milinda-prashna

2015/10/07 – ලංකාදීප
රටට ස්වකීය අනන්‍යතාවයක් තිබුණි. එය බලවත් උරුමයකි. එකී උරුමයේ ශික්ෂණය ඇතිකරන්නේ ආගමික දර්ශනයයි. රටක පැවැත්ම ගොඩනගන්නේ බෞද්ධ සහ අන්‍ය ආගමික විනයයි. ශ‍්‍රී ලංකාව අවුරුදු දෙදහස් ගණනක් නිවී සැනසිල්ලේ ජීවිත පැවැතියේය. පසුව අවුරුදු පන්සියයක් බටහිරට යටත් රටක් බවට පත්වෙයි. රට නිදහස් වන නමුත් එයින්පසු ඉකුත් වසර හැට හත තුළ පෙන්වන්නේ යම් යම් ආකාරයට මතුවන ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වයයි.
යටත් විජිත පාලනයෙන් නිදහස් වූ රට දශක හයක් ඇතුලත දහස් ගණන් ජීවිත අහිමිකරන භයානක ත‍්‍රස්තවාදයක් කරා ගමන් කරන්නේ ඇයි? නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වලකන්නේ කෙසේද?

මේවා සාකච්ඡා කර සමාජ ස්ථාවරභාවය වෙනුවෙන් ඉවසිලිවන්ත සමාජයක් බිහිකරගන්නට අවශ්‍යය. බෙදීම් තුරන්කර සමාජ එකමුතුව ඇති කළ යුතුය. නීති වලින් එය කරන්නට පුලූවන් කමක් තිබේද?

ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් හෝ පාලන ක‍්‍රමයේ සංශෝධන වලින් එය කළ හැකි කිසියම් සීමාවක් තිබේ. සමාජ උන්නතිය උදෙසා ආගමික දර්ශනය උපයෝගී කරගැනීම ඉතා වැදගත්ය. පුනර්ජීවනය උදෙසා ආගමික පිටුවහල අවශ්‍යය. සියලූ ජාතීන්, සියලූ ආගම් එකතුවී රට තුළ පවතින කාරණා පුලූල්ව සලකා බලන ක‍්‍රියාවලියකට ගමන් යුතුව තිබේ. රාජ්‍යයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උපදේශක මණ්ඩලයක් අවශ්‍යය. බෙදීම් වෙනුවට එකතුවෙන්නට ද, පමණක් නොව එකමුතුව තුළින් සර්ව සාධාරණ ආකාරයට ප‍්‍රශ්න දෙස බලන්නට හැකි පුලූල් පසුබිමක් ඇතිකරන්නට ද මෙම උපදේශක මණ්ඩලය වගවිය යුතුය. යුක්තිය ගැන අ`ගවන ක‍්‍රමයක් ඇති කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නිසි මගක් ද විය හැකිය.

සර්ව ආගමික කොන්ග‍්‍රසය මෑත කාලය තුළ මෙරට ජාතික ප‍්‍රශ්න දෙස විමර්ශණාත්මකව බලන විද්වත් මණ්ඩලයක් වශයෙන් ක‍්‍රියාකර තිබේ. ඒ සම්බන්ධව අත් දැකිම් රටට ඇත. එම සර්ව ආගමික කොන්ග‍්‍රසය පදනමක් වශයෙන් සලකා පුලූල් සහභාගීත්වයක් ඇතිව රටට සහ නායකයන්ට උපදෙස් දෙන යාන්ත‍්‍රණයක් වශයෙන් සකස් කරගත හැකිය. ජාතික මට්ටමින් පමණක් නොව බිම් මට්ටමින් සර්ව ආගමික කොන්ග‍්‍රසය පිහිටුවීම සුදුසුය. යම් යම් ප‍්‍රශ්න මතුවූ අවස්ථාවේ දී තාවකාලිකව මෙවැනි සංවිධාන පිහිටුවා ආගමික සහ ජාතික එකමුතුව ඇති කරගත් නමුත් එයින් ඔබ්බට දීර්ඝ කාලීනව සලකා බලන ව්‍යුහයක් බවට පත්වන්නේ නැත. දැන් එම අවස්ථාව ඇති කරගැනීමට උචිත කාලය උදා වී තිබේ.

ජාතික මට්ටමින් පිහිටුවන අතර සෑම පලාතක්ම, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණය වන පරිදි සර්ව ආගමික නියෝජනය සහිත සංවිධාන පිහිටුවා ඒවායේ මග පෙන්වීම අනුව මෙරට සමාජ සහ ආර්ථික ව්‍යුහය තුළ අලූත් දැක්මක් ගොඩනගන්නට හැකියාව තිබේ. විවිධ ජාතීන් සහ විවිධ ආගම් ජීවත්වන සමාජයක සියලූ දෙනාට ගැලපෙන පොදු අදහස් මතු කරගන්නට බිම් මට්ටමේ සිට ඉහළට විහිදෙන සර්ව ආගමික ආයතනික රාමුවකින් විශාල සේවාවක් අපේක්ෂා කළ හැකිවෙයි.මේ ආකාරයටම බුද්ධ ශාසන උත්තරිතර උපදේශක මණ්ඩලයක් ද ස්ථාපිත කරන්නට හැකි බව ස`දහන් කළ යුතුය.

එය ආණ්ඩුවට සහ නායකයන්ට අවශ්‍ය වේලාවේ දී අදහස් හුවමාරු කරගන්නට සහ උපදෙස් ගැනීමට හො`ද පසුබිමක් ඇති කරනු ඇත. මහා නායක හිමිපානණ් වහන්සේලා හෝ නියෝජිතයන් ඇතුළු සියලූ නිකාය නියෝජනය වන පරිදි මෙම උත්තරීතර උපදේශක මණ්ඩලය සකස් කිරීම උචිතය.ශ‍්‍රී ලකාව ඇතුළු වෙමින් පවතින්නේ අලූත් යුගයකටය. එම යුගයේ දී තාක්ෂණය බහුල වනවා පමණක් නොව එම තාක්ෂණය ඇති කරන පීඩනය ද තේරුම්ගත යුතුය. ලෝකයේ නොයෙක් රටවලින් ලැබෙන තොරතුරු පෙන්වන්නේ අන්තවාදය නැවත නැවතත් හිස ඔසවන බවය. එක වතාවක් පාඩම් ඉගෙන ගත් ශ‍්‍රී ලංකාවට ආගමික සහජීවනය සහ සියලූ ආගම්වල දර්ශනය බලවත් පිටිවහලක්වනු නොඅනුමානය.