හැකිය. එය තර`ගකාරී ලෙස පැවැතිය යුතු වෙළ`ද පොළට ආරක්ෂණයක් සැපයීමකි. දිරි ගැන්වීම්, ආනයන සීමා පැනවීම සහ සහතික මිළ නිපදවන්නා වෙනුවෙන් උපයෝගීවන පැති කිහිපයකි. නිෂ්පාදකයා ආරක්ෂා වන විට පාරිභෝගිකයාට ප‍්‍රශ්න මතුවෙයි. පාරිභෝගිකයා වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන අවස්ථාවක එයින් අපහසුතාවයට පත්වන්නේ නිෂ්පාදකයන්ය. සහනාධාර, පාලන මිල සහ ආනයනික දේ වෙනුවෙන් වැඩි බදු හා නීති පැනවීම පාරිභෝගිකයන් රකින්නට අනුගමනය කරන ප‍්‍රතිපත්ති අතර වෙයි. මෙම ක‍්‍රම දෙක වෙනුවෙන්ම යම් වන්දියක් ගෙවන්නට සිදුවෙයි. මිල පාලනය හෝ නීති පැනවීම සමග කලූ කඩ බිහිවෙයි. 1977 ට කලින් මහජනතාව පීඩාවවට පත්වූයේ වෙළ`ද පොල පාලනය සමග ඇතිවූ තත්ත්වය හෙයිනි.

වර්තමානයේ රබර් වගාකරුවන් සහතික මිලක් ඉල්ලා සිටී. තේ දළු කිලෝවකට සහතික මිලක් සහ බිත්තර වලට සහතික මිලක් ඉල්ලන්නට එහි නිරත පිරිස යුහුසුළු වී ඇත. ලෝක වෙල`ද පොලේ රබර් මිල අඩු වන විට එයට මුහුණ දෙන්නට නිෂ්පාදකයන්ට සහතික මිලක් සපයන විට පරතරය ගෙවන්නේ ආණ්ඩුවයි. එය මෙරට බදු ගෙවන ජනතාවට ප‍්‍රශ්නයකි. වී ගොවිතැනට පොහොර සහනාධාරය ඇතුළුව විශාල සහන ප‍්‍රමාණයක් සපයයි. සහල් කිලෝවක් නිපදවන්නට කරන සැබෑ වියදම කොපමණදැයි සමාජයට දැනෙන්නේ නැත. තේ දළු වලට, බිත්තර නිෂ්පාදනයට, අර්තාපල් නිපැයුමට හෝ ලොකු ලූනු ගොවියන්ට සහන දෙන විට ඒ පිරිවැය ආණ්ඩුවේ වියදමට එකතු වෙයි. ආණ්ඩුව ධනය නිපදවන්නේ නැත. මහජනතාවගෙන් අය කරන බදු වලින් අය වැය පියවා ගන්නා අතර නිෂ්පාදකයන්ට සහන දෙන්නට ආණ්ඩුවේ මුදල් වියදම් කරන විට එය අවසානයේ හිරිහැරයක් වන්නේ සමස්ථ සමාජයටය.

පාරිභෝගික පොදු ජනතාවට සහන සැපයීම පැත්තෙන් සලකා බලන විට ද පිරිවැය පියවා ගන්නේ ජනතාවගෙන්ම එකතු කරන බදු වලින් බව අමතක කළ යුතු නැත. සහන පමණක් නොව සහතික මිල ද සමාජයට පනවන අලූත් බදු වන අතර ඒවා ඉල්ලන්නට කලින් කාර්යක්ෂමතාව, ඵලදායීව මෙහෙයවීම, අරපිරිමැස්ම සහ සම්පත් කළමණාකරනය සම්බන්ධ අලූත් භාවිතා උපයෝගී කරගෙන ගැටලූ වලට මුහුණ දෙන්නට තැත් දැරිය යුතුය. නිෂ්පාදකයන් හෝ පාරිභෝගිකයන් මෙම පැති ගැන අවධානය අඩු නම් කෙලින්ම සාකච්ඡුා කර ගැටලූව අවබෝධ කරගන්නට පසුබිම සකස් කිරීම අවශ්‍යය.

