ඇසට ඇසක්, දතට දතක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

29.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජගත් පර-ැතජාවගේ අවධානයට ලක්ව ඇත. පසුබිම ජිනීවා මානව හිමිකම් සමුලූවයි. යෝධයන් අතර කුඩා රටකට පැවැත්ම පහසු නැත. එය තේරුම්ගත යුතුය. කාලයක්, ඇමරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්ය අතර සීතල යුද්ධයක් තිබිණ. නොබැඳි ව්යාටපාරය එයට විකල්පයක් විය. එය සමබර විදේශ පර. තිපත්තියකට දොරටු විවෘත කළේය.
ඇමරිකාව ලෝක බලවතාය. බලවත් රටවල් අතර දේශ සීමා රහිත ජනතා බලවේග ඇත. මෙම බලවේග පරිසරය, මානව හිමිකම්, මාධ්යො නිදහස හෝ කාන්තා අයිතීන් වැනි දේ වෙනුවෙන් පෙනී සිටිති. සන්නිවේදන හා මාධ්යධ දියුණුව ලෝක වාසී සමාන අදහස් ඇති ජන බලවේග ගොඩනගයි. වෙබ් අඩවි, බ්ලෝග් සමාජ එයට මහත් උපකාරයකි. දේශ සීමා නැති ජන බලවේග ගොඩනැගෙන්නේ එහෙමය. රටක පැවැත්මට ගන්නා තීරණ අභ්ය න්තර හා බාහිර පීඩනයකට ලක්වෙයි. පාලකයන්ට දෙකොණ විලක්කුවකි.
පෙනෙන අන්දමට කුඩා රටක්, කුඩා ආර්ථිකයක් ඇති සමාජයකට ජගත් පරාහ ජාව ඉදිරියේ ධෛර්යවත් ලෙස අභිමානයෙන් නැගීසිටින්නට හැකියාව ලැබීම සුවිශෙෂී අවස්ථාවකි. ශරීා ලංකාවේ පර සුතිරූපය සම්බන්ධයෙන් වැදගත් වන්නේ විදේශ සම්බන්ධතා හා එහි උපායශීලී බවයි.
පර්වතය පෙනී, එහි හැපී එය මැඩ ගෙන පෙරට යා හැකිය. පර්වතය කැන උමගකින් පිටවීම හෝ පර්වතය වටා යමින් එය මගහැරයාම තවත් අවස්ථාය. ඉතිහාසයේ දී බාහිර ආකරි උමණ පැමිණි අවස්ථාවේ දී ශක්තිය, ධෛර්යයට අමතරව උපාය පාවිච්චි කරන ලද බවට සාක්ෂි ඇත. කුඩා රටකට බලවත් රාජ්යය අභියෝගයක් වියහැකි නමුත් උපායදැන දුරදක්නා නුවණින් කිරකුඩයාකිරීමෙන් ගෞරවයත් අවස්ථාවත් දිනා ගත හැකිය. ආර්ථීක දේශපාලන වෙනස්කම් ඉදිරියේ රාජ්යා නායකයන් විවිධ තීරණ ගෙන ඇත. අභියෝග, තර්ජන හා මර්දන ඉදිරියේ විටෙක නැමෙමින් හා තවත් අවස්ථාවක පියවරක් පිටුපසට තබමින් කිරරියයාකිරීම හෙයින් අනන්යිතාව ආරක්ෂා කර ගන්නට සමත්ව තිබීම කැපීපෙනෙයි.
1971 කැරැල්ල, 83 ජූලි කලබල, 1987 දෙවැනි කැරැල්ල හා එල්.ටී.ටී.ඊ තර71 ස්තවාදය ශරි, 8 ලංකාවේ විදේශ පර19 තිපත්තිය අභියෝගයට ලක්වූ බැරූරුම් අවස්ථාය. විදේශ මිතුරන් ගේ භූමිකාව වෙනස්ය. රට තුළ මතය ට වැඩි පීඩනයක් ජාත්ය න්තර මහජන සංවිධාන එල්ල කරයි. මානව හිමිකම්, හා පරඩන ජාතන්තරර මවාදී අයිතීන් හමුවේ වන බලපෑම් සමබර කරගනිමින් පරට ලශ්න වලට මුහුණදීම පහසු නැත. දශක තුනක් යුධ පරිසරයකට ගොදුරු වී සිටි යුගයේ ශීර සම ලංකාව ට ජාත්ය න්තරය ඉදිරියේ තිබුණ පරරිසතිරූපය වෙනස්ය. තර ප ස්තවාදය අවසන්ය. සාමය තහවුරු කරගැනීම කරා ගමන් කරන ශරී‍ ව ලංකාව අලූත් තැනෙකි. ඇසට ඇස, දතට දත න්යානය නොවේ. සහමුලින්ම පරැනෙජාතන්තර අවවාදී එකක් විය යුතුය. කලූ පැහැයෙන් සුදු පැහැයට වෙනස්ව ඇති බව ඔප්පු කිරීම අද රටට ඇති අභියෝගයයි. එය පහසු නැත.

