තමන්ගේ අනාගතය තී‍්‍රවිලර් රස්සාවද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/10/28 – ලංකාදීප
තී‍්‍ර වීලරය ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවයන්හි සැලකිය යුතු තැනක් දිනාගන්නට සමත්ව තිබේ. තී‍්‍ර විලර් භාවිතාවට එන්නේ කහ පැහැති ටැක්සි යුගය අවසන් කරමින්ය. පොදු ප‍්‍රවාහන සේවා අතරතුර තමන්ගේ හදිසි සහ පහසු ගමන වෙනුවෙන් මීටර් ක‍්‍රමයට ධාවනය කළ කාර් ටැක්සි සේවාවක් තිබූ බව අද පරම්පරාවේ වැඩි දෙනෙකුට හො`ද මතකයක් නැත. මෙම කාර් ටැක්සි වෙනම උප සංස්කෘතියක් හා ඒ ආශ‍්‍රයෙන් වර්ධනය වූ භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කරන්නේය. සේවාව තුළ අහිංසකත්වය ද, සටකපටකම් ද නොඅඩුව තිබූ බව එම වකවානුවේ අත්දැකීම් සහිත අය දක්වන අදහස් අතර වෙයි.

තී‍්‍ර විලර් රටට ඇතුළු වෙන්නේ එම පැවැත්මට අභියෝගයක් වශයෙන්ය. අලූත් ආර්ථික රාමුවක් තුළ අලූත් සමාජ භාවිතාවක් හමුවේ ඉතාම වේගයෙන් ගම් දනවු පුරා තී‍්‍ර විලර් භාවිතා වෙන්නට පටන් ගනී. සේවා ආර්ථිකයක් වශයෙන් දියුණු වන ශ‍්‍රී ලංකාවේ ගමන බිමන ඉක්මනින් කරගන්නට එයින් ලැබෙන්නේ පහසුවකි. සැලකිය යුතු ආකාරයට පුලූල්වන මධ්‍යම පැලැන්තියේ අවශ්‍යතා වෙනුවෙන් පිහිටට එන්නේ තී‍්‍ර විලරයයි. කාර්යාලයට යන්නට, පාසලට දරුවා ගෙනයන්නට පමණක් නොව හදිස්සියට පිහිට වෙන්නේ ද ත‍්‍රීවිලරයයි. වර්තමානය වන විට රට තුළ භාවිතා වන තී‍්‍රවිලර් ගණන දස ලක්ෂය ඉක්මවා තිබේ. තී‍්‍ර විලර් අයිතිකාර සහ ඒවා උපයෝගී කරගෙන ආදායමක් උපයා ගන්නා සමාජය ලක්ෂ සංඛ්‍යාතය.

තී‍්‍ර විලර් එකක් මිලදී ගන්නට වත්කමක් නැති දස දහස් සංඛ්‍යාත පිරිසක් දිනපතා කුලියට ගන්නා එකකින් යමක් හරි හම්බකර කුලිය ගෙවා දෛනික ආදායමකින් ජීවත්වන ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය. මෙකී දස ලක්ෂ සංඛ්‍යාත තී‍්‍ර විලර් ටැක්සි සේවාවේ නිරත වෙන්නේ රටේ එක්තරා ආකාරයකට දක්ෂ, කුසලතා ඇති තරුණ පිරිසකි. මෙම කණ්ඩායමේ අනාගතය තී‍්‍රවිලර් එකකට සීමා කළ යුතු ද? අද අවධානයට ගත යුතු ගැටලූව එයයි.තී‍්‍ර විලර් එකක් මිලදී ගැනීම හීනයක් විය යුතු නැත. හන්දියක නතර කර පැය ගණනක් බලා සිට කෙටි දුරකට කුලී ගමනක් යන එක ජවය ඇති ජන කොටසක අපේක්ෂාව බවට පත්වීම යුක්ති සහගත එකක් නොවේ. කහ පැහැති ටැක්සි සේවාව අවසන් වූ ආකාරයට ත‍්‍රී විලර් සේවාවට ද යා හැකි දුරක් ඇත. සමාජ පරිවර්තනය වෙන්නේ මෙම යුග අවසන් කරමින් බව සිහිපත් කළ යුතුය.

