වැඩ කරමු කවදාද ? අනේ අපි මේ රටේ

ප්‍රතිචාර 2

25.04.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

 

බක් මාසය ගෙවී යමින් තිබේ. උදාව වෙසක් මාසයයි. ගෙවුණ හා ලබන මාස රටට, සංස්කෘතියට වැදගත්ය. මෙම වැදගත්කම සමරන්නේ නිවාඩු වලින්ය. වැඩකරන ජනතාවගෙන් වැඩි කොටසක් නිවාඩු වරප‍්‍රසාදය භුක්ති විඳිති. මෙම සමයේ පමණක් නොවේ. එක් මාසයක් තුළ දින ගණනක් නොයෙක් හේතු අනුව නිවාඩු ලැබේ. අවුරුද්දකට එය සෑහෙන දින ප‍්‍රමාණයකි. නිල නිවාඩු වලට අමරතව වැඩකරන සේවකයන්ට නිවාඩු ස්වකීය අයිතියකි. අසනීප, අනියම් සහ වාර්ෂික ප‍්‍රසාද නිවාඩු ඒ අතර වෙති.

 

වැඩකරන්නේ පැය අටකි. පැය අටම නිවැරදිව රාජකාරි කරන තැනෙක් සොයා ගැනීම පහසු නැත. වැඩකරන අතර අයිතිවාසිකම් ඉල්ලා සටන්ය. අකුරට වැඩ, වැඩ වර්ජන හා විරෝධතා නිතර ඇතිවෙයි. මෙයින් හානියක් සිදුවෙයි. වැඩ නොකරන, නිවාඩු ඇති සහ වැඩ නතරකර වැඩි වරප‍්‍රසාද ඉල්ලන අතර නිසි ලෙස වැටුප් ගෙවන්නට සිදුවෙයි. එය ආයතනයකට පහසු නැත. රටක ආර්ථිකයට දරන්නට නොහැකි තත්ත්වයකි.

 

ලෝකය පරිවර්තනය වෙයි. වැඩකිරීම ගැන ඇති ආකල්ප වෙනස් වී තිබේ. නිවාඩු යනු අයිතියක් නොවන බව පිළිගෙන ඇත. වැඩ කිරීමේ කලාව වෙනසකට භාජනය වී තිබේ. ඵලදායීව කාර්යක්ෂමව වැඩ කිරීම වැදගත් බව තේරුම්ගෙන ඇත. එයින් තරගකාරීත්වය බිහිවී ඇත. ලාකිකයන් මිලියන ගණනක් ලෝකය පුරා වැඩ කරයි. ඒ රටවල දී මහන්සිවී වැඩ කරන ඔවුහු පෙරළා මව්බිමට පැමිණ ඒ ආකාරයටම වැඩ කරන්නට සූදානම්ද? ප‍්‍රශ්නය එයය්. අද වැඩ කිරීමේ දී වේලාව වැදගත් සාධකයක් නොවේ. වැඩ කරන්නට කාර්යාලයට පැමිණිය යුතු ද නැත. එය තොරතුරු තාක්ෂණයේ පෙරැළියයි. කොතැනක හෝ කවර ආකාරයකට හෝ නිෂ්පාදනය ට දායක විය හැකිය. පාරිභෝගිකයන් ඉල්ලන සේවාව සැපයිය හැකිය. එය නතරවන විට චක‍්‍රයට බාධාවකි. දියුණුව ලැබූ රටවල් නොනැවතී වැඩ කළේය. නොනවත්වා වෙහෙසුනහ. දිවා කාලයේ පමණක් නොව පැය විසිහතරේ ම ගොවිපොලේ, කම්හලේ වැඩ බිමේ වැඩ කළෝය. එයින් නිෂ්පාදනය වැඩිවිය. අතිරික්තයක් ඉතිරිවිය. එය වෙළඳාමටය. සමාජයට ලාභයක් දැණුනේ එයින්ය.

 

ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට අවතීර්ණ වී තිබේ. දශක තුනක යුද කාලපරිච්ඡ්දය අවසන්ය. යුද බිමේ දී සතුරා පරාජය කරන්නට දිවා රාත‍්‍රී නොනැවතී අවධානයෙන් සිටි යුගය අවසන් කර පහසුවෙන් සිටින නිවාඩු සංස්කෘතියකට ඇතුළු වෙමින් සිටිමු. එයින් රටේ නිෂ්පාදනය අඩාලවෙයි. ආර්ථික ඉලක්ක අඩාල වෙයි. නිවාඩුව අයිතිවාසිකමක් නොවේ. ලෝකයේ සෙසු රටවල් කාර්යක්ෂමතාව, ඵලදායීතාව ගැන නොයෙකුත් අත්හදා බැලීම්කරන වකවානුවක රටට අවශ්‍ය තරමට වඩා ඇති නිවාඩු ගැන ද අවධානය යොමු කළ යුතුය. නිවාඩු වෙනුවට ඒ දිනයේත් වැඩකර වැඩියෙන් උපයන්නට වැඩකරන ජනතාවට ඉඩ දෙන සංස්කෘතියකට රට ගමන් කළ යුතුව තිබේ. වැඩකරන කොටසකගේ ශක්තියෙන් යැපෙනු වෙනුවට සමාජයේ සියලූම දෙනා දිරියෙන් වැඩ කිරීමෙන් පෙරැළියක් සිදුකළ හැකිය. අවසානයේ දී එහි සාර්ථකත්වය දැනෙන්නේ  ජිවිතවලටය.