Advertisements

වෛරක්කාර සමාජයක ලකුණු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

22.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වෛරයෙන් වෛරය සන්සිඳන්නේ නැත. වෛරය කිසිදු දහමක උගන්වන පාඩමක් නොවේ. මහජනතාව වෛරක්කාරයන් වෙමින් සිටී. එය භයානකය. අධිවේගී මාර්ගය මෙරට සංවර්ධනයේ තීරණාත්මක සංකේතයකි. එය සුපිරි පෙලැන්තියට සීමා වූ මාර්ගකැයි මහජනතාව සිතයි. ඉදිවූ මාර්ගයෙන් දෙකට බෙදුණ ගම් වල වෙසෙන හිතුවක්කාරයෝ එහි ධාවනය වන වාහන වලට වෛර කරති. එහි යනෙන වාහන වලට පහර දෙති.

බස් රියක් එනතුරු නැවතුමේ සිටින මගීන් ඔවුන් පසුකරගෙන යන සුඛෝපබෝගී වාහන දැක තරහක් ඇති කර ගනී. අත්යිවශ්ය් ද්රනව්ය මිලදී ගන්නට වෙළඳ පොලට යන වැඩි දෙනෙකු එහි ගතකරන්නේ නොරිස්සුම් සිතකින්ය. දරුවන් ඉල්ලන දේ මිලදී ගන්නට වත්කමක් නැත. රූපවාහිනියෙන් පෙන්වන රස වෑහෙන දේ දකින ළමයින් අඹ, නාරං, නෙල්ලි වලින් රැවටිය නොහැකිය. ඉසුරුමත් ජීවිත ගත කරන සුඛෝපබෝගී නිවාස වල ජීවත්වන්නන් පරිහරණය කරන දේ සාප්පු පුරවා අළෙවිවන නමුත් ඒවා මිලදී ගත හැක්කේ සුළු පිරිසකටය. වැඩි දෙනෙක් ඒ දැක වෛර කරන්නේ පවතින කර පෙමයටය. එලවලූ කූඩ ගිනි තියමින්, බෝට්ටු මහ මගට ගෙන ගිනි තබා විරෝධය පළකරමින් පිට වන්නේ මේ වෛරයයේ එක පැත්තකි. කොටසකට ඇති නමුත් තමන්ට දිනාගත නොහැකි දේ හමුවේ විශාල පිඩනයකින් සමාජය කැකෑරෙමින් සිටී.
ධෛර්යවන්ත මිනිසුන් සිටින රටකි. නමුත් අවස්ථා දිනා ගත නොහැකියැයි දුර්වල මානසිකත්වයක් බිහිව ඇත්තේ ඇයි? එම දුර්වලතාව රටට අවාසනාව උදාකර තිබේ. පාලන කර්වලමය අනුව යම් දිනයක මේ පරහි ශ්න විසෙඳනු ඇතියැයි ඔවුහු කල්පනා කරමින් සිටිති. එවැන්නක් නොවන බව පෙනෙන විට වෛරය, ක්රෝ‍ධය ඇවිලෙයි. සමාජයේ කොටසක් තමන්ට සාධාරණ අවස්ථා අඩු බව අවබෝධයක් ඇති කර ගනිමින් සිටින බව පෙන්. එයට හරස් වී ඇති බලවේගය කුමක්ද? පාසලට දරුවෙකු ඇතුල් කරන්නට, රුකියාවක් ගන්නට, උසස්වීමක්, ස්ථාන මාරුවක් ඇතුලූ හැම දෙයකම අවසාන තීන්දුව දේශපාලනයයි. අවස්ථාව ඇත්තේ සාධාරණත්වයට, කුසලතාවයට නොවේ. පක්ෂ දේශපාලනය එහි තීරකයාය. දේශපාලන හිතවත්කම් නැති පිරිස අතෘප්තියෙනි. අසහනයෙනි. වෛරක්කාරයන් තනන මේ සමාජය ගමන් කරන්නේ අවරටය.