ආර්ථික සමාජයීය වශයෙන් ශ‍්‍රී ලංකාව දියුණු වන අවස්ථාවක ත‍්‍රී විලර් භාවිතාවට ද ගමන් කළ හැකි දුරක් තිබේ. එම දුර ගමනේ එක්තරා කඩඉමක් දක්වා පැමිණ ඇති මෙම අවස්ථාවේ දී සේවයේ නිරත දස ලක්ෂ සංඛ්‍යාත පිරිස පරිවර්තනයට මුහුණ දෙන්නේ කෙසේදැයි සාකච්ඡුා කිරීම අද ඇති අවශ්‍යතාවයකි.ජාත්‍යන්තරය තුළ සිදුවන වෙනස්කම් අනුව ඉඩ කඩ විකිණෙමින් තිබේ. ගමන් කරන වාහනයක ඇති ඉඩ අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කරන අතර මිලක් ගෙවා නොදන්නා වාහනයක තමන් දන්නා තැනට යන්නට හැකි ආකාරයේ ඇප් විශේෂ නිර්මාණය වී තිබේ. මෙරටට ද ඇතුළු වී ඇති ඇප් මගින් ටැක්සියක් ගෙන්වා ගන්නා නමුත් ලෝකයේ සිදුවන දේ අනුව එකම කුලී රියක්වත් නැති ලෝකයේ විශාලතම ටැක්සි ව්‍යාපාරය දැන් අන්තර් ජාලයේ ස්ථාපනය වී හමාරය. තමන්ගේ පුද්ගලික රිය තුළ ඇති ඉඩකඩ තවත් කෙනෙකුට අළෙවි කර සේවාවක් සපයන අතරතුර ආදායමක් උපයන ව්‍යාපාරයක් හැදෙන පසුබිමක තී‍්‍රවිලරයක් මිලදීගෙන හයර් අපේක්ෂාවෙන් පාරටවී සිටීම නිෂ්ඵල එකක් බව නොඅනුමානය.

තාක්ෂණය වේගයෙන් සමාජය වැළ`ද ගනිමින් තිබේ. තමන්ගේ නිවසේ ඇති ඉඩ කුලියට දෙන ව්‍යාපාර බිහිවෙයි. තමන්ගේ වාහනයේ ඇති ඉතිරි ආසනයට මගියෙකු මගදී නංවා ගත හැකි ආකාරයට ස්මාට් ජංගම දුරකථනය පහසුවක් සපයයි. මේවා ඉදිරි වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි දේ බව ස`දහන් කළ යුතුය. මෙරට ජනගහනයට වැඩි ප‍්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා වන සහ ඒවා දත්ත හුවමාරු කළ හැකි ස්මාට් දුරකථන වන පසුබිමක ස`දහන් කරන මෙම ව්‍යාපාරය රට තුළ පැතිරෙන විට තී‍්‍ර විලර් ටැක්සි සේවාව අන් මගක් ගන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි එකකි. මෙම අලූත් දේ සිදුවන විට ඒ වෙනුවෙන් පසුබිම සකස්වන අතර තුර දැනට පවත්වාගෙන යන සේවාවන් මුහුණ දෙන ගැටලූ ගැන සලකා බැලීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම විය යුතුය. තරුණන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම තී‍්‍රවිලරය වෙනුවෙන් සීමා විය යුතු නැත. අලූත් දේ වෙනුවෙන් යොමු කළ යුතුය.

Advertisements

ජාත්‍යන්තරය කළඹන ඩ්‍රෝන තාක්ෂණ මෙවලම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/10/21 – ලංකාදීප

මිනිසුන් රහිත ඩ්‍රෝනා යානා භාවිතාව ගැන ආන්දෝලනාත්මක පැති අනාවරණය වෙන්නට පටන්ගෙන තිබේ. මෑතක දී සාමාන්‍ය භාවිතාවට එකතු වූ මෙම යානා විශේෂය තාක්ෂණික සොයාගැනීම් වල අලූත් පැත්තකි. යුද බිමේ සටන් සිදුවන විට මිනිසුන්ට කළ නොහැකි දේ කරන්නට යම් මෙවලමක් උවමනා වෙයි. මිනිසුන් රහිතව අහසින් ගමන් කළ හැකි සහ දුර සිට මෙහෙයවා ඉලක්කයටම යවන්නට හැකි ඩ්‍රෝන යාත‍්‍රා නිපදවා අත්හදා බලන්නේ ඒ අනුවය.

