ආරංචි පහකින් රටක් ගැන අඟවන හැටි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012 .10 .31 ලංකාදීප – මිලින්ද මොරගොඩ

එක පොතක් කියවා රටක අනන්‍යතාව දකින්නට නොහැකිය. ඒ එදාය. මෙදා පුවත් පතක පළ වන තොරතුරු පහකින් රටක් ගැන විග්‍රහයක් කරන්නට හැකිය. එසේ කර තිබේ. චීනය ගැනය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට තීරු ලිපියක් ලියන තෝමස් ෆීරහයකඞ්මන් ගේ අර්ථ දැක්වීමකි. සම්මානනීය ලේඛකයෙකු සේ අන්තර් ජාතිකව පිළිගැනෙන හෙතෙම නිති පතා ලියන තීරු ලිපි අතරින් මෑතකදී පළ කළ ලිපිය දක්වා ඇති අදහස විවිධ මතධාරීන්ට දෙවරක් සිතන්නට අවස්ථාව සපයා ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට පත්වෙතැයි ඉඟිකර තිබුණ ජින්පින්ග් මාධ්යයෙන් වසංවී සිටී. චීන ජනතාව දුගී බවින් අත්මිදී අලූත් ජීවිත ගත කරන්නට පටන් ගෙන ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිති. පක්ෂයේ ප්‍රතිපත්ති සහ චීන ජනතාවගේ බලාපොරොත්තු අතර අලූත් නායකත්වය පත්වන අර්බුදය මෙයින් වටහා ගත හැකි බව ෆීර් අඞ්මන් ගේ චින පුවත් පතකින් උපුටා ගත් පළමු පුවතයි. දෙවැන්න රිය අනතුරකි. ධනවතුන් පාවිච්චි කරන ෆෙරාරි වර්ගයේ රියක් වන එය වාර්තා වී සුළු මොහොතකින් පුවත අතුරුදහන් විය. අනතුර සිදුව ඇත්තේ පක්ෂයෙන් ඉවත් කළ නායකයෙකුගේ පුතූයෙකුගේ අතින්ය. එරට කර්මාන්ත සහ ව්යාඇපාරවල ඒකාධිකාරය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ යන් අතට පත්ව ඇති අතර දුෂිත තත්ත්ව හෙළිදරවු වෙමින් තිබේ. ක්‍රමය විනිවිද පෙනන ආකාරය සහ නීති හා විධිවිධාන සකස්වීම ගැන සමාජයේ මත ඇවිලෙමින් ඇති බව හෙතෙම කියයි. චිනයේ පාසල් දරුවන් පොත් පත් හා ඩෙස්ක් පුටු රුගෙන පාසලට පැමිණෙන තත්ත්වයක් උදාවී ඇති අතර රැල්ල නැගෙන විට අධ්‍යාපන ය දියුණු කළ යුතු බව වටහා ගෙන ඇති බලධාරීන් අධ්‍යාපනයට ආයෝජනය කරන්නට පටන් ගෙන ඇති බව තුන්වැනි පුවත උපුටා දක්වමින් කියයි. හතර වැන්න හොංකොං හි අධ්‍යාපනයට අනිවාර්යයෙන් චීනයේ ක්‍රමය කාවද්දන්නට උත්සාහ ගැනීමේ දී ඇතිවූ අර්බුදයයි. පස් වැන්න එරට ප්‍රධාන පුවත් පතක කතුවරයෙකු ගේ අදහස් පාලනය කරන්නට චීන කොමියුනිස්ට් පක්ෂය කළ බලපෑමය. පසුගිය වසර දහය තුළ චීන නායකයන් ගෙන ගිය ප්‍රතිපති නිසා ජයගරයුනහණ වලට වඩා අර්බුද මතු කළ බව එම පුවත් පතේ ආර්ථික ලිපියෙන් පෙන්වන්නට උත්සාහ කර තිබේ.
තිබුණ පර. ටතිරූපයට වෙනස් පැත්තක් දක්වා චීනය ගැන විග්‍රහයක් කරන්නට තෝමස් ෆීඞ්මන් මෙම පුවත් පහ ඇසුරෙන් උත්සාහ දරා ඇත. චීනයේ පැත්ත බටහිර කෝණයකින් බලන තීරු ලිපියකි. එහි වෙනස් පැත්තක් ද තිබිය හැකිය. විවිධ තැනින් මතුවන තොරතුරු අති විශාල ප්‍රමාණය අප අපවම කැඩපත හමුවට පමුණුවන බව පෙනේ. චීනය දැවැන්ත ජනගහනයක් ඇති ලෝක ආර්ථික බලවතෙකු ලෙස නැගෙන අතර පක්ෂය, එහි ප්‍රතිපත්ති, ක්‍රමයේ සැ`ගව ඇති දුෂිත බව හා ජනතාව ඉල්ලන වෙනස තීරු ලිපියෙන් චිත්‍රණය කරයි. අප රටටත් එය වැදගත්ය. ශ්‍රී ලංකාව ගැන කියන ප්‍රවෘත්ති පහක් මෙරට ඇති අතිවිශාල ජනමාධ්ය‍ ප්‍රවාහය අතුරින් තෝරා ගැනීමට හැකිවුවහොත් කෙබ`දුද? එවැනි තෝරා ගැනීමකට ගිය හොත් වෙන්කර ගත හැකි ප්‍රවෘත්ති පහක් ලෙස ගැනෙන්නේ මොනවාද ? යන සාධාරණ ප්‍රශ්නය නැගිය හැකිය.
රටක් ගැන නොයෙක් දේ ලියැවී ඇතත් අවසාන විග්‍රහය ඉතාම තීරණාත්මකය. සගවන්නට උත්සුක වන බොහෝ දේ නිරායාසයෙන් අනාවරණය වෙයි. තාක්ෂණික යුගයක තොරතුරු සැගවීම පහසු නැත. එක තොරතුරකින් සමස්ථ චිත්‍රයම අදුරු විය හැකිය. විනිවිද පෙනෙන ආකාරයට හැසිරීම නපුරු නිර්වචන වලට ගොදුරු නොවීමට ඇති එකම උපායයි.