සහනාධාර හෝ සහතික මිල ඉතාම නරක සහ සහ මුලින්ම අතහැර දැමිය යුතු ප‍්‍රතිපත්ති යැයි මෙයින් අදහස් කරන්නේ නැත. නමුත් පාරිභෝගිකයන් හෝ නිෂ්පාදකයන් එම වචන භාවිතා කරමින් ආණ්ඩුවට බල කරන විට වෙළ`ද පොළ ක‍්‍රමය අනුව එයට මිලක් ඇති සහ එය ගෙවන්නේ සම්පූර්ණ ජන සමාජය බව වටහා ගත යුතුය. තාවකාලික විස`දුම වශයෙන් යම් වෙනස්කම් ඇතිකර එම සහනාධාරය හෝ සහතික මිල ක‍්‍රමය ඇති කරන්නේ නම් ඒ වෙනුවෙන් දරන්නට සිදුවන පිරිවැය විනිවිද පෙනෙන ආකාරයට ජනතාවට දැනුම්වත් කළ යුතු අතර එය ආපසු පියවා ගන්නා ක‍්‍රමය ගැන ද ස`දහන් කිරීම යහපත්ය.
ජනතාව තොරතුරු දැන අවබෝධයෙන් යුතුව තීන්දු ගන්නා සමාජයක් ඇති කළ යුතු අතර එය පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ආරක්ෂා කරයි. එවැනි ප‍්‍රතිපත්ති හෙයින් ඇතිකරන මුල්‍ය කළමණාකරනයේ පැහැදිලි භාවය ආණ්ඩුව කෙරෙහි ප‍්‍රසාදය තහවුරු කරනු නිසැකය.

පාසලට කොටුනොවුනු අධ්‍යාපන රටාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/10/15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

‘තම අධ්‍යාපනයට පාසල් ගමන බාධාවක් කරගත්තේ නැත’ එය සුප්‍රකට සාහිත්‍යධර මාක් ට්වේන් ප්‍රකාශයකි. එයින් කියන්නේ ඉගෙනුම ලබන එකම තැන පාසල පමණක් නොවන බවය. එතුමන්ගේ ප්‍රකාශය පදනමක් කරගත් ඇමරිකාවේ තෙයිල් සංවිධාන සංසදය එරට විශ්ව විද්‍යාල ශිෂයන්ට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමයි. එයට ඉල්ලූම් කළ හැක්කේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලවලට තේරී පත්වන සිසුන් අතරින් විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත අයටය. අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී වයවසායකත්වයක් ගොඩනගන්නට කැපවන්නට සිදුවෙයි. මෙම ශිෂ්‍යත්වයට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ප්‍රදානයක් හිමිවන අතර එය උපාධිය පසෙක තබා අලූත් කර්මාන්තයක්, ව්‍යාපාරයක් හෝ තාක්ෂණික නිර්මාණයක් වෙනුවෙන් කරන අභියෝගයකි.එය සාර්ථක වුවහොත් ශිෂ්‍යත්වලාභීන් උපාධිය ගැන කම්පා නොවේ. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ලෙස කන්නන්ගර මැතිතුමා ගැන උත්සව පවත්වන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක දරුවන්ට උපාධිය වෙනුවට මෙවැනි අලූත් යමක් කරන්නට යෝජනා කළහොත් සිදුවිය හැක්කේ කුමක්ද?

