2020.10.28 – ලංකාදීප

Covid -19 වයිරසයේ ව්‍යාප්තිය හුදෙක් භයානක වසංගතයක් පමණක් නොවේ. ලෝකය පුරා දේශපාලන කුණාටු නිර්මාණය කරමින් සිටී. චීනයේ හුඛෙයි ප්‍රාන්තයෙන් මතු වූ, තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැති වයිරසය ලෝකයේ සියළුම රටවලට පැතිරී හමාරය. පළමු වටය අවසානයේ, දෙවැනි රැල්ලක් ද නැගෙමින් තිබේ. ප්‍රතිවාදීහු බලයේ සිටින පාලකයන් වෙත ඇ`ගිල්ල දිගු කරන අතර සෞඛ්‍ය ගැටළු නිරාකරණය පසෙක තිබිය දී, පැන නැගෙන ඇතැම් දේශපාලන අර්බුද පාලනය කරගැනීමට සමහර රටවලට සිදුවී ඇත.
චෙක් ජනරජයේ තත්ත්වය එයට එක සාක්ෂියකි. යුරෝපා හවුලේ සාමාජිකයෙකු වන එම ජනරජය තුළ, පැතිර යන කොවිඩ් දෙවැනි රැල්ල නොසිතන කලබලයක් ඇති කර තිබේ. සෞඛ්‍ය ඇමැතිවරයා අසාර්ථක බව දක්වා ඔහු ඉවත් කර නියෝජ්‍ය ඇමැතිවරයා පත් කරන ලද නමුත් ඉතා කෙටි කාලයක් තුළ ඔහු ද අස් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විශේෂයෙන් අනාවරණය කරයි.

රට තුළ තද රෙගුලාසි පනවා තිබිය දී අලූත් ඇමැතිවරයා අවන්හලකට ප්‍රවේශ වී ඇති අතර මුඛ ආවරණයක් පැළ`ද නැත. නිල වාහනයෙන් ඔහුගේ රාජකාරි රියැදුරා සමග පිටත්වන පින්තූරයක් ප්‍රචාරයවීමෙන් පසු ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා නියම කර ඇත. තමන් වරදක් නොකළ බව ස`දහන් කරන නමුත් සෞඛ්‍ය ඇමැතිවරයා ගේ ප්‍රකාශය පිලිගැනීමට ආණ්ඩුව සූදානම් වූයේ නැත. වසංගතය හිස ඔසවන, දරුණු අවස්ථාව සමග දේශ සීමා වසා දමන ලද අතර යුරෝපයේ එවැනි පියවරක් ගත් පළමු රට චෙක් ජනරජයයි. දිනපතා රෝගීහු පහලොස් දහසක් පමණ වාර්තා වෙන එරට ජනගහනය මිලියන 10.7 කි. මෙතෙක් අනාවරණය වූ ආසාදිතයන් ප්‍රමාණය දෙලක්ෂ විසි දහස ඉක්මවා තිබේ.

පැතිරීම වලක්වනු ස`දහා පාසල්, අවන්හල්, ක්‍රීඩාංගන ඇතුළු සියළු පොදු තැන් වසා දැමූ  අතර වැඩ මීටර් දෙකක සමාජ දුරස්ථභාවයක් නියම කළේය. බැහැර යන අවස්ථාවල පමණක් නොව නිවසේ දී ද මුඛ ආවරණ අනිවාර්ය කර ඇත. එබ`දු පසුබිමක් තුළ සෞඛ්‍ය ඇමැතිවරයා ගේ හැසිරීම නරක පුර්වාදර්ශයක් බව චෙක් ආණ්ඩුව තීරණය කර ඇති බව දැක්වෙයි.
ජනතාවට අවවාද දෙන පාලකයෝ අතුරින් ඇතැමෙකු ආදර්ශවත් නොවන තැන් ලෝකයේ නොයෙක් රටවල සුලබ සිදුවීමකි. ශ්‍රී ලංකාවේ ස්වභාවය ද එයට සමානය. ජනතාවට තද නීති පනවන අතර මැති ඇමැතිවරු අතරින් ඇතැමෙකු ඒවා උල්ලංඝනය කරති. නිලධාරීහු ද ඒ අතර සිටිති. මහජන මුදලින් නඩත්තුවන ඔවුහු සෞඛ්‍ය ආරක්ෂක පියවර වලට අනුගත විය යුතුය. අත්‍යවශ්‍ය කාරණයකට පවා වැසියන්ට සංචරණය තහනම් කරන නමුත් දේශපාලනඥයන්ගේ ගමන් බිමන් නතර නොවීම විවේචනයට හේතු වී තිබේ. වසංගත තත්ත්වය පාලනය කරගත නොහැකි අතරවාරයේ එයින් දේශපාලන වාසි ලබාගැනීමට දරන ප්‍රයත්න සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම්වල විරෝධයක් ද ඇත.
චෙක් ජනරජය පනවන ලද නීතිවලට පසු මතු වූ අර්බුද කෙසේ වෙතත්, අවශ්‍යම කාරණයක දී ගමන් බිමන් යන ජනතාව හ`දුනා ගැනීමට වර්ණ භාවිතා කිරීම ආදර්ශයක් කරගත හැකිය. අවදානම් කලාපයක වැසියන්ට රතු පැහැ ස්ටීකර්යක් පළ`දවන අතර අවදානම අඩු තැන්වල පිරිසට කහ සහ අවදානමක් රහිත තැන් වල සිට යන එන ජනතාවට කොළ පැහැති ස්ටීකරයක් පළ`දින්නට සිදුවෙයි. එමගින් දුර සිට නිරීක්ෂණයට අවස්ථාවක් ද හිමි වී ඇත.
කොවිඩ් වයිරසයට ප්‍රතිකාර සම්බන්ධ පර්යේෂණ නොයෙක් තැන් වල සිදුවෙයි. ඒවායේ සාර්ථක භාවය ගැන තවමත් නිශ්චිත තොරතුරු නැත. ඉදිරි වසර දෙක තුන දක්වා ආක්‍රමණය පවතිනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අ`ගවති. එවැනි වාතාවරණයක් තුළ ආණ්ඩුවල අසාර්ථක බව පෙන්වා බලය අල්ලා ගැනීම සමහර රටවල ක්‍රමය වී ඇත. සෞඛ්‍ය අර්බුදය පදනමක් කරගෙන සමාජ හා දේශපාලන ව්‍යාකූලතා ඇති වෙන්නට ඉඩ තිබේ. මෙම තීරණාත්මක මොහොතේ දී, සියළු පාර්ශව තම වගකීම නිසි සේ අවබෝධ කරගත යුතුය. ජනතාවට අලූත් අණ පණත් පනවන අතරවාරයේ දේශපාලනඥයන් ආදාර්ශවත් විය යුතුය. නිසි කැපවීම නිලධාරීන්ගේ යුතුකමකි. සියළු පාර්ශව එකතු වී අවදානම් කාර්ය බලකායක් ස්ථාපිත කර සැලකිල්ලකින් කටයුතු කිරීම වැදගත්ය.