Advertisements

පාසල් දරුවන් සංවර්ධනයට සමිති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012 .10 .24 ලංකාදීප – මිලින්ද මොරගොඩ

‘‘වසරක් ස`දහා සැලසුම් කරන්නේ නම් වී වගා කරන්න. දස වසරක් ස`දහා සැලසුම්කරන්නේ නම් ගස් වවන්න. ශත වර්ෂයක් ස`දහා සැලසුම් කරන්නේ නම් තරුණ පරපුරට අධ්‍යාපනය දෙන ආයෝජනය කඩිනම් කරන්න.’’ පුජ්‍ය ආචාර්ය ඉත්තෑපාණේ ධම්මාලංකාර අනු නාහිමියෝ එසේ දක්වති. හිමිපාණන් වර්තමානය දැක ඇත. රටක සැලසුම කෙබ`දු විය යුතු දැයි දක්වන්නේ එහෙයින්ය. දරුවන් වෙනුවෙන් ආයෝජනය කරන්නට උවමනාවක් අපට තිබේද?
අධ්‍යාපන කමය කාලානුරූපව දියුණු නැත. නිදහස් අධ්‍යාපනය බව දක්වන නමුදු දරුවන්ට උගන්වන්නට දෙමව්පියන් දරන වියදම අධිකය. රාජ්‍ය හා පෞද්ගලික අධ්යාහපන රටා කරදෙ මානුකූල නැත. ගුරු දෙගුරු සහ සිසු සබ`දතා දුරස් වෙමින් තිබේ. අනාවරණය වෙන තොරතුරු දරුවන්ගේ විනය පිරිහී ඇති බවයි. ශත වර්ශයක් ස`දහා සැලසුම් කරන බවක් එයින් විද්යරමාන නොවේ.
පාසල් සංවර්ධන සමිතියක් සෑම විදුහලකම ඇත. භෞතික සම්පත් දියුණු වෙයි. මැති ඇමතිවරු සහ පරිත්‍යාග ශීලීහු එකතුව ගොඩනැගිලි තනති. විද්‍යාගාර සදති. ක්‍රීඩාපිටි ද, පිහිනුම් තටාක ද ඉදිකරති. ආදි සිසු සිසුවියෝ පාසලට දරුවන් ඇතුලත් කර ගැනීමේ බලපෑම ද එයින් හිමි කර ගෙන ඇත. එය නොවේ. ‘‘පාසල් දරුවන් සංවර්ධනයට සමිති’’ පිහිටවිය යුතුය. ගුරු දෙගුරු පමණක් නොව පාසල අවට සමාජයේ සියලූ දෙනා එකමුතු විම මෙහිදී ඉටු විය යුතු බලවත් වගකීමකි. දැනුම වඩන, ඥානය ගවේශනය කරන තැනක් බවට, පාසල පත් කළ යුතුය. අද තාක්ෂණික යුගයකි. පාසලට එන දරුවන් පරිහරණය කරන මෙවලම් නරකට භාවිතා කරන්නට බැරි නැත. පාසල අවට මත් ද්‍රව්‍යසහ නීති විරෝධී දෙයට අනුබල දෙන තැන් බහුලය. දරුවන් අහන දකින දෙයින් කැළඹෙයි. පරවට චණ්ඩත්වයට නැඹුරුවෙයි. විවේකයේ දී කන බොන දෙයින් පවා ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙයි. පාසල අවට ගැන සොයා, දරුවන් යනෙන මග විමසා, පාසල් ආපන ශාලාවේ විකිණෙන දේ ගැන සොයන වගකීම දරන්නේ කොතැනින්ද? පාසල් දරුවන් සංවර්ධන සමිතියක වැදගත්කම අප වටහා ගත යුතුය. එසේ වටහා ගත යුතු, දැන් ඇති පාසල් සංවර්ධන සමිතියෙන් එය නිසි ලෙස ඉටුවෙන්නේ දැයි අපගෙන් ම පරේ ශ්න කරන අතරය.
