milinda-prashna

ලංකාදීප – 2015/08/05

පාසල් දරුවන්ට නිවාඩුවක් දෙන්නේ වාරයක් තුළ ඉගෙන ගන්නට කළ මහන්සියට විරාමයක් වශයෙන්ය. දරුවන් ලෙස කෙළි දෙලෙන් ගතකරන්නට ඇති අයිතිය ආරක්ෂා කරන්නටය. පොත පතින් පමණක් හො`ද පුරවැසියෙකු තැනිය හැකි නොවේ. පාසලට එපිටින් ඇති බාහිර සමාජයෙන් ඉගෙනගත යුතු කාරණා ප‍්‍රමාණාත්මකව දැක්විය නොහැකිය. පාසලේ පන්ති කාමරයට බාහිර අධ්‍යාපනය ලබන්නේ වටපිටාවෙන් ප‍්‍රායෝගිකවය. අවුරුද්ද වාර තුනකට බෙදා ඒ අතරවාරයේ නිවාඩු කාලයක් ප‍්‍රකාශයට පත් කරන්නේ එම පසුබිම ද අවධානයට ගනිමින්ය. පාසල් අධ්‍යාපනය අවුරුදු ගණනකට සීමා කරන නමුත් ජීවිත කාලය පුරා ඉගෙන ගන්නේය.

අධ්‍යාපන ක‍්‍රමය අනුව පාසල් නිවාඩු කාලයක් ප‍්‍රකාශයට පත් කරන නමුත් දරුවන්ට එය අහිමි වී තිබේ. දෙමවුපියන්ගෙන් බහුතරයක් එය පිළිගැනීමට කැමැත්තක් නැත. පුද්ගලික අතිරේක පන්ති එනම් ටියුෂන් එයට ඇති ඉඩ කඩ අවුරන බව පෙනේ. එවැනි පසුබිමක් ඇති කරන්නේ තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයයි. නිවාඩු කාලයේත් තවත් වැඩිපුර මහන්සි වුවහොත් අවඩැක් නොවන බව දෙමව්පියන් සිතන බව පෙනේ. ඒ වෙනුවෙන් බලවත් පීඩනයක් ඇති කරන්නේ ටියුෂන් පංතියේ සන්නිවේදනයයි. පුද්ගලික අතිරේක පන්ති සෑම නගරයකම සුලබය. ටියුෂන් වශයෙන් පවත්වන අතිරේක පන්ති ගැන පෝස්ටර් අලවා සිසුන් පන්තියට කැ`දවන ගුරුවරු රට පුරා සිටිති. අතිරේක පන්ති පවත්වන තැන් සහ කාලවේලාව දන්වන පෝස්ටර් සම්බන්ධ අලූත් ශිල්පීය විධි නිර්මාණය වී තිබේ. එහි ඇත්තේ විෂය උගන්වන්නට ගුරුවරයා සතු දක්ෂතාවය කෙටියෙන් දක්වන අදහසකට වඩා ගුරුවරයා ගේ මුහුණේ ආකර්ශණීය ස්වභාවයයි. පැහැපත් කඩවසම් ගුරුවරයෙකු නොවේ නම් ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරයෙකු විය නොහැකි තරමට එහි සන්නිවේදනය පටු එකක් බව නිරීක්ෂණය කළ හැකිය.

ටියුෂන් ගුරුවරයා තෝරා ගන්නේ සිසුන්ය. පළමුව තරුණ සිසුන් ආකර්ශනය කරගැනීම අවශ්‍යය. පන්තියට සහභාගී වන සිසු සිසුවියන්ගේ අවධානය දිනාගන්නට පෝස්ටරයෙන් දෙන සන්නිවේදනය වැදගත් බව අද පරම්පරාවේ ටියුෂන් ගුරුවරු කල්පනා කරමින් සිටිති. ගුරුවරයාගේ දැනුම පසුබිම හා අත්දැකීම් අභිබවා රූපය වැදගත් වන්නේ එහෙයින්ය. පාරේ ඇලවෙන පෝස්ටරයත්, පන්තියේ දී දක්වන මුඛරිබවත් ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියත්වය අත්පත් කරගන්නට ටියුෂන් ගුරුවරුන් උපයෝගී කරගන්නා ප‍්‍රමුඛ මෙවලම් බව පෙනේ.