ඩ්‍රෝනා යාත‍්‍රා පමණක් නොව අද භාවිතාවන නොයෙක් තාක්ෂණික මෙවලමි නිපදවන්නේ යුද්ධයේ දීය. ඇමරිකානු ආරක්ෂක අංශ තොරතුරු හුවමාරුවට සී.ඞී. තාක්ෂණය අනාවරණය කරගනී. අන්තර් ජාලය ද එහි ප‍්‍රතිඵලයකි. ඩ්‍රෝන ඇතුළු මේ සියලූම මෙවලම් නිපදවන්නේ මුහුණට මුහුණ කරන ලද යුද්ධය සාමාන්‍ය මිනිසුන්ට හානියක් නොවී දුර සිට මෙහෙයවන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට උත්තරයක් වශයෙනි. කඩුවෙන් කිනිස්සෙන් මුහුණට මුහුණ ලා මිනිසුන් අතර සිදුවූ යුද්ධය පසුව කාලතුවක්කුව සහ දුර සිට මෙහෙයවන මිසයිලයක සිට මිනිසුන් රහිත යානා දුර සිට මෙහෙයවා සතුරා පරාජය කරන තැන දක්වා දියුණු වෙයි. එයින් කරන්නේ මිනිස් ජීවිත වලට කරන අවම හානියකින් සතුරා අඩපණ කරන වෑයමකි.

මෙම සොයාගැනීම් ලෝකය පුරා පැතිරෙන අතර මෙරට ත‍්‍රස්තවාදය පරාජය කරන්නට පවා කේලමා යනුවෙන් භාවිත වූයේ යුද බිමේ ඔත්තු බලන මිනිසුන් රහිත ඩ්‍රෝන යානයකි. මෙම යානා අද වන විට ස්විට්සර්ලන්තය අත්හදා බැලීමක් වශයෙන් තැපැල් ලිපි බෙදාහැරීමට ඒවා උපයෝගී කරගනිමින් සිටින අතර රුවන්ඩාව ඒ වෙුනවෙන් යාත‍්‍රාංගනයක් ඉදිකරන්නට සූදානම් වෙයි. සිතියම්ගත කරන්නට, මාධ්‍ය ආයතන කැමරා පාවිච්චියට පමණක් නොව ඉදිකිරීම් කටයුතු වලට පවා ඩ්‍රෝන බාවිතා කරන්නට පටන්ගෙනතිබේ. ඇමරිකාව උත්සාහ කරමින් සිටින්නේ මෙම යානා ලියාපදිංචිකර රෙගුලාසි පද්ධතියක් හ`දුන්වා දෙන්නටය.

එසේ තිබිය දී theintercept.com නමැති වෙබ් අඩවිය කරන අනාවරණයක් ජාත්‍යන්තර ප‍්‍රජාව තිගැස්මකට ලක් කර තිබේ. මිනිසුන් රහිත ඩ්‍රෝන යානා ලෝකයේ තැනින් තැනට ප‍්‍රහාර එල්ල කර ඇත. මෙයින් අවුරුදු දහයකට කලින් ඩ්‍රොන් යානා එල්ල කරන ලද ප‍්‍රහාර වලට අණ දෙන්නේ ධවල මන්දිරය බව මෙම වෙබ් අඩවිය චෝදනා කරයි. ‘‘ඩ්‍රෝනා මෙවලමකි. එය ප‍්‍රතිපත්තියක් නොවේ. නමුත් ඇමරිකාවේ ප‍්‍රතිපත්තිය වී ඇත්තේ ඝාතනය’’ බව මෙම වෙබ් අඩවිය කියයි. අවාසනාවකට මෙම මෙම යානා එල්ලකරන ලද ඉලක්ක වලින් සෑහෙන ප‍්‍රමාණයක් අසාර්ථක අතර ප‍්‍රහාර වලින් මියගොස් ඇත්තේ සාමාන්‍ය ජනතාවය. ඇමරිකාවේ බල පුලූවන්කාරකම යුක්ති සහගත එකක් දැයි ප‍්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ.