ආර්ථිකය, සමාජය දියුණු වන විට මෙවැනි අසම්මත පැවතිය නොහැකිය. සමාජයේ ධනවත් කමින් ඉහළට ස්ථරයට ගමන් කරන කොටසට, සමාජ නායකයන්ට හා ජනමාධ්යැ වලට වගකීමක් තිබේ. එය සමාජයේ පදනමයි. එකී පදනම ද තමන් අතරමං කරන බව පෙනීම ජනතාව තුළ මහා භංගත්වයක් ඇතිකරයි.
තමන් පෙන්වන දෙයින්, තමන් මහජනතාවට කරන සන්නිවේදනයෙන් සමාජය ගන්නා දේ කුමක්දැයි සිතන්නට ජන මාධ්යනය අවධානය යොමුකළ යුතුය. තමන් හැසිරෙන ආකාරය සමාජයට පරමාදර්ශයක් ඇති කරන්නට සමාජ නායකයන් සූදානම් විය යුතුය. තමන් උපයන ධනයෙන් කොටසක් යළි සමාජ පරතරය දුරුකරන්නට යෙදවීම කෙරෙහි ධනවත් සමාජය පෙළඹීම වැදගත්ය. වෛරය තුනී කර ඉවසිල්ල හා සැනසිල්ල ඇති කළ හැක්කේ එවිටය.

ඉක්මන් ගමන් – වන්දිය ජීවිතයෙන් ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

15.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

 මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම.

මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප‍්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ.  මහ පාරේ ඇති තදබදය දකින විට ප‍්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්, ත‍්‍රී විලර්, යතුරු පැදි, කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක‍්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.

රට දියුණු වන විට ගොඩනැගිලි, යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න, නියමිත තැන පාර මාරුවෙන්න , නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.

 පොදු මගී ප‍්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක‍්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.

 අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.

 

විපත් ගෙන එන නුපුරුදු ආහාර පුරුදු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

    08. 02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

    කළෙකින් හමුවූ අයෙකු නිරීක්ෂණය කළ ආකාරය මතකයට නගන්න. කුස නෙරා ඇත. හිස කෙස් සුදට හැරෙමින් හා අඩු වෙමින් තිබේ. නෙත් දුබලය. තෙහෙට්ටු බවක්් පෙනේ. සුවදුක් විමසුවහොත් තවත් පැත්තකි. කෙනෙකුට සීනි අගුණය. තවත් අයෙකු ලේ ගමනාගමනය අඩු හෝ වැඩි බව කියයි. හුස්ම ගැනීමේ අපහසුව ඇත්තේ පීනස හෝ සිරුර දුබල හෙයිනි. මෙයින් එකක් හෝ ඇතිව වෛද්යී නිර්දේශ සහිතව ජීවත්වන පිරිස බහුලය. ආමාශගත රෝග, පිලිකා වකුගඩු ආබාධ වැළඳීම එදාට වඩා වැඩි බව දැනේ. බෝවෙන රෝග හා එයට ගොදුරුවන පිරිස ද විශාලය. රෝහල් හා ඔසු සැල් හැම නගරයකමය. ඒවා නිතර රෝගීන් ගෙන් පිරී ඇත. මෙවැනි පසුබිමක් මන්ද?