බුදු රජාණන් වහන්සේ, යේසුස් තුමා ඇතුළු ආගමික ශාස්තෘවරුන් සිය දර්ශනය පසක් කළේ සහ අනුගාමිකයන්ට අවබෝධය ලබා දුන්නේ සියලූ පහසුකම් සහිත වට පිටාවක නොවේ. ලෙනින්, කාල් මාක්ස්, මාවෝ සේතුං, ගාන්ධි වැනි නායකයන් පවා උනන්දු වූයේ හො`ද නේවාසිකාගාර, පහසුකම් සහිත දේශනශාලා ගැන නොවේ. ඇල්මෙන් අකුරු උගෙනිව් ඉදිරි වැඩ තකා යැයි ස`දහන් වන්නේ එහෙයින්ය. වඩා සාර්ථකත්වය කරා යා හැකි මාර්ගය උපාධිය පමණක් නොව ඉගෙන ගන්නට ඉඩ දියව් යන ආවේගය ද වලංගු නැත. විශ්ව විද්‍යාලය යනු හුදෙක් පොත පතක ලියා ඇති දේ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්නා තැනක් නොවේ. වත්මන් තාක්ෂණික යුගයේ දී දුරකථනයක් සහ අන්තර් ජාල පහසුකම් ඇත්නම් ඉගෙනගන්නට ඇති අවස්ථා අප්‍රමාණය. නමුත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආකල්පය වෙනස් එකකි. උපාධියෙන් ජීවිතය සර්ව සම්පූර්ණ වෙතැයි ඉගෙන ගන්නා දරුවෝ සිතති. ජනප්‍රිය පාසලට දරුවන් ඇතුලත් කරන්නට විශාල මහන්සියක් දරන දෙමව්පියන් අතිරේක පන්ති වලට ද මුදල් වැය කර මහත් බලාපොරොත්තු සහිතව විශ්ව විද්‍යාලයට යවන්නේ එයින් අනාගතය සාක්ශාත්වනු ඇතැයි අදහස ඇතිවය. නමුත් විශ්ව විද්‍යාලය සියලූ බලාපොරොත්තු ඉටු කරන්නේ නැත.

මෙරට අධ්‍යාපන ක්‍රමය අනුව උපාධිය සම්පූර්ණ කරගත් පසු හො`ද වැටුපක් සහිත රැකියාවක් සොයාගැනීම පහසු නැත. මෙරට විශ්වවිද්‍යාල උපාධිධරයන්ට රැකියා වෙළ`ද පොළ ඉල්ලන සුදුසුකම් නැත. උපාධිය ද සහිතව පාරට බැස රැකියා ඉල්ලා සටන් කරන්නට සිදුවී ඇත්තේ එහෙයින්ය. රැකියා සපයන ලෙස බල කරනවිට ආණ්ඩුවකට කළ හැක්කේ රජයට බ`දවා ගැනීම පමණකි. පසුගිය දා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවීමෙන් පුපුරා ගියේ ද රට පුරා විශ්ව විද්යාවල පද්ධතියේ පවතින මෙවැනි බරපතල සමාජ ගැටලූවක එක පැති කඩකි.ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය දක්වා දරුවන්ගේ අනාගතය එක ආකාරයකට ගොඩ නගන සැලැස්මක් රටට අවශ්‍යමය. දෙමව්පියන්, ගුරුවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එකතු වී සිසුන්ගේ හසුරු කෞෂල්‍ය මත අනාගතය තීරණය කරන්නට හැකි ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව තිබේ. පෙර පාසලේ සිය අතිරේක පන්ති යවන සහ ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැටලූව විස`දාගත හැකියැයි සිතන මෙම අධ්‍යාපන ක්‍රමය නිදහස් එකක් නොවේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කර නිමයට රාමුව සකස්වී ඇත්තේ නිදහස ලබන විට බ්‍රිතාන්‍යයේ තිබූ ක්‍රමය අනුවය. ධනය ඇති පවුල්වල දරුවන්ට ඉතිහාසය සහ සම්ප්‍රධාය උගන්වා උපාධියක් පිරිනමන අතර බලය හිමි රදල පරපුර සිය අනුප්‍රාප්තිකයන්ට ගොඩනගන්නේ උපාධි සුදුසුකම් ඇති බව දක්වමින්ය. වර්තමාන සමාජ ගෝලීයකරණය තුළ තර`ගකාරීව නැගෙන්නට එවැනි සම්ප්‍රදායික උපාධියකට හැකියාවක් නැත. රටට ගැලපෙන සහ නිවහල් ආකාරයකට චින්තනය ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක් පෙර පාසල, උසස් අධ්‍යාපනය සහ දහම් පාසල එකතු කරගෙන සකස් කරන්නට කාලය එළැඹ තිබේ. එය ප්‍රමාද කරන තාක්කල් දරුවන් සහ ආණ්ඩුව අතර ගැටුම් නතර කළ නොහැකිය. සත්‍යට මුහුණ දෙන සංවාදයක් ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර අවශ්‍යය. අද පවතින කමය තුළ දේශපාලනඥයන් තීන්දු ගන්නේ ඊළ`ග ඡන්දය ඉලක්ක කරගෙනය. සත්‍යයට මුහුණ දී මතු පරපුර ගැන අවධානය යොමු කර තීන්දුගත යුතු මොහොත උදා වී තිබේ.

