ශ‍්‍රී ලාංකේය දේශපාලනය සුපිළිපන් තැනකට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/08/14 – ලංකාදීප

යහපත් සමාජයක් බිහිකර ගැනීමේ උදාර අපේක්ෂාව නැවත නැවතත් සිහිපත් කිරීමට නිකිණි පොහොය  දිනය තවත් අවස්ථාවකි. පළමුවැනි ධර්ම සංගායනාව පවත්වන්නේ නිකිණි පොහොය දිනකය. බුද්ධ ධර්මය අභියෝග එල්ල වූ මොහොතේ මහා ධර්ම සංගායනාවක් කරන්නට තීරණය කර ඇති අතර කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්විණ. සතර පෙර නිමිති දැක බෝසතානෝ ගිහිගෙය අතහැර ගියේ ද අද වැනි  නිකිණි පොහොය දිනකය. නබොදුනු සමාජයට වැදගත් දිනයක් බව දැක්විය යුතුය.

අද වැනි පොහොය දිනයක කාලීන අදහසක් පළ කිරීම සුදුසුය. ශ‍්‍රී ලංකාව සතර පෙර නිමිති පෙනෙන ජන සමාජයකි. මහා සංගායනාවක් කළ යුතු මොහොත රට තුළ උදා වී තිබේ. සතර පෙර නිමිති යනුවෙන් අදහස් කරන්නේ මොනවාදැයි පෙන්වා දීම ද අවශ්‍යය. මෙරට ජන සමාජය ජාති, ආගම්, කුල, පන්ති හා දේශපාලන වශයෙන් දරුණු ලෙස බෙදී තිබේ. සාරධර්ම යටපත් වී ඇත. සත්‍ය වෙනුවට අසත්‍ය පැතිරෙමින් තිබේ. නාස්තිය හා දූෂණය ඉහවහා ගොස් තිබේ. යුක්තිය හා සාධාරණත්වය ගැන විශ්වාසයක් නැත. තරගකාරීත්වය, ඵලදායිතාව හෝ කාර්යක්ෂමතාවය ගැන කිසිම අවබෝධයක් ඇති රටක් බව නොපෙනේ. පොදු ජනතාවගේ ගැටළු වලට විසªම් නැත. තරුණ පෙල අතෘප්තියෙන්ය. ජනතාව සිය ප‍්‍රශ්න වලට විසදුම් සොයන්නේ වෙනත් රටකින්ය. ඉදිරි මාස කිහිපය තුළ නැවත වටයකින් රාජ්‍ය නායකයාගේ සිට මහජන නියෝජිතයා දක්වා පත්කරගැනීමේ මැතිවරණ මාලාවක් පැවැත්වෙනු ඇති අතර මෑත කාලයේ මැතිවරණ ඉතිහාසය බලන විට රට පත්විය හැකි අයහපත් තත්ත්වය ගැන නිගමනයකට පැමිණීම කිසිසේත් අපහසු නැත.

සදහන් කරන ලද පෙරනිමිති  අනුව අලූත් පදනමක් සොයා ගැනීමේ වගකීමක් අප සියළු දෙනාටම තිබේ. මහා සමාජ සංගායනාවක් කළ යුතුව ඇත. නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ දශක හත තුළ රට අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කළ ආකාරය ගැන පුලූල් සමාලෝචනයක් කළ යුතුව තිබේ.