    විපතට මුල රටට ආවේනික ආහාර පුරුදු හා සංස්කෘතික ලක්ෂණ අමතක කිරීමය. විවිධ යුගවල දී ආකරට ආමණිකයන්ගේ ආහාර වලට නැඹුරු විය. දැන් ජාත්යයන්තරයට විවෘත හෙයින් තවත් නොයෙක් ආහාර මෙහි බහුලය. කාර්ය බහුල සමාජය සොයන්නේ ඉක්මනයි. තමන් ම පිලිවෙලකට නිපදවා, එයින් කොටසක් තම ආහාර ලෙස ගත් යුගය අවසන්ය. එදා ආහාරයට තිබුණේ නිවුඩු සහිත හාල්ය. අතිරේකව ධාන්යල හා තන්තු සහිත අල බතල වර්ගය. ආහාර වේලට, එලවලූ පලතුරු යහමින් එකතු විය. අද නම කියැවෙතත් නොදන්නා අල, පලා හා පලතුරු නම් කොතෙක් කලින් පරම්පරාව නිතිපතා ආහාර වේලට එකතු කර ගත්තේද? එපමණක් නොව, ඒ වෙනුවෙන් ගොවිතැන් කළහ. පවුලේ සියල්ලෝ එයට එකතු වී වෙහෙසුනහ. පන්සලේ ද සක්මන් මලූවක් තිබිණ. වැසියෝ කය වෙහෙසන හෙයින් කුසගිනි ද, කුසගින්නට අනිටු දේ නැති යහපත් ම දේ ද ගත්හ. වතුර පමණක් නොව ගතට සුව දෙන නොයෙක් ඔසු පැන් ඇති පමණ පානය කළහ.

    අද පරම්පරාව සිරුරට වැදගත් ම උදේ ආහාරය උවමනාවෙන් ම අමතක කරයි. ගතොත් එය පිටි මිශර ව කෙටි ආහාරයකි. දහවල් ගෙවී යන්නේ ද, වැඩකරමින් ගන්නා සමබර නොවන ආහාර සමගය. නගරයේ බොහෝ දෙනෙකු රාතරික යට වැඩිපුර කුස පුරවා ගන්නා අතර බොහෝ විට එය බැහැරින් මිලදී ගන්නා දෙයකි. වැඩිහිටියන් මත් පැන් වලට ඇබ්බැහිවී සිටිති. ඒ අතර නොයෙක් විෂ සහිත දේ ඇති බව කියැවේ. නොයෙක් කෘතිම බීම වර්ග පානය විලාසිතාවකි. වැඩිහිටියන් පමණක් නොව දරුවන් ද පොත පත විනා කෙළි සෙල්ලම අඩුය. එක බස් නැවතුමක් තරම්වත් පා ගමනින් යන්නට කැමැත්තක් නැත. ඉදින්, පෙනහලූ, ආහාර ජීරණ පද්ධතිය හා වකුගඩු ඇතුලූ ඉන්ද්රිැය දුබලවීම අරුමයක් නොවේ.

    නිසි ලෙස කය නොවෙහෙසන්නේ නම් ව්යානයාම උවමනාය. එය ඔසුවකි. නිරෝගීකම රකින මැජික් බෙහෙතකි. විශාල ධනයක් වියදම් කර පර. මතිකාර ගැනීමට වඩා, වලක්වා ගැනීම වැදගත්ය. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීම අවශ්ය්ය. හදිස්සියට කුස පමණක් නොව නිවී සැනසිල්ලේ ඇඟටත් හොඳ දේ ගැන අවබෝධයක් තිබීම සුදුසුය. රට දියුණුවන විට ආහාර හා ව්යාරයාම ගැන සැලකිල්ල දැක්වීම අවශ්යයය. පාසලෙන්, දරුවන්ගෙන් අරඹමු. අනාගත පරපුර හෝ මෙම නුහුරු බවින් මුදවා ගත යුතුය.

බන්ධනාගාරයේ අන්ධකාරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

02/02/2012 – ලංකාදීප

බන්ධනාගාරය සමාජයේ කැඩපතකි. එයින් පෙනෙන්නේ අපේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? එය අවාසනාවකි. එයට වඩා අවාසනාව එහි බන්ධනාගාර ගත වූවන්ගේ විලාසයයි. පසුගියදා පුපුරා ගියේ එහි අභ්යවන්තරය විය නොහැකිද?