Advertisements

වැඩ කරන්නට අලූත් ආකල්ප

ප්‍රතිචාර 2

19.04.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මහන්සි වී වැඩ කරන්නට අපේ කැමැත්තක් නැත. වැඩ බිම දෙස බලන විට කැපවීමෙන් වැඩ කරන තැන ශ‍්‍රම හිඟයකි. ගොවිපොලේ, කම්හලේ වැඩ කරන්නට කැමති අයට ඇබෑර්තු තිබේ. ගොවියෙකු වීම, රබර් කිරි කැපීම, දලූ නෙලීම ඇඟලූම් කම්හල එයින් තැන් කිහිපයකි. මේ තැන් වල කරන රස්සාවට සමාජයේ පිළිගැනීමක් නැතැයි ආකල්පයක් ඇත. රටට වැඩිපුරම විනිමය උපයන්නේ ගොවිපොලෙන් හෝ කම්හලෙන්ය. නමුත් සමාජයේ වැඩි දෙනෙකු සොයන්නේ ආණ්ඩුවේ රැකියාවයි. රජයේ රැකියාව නිෂ්පාදනයට දායකවන්නේ අඩුවෙන්ය. මහජනතාවගෙන් අය කර බදු රජයේ සේවකයන්ට වැටුප් ගෙවයි. එය යැපීමකි.

ඇබෑර්තු ඇති මෙරට තැනෙක රැකියාව කර නිෂ්පාදනයට දායකවන්නට අකමැති අලූත් පරම්පරාව විදේශ රැකියාවට කැමතිය. එතැන පහසු දේ නැත. ජපානයේ, කොරියාවේ හෝ මැදපෙරදිග ඇතුලූ නොයෙක් රටවල රැකියා අවස්ථා තිබේ. එම රටවල පුරවැසියන් කැමැත්තක් නොදක්වන පහළ ශ්‍රේණියේ ඒවාය. ඉහළ අධ්‍යාපනයක් අවශ්‍ය තාක්ෂණික රැකියා ද ඇත. නමුත් ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධියක් උසුලන්නේ ලාභ ශ‍්‍රමිකයන් සපයන රටක් හැටියටය. ලෝකයේ  ඕනෑම තැනෙක ගොස් ඉතා දුක් විඳිමින් යමක් උපයන්නට කැමති ලාංකික සමාජයේ එක්තරා කොටසක් මව්බිමේ දී එම කැපවීමට සූදානම් නැත.  එය ආකල්ප ප‍්‍රශ්නයකි. විදේශ ගතව රැකියා කරන කෙනෙකුට ලැබෙන වැටුප හා එය උපයා ගන්නට දරන කැපවීම සසඳන විට මෙරට දී ලැබෙන රැකියාව හා වැටුප ප‍්‍රමාණවත් එකකි. ඒ ගැන විවාදයක් නැත.

රටට ශ‍්‍රමාභිමානය සම්බන්ධව අලූත් ආකල්ප අවශ්‍යය. කරන රැුකියාවේ වැදගත්කම පිළිගැනීමකට ලක්විය යුතුය. පුහුණුවක් දී නිසි ප‍්‍රමිති ඇතිකරන්නට අවශ්‍යය. කසල බැහැර කරන සේවකයන් වර්ජනය කළහොත් ටයි පැළඳ ආඩම්බරයෙන් වැඩකරන්නට නොහැකිය. විශෙෂඥ වෛද්‍යවරයා තරමට ම රෝහලක උපස්ථායකයාගෙන් ද ඉටුවන වැදගත් කාර්ය භාරයක් ඇත. ඇඟලූම් කම්හලට ශ‍්‍රමය හිඟවී ඒවා වැසී ගියහොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණය. වෘත්තීය ගරුත්වයේ පළමු පාඩම එයයි. පොදුවේ අප නොසලකා හැර ඇත්තේ එයයි. එයට සමානව අලූත් ව්‍යවසායකත්වය ද වැදගත්ය. ව්‍යවසායකත්වය අලූත් ආදායම් උත්පාදන මාර්ග ඇති කරයි. පවතින, දන්නා රැකී රක්ෂා වලට එපිටින්, යමක් නිපදවා වෙළඳ පොළක් සොයා ගැනීම අලූත් ව්‍යවසායකත්වයකි. නව සේවාවක් සපයා පාරිභෝගික පිරිසක් දිනාගත හැකි අයෙකු කරන්නේ ව්‍යවසායකත්වය පුබුදු කිරීමයි. තවත් කෙනෙකු යටතේ වැඩ කරනු වෙනුවට තමන් ම ආදායමක් උපයා ගන්නා මග සොයා ගැනීම යහපත්ය. එය පහසු නැත. අභියෝගාත්මකය. රටක ආකල්ප යොමු විය යුතු වයවසායකත්වය කෙරෙහිය. අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ ඇති කළ යුතු යැපෙන පිරිසක් ඇතිකරන්නට නොව දිරියෙන් නැගෙන පිරිසක් බිහිකරන්නටය.

නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම

11/04/12 -ලංකාදීප මිලින්ද මොරගොඩ්

භාග්යයවත් මාසය උදා වී තිබේ. වසරේ බක් මාසය උදාවන විට සෞභාග්යදය ගැන ඉ`ගි කරයි. සියලූ හදවත් තුළට සතුට කැ`දවයි. එය අවුරුදු උදාවයි. ශරීර ලාංකික ජනතාව බේධයකින් තොරව සූර්ය සංකරාත් න්තිය උත්සවාකාරයෙන් සමරන දිනය ළ`ගා වෙමින් තිබේ.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සංස්කෘතික උළෙලකි. එහි හැම අංගයකටම අරුතක් ඇත. අස්වැන්න නෙලා අටු කොටු පුරවා ගනී. ගහ කොළ හරිත පැහැය ගනී. සැනසිල්ල සහ සමාජ එක`ගතාවයට මුල් තැන ලැබේ. පරණ අවුරුද්ද අවසන් ව, අලූත් අවුරුද්ද උදාවන තෙක් සියලූ කටයුතු වලදී චාරිතරපරණ වාරිතරපරණ හා නැකැත් වලට මුල් තැනක් හිමිවෙයි. එයින් අවුරුදු උදාවෙන් පිබිදුණ හදවත් එක අරමුණකට ගොනු කරයි. එය වැදගත්ය.
පරණ අවුරුද්දේ ගිනි අලූත් අවුරුද්දට එකතු කර ගත යුතු නැත. පරණ ගැටුම් එතැනින් අත් හල යුතුය. අවුරුදු තිහකට වැඩි කාලයක් කලබල හා මත බේධ මැද ගෙවුණ කාලයේ ඇබ්බැහිවීම් තවමත් අපට ඇත. සාමකාමී අලූත් යුගයක පැවත්ම ගැන අත්දැකීම් අඩුය. සැකය අවිශ්වාසය තවමත් අප අතර තිබේ. තවත් කෙනෙකුගේ මතයට ගරු කිරීම හුරු නැත. සමාව ඉල්ලන්නට පමණක් නොව සමාව දෙන්නටත් සූදානම් නැත. ශී්ය‍ර ලංකාවට ද අද අවශ්යත සමාජ එක`ගතාවයයි. එක අරමුණකින් කරි්ඉලයා කිරීමයි. බුලත් දී පහුගිය අවුරුද්දේ වැරදි සමාකරගන්නා සංස්කෘතියක් ලාංකික අපට ඇත. මුරණ්ඩු නොවන හා යමක් කමක් දන්නා වැඩිහිටියන් ගේ අවවාදය එහි දී පිළිගැනේ.
පසුගිය කාලය ගැන ආපසු හැරී ආවර්ජනය කරන්නට නොනගතයක් තිබේ. එය කිසිවක් නොකර සිටිය යුතු පුණ්ය් කාලයකි. අලූත් අවුරුද්දේ නැකැත් නැති එම කාලය ආගම දහමට යොමුවන වේලාවකි. එයින් සාවධානව සිටින විට මුල මැද අග ගැන නිසි විගරමුවහයකට යන්නට අවස්ථාව උදා වෙයි. පසුව, සුබ මොහොතකින් යහපත් අදහස් ඇති ගුණවතෙකු සමග ගනුදෙණු කරයි. සාමය සංයමය හා හිත පිරුණ බව සංකේතවත් කරන්නට කිරි ගහ, නැවුම් ළි`ද, කිරි බත හා කැවිලි පෙවිලි සම්බන්ධ වෙයි.
අලූත් අවුරුද්ද උදා වීමෙන් පසු නැකතට සුබ කාර්යයක නිරතවන්නේ හා හා පුරා කියාය. එය වැඩ ඇල්ලීමයි. සුබ දිසාව බලා සුබ මොහොතින් වැඩ අල්ලන්නේ චාරිතරඋ. යක් වශයෙන් ම නොවේ. එහි ගැඹුරු දර්ශනයක් ඇත. පරණ පරිච්ෙඡ්දය වෙනුවට අලූත් යුගයකට වැඩ අල්ලන්නට රටක් හැටියට අප සූදානම් විය යුතුය. සාමකාමීබව හා එකමුතුකම එයට ඉතාම වැදගත් සාධකයකි.