කඨින පූජාව සහ වත්මන් බොදුනු සමාජයේ පිළිවෙත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/10/08 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිතිව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවෙයි. වර්තමානයේ මහා උත්සවයක් ආකාරයට සැම විහාරස්ථානයකම පවත්වන කඨින චීවර පූජාවට මග පාදන්නේ එයයි. බුදුන් දවස වැසි සමයේදී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා ස`දහා චාරිකාවේ හැසිරෙන භික්ෂූන් වහන්සේ නොදැනුවත්ව තණ පැලෑටි නසමින්, කුඩා සතුන් පාගමින් ඇවිදින විට දෝෂාරෝපනයට ලක්ව තිබේ. වැසි වැටෙද්දී තෙමී ගත් සිවුරුවලින් යුතුව දුකට පත්ව වෙසෙන භික්ෂුව ද දැකගත හැකිවිය. මේ සියල්ල සලකා වස් කාලසීමාව සහ කඨින සිවුරු පූජාව බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල බව බෞද්ධ පොත පතෙහි ස`දහන්ය.

අල්පේච්ඡ සහ ආසාවන් තුරන් කර පැවැදි වූ භික්ෂුව වෙත වස් සිවුරක් පිළිගන්වන්නේ කෙසේදැයි කඨින චීවරය සම්බන්ධ කාරණා ගැඹුරෙන් විමසන විට පැහැදිලිව අවබෝධ කරගත හැකිය. කිසිවෙකුටත් ප‍්‍රයෝජනයක් නැති රෙදි කඩක් ගෙන කැබැලිවලට කපා නූල් ගසා, සිවුර මසා, ප`ඩු පොවා, කප්බිංදුව තබා වැඩ නිම කළ සිවුර පසුදින අළුයමට පෙර පූජා කරයි. කිසිවෙකු ආසා නොකරන ප`ඩු වර්ණයෙන් යුත් මෙම සිවුර ඇ`ද පසුව පොරවා, ඉනික්බිතිව පා පිසදාන්නට ද ගෙන අවසානයේ කිසිදු ප‍්‍රයෝජනයක් ගත නොහැකි වන අවධියේදී මැටි වලට අනා විහාර බිත්ති සකස් කරගන්නා ලෙසට විනය පනවා ඇති බව ස`දහන් කළ යුතුය.

එතරම් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරයට සකස්වන කඨින සිවුරු පූජාව කුසල කර්මයේ දී සංඝයා වහන්සේලාට අවශ්‍ය සෙසු පිරිකර වශයෙන් ඉදල, කොස්ස, පැදුර, කොට්ටය, පාපිස්ස, ආදිය උපකරණ පමණක් නොව විහාරස්ථානයට අවශ්‍ය ඇඳ පුටු ආදි ගරු භාණ්ඩ පූජා කරන අතර දායක පිරිස විසින් විහාරස්ථාන භූමිය එළි පෙහෙළි කොට විහාර, බෝ මලූව, ධර්මශාලාව ආදී ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරනු ලබයි. බොදු සැදැහැවතුන්ට මෙම කුසල ක‍්‍රියාව අතීතයේ සිට පැවැත එන ක‍්‍රමයෙන් වැඩි දියුණු වූ උතුම් චාරිත‍්‍රයකි.

නමුත් වර්තමාන කඨින පූජාව මහා උත්සවයකි. එහි මූලිකත්වය ගැනීමට දායකයන් අතර තර`ගයක් තිබේ. එය සංවිධානය කිරීමට විශාල ධනයක් වැය කරයි. කඨින සිවුර කපා මසන්නට භක්තියෙන් වෙහෙසෙන අයුරු දැකිය හැකිය. නමුත් පූජාව සම්පූර්ණ කඨිනයක් නොවීමට කරුණු විසි හතරක් බලපාන අතර සහ කඨිනයක් වීමට කරුණු දහ හතක් හේතුවන බව වර්තමානයේ බලවත් ආශාවකින් කඨින පෙරහර සංවිධානයට කැපවන දායකයන් කිසිවෙකු සොයා බලන්නේ නැත. විහාරස්ථානයක වස් වසන ස්වාමීන් වහන්සේලාට කඨින චීවර පූජාව සංවිධානය කරන්නට පවා අකැප බව ද සාකච්ඡුාවට ගැනෙන්නේ නැත. එයට මග පෙන්වීමක් සහ නියම කඨින පූජාවක් ස`දහා පිලිවෙත් නැවත සාකච්ඡුාවට ගැනීමක් අවශ්‍ය බව අද පැහැදිලිව පෙනෙන කරුණකි.