මෙරට යහපත් ජනතාව අතරින් කොටසක් රට නැවත ගොඩනගන බරපතල අවශ්‍යතාවය වෙනුවෙන් යොමු වෙමින් තිබේ. පවතින ක‍්‍රමය නිවැරදි තැනකට පත් කරන අදිටන ඇතිව ක‍්‍රියා කරන බව පෙනේ. දේශපාලන සංස්කෘතිය සුපිළිපන් සංස්කෘතියක් ඇති කළ යුතු බව දක්වයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිවැරදි පුද්ගලයන් අතට පත් කරනු සඳහා පවතින පරිශ‍්‍රමය තුළ තවත් සාධනීය පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලපවත්වන ලෝකයේ සෑම රටකම ක‍්‍රමය තවත් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පැන නැගී තිබේ. නියම මහජන නියෝජනය දිනා ගන්නේ කෙසේ ද යන්න ගැන විවාදයක් ඇත. දේශපාලන පක්ෂ අරමුදල් පාලනය කිරීම, ප‍්‍රචාරණයේ සීමා, තොරතුරු දැනගැනීමේ අයිතිය හා සුදුසු පුද්ගලයන් දේශපාලනයට එකතු කරගැනීම සඳහා නොයෙක් විධි විධාන පනවා ඇත. ශ‍්‍රී ලංකාව ද පසුගිය කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන නොයෙක් පියවර ගෙන තිබේ. ඒවායෙන් ලබා ගෙන ඇති සාර්ථකත්වය ගැන සෑහීමකට පත් විය හැකිද?

බුද්ධිමත්, සමාජ යහපත තකන සියළු නායකයෝ මෙම තීරණාත්මක මොහොතේ දී සාවධාන වීම වැදගත්ය. දේශපාලන පක්ෂ හා සන්ධාන වලට විවිධ අරමුණු හා අපේක්ෂා තිබිය හැකිය. රට යහපත් තැනකට කැදවීම අවසාන අපේක්ෂාව කරගත යුතුව තිබේ. සියළු දෙනාටම එකිනෙකට වෙනස් අදහස් සහිත නමුත් අවසාන අපේක්ෂාව ඉටු කරගැනීම උදෙසා ජන නායකයන්ට විශාල වගකීමක් ඇත. පටු පරමාර්ථ පසෙක තබන බලවත් ප‍්‍රයත්නයක් රටට අවශ්‍ය වී තිබේ.

 

Advertisements

ඉන්ධන වාහනයට ඉන්දියාව සමුදෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/08/07 – ලංකාදීප

ඉලෙක්ටි‍්‍රක් වාහන පරිහරණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන ජාතික සැලැස්මක් ඉන්දියාව ක‍්‍රියාත්මක කරමින් සිටී. පසුගියදා ප‍්‍රකාශයට පත් කළ එරට අයවැය ලේඛනය අනුව ඉන්දියාව විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ ස්ථානයක් බවට පත් කරවන අභිලාශය අනාවරණය කරයි. දැනට ලෝකයේ වැඩිම ඉලෙක්ටි‍්‍රක් එනම් විදුලිය බලයෙන් ධාවනය වන වාහන නිපදවන රට චීනයයි. මගී බස් රථ පවා සම්පූර්ණයෙන් විදුලිය බලයෙන් ධාවනය කරන චීනය සමග තරග කිරීමට ඉන්දියාව සූදානම්ය. ඉන්දියාවේ අරමුණ පිරිසිදු හුස්ම ගත හැකි රටක් ගොඩනැගීමය.

වසර 2017 දී නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවේ, එවකට ප‍්‍රවාහන අමාත්‍යවරයා එරට රථවාහන ක්ෂේත‍්‍රය ගැන සඳහන් කරමින් වසර 2030 වන විට ඉන්දියාවේ වාහන ඉලෙක්ටි‍්‍රක් විය යුතු බව ප‍්‍රකාශ කළ අතර එම අභියෝගය වෙනුවෙන් තමන් ‘‘බුල්ඩෝසරයක්’’ වන බව අවධාරණය කළේය. පසුගියදා පැවැති ඉන්දියානු මැතිවරණයෙන් පසු ප‍්‍රවාහන ඇතුළු තවත් අමාත්‍යංශ කිහිපයක වගකීම නැවතත් ඔහුට හිමි විය. දැනට ප‍්‍රකාශිත සැලැස්ම අනුව වසර 2023 වන විට ඉන්දියාවේ භාවිතා කරන තී‍්‍රවිලර් සම්පූර්ණයෙන්ම විදුලිය බලයෙන් ධාවනය වන ඒවා බවට පත් කෙරේ. වසර 2025 වන විට යතුරු පැදි සම්පූර්ණයෙන්ම විදුලියෙන් පමණක් ධාවනය විය යුතු අතර එයින් වසර පහකට පසු එනම් වසර 2030 දී එරට භාවිතා වන කාර් සම්පූර්ණයෙන්ම විදුලිය බලයෙන් ධාවනය විය යුතු බව නියම කර තිබේ. මෙම අවශ්‍යතා වෙනුවෙන් විදුලිය නිපදවීම ස`ඳහා ලෝකයේ විශාලතම සූර්ය තාප බලාගාර ඉන්දියාවේ ඉදිවෙන බව අනාවරණය වෙයි.