අධ්‍යාපනයයේ අද ගැන කතා කරන අතර ඉතිහාසය දෙස ද හැරී බැලීම වටී. නිදහස් අධ්‍යාපනය ඇති කරන්නට කැපවූ ශ්රේතෂ්ඨයන්ට අද ද සමාජය ගරු කරති. බටහිර දැක්මට එරෙහිව යමින් නිදහස් සටනට සමාන්තරව මෙරට බොදු පාසල් ඇති කළ පිරිස බුහුමන් ලබති. ඔවුන් තැනූ ගොඩනැගිලි ගැන ස`දහනක් නොකරන නමුදු සිය වසක් පවතින්නට කළ ආයෝජනය වර්තමානයේ මෙන්ම සදාකාලිකවම පවතිනු නියතය. අධ්‍යාපනයයේ සිදුවිය යුතු වෙනස එයයි.
‘‘වල් කොළ බිම අතුරා හි`ද ගෙන, වැරහැලි වුවද ඇ`ද, ඇල්මෙන් අකුරු ඉගෙන ගන්නට’’ යැයි කියා ඇත්තේ මෙම දර්ශනයට අනුවය. අධ්යා පන කරකවමමය දෙස විකල්ප මත ඇති කළ යුතු යුගයකි. ආකල්ප වෙනස් විය යුතුය. පරිවර්තනයකින් නිසි මග සොයා ගැනීම අවශ්‍යමය. දරුවන් අතට, පොත වෙනුවට ගල් මුගුරු ගන්නා තරමට විනය පිරිහී ගෙන යන කල ඉදිරි සියවස දෙස දැකීම අද ජීවත්වන්නන්ගේ වගකීමයි. වී වගාව නරක නැත. කුස සැනහේ. රට දැය නගන්නට නම් එදා වියතුන් ගත් මග සොයා බැලීම වැදගත්ය.

අවලංගු කාසි බවට පත්වන අසමසම චරිත

එක් ප්‍රතිචාරයක්

2012.10.17 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

අසමාන පුද්ගලයෝ මහත් කීර්තියට පත් වෙති. ඔවුන්ගේ ශක්තිය හා ධෛර්යය රටකට බොහෝ වැඩදායකය. මෑත කාලය තුළ මෙරට ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ ශ‍්‍රී ලංකාවේ අභිමානය ඉහළටම නැංවූහ. ක‍්‍රිකට් ක‍්‍රිඩාව ඒ අතරින් ප‍්‍රධානය. මූලික ගුරු හරුකම් ලැබීමෙන් පසු එහිම නිරතව, නිතර කරන අභ්‍යාසයෙන් දක්ෂතා මනාව වැඩෙයි. කැපවීම එහිලා ප‍්‍රධානය. තරග වැදී, ජය පරාජය අත් විඳ, එයින්ම අත්දැකීම ලැබ විශිෂ්ටයෝ බිහිවෙති. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම පලපුරුද්ද අතින් ද, රට නියෝජනය කිරීමේ දී ද පෙන්වන අනන්‍යතාවය හමුවේ අත්පත් කර දෙන්නේ මහත් ගෞරවයකි.

