2020/02/26 – ලංකාදීපm prash

බි‍්‍රතාන්‍යයේ කරන ලද නවතම සමාජ සමීක්ෂණයකට අනුව අධිකරණය කෙරෙහි එරට වැසියන්ගෙන් සියයට අසූ එකක විශ්වාසයක් තිබේ. දේශපාලනඥයන් ගැන ඇති විශ්වාසය සියයට දහ හතරක් දක්වා පහත වැටී ඇත. ජනතා ඉල්ලීම මත යුරෝපා හවුලෙන් ඉවත්වන ප‍්‍රයත්නයක සිටින අතරවාරයේ පසුගිය මහ මැතිවරණයෙන් ද ජනතා කැමැත්ත දිනාගත් දේශපාලනඥයෝ කෙරෙහි අවිශ්වාසයක් ඇයි?

අනෙක් පැත්තක් ද තිබේ. බි‍්‍රතාන්‍ය අධිකරණයට හිමි ස්වාභාවික බලය අභිබවා ක‍්‍රියා කරන තැනට පත්ව ඇති බවට ද මතයක් පැන නැගී ඇත. හැම දෙයකටම අධිකරණයෙන් තීන්දුවක් ඉල්ලන තැනට පත්වීම ගැන පාලකයෝ නොසතුට පළ කරන බව දැක්වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බල තුලනයෙකි. ව්‍යස්ථාදායකය නීති සම්පාදනය කරන අතර අධිකරණය එය ක‍්‍රියාවට නංවයි. මේවාට වෙන වෙනම වගකීම් තිබේ. සීමාව ඉක්මවා යා යුතු නැත. නමුත් මෑත කාලය තුළ අධිකරණය දුන් තීන්දු කෙරෙහි බි‍්‍රතාන්‍ය ආණ්ඩුව තීරණාත්මක අවධානයක් යොමු කර ඇත. බි‍්‍රක්සිට් තීරණය ක‍්‍රියාත්මක කරන අර්බුදය හමුවේ එක් අවස්ථාවක දී පාර්ලිමේන්තුව කල් තබන ලද අතර  අධිකරණය එය ආපසු හැරවීය. අධිකරණය හා පාර්ලිමේන්තු ක‍්‍රමය අතර නොගැලපීම නිර්මාණය කළ තීරණාත්මක තැනක් වශයෙන්scan0068,, සදහන්ය.

එයට ප‍්‍රතිචාර  වශයෙන් පසුගිය මැතිවරණයෙන් ජයගත් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අලූත් අධිකරණ ඇමැතිවරයෙකු පත් කරන ලද අතර ආණ්ඩුවට හිතැති නීතිපතිවරයෙකු ද පත් කරගෙන තිබේ. එයින් ඇති විය හැකි වාසි හෝ අවාසි ගැන මෙතෙක් අනාවරණය වී නැති නමුත් එම තීරණය පිටුපස පරිසරය, මානව හිමිකම් හෝ පුද්ගලික ප‍්‍රශ්න හමුවේ නිතර අධිකරණයට යන ක‍්‍රමය අඩාල කරන ප‍්‍රයත්නයක් පැවතිය හැකි බව දැක්වේ.

ඉකුත් දශකයක කාලය තුළ බි‍්‍රතාන්‍ය අධිකරණ පද්ධතිය බලය ඉක්මවා කි‍්‍රයා කර ඇති බව ආණ්ඩුවේ මතයයි. පරිසරය මානව හිමිකම් හෝ පවුලේ පුද්ගලික ප‍්‍රශ්න වෙනුවෙන් අලූතින් පනවන ලද අණ පණත් සහ අධිකරණයට බලය වැඩිපුර දිය යුතු බවට කලින් තිබුණ ආණ්ඩුවල උවමනාව අද පවතින අර්බුදයට බි‍්‍රතාන්‍ය තල්ලූ කර ඇති බව මැදහත් විචාරකයන් ඉදිරිපත් කරන තර්කයකි. විශේෂයෙන් කන්සර්වටිව් පක්ෂ අනුගාමිකයෝ එම පැත්ත කල්පනා කරති.

බි‍්‍රතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණ ක‍්‍රමය පිහිටුවන්නේ 2009 වසරේ දී ය. එතෙක් සාමි මණ්ඩලය ඉහළම අධිකරණය වශයෙන් සැලකිණ. ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ කොටසක් සාමි මණ්ඩලය නියෝජනය කළ අතර ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අවබෝධයක් ඇති කරගැනීමට එයින් අවකාශයක් සැලසී තිබුණි. සාමි මණ්ඩලය වෙනුවට බල ගැන්වුණ ශ්‍රේෂ්ඨාධිකරණ ක‍්‍රමය බි‍්‍රතාන්‍යයට අලූත් අත්දැකීමකි. එහි ක‍්‍රියාපටිපාටිය පරිනත වී නැත. ආණ්ඩුවක ප‍්‍රශ්න පැත්තකින් තබන ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු ජනතාව කුල්මත් කරන නමුත් එයින් රටක පැවැත්මට ප‍්‍රශ්න ඇති කර තිබේ. අධිකරණය ජනතා ඡන්දයෙන් පත් නොවන අතර ජනතාව හමුවට යන මහජන නියෝජිතයන් ප‍්‍රායෝගිකව තීරණගත යුතු බව බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. නැවතත් සාමි මණ්ඩලයක ආකෘතියකට යා යුතු ද යන අදහස ද පැන නැගී ඇති අතර ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර පෑහීම කිසියම් ආකාරයකට සිදුවිය යුතු බව මහජන නියෝජිතයන්ගේ අදහස වී තිබේ.

අධිකරණය දෙන තීන්දු ගැන ජනතා විශ්වාසය වර්ධනය වීම එකකි. ජනතාව ගේ පැත්ත ගැන කල්පනා කර තීන්දු දෙන විනිසුරුවරු ජනතා වීරයන් බවට පත්වන බව ද ඇත්තකි. ජනතා ඡන්දයෙන් ජනතාවගේ පොදු උවමනාවන් සාක්ෂාත් කරනු සදහා බලයට පත්ව ඇති ආණ්ඩුවක් අභිබවා යන තීන්දු වලින් ලැබන අවසාන ප‍්‍රතිඵලය කුමක් විය හැකි දැයි කිසිසේත් අවධානයට ගෙන නැති වැදගත් කරුණකි. අධිකරණ ආණ්ඩු ක‍්‍රමයක් විය හැකි අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අත් පත් කරන වාසි අවාසි ගැන බලවත් අවධානයක් යොමු වී තිබේ.