කඨින සිවුර පෙරහරක රැුෙ`ගන යන්නේ අලි ඇතුන්, උඩ පහත නැටුම් සහිතව වාදනයෙහි යෙදෙමින් දර්ශණීය ආකාරයට බව වර්තමානයෙහි දකින්නට ලැබෙන සුලබ දසුනකි. සංඝරත්නයට විනයානුකූලව කැප සිවුරක් වෙනුවට ඉතා වටිනා රෙදි වර්ගයකින් මසා සකස් කරන සිවුරක් පිරිනමන්නට දායකයන් උත්සුක වන බව ද නිරීක්ෂණය කළ හැකිය. සසරින් එතෙරවීම අපේක්ෂාවෙන් සසුන්ගත වන සංඝ රත්නය අල්පේච්ඡ සහ බැ`දීම් රහිත අප‍්‍රමාණ ගුණ දහම් වඩන්නේය. එහෙයින්ම ගිහියන්ට කල නොහැකි බලවත් කැපවීමක සිටින උන්වහන්සේලාට බොදුනුවෝ ගරු බුහුමන් කර පුද සත්කාර සලසා පින් අපේක්ෂා කරති. නමුත් අද දවසේ ගිහි සමාජය තමන් අනුගමනය කරන පිළිවෙල බුදු දහමේ හරය ආරක්ෂා කරන සහ එහි දර්ශනය සලකා ක‍්‍රියාකිරීමක් දැයි තමන්ගෙන්ම විමසා බැලීම වැදගත්ය.

ජාතිකත්වය ඉක්මවා යා යුතු තාක්ෂණ යුගයේ බුදු දහම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/10/01 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

බෞද්ධයන්ට අභියෝගයක් පවතින බවට බලවත් විවාදයක් පවතී. අන්යම ආගම් සහ සංස්කෘතීන් බුදු දහමට බලපෑම් කරන එහෙයින් සිංහල බෞද්ධයන් සහ බුදු දහම ආරක්ෂා කර ගත යුතු බවට මතයක් පැතිරෙමින් තිබේ. බුද්ධාගමට සහ එහි පැවැත්මට යම් අභියෝගයක් ස්වභාවිකව පවතින බව පිළිගත යුතුය. එය රට තුළ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල දී ද දැකිය හැකිය. වර්තමානයේ පමණක් නොව ඉතිහාසය අධ්ය්යනය කරන විට අතීතයේ ද එවැනි තර්ජන පැවැති බව නිරීක්ෂණය කළ හැකිය.

වසර දෙදහස් හයසියයකට වැඩි කාලය දෙස හැරී බලන විට බුදු දහම බාහිර ආකරැක මණ වලට ලක් වූ අවස්ථා එමටය. යටත් විජිත කාලයේ දී වඩාත් උගරලන වූ මෙම ගැටලූ හමුවේ සාර්ථකව විස`දුමක් සොයාගන්නට හැකියාවක් නොලැබුණේ නම් අද පවතින ආකාරයට හෝ බුදුදහම ආරක්ෂා වන්නේ නැත. දහම ආරක්ෂා කරගන්නට මහා සංඝරත්නය සහ ගිහි වියතුන් විශාල කැපවීමක් කර තිබේ. ඔල්කොට් තුමා ඇතුළු විදේශිකයන් සිට ධර්මපාල තුමන් වැනි වියතුන් දක්වා පිරිසක් සහභාගී වී ඇත. මේ අතරතුර ලෝකයේ නොයෙක් දෙනා බුද්ධ දේශනාව අධ්යවයනය කර එහි ඇති සදාතනික සත්යී පිළිගනිමින් සිටින බව ද අමතක කළ යුතු නැත. එදා සිට අද දක්වාම නොයෙක් ජාතීන් නොයෙක් විද්වතුන් බුදු දහම කෙරෙහි පැහැදී බුදු දහම වැළ`ද ගනිමින් සිටී. ජාත්යාන්තරය තුළ බුදු දහමට විශාල පිළිගැනීමක් ඇත. අනුන් විවේචනය නොකරන, අන්තවාදයක් නැති සහ ජීවිතයේ සැනසුම ඇති කරන දර්ශනයක් වශයෙන් වර්තමාන තාක්ෂණික යුගයේ බුදු දහම විශ්ව කීර්තියට පත්වෙමින් තිබේ.