පසුගියදා නිමාවට පත්  ඕවර විස්ස – විස්ස සීමිත පන්දුවාර ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම අනු ශූරයන් බවට පත්වූහ. මෙම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ හතර වතාවක් අනු ශූරයන් වීම ඉතිහාසයේ  රන් අකුරින් ලියැවෙන සිදුවීමකි. තරගාවලිය මෙරට පැවැත්වීම හා ලාංකික ක‍්‍රීඩකයින් ගේ දක්ෂතා සලකා බැලූ ක‍්‍රීඩා ලෝලීහු ජයග‍්‍රහණයෙන් මෙපිට යමක් බලාපොරොත්තු වූයේ නැත. අවසානය කෙබඳු වුවත්, ධෛර්යයෙන් තරග කිරීම යුතුකමයි. එය මනාව ඉටු කරන ලද නමුත් සමාජයේ යම් කොටස් එහි අඩු ලූහු`ඩුකම් දකින්නට පටන්ගෙන තිබේ. ජයග‍්‍රහණයකදී අයිතිකරුවන් විශාල නමුත් පරාජයේ දී අයිතිකරුවෙකු නැත. කි‍්‍රකට් කණ්ඩායම විවේචනයකට ලක්ව ඇත. පැයකට කලින් රටක වීරයන් වූ එකොලොස් දෙනෙකු පැය හමාරවනවිට අවලංගු කාසි සේ නොතැකා හැරීම යුතු නැත.

ආසියාවේ රටවල ක‍්‍රීඩා ලෝලීන්ට සාමාන්‍යයෙන් දරා ගැනීමේ ශක්තිය අඩුය. ඉන්දියාවේ හෝ පකිස්තානයේ නම් ක‍්‍රීඩා ලෝලීන් හැසිරෙන ආකාරය ඉතා දරුණුය. පිටියට කඩාවැදීම හා ක‍්‍රීඩකයන් ට හිංසා කරමින් ඔවුන් ගේ දේපොල පවා විනාශ කළ අවස්ථා ඇත. ආවේග දරා ගැනීමට නොහැකි මානසිකත්වය එයට හේතුවයි. එවැනි අපකීර්තිමත් සිදුවීම් සමග සස ඳ න විට ලාංකික ක‍්‍රීඩා ලෝලිහු නරකම නැත. නමුත් ජය පරාජය සමව වි ඳි මින් තරග කරන ලද ක‍්‍රීඩකයන්ට නිසි ගරු සරු දැක්වීම අපගේ යුතුකමකි. පරාජයේ දී පසෙකට ලා, ජය ගන්නා විට ඉහළම තැනෙකට ඔසවා තැබීම අට ලෝ දහමට අනුකුළ එකක් නම් නොවේ.

සමාජයක් වශයෙන් අප නැඹුරු වෙමින් සිටින්නේ හො ඳ පැත්තකට නොවේ. කි‍්‍රකට් ක‍්‍රීඩාවේ පමණක් නොව සෙසු අංශ වල පවා ප‍්‍රයෝජනයට ගෙන ඉතා ඉක්මනින් අමතක කරන ස්වභාවයක් ඇත. තනතුරක සිටින තෙක් නිතර කතා කරයි. හමුවෙයි. බලය නැති දා තකන්නේ නැත. සමාජය ඉතා ඉක්මනින් වීරයන් බිහි කරන අතර සුළු ප‍්‍රමාදයකින් ඔවුන් අමතක කරයි. දියුණු වෙමින් පවතින සමාජ රටාව තුළ මෙවැනි පැති ගැන වඩා නියමාකාරයෙන් තක්සේරු කිරීමේ වගකීමක් සමාජයට තිබේ.