ඩ්‍රෝනා යාත‍්‍රා අත්හදා බලමින් ඒවා වැඩි දියුණු කරන්නට ඇමරිකානු ඩොලර් බිලියන හතකට ආසන්න මුදලක් වැය කෙරෙන අතර එය ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන 22 ඉක්මවන ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව ප‍්‍රකාශ වෙයි. එවැනි අනුමාන පවතින අවස්ථාවක ඇමරිකාවේ තිරණය අනුව සෝමාලියාව සහ යේමනය ඉලක්ක කරගෙන 2011 සිට 2013 දක්වා ඩ්‍රෝන යාත‍්‍රා මගින් ප‍්‍රහාර එල්ල කර තිබේ. හො`ද ඉලක්කයක් ගත හැකි සහ දුර සිට ඉලක්කයටම මෙහෙයැවිය හැකි මෙම යානා වලින් කරන ලද ප‍්‍රහාර වරදින්නේ කෙසේදැයි මෙම වෙබ් අඩවියේ අනාවරණය සමග ගැටලූ මතු කර ඇත. ප‍්‍රහාර දෙසියයක් පමණ කර ඇති අතර එයින් සියයට අනූවක් පමණ අසාර්ථක බව පෙන්වන මෙම වෙබ් අඩවියේ තොරතුරු කියන්නේ කිලෝ මිටර් 450 ක සිට කිලෝ මිටර් 1,000 දක්වා දුරක සිට මෙහෙයවා ඇති මෙම ප‍්‍රහාර වලින් සිදු කරන්නට ඇති ඝාතන සහ එයින් මතුකරන අමිහිරි ස්වභාවය බව තේරුම් ගැනීම වැදගත්ය.

අද ජාත්‍යන්තරය වේගයෙන් පරිවර්තනය වෙන යුගයකි. මෙම පරිවර්තනය තුළ තාක්ෂණයට හිමි තැන බලවත්ය. තාක්ෂණය ජීවිත පහසු කරන අතර එයින් ජන ජීවිතය උසස් තැනකට කැ`දවන බවට විශාල අදහස් පැන නගී. දි ඉන්ටර්සෙප්ට් නමැති මෙම වෙබ් අඩවිය කර අනාවරණ පෙන්වා දෙන්නේ තාක්ෂණ දියුණුව සමග නවීන මෙවලම් ක‍්‍රියාකරන ආකාරය සම්බන්ධවය. අනාගතයේ දී ගැටුම් ඇතිවන වකවානුවක යුද්ධය පැවැතිය හැක්කේ මෙවලම් අතර බවට මෙයින් අදහසක් ලැබේ.

බටහිර දියුණුවේ රහස අනාවරණය කරගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/10/ 14 – ලංකාදීප
අද වන විට පවතින්නේ පෙරදිග යුගය බව ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අදහසයි. එවැනි තීරණයකට එළැඹෙන්නේ ආසියාව පදනම් කරගෙන පෙරදිග කලාපයේ සිදුවන පරිවර්තනයයි. ලෝකයේ පැවැත්ම තීරණය කරන බලවත් සාධකය බවට පෙරදිග පත්ව ඇති අවකාශය තුළ එහි පසුබිම සලකා බලන්නට පර්යේෂකයෝ නැඹුරු වෙමින් සිටිති. එපමණක් නොව, පෙරදිග යටපත් කරගෙන බටහිර ඉහළට නැගෙන්නට හේතු වූ බලවත් කරුණු කවරේදැයි සොයා බලන්නට ද පර්යේෂකයෝ උන්නදු වෙමින් සිටී.

