m prash

2020/06/10 – ලංකාදීප

ජන ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබේ. ඉකුත් කාලය ජනතාවට බියකරු අත්දැකීමක් විය. ජීවිතබේරා ගැනීම ශ‍්‍රී ලංකාව ලත් ජයග‍්‍රහණයකි. සහන සැලසීමේ පියවර වෙනුවෙන් විශාල පිරිවැයක් දරා තිබේ. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නොනවතින අරගලයක නිරත විය. රාජ්‍ය සේවයේ නිලධාරීහු පවා ක්ෂණික තීරණ ගෙන රට අවදානමකට පත්වීම වලකන්නට සමත්විය. කොවිඞ් -19 වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් වී නැත. නැවතත් පැතිරීම වලකා ගැනීම අප සියලූ දෙනාගේ වගකීමකි. උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතුය. සාමාන්‍යකරණය තුළ අනවශ්‍ය නිදහසකින් කටයුතු කිරීම සුදුසු නැත. එය තරයේ සිහිතබාගත යුතු කරුණකි.

කාර්යාලය, වැඩ පොල නැවත විවෘත වන විට කලින් තිබුණ කාර්ය බහුල බව හා තදබදය ඇති වෙන්නට ඉඩ තිබේ. පාසල් හා විශ්ව විද්‍යාල යළි ඇරඹන කාල වකවානුව වන විට එය තවත් තීව්ර වනු ඇත. කලබලය තුරන් කරන අලූත් ව්‍යුහයකට ඇතුළු වෙන්නට පුලූවන්කමක් තිබේ. ලෝකයේ සමහර රටවල් සාර්ථකව අත්හදා බලා ඇත. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඇතැම් රාජකාරි නිවසේ සිට කළ හැකි අතm prash - 10June20lllර එය පිරිවැය අවම කරන හා නාස්තිය සිමාවන පියවරකි.

තාවකාලිකව වසා තිබුණ කාලය තුළ නිවසේ සිට රාජකාරි කරන පිලිවෙලක් නවසිලන්තය ආරම්භ කළේය. සති හතක් සම්පූර්ණයෙන්ම සියළු කටයුතු නතර කර තිබුණි. අත්‍යවශ්‍ය සේවා නිවෙස්වල සිට මෙහෙයැවීය. නවසීලන්තය සාමාන්‍යකරණය වන විට නැවත කාර්යාලයට පැමිණීම අවශ්‍යම නැති බව ඒත්තු ගැන්වෙමින් තිබේ. සියයට හැත්තෑ තුනක පිරිසක් වෙනදා තරම් හෝ එයටත් වඩා කාර්යක්ෂමව සේවය කළ බව ඔටාගෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යනයකට කියා තිබේ. සියයට අසූනමයක් දෙනා දිගටම නිවසේ සිට වැඩ කරන්නට කැමැත්ත පළ කර ඇත. මෙම පිරිස අතරින් සියයට තිස් අටක් මෙයට කලින් නිවසේ සිට රාජකාරි කර අත්දැකීමක් නැති පිරිසකි. සියයට අසූ දෙකක් තමන්ගේ රාජකාරි සදහා අවශ්‍ය සම්පත් නිවසේ ඇති බව සදහන් කරන අතර සියයට දහ හතක පිරිසක් පමණක් යම් යම් පහසුකම් ඉල්ලා අති බව දැක්වෙයි. අගමැතිනි ජසින්ඩා ආඩන් දක්වන පරිදි රාජකාරි ලිහිල්කරණයක් සමාජය අපේක්ෂා කරන අතර එය සේව්‍ය සේවක එකගතාවයෙන් කරගත හැකිය. කොවිඞ්-19 වයිරසය සෑහෙන පාඩම් උගන්වා ඇති බව ඇය සදහන් කරන අතර දින හතරක් වැඩ කරන ඉල්ලීම ගැන ද අවධානය යොමු කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ රට ගමන් කරමින් තිබුණ දිසාව ගැන අපට අත්දැකීමක් තිබේ. දැන් නැවතත් මංතීරු නීතිය ගැන නිවේදන නිකුත්වෙයි. අධික මගින් පිරිසක් සමග පොදු මගී ප‍්‍රවාහන සේවා පැය ගණන් මහමග තදබදයකය. ඒවායේ දුබලතා හෙයින් පුද්ගලික වාහන ඇති තරම් පාරට පැමිණ තිබේ. එය නැවත වියවුලක් ඇති කරන බව නිසැකය. අධික ඉන්ධන ප‍්‍රමාණයක් පුලූස්සන අතර නාස්ති කරන කාලයෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැත. සියළුම දෙනා කාර්යාලවලට පැමිණීම අවශ්‍ය නැත. සාකච්ඡා සහ සම්මන්ත‍්‍රණ දුරස්ථව කළ හැකිය. එය ප‍්‍රවාහන ගැටළු අවම කරනු ඇත. කාර්යාල වල ඉඩකඩ ඉතිරිවෙයි. ගොඩනැගිලි, විදුලිය ජලය හා අනෙක් පහසුකම් සීමා වන අතර එය විශාල වාසියකි. කාර්යාලය යන සංකල්පයේ ආදර්ශවත්ම තැන හැදුනේ අධිරාජ්‍යවාදී පාලන කාලායේය. පෙරදිග ඉන්දියානු සමාගම කාර්යාල පද්ධති හදා නීති රීති හා චක‍්‍රලේඛන හදුන්වාදුන්නේය කර්මාන්ත යුගයේ යටත්ව තිබුන රටවලට හැදුනු ආකෘති නිදහස් සමාජයක තොරතුරු තාක්ෂණ යුගයකට ගැලපෙන්නේ දැයි ප‍්‍රශ්න කිරීම සුදුසුය.

දැනුම පදනම් කරගත් සමාජයක ජීවත්වන අප පැරණි ව්‍යුහයට නැවත ඇතුළු විය යුතු නැත. විප්ලවීය තීරණ ගත යුතුව තිබේ. රට නිසොල්මන් වී තිබුණ කාලය අවස්ථාවක් කරගත යුතු අතර අප සියළු දෙනා සතු වගකීමක් බව දැක්විය යුතුය.