රටට විශාල මෙහෙවරක් කළ පරමාදර්ශී චරිත මතකයේ තබා ගන්නේ නැත. ඔවුන් කළ මෙහෙවර අධ්‍යයනය කිරීම අලූත් පරපුර අතින් ගිලිහී ඇති යුතු කමකි. සමාජයෙන් ගරු බුහුමන් ලබන තැනට පාත‍්‍රවිම පහසු නැත. සමාජයට පහසුවක් වී ඇත්තේ දිනාගත් ජයග‍්‍රහණ අමතක කිරීමයි. සමාජයේ ඇතැම් කොටස් ජනප‍්‍රිය චරිත වටා ගැවසෙන අතර ගරුත්වය ගැන සැලකිල්ලක් නැත. ජනප‍්‍රියත්වයට වඩා සමාජ ගරුත්වය වැදගත්ය. තාවකාලිකව ජනප‍්‍රිය චරිතවලට වඩා සමාජයට වැදගත්වන්නේ පරමාදර්ශයයි. වීරයන්ට ගරු කරන අතර පරමාදර්ශී චරිත අගය කරන්නට අමතක නොකිරීම මැනවි.

උපන් බිමට කළ යුතු මෙහෙවර සිතනු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012.10.10- ලංකාදීප –  මිලින්ද මොරගොඩ

මෙරට තරුණන් අතරින් ඇතැමෙකු හැකියාවක් ඇති කවර හෝ ක‍්‍රමයකින් පිටරටකට පැන ගැනීමේ නොනිත් ආශාවකින් පසුවන බව පෙනේ. විදේශයක කරන රුකියාවකින් යමක් උපයාගෙන හොඳින් ජීවත්වීම මෙකී අපේක්ෂා සහිත අයගේ එකම අරමුණය. අනවසරයෙන් රටට එන්නන් දියුණු රටවලට හිරිහැරයකි. එවිට එම රටවල් නීති විරෝධී සංක‍්‍රමණ වලට තද නීති පනවා තිබේ. මෙරටින් පිටත්ව අනවසරයෙන් ඇතුළු වූ පිරිස් ආපසු හරවා එවමින් සිටින අතර තවත් කොටසක් එහි දුක් වි`දින්නට නොහැකි බව කියමින් ආපසු පැමිණෙන බව වාර්තාවෙයි. ශ‍්‍රී ලංකාවේ නීති විරෝධී සංක‍්‍රමණිකයන් ගෙන ගැලවීමට අවශ්‍ය බව අන්තර් ජාතික ප‍්‍රජාව තීරණය කර තිබේ. එය අපකීර්තියකි. ආගන්තුක සත්කාරයෙහි ප‍්‍රකට, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, රටින් රටට අනවසරයෙන් ඇතුළුවන කරදරකාරයන් ගේ රටක් බවට පත්කිරීම යුතුකමක් නොවේ.

බරපතල දුෂ්කරතා විඳිමින් රටින් නික්ම යන්නට විශාල ආත්ම ශක්තියක් අවශ්‍යය. අතරමැදියන්ට විශාල මුදලක් ගෙවන්නට සිදුවන බව නොරහසකි. පිටරටකට ගොස් දුක් කරදර මැද යමක් උපයා ගැනීම, ධෛර්යයක් නැති අයෙකුට කළ නොහැකිය. ප‍්‍රශ්නයක් තිබේ. ශ‍්‍රී ලංකාව යනු ජීවිතය පවා පරදුවට තබා එවැනි ගමනකට සූදානම් දිරියවත් කෙනෙකුටත් අවස්ථාව අහිමි දුක්බර රටක්ද?

පසුගිය දශක තුන තුළ මෙරට ආර්ථික හා සමාජ පරිසරය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. ත‍්‍රස්තවාදය අවසන් වීමත් සමග එම පසුබිම තවත් පෙරැළියකට ලක් වෙමින් තිබේ. පරිවර්තනය තුළින් ජීවිත සාක්ෂාත් කරගත් දහසක් දෙනාගේ සාර්ථකත්වය අධ්‍යයනය කළ යුතුය. අද විශාල සමාගම් බවට පත්ව ඇති කීර්තිමත් ආයතන පටන්ගෙන ඇත්තේ බින්දුවෙන්ය. එහි නිර්මාතෘවරුන් අලූත් අදහස් ඇතිව වැඩට බැස ඇති අතර අභියෝග ජය ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට පැමිණ තිබේ. සාර්ථක ව්‍යවසායකයන් වූ ඔවුන්ට සමාජයේ ඉහළම ගෞරවයක් හිමිය. අලූත් දෑ සොයා යමින් රට ගොඩනගන්නට කැපවිය හැකි දක්ෂතා ඇති තරුණ තරුණියන් ගත යුතු එකම මග එයයි.