එක්තරා යුගයක ජාත්‍යන්තරය අවදිවෙන්නේ පෙරදිග කලාපයේ සිදුවූ අලූත් සොයාගැනීම් පදනම් කරගෙනය. කඩදාසි, මුද්‍රණ යන්ත‍්‍ර, වෙඩි බෙහෙත් ආගමික දර්ශනය, ගණිතය ඇතුළු නොයෙක් කාරණා සොයාගන්නේ පෙරදිග රටවල්ය. එවැනි අනාවරණ තුළින් පෙරදිග බලවත් තැනකට පත්වෙයි. නමුත් එයින් පසු සිය වස් කිහිපය තුළ ඉහළට නැගෙන්නේ බටහිර රටවල්ය. බටහිර සාර්ථකත්වය අත්පත් කරගත්තේ ප‍්‍රධාන කරුණු හයක් පදනම් කරගත් දැක්මක් අනුව බව ඉතිහාසඥයෙකු වන නියල් ෆර්ගසන් සිය Civilization: The West and the Rest lකෘතියෙන් දක්වා තිබේ. පිබිදෙන මාවතට ප‍්‍රවේශ වී සිටින පෙරදිගට පමණක් නොව එහි අභ්‍යන්තරය ගවේශනය කර අලූත් පැවැත්මක් සකස් කරගන්නට සූදානම් වන ශ‍්‍රී ලංකාවට ද මෙම අදහස් වැදගත්ය. තර`ගකාරීත්වය, විද්‍යාව, පුද්ගල දේපොල අයිතිය, සෞඛ්‍ය, පාරිභෝගිකත්වය සහ වැඩ කරන ආකල්ප මෙහිලා ප‍්‍රමුඛ කරුණු බව ෆර්ගසන් ස`දහන් කර තිබේ.
ෆර්ගසන් බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයෙකු වන අතර හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව තර`ගය ඇතිකරන්නේ රටවල් අතර යුද්ධයයි. කුඩා රටවල් අතර නිතර හටගත් යුද්ධ තර`ගයට මග පෑ¥ අතර යුද්ධය සාර්ථක කරගන්නේ ඒ වෙනුවෙන් යෙදවූ විශාල යාන්ත‍්‍රණය හෙයින්ය. මෙහි වැඩි බරක් උසුලන්නේ විද්‍යාවයි. විද්‍යාව යනුවෙන් අදහස් කරන්නේ නව සොයාගැනීම් සහිත තාක්ෂණයවන අතර දැන් බටහිර නාවෝත්පාදනයට හේතු වූ සෑම මෙවලමක්ම යුද්ධය වෙනවෙන් කරන ලද දේ වන අතර පසුව වානිජ පදනමකින් සමාජ භාවිතාවට එයි. බටහිර රටවල දේපොල අයිතිය පුද්ගලයන්ටය. රාජ්‍ය කරන්නේ නීති පැනවිම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමයි. ඉඩම දේපොල හැටියට පුද්ගලයන්ට අයිතිවන විට එයින් යමක් නිෂ්පාදනය කිරිම සහ ආර්ථික වටිනාකමක් බිහිකරන ආකාරයට හරවා ගැනීමට පුද්ගලයන්ට උවමනාවක් ඇතිවෙයි. ආණ්ඩු ඉඩම තමන්ගේ අයිතියක් වශයෙන් පරිහරණයෙන් තොරව පවත්වාගන්නා අතර පුද්ගලයන් ඉඩම ව්‍යවසායකත්වයට හරවන විට එහි වාසිය ලැබෙන්නේ ආර්ථිකයකටය.

ෆර්ගසන් සිය කෘතියෙන් තව දුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ගැන බටහිර දැක්වූ උවමනාවයි. සමාජය නිරෝගී පැවැත්මක් සහිතව නඩත්තු කරන්නට ප‍්‍රංශය ගෙන ගිය වැඩ පිළිවෙල ද අද සාකච්ඡුා කරන්නේ මෙහි ස`දහන් වන කාරණය මතු කරන එකක් වශයෙන්ය.
අනෙක් වැදගත් කාරණය සේ සලකා බලා ඇත්තේ පාරිභෝගිකත්වයයි. බටහිර රටවල් වෙළ`ද පොල විප්ලවයක් ඇති කරන්නට ඇ`දුම් පැළ`දුම් ආහාර පාන පවා විවිධත්වයකට ගෙන ගිය අතර එය පමණක් නොව රටවල් පාලනය කරගෙන වෙළ`දාම පතුරවන්නේ ච එහි එක් පියවරක් වශයෙන් බව දැක්වෙයි. වැඩ කරන ආකල්පය අවසාන කරුණ බව ෆර්ගසන් සිය කෘතියෙහි පෙන්වා දෙයි. ඕනෑම රටක පැවැත්ම කෙරෙහි බලපාන්නේ වැඩකරන්නට සමාජය දක්වන ආකල්පයයි. අද වන විට ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැනි පැති වලින් සාකච්ඡුා කරන නමුත් තර`ගය ඇති කරන්නට හේතුවන ආකාරයට වැඩ කිරීම බටහිර සාර්ථකත්වයට හේතු වී තිබේ යැයි පෙන්වා දෙයි.