2010 අවුරුද්දේ බන්ධනාගාර ගතව සිටි සිරගතව සිටි පිරිස 32,128 කි. එයින් හරි අඩක් අධිකරණයෙන් නියම කරන ලද දඩ ගෙවාගත නොහැකි අයයි. එය 16,061 ක් පමණය. එම අවුරුද්දේ ම සිරගතව සිටි පිරිසෙන් සියයට 41.6 ක් නොඑසේනම් 13,378 ක් සිරගතව ඇත්තේ මත්ද්‍රව්යද වැරදි වලටය. බන්ධනාගාරය පිරී ඇත්තේ මත්ද්ර ව්යන ඇබ්බැහිවූවෝ ද, අතරමැදි බෙදාහරින්නෝ ද සමගය. අවසානයේ දී එය මත් ජාවාරම්කරුවන්ගේ ගර අයහනයට ලක්ව ඇත.

ඕනෑම රටක බන්ධනාගාරය ගැටලූ සහගත තැනකි. අධිකරණයෙන් දඬුවම් නියමකළ සිරකරුවන් ආරක්ෂා කර දඬුවම කිර ත යාත්මක කිරීම පහසු එකක් නොවේ. සමාජයෙන් ඈත්වන විට සිරකරුවන්ට විශාල පීඩනයක් ඇතිවෙයි. ගෞරවය හා මානුෂිකත්වය ආරක්ෂාවන අන්දමට කරිනොවයා කළ යුතු නමුදු සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීහු අතර ගැටුම් ඇතිවෙයි. ජීවිත කාලයෙන් දීර්ඝ කොටසක් වැරදිකරුවන් සමග ජීවත්වීම නිසා බන්ධනාගාර සේවයේ නිරත පිරිස ගේ ජීවිත අමිහිරිය. එහි ගත කරන පිරිස සමග නිකුත්වන පණිවුඩය නරකය. වැඩි අනුකම්පාව අසරණ වූ සිරකරුවන් වෙතය. බිර පිතාන්යව යුගයේ පටන් පවතින බන්ධනාගාර පද්ධතියේ සේවය කරන නිලධාරීන්ගේ ද, සිරකරුවන්ගේ ද පරපිරශ්න දෙස සානුකම්පිත විය යුතුය. බාහිර මැදිහත්වීම් සීමාකර දඬුවම හා පුනරුත්ථාපනය කරන ලද යහපත් පුරවැසියන් යළි සමාජගත කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්යාය.

මෙරට නීතිය අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගැනෙති. නඩු විභාග අවසානයේ දඬුවම් නියම වෙයි. පැමිණිල්ල හා විත්තිය කරුණු ගොනුකර ඒවා විභාග කරන්නට කාලයක් ගතවෙයි. මූලික සාක්ෂි අවසන්වන තෙක් සැකකරුවන් ද රක්ෂිත බන්ධනාගාරගත කරයි. සිරකරුවන් හා සැකකරුවන් දෙකොට්ටාශයම එකම තැනෙකය. මත් ද්ව්යවලට ඇබ්බැහිවූවෝ අත් අඩංගුවට ගෙන රඳවන්නේ ද බන්ධනාගාරයේ මය. ධනය හා බලය ඇති මැර කල්ලි ද ඒ අතරය. එවිට පරවෝ ශ්නය සංකීර්ණ එකකි. බන්ධනාගාර ගතවන ඕනෑම අයෙකු එයින් නික්මෙන්නේ මානසික ව්යාධියකට ගොදුරුවූවකු ලෙසය. මේ කර මය වෙනස්කළ හැක්කේ කෙසේද?

අලූත් බන්ධනාගාර ඉදිකරන්නට හැකිය. ආරක්ෂාවට නිලධාරීන් වැඩි කළ හැකිය. සමාජයට වැරදි කළ පුද්ගලයෙකු රඳවන්නට වැය කරන මුදල එයින් ඉහළ යනු ඇති අතර වන්දිය ගෙවන්නේ සමස්ථ සමාජයයි. සුළු වැරදි කර ලිහිල් දඬුවම් ලබන අය වෙන් කර ඔවුන් සමාජයට පරද් යෝජනයක් ඇති යමක යෙදවීම සුදුසුය. තදින් නිතිය කරි් යාත්මක කරන අතර යුක්තිය ඉක්මනින්න පසිඳලිය යුතුය. චරිත ශෝධනයක් වන්නේ එවිටය. බන්ධනාගාරය වැරදි අවබෝධකර දී නිවැරදි මගට පත්කරන තැනක් විනා වෛරක්කාරයක් බිහි නොකිරිම වගකීමකි.