විවෘත ආර්ථික ක‍්‍රමය තුළ ඇත්තේ තරගයයි. දක්ෂ ලෙස තරග කරන්නට හැකියාව පෙන්වන්නෝ ජීවිතය දිනති. අනවසරයෙන් රට යන්නට වියදම් කරන මුදලත් එයට ඇති ආත්ම ශක්තියත් එකතු කළ විට තරගයට අවතීර්ණ වන්නට අන් යමක් අවශ්‍ය නැත. පිටරටකට ගොස් අනුන් යටතේ එරට පුරවැසියන් පවා නොකරන රළු වැඩ කර එම රටවල පුරවැසියන්ටත් වඩා අඩු වැටුපක් හා සැලකිල්ලක් ලැබීම අභාග්‍යයකි. ඔබෙන් රටට විය යුතු යුතුකම එය නොවේ. මෙරටෙහි ම යමක් නිපදවිය යුතුය. මෙරට දී ම ආදායමක් ඉපැයිය යුතුය. එහි ප‍්‍රථිඵලය ලැබෙන්නේ රටටය. දස දහස් ගණනක් දෙනෙකුට, අලූතින් ව්‍යවසාය දස දහසක් ගොඩනැගිය හැකිනම් රට දියුණු කරන්නට එයම ප‍්‍රමාණවත්ය.

දෙවන ලෝක යුද්ධයෙන් පරාජය ව අසරණ වූ ජපානය අද ලෝකයේ දියුණුම රටකි. ජපනුන් හපනුන්ය. කොළඹ නගරයේ පැල්පත් ප‍්‍රදේශ කොරියාව කොරියාව ලෙස හැඳින්වුයේ එදාය. රුකියාවකට කොරියාව බලා යාම අද මෙරට ඇතැමෙකුගේ සිහිනයකි. ඉන්දියාව, චීනය සහ බ‍්‍රසිලය වැනි රටවල ජනතාව මහත් දුෂ්කරතා මැද ජීවත්වූ කාලයක් තිබිණ. සිංගප්පූරුව උත්සාහ කළේ ශ‍්‍රී ලංකාව මෙන් දියුණු වෙන්නටය. අද මෙම රටවල් නැගී බැබලෙන්නේ එම රටවල මිනිසුන් මහන්සියෙන් වැඩ කර අලූතින් යමක් නිපදවූ නිසා බව අමතක කළ යුතු නැත.

 

 

පරමාදර්ශී චරිතයකින් නැගෙන වීරත්වය

එක් ප්‍රතිචාරයක්

2012.10.03- ලංකාදීප- මිලින්ද මොරගොඩ

මෙරට පොදු ජනතාවට ඇති තරම් ප‍්‍රශ්න තිබේ. පාසලට දරුවෙකු ඇතුලත් කර ගැනීමේ සිට ජීවිතයේ අවසාන මොහොත දක්වා අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි. ජීවිතය ජය ගන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමෙන්ය. හැම අතින්ම සාර්ථක පුද්ගලයෝ වීරත්වයට පත්වෙති. සාර්ථක චරිත ඇසුරු කරන රුචියක් පොදු ජනතාවට ඇත. චිත‍්‍රපටියෙන් ජන වීරයෝ නිර්මාණය කළේය. අයුක්තියට එරෙහිවන කතා නායකයාට ගැලරියෙන් ලැබුණේ විසිල්ය. සිනමාව නිවසේ ආලින්දයට පැමිණ තිබේ. රූපවාහිනිය දිනපතාම කොටස් වශයෙන් කතාන්දර ඉදිරිපත් කරයි. ජීවිතයේ අප‍්‍රමාණ ප‍්‍රශ්න වලින් දුක වි ඳීන පොදු ජනතාවට මෙම ටෙලි නාට්‍ය සපයන්නේ ද දුක, වේදනාව සහ ක ඳුළ පමණක් බව පෙනේ. රස වින්දනයෙන් එක පැත්තකට පමණක් සීමාවී ඇත්තේ ඇයි?