බුද්ධ දේශනාව අනුව ජීවිතය සකස් කරගෙන ඇති මෙරට බොදුනුවන් අන්යර බලවේග හමුවේ දහම කරගන්නේ කෙසේදැයි සංවාදයකට යා යුතුව ඇත. ආර්ය අශ්ඨාංග මාර්ගය අනුව දර්ශනය පසක් කරගත් බුදු රජාණන් වහන්සේ මැද මාවත විනා අනෙකක් නැති බව පරි ත්ය්ක්ෂ කළේය. දහම ආරක්ෂාවන්නේ ධර්මයෙන්ම බවත්, අනුන් ගැන සොයන්නට කලින් තමන් ගැන සෙවීම වැදගත් බවත් දේශනා කර ඇත. දහමට එල්ල වි ඇති තර්ජන විස`දා ගැනීම හමුවේ තර්ජනයට කෙලින්ම මුහුණ දී අන්තවාදීව හැසිරීමෙන් බුදු දහමේ මධ්යිම පර්ජ තිපදාව අනුගමනය නොකරයි. දහම ආරක්ෂා කරගත යුතු එයට අනුව හැසිරෙමින් සහ එහි ඇති දර්ශනය ලෝකය හමුවේ අනාවරණය කරමින්ය.
බුදුන්ට ගල් පෙරළා දේවදත්තයන්ට බුදු විය නොහැකි වූ ආකාරයටම පිය රජුට වධ දී රජකම ගෙන සැනසීමෙන් රාජ්යළ පාලනය කරන්නට අජාසත්තයන්ට නොහැකි වූ බව සාමාන්ය ජනතාවට වටහා ගත හැකි ආකාරයට ජාතක කතාවෙහි දැක්වෙයි. දහම අවබෝධ කරගෙන දහමට අනුව කැපවී ඇති මහා සංඝ රත්නය එයට වඩා දුර දකින හැකියාව සහිත බව නිසැකය. තවත් ආගමක් යටපත් කර බලහත්කාරයෙන් බුදු දහම සුරක්ෂිත කරගන්නට හැකියාවක් නැති බව පැහැදිලිය.

බුදු දහම සිංහල ජාතියට සීමා විය යුතු එකක් නොවේ. සිංහලයන්ගේ ආගමක් ලෙස නොව පරරක්ශ්නයක් දෙස නිරවුල්ව බලා මැදිහත්ව කිරා වයා කරන්නට මග පාදන දර්ශනයක් සහිත ආගමක් ලෙස බුදු දහම පතුරවන්නට අවශ්යලය. එක ජාතියකට එක රටකට සීමා වූ ආගමක තත්ත්වයෙන් මිදී දේශ සීමාවක් නැති සර්ව කාලීන දර්ශනයක් ලෙස නැගී පැතිරෙන්නට බුදු දහමට ඇති අවකාශය පුලූල් ලෙස උපයෝගී කර ගැනීම ශරීා ලංකාවේ වර්තමාන බෞද්ධ පරී පබෝධයේ එකම අභිලාශය විය යුතුය. ඉදිරි සතියෙන් එළැඹෙන කඨින පිංකම් කාලසීමාව ගිහි පැවිදි සම්බන්ධතා සහ බෞද්ධ වත්පිළිවෙත් අනුව ශාසනයේ අභියෝග සාකච්ඡුා කරන්නට සුදුසු වකවානුවකි. සන්සුන්ව සිතා, සන්සුන්ව කරිභියයා කරන්නට බුදු දහමෙන් දෙන අනුබලය ලොවට පර කට කර තොරතුරු තාක්්ෂණ යුගයේ බොදු අනන්යාතාවය මතු කරගැනීම විනා අන් ව්යාකයාමයකින් රටට යහපතක් සිදුවන්නේ නැත.