m prash

2020/03/11 – ලංකාදීප

නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන චරිතයකි. පළමු මාක්ස්වාදී පක්ෂය වශයෙන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන කණ්ඩායමේ  සිටි ප‍්‍රබලයෙකි. 1907 වසරේ බලපිටියේ දී උපත ලබා ඇති හෙතෙම 1989 පෙබරවාරි 27 වැනි දා ජීවිතක්ෂයට පත්වූ අතර වර්තමාන දේශපාලන පරම්පරාවේ වැඩිදෙනෙකු නොදන්නා බව නිසැකය.

නිදහස ලැබුණ කාල වකවානුව හෙතෙම අත් විදින්නට ඇත. සිංහල දෙමල ගැටුම්වල මුල් භාගයේ සිට ජූලි කලබලය තෙක් සිද්ධි ගැන අවධානයක සිටි බව නිසැකය. දකුණේ හටගත් තරුණ කැරළි වල පසුබිම ගැන අවබෝධයක ඉන්නට ඇත. ඔහු ගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය හා රටට කළ සේවය අනෙකකි. එය සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් කොල්වින් ආර්. ද සිල්වා මහතා එක්තරා අවස්ථාවක ‘‘අපට නායකයන් සිටි නමුත් නායකත්ව නොතිබුණ’’ බව සදහන් කර තිබේ. මෙම සදහන කරන්නේ නිදහස සදහා අධිරාජ්‍යවාදීන් සමග කරන ලද ගැටුම්, අරගල හා යුද්ධ ගැන සදහනක් වශයෙනි. අතීත සිද්ධි පාදක කරගෙන කරන ලද නායකත්ව ගුණාංග සම්බන්ධ ප‍්‍රකාශය අදට ද අදාල කාරණයකි. රටට නායකයෝ සිටිති. නායකත්ව තිබේද? ජාතික, ආගමික. අධ්‍යාපනික සහ දේශපාලන ඇතුළු සියළු අංශ වලට මෙය අදාලය. ව්‍යාපාරික හෝ සේවා අංශ වල දී පවා ප‍්‍රමුඛ නායකයෝ සිටිති. එහෙත් නායකත්ව ලක්ෂණ දුලබය. එය බලවත් ගැටළුවකි.

ලංකාව පහසුවෙන් පාලනය කරන පිලිවෙලක් වශයෙන් අධිරාජ්‍යවාදීහු මෙරට නායකත්ව මර්දනය කළහ. එකිනෙකා අතර ගැටුම් ඇති කර බේධ අවුලූවන ලද අතර අධිශ්ඨානයකින් යුතුව සංවිධාන ගතවීම වලක්වන ලදහ. පාලකයන් සුළු පිරිසකට රට පාලනය කරන්නට එම උපාය ප‍්‍රයෝජනයට ගත් අතර ලාංකිකයන් අතරින්ම තෝරා ගත් කොටසකට තාන්න, මාන්න හා වරප‍්‍රසාද පවරා රට වහල් භාscan020,,0වයෙකින් පවත්වාගෙන යන්නට හැකිවිය. රට නිදහස ලැබූ නමුත් නිවහල් වී නැත. අධිරාජ්‍යවාදී පිලිවෙල අනියමින් බලපැවැත්වෙයි. අදට ද තනතුරු, වරප‍්‍රසාද, නම්බුනාම වලින් පුද්ගලයෝ පැත්තකට කරන උපාය ක‍්‍රියාත්මකය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නායකත්ව ලක්ෂණ යට කර නායකයෝ බිහිකර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ උගුලෙන් ගැලවෙන මග අනාවරණය කරගෙන නැත. සුළු තනතුරක්, යම් වරප‍්‍රසාදයක් වෙනුවෙන් නායකයෝ වශයෙන් හැසිරෙන අතර එය කිසිසේත් නායකත්ව ගුණාංගයක් සේ දැක්වීම අනුචිතය.

ආත්මාර්ථකාමීත්වය නායකත්ව ගුණාංගයක් නොවේ. කුහකබව නොතිබිය යුතුය. එහෙත් මෙකී නුගුණ මෙරට නායකයන් අතරින් බොහෝ දෙනෙකු තුළ යහමින් තිබේ. නායකත්ව තුළ පවතී. පටු අභිමතාර්ථයන් ඉක්මවන පුලූල් අධ්‍යාශය නායකත් වසතු ලක්ෂණයකි. ගැඹුරු දාර්ශනික ප‍්‍රතිපත්ති වලට අනුව ක‍්‍රියා කරයි. එයින් රටත් ජනතාවත් ඉහළට ඔසවා තැබේ. ලෝකය වෙනස් කළ චරිත එවැනි හැබෑ පරිත්‍යාගයකින් ලබාදුන් නායකයෝ වූහ. පොදු අරමුණකින් විශිෂ්ඨත්වය වෙනුවෙන් පෙනී සිටි අතර එහි දී කිසිම පුද්ගලික අපේක්ෂාවක නොසිටියහ. ජනතාව අතරින් නැගී සිටි එවැනි පිරිස් එතෙර සහ මෙතෙර ඉතිහාසය තුළ අමරණීය වී තිබේ. මෙකල, මෙරට අමරණීය විය හැකි නායකයෝ සිටිත්ද? සිටිති එහෙත් සුළු පිරිසකි. තමන් නායකයෙකු ද යන්න කැඩපත හමුවට පැමිණ අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුය.

අධිරාජ්‍යවාදීහු නසා විනාශ කරන ලද උරුමය යළි ගොඩනැගීමට යුහුසුළුවීම අපගේ වගකීමකි. අප සියළු දෙනාම අනෙකා ගැන සිතන, වගකීම භාරගන්නා නායකයෝ විය යුතුය. ජන සමාජය වෙනුවෙන් කරන කැපවීම හා පරිත්‍යාගය නායකත්වයේ ගුණාංග අතර වැදගත් තැනක පවතින බව වටහා ගත යුතුය. කොල්වින් ආර්. ද සිල්වා මහතා අදහස් කළේ අධිරාජ්‍යවාදීන් පලවා හැරීමට කරන ලද සටන ගැනය. අධිරාජ්‍යවාදීන් ඉතිරිකර ගිය දෙයින් ගැලවීමට ද එය වැදගත් අදහසකි.