රටක පැවැත්මට පරමාදර්ශී චරිත අවශ්‍යය. සැබෑ ජීවිතයේ නායකයෙකුගෙන් අපේක්ෂා කරන්නේ යුක්තිය සහ සාධාරණත්වයයි. නායකයින් ගේ  වීරත්වය චරිත සංවර්ධනයට සැලකිල්ලට ගැනේ. සුළු සිදුවීමකින් නායකයන් ගේ ප‍්‍රතිරූප විනාශ වෙයි. එතරමටම ජනතාවට සමීපය. යථාර්ථය එයයි. සාමාන්‍ය පැවැත්ම දෙස බලන විට ශ‍්‍රී ලංකාවේ පරමාදර්ශී වීර චරිත දුලබය. මෙරට වර්තමාන රටාව අනුව සාධාරණ චරිතය විකාශය සංකීර්ණය. රූපවාහිනී ටෙලි නාට්‍යයෙක ගොඩනගන චරිතයකින් හිස් තැන පිරවිය හැකිය. රටට ගැලපෙන පරමාදර්ශී වීර චරිතයක් ගොඩ නගා සමාජ අපේක්ෂා ඉටු කිරීම නිර්මාණශීලීන්ගේ යුතුකමකි. රටක් නගන්නට පදනම සකස්වන අධ්‍යාත්මයක් බිහි කරන්නට යහපත් නිර්මාණයකට හැකියාව තිබේ.

මෙරට ටෙලි නාට්‍ය කලාවට අනුව බහුලව දකින්නේ නුගුණ පමණකි. ත‍්‍රාස ජනක ලෙස යුක්තිය හඹා යනු වෙනුවට, මත් පැනට ලොල් ව, දුෂිතව හැසිරෙන ආකාරය පෙන්වයි. චරිත ඉදිරිපත් කරන්නේ නීතිය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ගෞරවයක් ලෙස දක්වමින් නොවේ. අන්තර් ජාතිකව පැතිර ගිය ජනප‍්‍රිය රූපවාහිනී හා සිනමා චරිත ගවේශනය කළ හැකිය. එහිදී සමාජයෙන් ඉගෙන ගන්නට නැති පාඩම ගෙදර ආලින්දයට එන චරිතය උගන්වයි. එයින් බලාපොරොත්තු වැඬේ. අපේක්ෂා දැල්වෙයි. අසාධාරණයට එරෙහිවීමෙන් යුක්තිය දිනාගත හැකි අතර ධනයට, බලයට එය යටපත් කළ නොහැකි බලවේගයක් බව තහවුරු කරයි. එයින් සකස්වන දරුවන්ගේ මනස රටක අනාගතය කෙරෙහි ඇතිකරන්නේ විශාල වෙනසක් බව තේරුම් ගැනීම වටී.

රටක සංවර්ධනයට සමාන්තරව චරිත සංවර්ධනයක් විය යුතුය. එයට බලපාන්නේ අහන දකින එදිනෙදා සිදුවීම්ය. සන්නිවේදනය දියුණු වීමෙන් කනස්සල්ල සහ ප‍්‍රචණ්ඩත්වය දක්වන තොරතුරු දිනපතා පැතිරෙයි. එයම යළිත් ප‍්‍රතිනිර්මාණය කිරීම රස වින්දනය සැපයීම නොවේ.

ලෝකය යහපත්ය යන පණිවිඩය නිකුත් කළ යුතුය. යුක්තිය ජය ගනී යන ඇඟවීම වැදගත්ය. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම විරත්වයක් බව අප ඇති කළ යුතු බලාපොරොත්තුවකි. වීරයක් සදාකාලික වන අතර සමාජයේ පරමාදර්ශී චරිත බවට ප‍්‍රතිනිර්මාණය කිරීම අවශ්‍යය. සමාජ සංවර්ධනය විනා පරිහානියට ඉඩදීමෙන් ප‍්‍රයෝජනයක් නැත.