මේ ආකාරයට ස`දහන් කරන කරුණු නිවැරදි ආකාරයට අවබෝධ කරගෙන දර්ශනයක් ගොඩනගා ගතහොත් රටකට ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ පවා ඉඩම පරිහරණය නොකරන සම්පතකි. පුද්ගල දේපොල නොව ආණ්ඩුවේ අයිතියක් වශයෙන් පවතී. තර`ගකාරීත්වය ගැන සලකන්නේ නැත. අලූත් සොයාගැනීම් හෝ සෞඛ්‍ය පහසුකම් ගැන සලකා බලන ආකාරය ප‍්‍රමාණවත්ද? පාරිභෝගිකත්වය සහ වැඩකරන ආකල්ප ගැන සෑහීමකට පත්විය හැකිද? නියල් ෆර්ගසන් බටහිර කලාපය ලෝකයේ සෙසු පැත්ත සමග සස`දන්නේ බටහිර සාර්ථකත්වයේ රහස අනාවරණය කරන ආකාරයෙන්ය. තේරුම් ගත යුතු කාරණය එයයි. යළි නැගී සිටින පෙරදිග කලාපයට මෙම අධ්‍යයන වැදගත්වන අතර ශ‍්‍රී ලංකාව එය තමන්ට ගැලපෙන ආකෘතියක් වශයෙන් අධ්‍යයනය කිරීම වැදගත්ය.

ආගමික සහජීවනය උදෙසා වැඩ පිළිවෙලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/10/07 – ලංකාදීප
රටට ස්වකීය අනන්‍යතාවයක් තිබුණි. එය බලවත් උරුමයකි. එකී උරුමයේ ශික්ෂණය ඇතිකරන්නේ ආගමික දර්ශනයයි. රටක පැවැත්ම ගොඩනගන්නේ බෞද්ධ සහ අන්‍ය ආගමික විනයයි. ශ‍්‍රී ලංකාව අවුරුදු දෙදහස් ගණනක් නිවී සැනසිල්ලේ ජීවිත පැවැතියේය. පසුව අවුරුදු පන්සියයක් බටහිරට යටත් රටක් බවට පත්වෙයි. රට නිදහස් වන නමුත් එයින්පසු ඉකුත් වසර හැට හත තුළ පෙන්වන්නේ යම් යම් ආකාරයට මතුවන ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වයයි.
යටත් විජිත පාලනයෙන් නිදහස් වූ රට දශක හයක් ඇතුලත දහස් ගණන් ජීවිත අහිමිකරන භයානක ත‍්‍රස්තවාදයක් කරා ගමන් කරන්නේ ඇයි? නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වලකන්නේ කෙසේද?

මේවා සාකච්ඡා කර සමාජ ස්ථාවරභාවය වෙනුවෙන් ඉවසිලිවන්ත සමාජයක් බිහිකරගන්නට අවශ්‍යය. බෙදීම් තුරන්කර සමාජ එකමුතුව ඇති කළ යුතුය. නීති වලින් එය කරන්නට පුලූවන් කමක් තිබේද?

ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් හෝ පාලන ක‍්‍රමයේ සංශෝධන වලින් එය කළ හැකි කිසියම් සීමාවක් තිබේ. සමාජ උන්නතිය උදෙසා ආගමික දර්ශනය උපයෝගී කරගැනීම ඉතා වැදගත්ය. පුනර්ජීවනය උදෙසා ආගමික පිටුවහල අවශ්‍යය. සියලූ ජාතීන්, සියලූ ආගම් එකතුවී රට තුළ පවතින කාරණා පුලූල්ව සලකා බලන ක‍්‍රියාවලියකට ගමන් යුතුව තිබේ. රාජ්‍යයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උපදේශක මණ්ඩලයක් අවශ්‍යය. බෙදීම් වෙනුවට එකතුවෙන්නට ද, පමණක් නොව එකමුතුව තුළින් සර්ව සාධාරණ ආකාරයට ප‍්‍රශ්න දෙස බලන්නට හැකි පුලූල් පසුබිමක් ඇතිකරන්නට ද මෙම උපදේශක මණ්ඩලය වගවිය යුතුය. යුක්තිය ගැන අ`ගවන ක‍්‍රමයක් ඇති කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නිසි මගක් ද විය හැකිය.