හිත පිබිදෙන නමුදු නගරය පාලූවෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

04/04/2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ|

 

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණකි. අස්වනු නෙලා, භව බෝග එක් රැස්කරගෙන පමණක් නොව ඉදිරි කන්නයටත් කෙත් වතු වපුරා සතුටට පත්වූයේ පරම්පරා ගණනකට කලින්ය. සශරී් නකත්වය එහි සංකේතය විය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම එයට නිමිත්තයි. ගමන අලූත් වන අතර අලූත් ආකල්ප හා අලූත් බලාපොරොත්තු පැතිරෙයි. සමගිය සහ සම්බන්ධතාවය එහි පරත් ධාන සාධකය විය. නිර්ව්යායජත්වය හා සරල බව අලූත් අවුරුද්දේ වැදගත්කම සලකුණු කළේය.

 

එකී පසුබිම කාලානුරූපව පරිවර්තනයකට ලක්ව ඇත. මේ දිනවල නගරය යුහුසුලූය. ගම ද එයට අනුකූල වෙමින් තිබේ. අවුරුදු සමරන අරමුණෙන් සියලූ දෙනා අත ඇති සියල්ල වියදම් කරමින් සිටී. වැටුප, අවුරුදු අත්තිකාරම් සහ ණය ගැනීම සාමාන්යූ ස්වභාවයකි. මෙම උපයාගන්නා ආදායම වියදම් කරන්නේ ආහාර පාන හා තෑගි බෝග වෙනුවෙන්ය. මහජනතාව අත ගැවසෙන මුදල් තම වෙළදාමේ ආදායම වශයෙන් එකතු කරගන්නට ව්යානපාරික අංශ සූදානම් බව පෙනේ. අවුරුද්ද ලබන්නටත් කලින් ඇරඹෙන වෙළද පරඑකතචාරය එය අවුලූවයි.

 

ඉදිරි දින කිහිපය තවත් කලබල වැඩිවෙයි. වැඩකරන තැනින් අපරිමු යෙල් මාසයේ ආදායම ද එකතු කරගන්නා වැඩකරන ජනතාව තමන්ට අවශ්යෙ දේ හැකි තරමින් ගන්නට වෙළද සැල් කරා රොක් වෙති. අවුරුදු මාසය තුළ පාරිභෝගිකයෝ වෙනදාට වඩා දෙතුන් ගුණයක ද්ර ව්ය රැස් කර ගනිති. අන්තිම මොහොතේ එයට නැඹුරුවන ඇතමෙකුට එයට ගෙවන මිල හා මිලදී ගන්නා භාණ්ඩ වල තත්ත්වය ගැන අවධානය යොමු කරන්නට ද ඉඩක් නැති බව දැකිය හැකි යතාර්ථයයි. ඉනික්බිතිව, කද මලූ පොදි බැද ගෙන දු දරුවන් ද සමගින් නගරය හැර යන්නට පටන් ගනිති. වැඩි දෙනෙකු අධික නාගරීකරණය වූ තදාසන්න පර ය දේශවල තාවකාලිකව පදිංචි වූවෝ බව රටට දැනෙන වකවානුවකි. ඉතිරිවන නගරයේ ධනවතුන් ද පිට පලාත්වල හෝටල් කරා ඇදෙන අතර ඉතිරිවන්නේ එක්තරා කොටසක් පමණකි.

 

නගරය පාලූ වෙයි. හෝටල් වැසෙයි. පර්ත වාහනය අඩාල වන අතර නගරයේ ඉතිරිවන ජන කොටසට අත්ය වශ්යත දෙයක් මිලදී ගන්නට හෝ වෙළද සැලක් විවෘත නොවේ. ආහාර පාන බහුලව තිබුණ බොජුන් හල් වැසී යන්නේ යළිත් මැයි මාසය උදාවන තෙක් සුපුරුදු රිද්මයට පත්නොවන බව අගවමින්ය. නගරයෙන් පිටත්ව ගිය පිරිස තමන් මහා වෙහෙසක් විදිමින් ගතවූ කාලය අමතක කරන්නට තරම් සතුටු වෙති. ජීවත්වන්නට සරිලන තරමට යමක් උපයාගන්නට හෙලන ලද දහඩිය හා කදුලූ ගැන කිසිසේත් නොඅගවති. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සමරන අප හැම දෙනාම අවුරුද්දේ අරුත අමතක නොකළ යුතුමය.