අතිරේක අධ්‍යාපනයේ දී උගන්වන ගුරුවරයාගේ ලස්සන පෞර්ෂය වැදගත් කාරණයක්ද?                                                                           ලස්සන ගුරුවරුන් පමණක් නොව උගන්වන්නට දක්ෂයන් නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පවත්වාගෙන යන ගුරුවරුන් පාසල තුළ නැද්ද? සමාජයට ප‍්‍රශ්නයක් තිබිය යුතුය. පුද්ගලික පන්තිය ගැන කරන සන්නිවේදනය අනුව ලස්සනම ආකර්ශණීය චරිත ඉන්නේ ටියුෂන් පන්තියේය. උගන්වන්ට දක්ෂතම ගුරුවරු සිටින්නේ ද පුද්ගලික පන්තියේය. ප‍්‍රසිද්ධියේ අලවන පෝස්ටරයෙන් ගුරුවරයාගේ ලස්සන මුහුණ පෙන්වන අතර හො`දම ප‍්‍රතිඵල බව තම පන්ති වලින් ගත් බව ස`දහන් කරන ප‍්‍රචාරයෙන් ටියුෂන් පන්තියේ ගුරුවරයා ක්ෂේත‍්‍රයේ ඉහළින් සිටින්නට තැත් කරයි.මෙයින් පෙනෙන්නේ දැනුම අවබෝධය ඇති කරන අධ්‍යාපන ක‍්‍රමය තුළ යම් විකෘතියකි.

තර`ගකාරී අධ්‍යාපන රටාව හෙයින් පාසල් දරුවන්ගේ ඉගෙන ගැනීමේ ක‍්‍රමවේදය සම්මතයෙන් බැහැර වී තිබේ. පාසල් අධ්‍යාපනය පසෙක තිබිය දී පාසල් නිවාඩු කාලයේ ත් ටියුෂන් පන්තියට යන ටියුෂන් ගුරුවරයා තෝරාගැනීමට සන්නිවේදන උපක‍්‍රම භාවිතා කරන යුගයකටය. ටියුෂන් ක‍්‍රමයෙන් සහමුලින්ම බැහැර විය නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. පෝස්ටර් සන්නිවේදනයේ අනිටු ප‍්‍රතිඵල පමණක් නොව පුද්ගලික පන්ති සම්බන්ධයෙන් මතුවෙමින් පවතින ජනප‍්‍රියභාවය ද රටට අනර්ථකාරී බව පැහැදිලිව වටහා ගත යුතුව ඇත.

ගුරුවරයා සම්බන්ධයෙන් තිබූ සමාජ සම්මුතිය ක‍්‍රමානුකූලව අභියෝගයට පත්ව ඇති අතර පාසලේ උගන්වන ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා යන ප‍්‍රතිරූප දෙකක් නිර්මාණය වී තිබේ. ගුරුවරයා සම්බන්ධයෙන් සමාජය තුළ තිබූ වැදගත් සංකේතය බලවත් අභියෝගයට ලක්ව ඇත. අධ්‍යාපන ක‍්‍රමය මුහුණ දී ඇති ඛේදවාචකය තේරුම් ගැනීමට මෙම ස්වභාවය ප‍්‍රමාණවත්ය. අලවන පෝස්ටරයෙන් ගුරුවරයාගේ දක්ෂතාවය වටහාගත නොහැකි බව පමණක් නොව ලස්සන පින්තූර පිටුපස පමණක් හො`ද ගුරුවරයෙකු සිටින්නේයැයි ඇ`ගවීම මිත්‍යාවක් බව ද හෙළිදරව් කළ යුතුය.