සර්ව ආගමික කොන්ග‍්‍රසය මෑත කාලය තුළ මෙරට ජාතික ප‍්‍රශ්න දෙස විමර්ශණාත්මකව බලන විද්වත් මණ්ඩලයක් වශයෙන් ක‍්‍රියාකර තිබේ. ඒ සම්බන්ධව අත් දැකිම් රටට ඇත. එම සර්ව ආගමික කොන්ග‍්‍රසය පදනමක් වශයෙන් සලකා පුලූල් සහභාගීත්වයක් ඇතිව රටට සහ නායකයන්ට උපදෙස් දෙන යාන්ත‍්‍රණයක් වශයෙන් සකස් කරගත හැකිය. ජාතික මට්ටමින් පමණක් නොව බිම් මට්ටමින් සර්ව ආගමික කොන්ග‍්‍රසය පිහිටුවීම සුදුසුය. යම් යම් ප‍්‍රශ්න මතුවූ අවස්ථාවේ දී තාවකාලිකව මෙවැනි සංවිධාන පිහිටුවා ආගමික සහ ජාතික එකමුතුව ඇති කරගත් නමුත් එයින් ඔබ්බට දීර්ඝ කාලීනව සලකා බලන ව්‍යුහයක් බවට පත්වන්නේ නැත. දැන් එම අවස්ථාව ඇති කරගැනීමට උචිත කාලය උදා වී තිබේ.

ජාතික මට්ටමින් පිහිටුවන අතර සෑම පලාතක්ම, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණය වන පරිදි සර්ව ආගමික නියෝජනය සහිත සංවිධාන පිහිටුවා ඒවායේ මග පෙන්වීම අනුව මෙරට සමාජ සහ ආර්ථික ව්‍යුහය තුළ අලූත් දැක්මක් ගොඩනගන්නට හැකියාව තිබේ. විවිධ ජාතීන් සහ විවිධ ආගම් ජීවත්වන සමාජයක සියලූ දෙනාට ගැලපෙන පොදු අදහස් මතු කරගන්නට බිම් මට්ටමේ සිට ඉහළට විහිදෙන සර්ව ආගමික ආයතනික රාමුවකින් විශාල සේවාවක් අපේක්ෂා කළ හැකිවෙයි.මේ ආකාරයටම බුද්ධ ශාසන උත්තරිතර උපදේශක මණ්ඩලයක් ද ස්ථාපිත කරන්නට හැකි බව ස`දහන් කළ යුතුය.

එය ආණ්ඩුවට සහ නායකයන්ට අවශ්‍ය වේලාවේ දී අදහස් හුවමාරු කරගන්නට සහ උපදෙස් ගැනීමට හො`ද පසුබිමක් ඇති කරනු ඇත. මහා නායක හිමිපානණ් වහන්සේලා හෝ නියෝජිතයන් ඇතුළු සියලූ නිකාය නියෝජනය වන පරිදි මෙම උත්තරීතර උපදේශක මණ්ඩලය සකස් කිරීම උචිතය.ශ‍්‍රී ලකාව ඇතුළු වෙමින් පවතින්නේ අලූත් යුගයකටය. එම යුගයේ දී තාක්ෂණය බහුල වනවා පමණක් නොව එම තාක්ෂණය ඇති කරන පීඩනය ද තේරුම්ගත යුතුය. ලෝකයේ නොයෙක් රටවලින් ලැබෙන තොරතුරු පෙන්වන්නේ අන්තවාදය නැවත නැවතත් හිස ඔසවන බවය. එක වතාවක් පාඩම් ඉගෙන ගත් ශ‍්‍රී ලංකාවට ආගමික සහජීවනය සහ සියලූ ආගම්වල දර්ශනය බලවත් පිටිවහලක්වනු නොඅනුමානය.