ඉන්දියාවේ රථ වාහන විදුලිය බලයට හැරවීමේ ප‍්‍රයත්නය තුළ අරමුණු දෙකක් තිබේ. එකක් පරිසරය ආරක්ෂා කිරීමය. අනෙක නැගී එන අලූත් ප‍්‍රවාහන ව්‍යුහය කෙරෙහි ඉක්මනින් අවතීර්ණ වීම බව පෙනේ. චීනය සමග විදුලි වාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් තරඟ කරන හැකියාව නැති බව පැහැදිලිව පෙනෙන නමුත් අධිශ්ඨානයෙන් දෙවැනි වන්නට ඉන්දියාව කිසිසේත් සූදානම් නැති බව අනාවරණය වන තවත් වැදගත් කාරණයකි.

දවස පුරා හොඳින් හිරු එළිය ලැබෙන, සූර්ය බලයෙන් වැඩගැනීමට කිසිම බාධාවක් නැති ශ‍්‍රී ලංකාව විදුලිය වාහන සම්බන්ධයෙන් දක්වන අලස ආකල්ප ප‍්‍රශ්න කළ යුතුව තිබේ. අනාගතයේ  මෙරට වාහන භාවිතා කරන ආකාරය ගැන රටට දර්ශනයක් නැත. ප‍්‍රවාහනයේ නවෝත්පාදනය ගැන ජාතික ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකෙරේ. සමස්ථ ආනයන වියදමෙන් හතරෙන් එකක් වැය කර ඉන්ධන ආනයනය කරන ශ‍්‍රී ලංකාව එයින් සෑහෙන කොටසක් ප‍්‍රවාහනයට වැය කරයි. අධික වාහන තදබදය විශාල වශයෙන් ඉන්ධන පුලූස්සන හේතුවක් වී තිබේ. නව ප‍්‍රවනතා අනුව පරිසරය ද ආර්ථිකය ද කළමනාකරණය කළ හැකි අවස්ථා පෙනි පෙනී අවශ්‍ය තීරණ ගැනීමට පාලකයෝ යුහුසුළු නොවෙති.

ශ‍්‍රී ලංකාව ඛනිජ තෙල් භාවිතයෙන් ගැලවී සූර්ය බලයෙන් විදුලිය නිපදවා ඒවා වාහන ධාවනයට භාවිතා කරන්නට උත්සුක නොවන්නේ ඇයි? යල්පැන ගිය ගතානුගතික රාමුවට කොටුවී සිටින අතර තෙල් ආනයනය, ගබඩා කිරීම හා බෙදාහැරීම විශාල ව්‍යාපාරයකි. ඒවායේ බදු මුදල් රාජ්‍ය ආදායම තර කරයි. විදුලිය ද එයට නොදෙවෙනිය. නොමිලේ සූර්ය තාපයෙන් විදුලිය ලැබී එයින් වාහන ගමනාගමනය සිදුවුවහොත් රාජ්‍ය ආදායම බරපතල වෙනස්කම් සිදුවන අතර දැනට හුරු වී සිටින ක‍්‍රමය පවත්වාගෙන යන්නට බාධා සිදුවෙයි. රට තුළ සාමාන්‍යයෙන් සිදුවන ක‍්‍රියාපටිපාටිය කලත්තා අලූත් දේ මතු කරගැනීමෙන් සෑහෙන පරිවර්තනයක් කළ හැකිය. එය එක්තරා අභියෝගයකි. කර්මාන්ත හා ව්‍යාපාර අංශ වල සිදුකරන කැළඹීමකින් හැර ආර්ථිකයේ පවතින ගතානුගතික රාමුව වෙනස් කළ නොහැකිය.