milinda-prashna

2015/10/28 – ලංකාදීප
තී‍්‍ර වීලරය ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතාවයන්හි සැලකිය යුතු තැනක් දිනාගන්නට සමත්ව තිබේ. තී‍්‍ර විලර් භාවිතාවට එන්නේ කහ පැහැති ටැක්සි යුගය අවසන් කරමින්ය. පොදු ප‍්‍රවාහන සේවා අතරතුර තමන්ගේ හදිසි සහ පහසු ගමන වෙනුවෙන් මීටර් ක‍්‍රමයට ධාවනය කළ කාර් ටැක්සි සේවාවක් තිබූ බව අද පරම්පරාවේ වැඩි දෙනෙකුට හො`ද මතකයක් නැත. මෙම කාර් ටැක්සි වෙනම උප සංස්කෘතියක් හා ඒ ආශ‍්‍රයෙන් වර්ධනය වූ භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කරන්නේය. සේවාව තුළ අහිංසකත්වය ද, සටකපටකම් ද නොඅඩුව තිබූ බව එම වකවානුවේ අත්දැකීම් සහිත අය දක්වන අදහස් අතර වෙයි.

තී‍්‍ර විලර් රටට ඇතුළු වෙන්නේ එම පැවැත්මට අභියෝගයක් වශයෙන්ය. අලූත් ආර්ථික රාමුවක් තුළ අලූත් සමාජ භාවිතාවක් හමුවේ ඉතාම වේගයෙන් ගම් දනවු පුරා තී‍්‍ර විලර් භාවිතා වෙන්නට පටන් ගනී. සේවා ආර්ථිකයක් වශයෙන් දියුණු වන ශ‍්‍රී ලංකාවේ ගමන බිමන ඉක්මනින් කරගන්නට එයින් ලැබෙන්නේ පහසුවකි. සැලකිය යුතු ආකාරයට පුලූල්වන මධ්‍යම පැලැන්තියේ අවශ්‍යතා වෙනුවෙන් පිහිටට එන්නේ තී‍්‍ර විලරයයි. කාර්යාලයට යන්නට, පාසලට දරුවා ගෙනයන්නට පමණක් නොව හදිස්සියට පිහිට වෙන්නේ ද ත‍්‍රීවිලරයයි. වර්තමානය වන විට රට තුළ භාවිතා වන තී‍්‍රවිලර් ගණන දස ලක්ෂය ඉක්මවා තිබේ. තී‍්‍ර විලර් අයිතිකාර සහ ඒවා උපයෝගී කරගෙන ආදායමක් උපයා ගන්නා සමාජය ලක්ෂ සංඛ්‍යාතය.

තී‍්‍ර විලර් එකක් මිලදී ගන්නට වත්කමක් නැති දස දහස් සංඛ්‍යාත පිරිසක් දිනපතා කුලියට ගන්නා එකකින් යමක් හරි හම්බකර කුලිය ගෙවා දෛනික ආදායමකින් ජීවත්වන ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය. මෙකී දස ලක්ෂ සංඛ්‍යාත තී‍්‍ර විලර් ටැක්සි සේවාවේ නිරත වෙන්නේ රටේ එක්තරා ආකාරයකට දක්ෂ, කුසලතා ඇති තරුණ පිරිසකි. මෙම කණ්ඩායමේ අනාගතය තී‍්‍රවිලර් එකකට සීමා කළ යුතු ද? අද අවධානයට ගත යුතු ගැටලූව එයයි.තී‍්‍ර විලර් එකක් මිලදී ගැනීම හීනයක් විය යුතු නැත. හන්දියක නතර කර පැය ගණනක් බලා සිට කෙටි දුරකට කුලී ගමනක් යන එක ජවය ඇති ජන කොටසක අපේක්ෂාව බවට පත්වීම යුක්ති සහගත එකක් නොවේ. කහ පැහැති ටැක්සි සේවාව අවසන් වූ ආකාරයට ත‍්‍රී විලර් සේවාවට ද යා හැකි දුරක් ඇත. සමාජ පරිවර්තනය වෙන්නේ මෙම යුග අවසන් කරමින් බව සිහිපත් කළ යුතුය.

ආර්ථික සමාජයීය වශයෙන් ශ‍්‍රී ලංකාව දියුණු වන අවස්ථාවක ත‍්‍රී විලර් භාවිතාවට ද ගමන් කළ හැකි දුරක් තිබේ. එම දුර ගමනේ එක්තරා කඩඉමක් දක්වා පැමිණ ඇති මෙම අවස්ථාවේ දී සේවයේ නිරත දස ලක්ෂ සංඛ්‍යාත පිරිස පරිවර්තනයට මුහුණ දෙන්නේ කෙසේදැයි සාකච්ඡුා කිරීම අද ඇති අවශ්‍යතාවයකි.ජාත්‍යන්තරය තුළ සිදුවන වෙනස්කම් අනුව ඉඩ කඩ විකිණෙමින් තිබේ. ගමන් කරන වාහනයක ඇති ඉඩ අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කරන අතර මිලක් ගෙවා නොදන්නා වාහනයක තමන් දන්නා තැනට යන්නට හැකි ආකාරයේ ඇප් විශේෂ නිර්මාණය වී තිබේ. මෙරටට ද ඇතුළු වී ඇති ඇප් මගින් ටැක්සියක් ගෙන්වා ගන්නා නමුත් ලෝකයේ සිදුවන දේ අනුව එකම කුලී රියක්වත් නැති ලෝකයේ විශාලතම ටැක්සි ව්‍යාපාරය දැන් අන්තර් ජාලයේ ස්ථාපනය වී හමාරය. තමන්ගේ පුද්ගලික රිය තුළ ඇති ඉඩකඩ තවත් කෙනෙකුට අළෙවි කර සේවාවක් සපයන අතරතුර ආදායමක් උපයන ව්‍යාපාරයක් හැදෙන පසුබිමක තී‍්‍රවිලරයක් මිලදීගෙන හයර් අපේක්ෂාවෙන් පාරටවී සිටීම නිෂ්ඵල එකක් බව නොඅනුමානය.

තාක්ෂණය වේගයෙන් සමාජය වැළ`ද ගනිමින් තිබේ. තමන්ගේ නිවසේ ඇති ඉඩ කුලියට දෙන ව්‍යාපාර බිහිවෙයි. තමන්ගේ වාහනයේ ඇති ඉතිරි ආසනයට මගියෙකු මගදී නංවා ගත හැකි ආකාරයට ස්මාට් ජංගම දුරකථනය පහසුවක් සපයයි. මේවා ඉදිරි වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි දේ බව ස`දහන් කළ යුතුය. මෙරට ජනගහනයට වැඩි ප‍්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා වන සහ ඒවා දත්ත හුවමාරු කළ හැකි ස්මාට් දුරකථන වන පසුබිමක ස`දහන් කරන මෙම ව්‍යාපාරය රට තුළ පැතිරෙන විට තී‍්‍ර විලර් ටැක්සි සේවාව අන් මගක් ගන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි එකකි. මෙම අලූත් දේ සිදුවන විට ඒ වෙනුවෙන් පසුබිම සකස්වන අතර තුර දැනට පවත්වාගෙන යන සේවාවන් මුහුණ දෙන ගැටලූ ගැන සලකා බැලීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම විය යුතුය. තරුණන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම තී‍්‍රවිලරය වෙනුවෙන් සීමා විය යුතු නැත. අලූත් දේ වෙනුවෙන් යොමු කළ යුතුය.