milinda-prashna

ලංකාදීප – 2015/07/29

නුවරඑළියේ වසන්ත සැනකෙළිය නොදන්නා අය සීමිතය. උත්සව කාලයට නුවරඑළියට යන දහස් සංඛ්‍යාත පිරිසට නවාතැන් සොයාගැනීම බලවත් ප‍්‍රශ්නයකි. නගරයේ ජීවත්වන ඇතැම් පවුල් මෙම කාලයේ දී කුඩා කාමරයක ජීවත්වන්නට තීරණය කරන අතර පැමිණෙන පිරිසට නිවසේ කොටසක් කුලියට දී විශාල මුදලක් උපයා ගනිති. එවැනි ව්‍යාපාර ගැන නොදන්නා අය නැත. තමන් ජීවත්වන නිවසෙන් කොටසක් ලෝකයේ නොයෙක් තැනින් පැමිණෙන නොදන්නා සංචාරකයෙකුට කුලියට දීම ව්‍යවසායයක් අද පැන නැගී තිබේ. ප‍්‍රධාන ධාරවේ සංචාරක හෝටල කර්මාන්තයට ද තර්ජනයක් වන ආකාරයට වේගයෙන් ව්‍යාප්තවීම අවධානයට ලක් විය යුතු එකකි.

නුවරඑළියේ නිවැසියන් තමන්ගේ නිවසින් කාමරයක් කුලියට දීම හුදෙකලා සිද්ධියකි. නමුත් සංචාරයක් ස`දහා පිටත්ව යන්නට කලින් නතරවන්නට සුදුසු තැනක් සොයා ගැනීමට අන්තර් ජාලයෙන් තොරතුරු සොයන ක‍්‍රමවේදය ව්‍යාපාරයක් වී තිබේ. එය පෙනෙන්නට නැති සමාගමක් වශයෙන් ලෝකයේ දැවැන්තම පිරිවැටුම සහිත එක බවට පත්වන්නට තවත් වැඩි කාලයක් ගත නොවෙන බවට පර්යේෂකයෝ ගණන් බලති.
බ‍්‍රයන් චෙස්කි 1981 දී උපත ලැබූවෙකි. ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග සැන්ප‍්‍රැන්සිස්කෝ නගරයට පැමිණ කුඩා තැනක් කුලියට ගෙන නතර වන්නේ රුකියා විරහිත තරුණන් හැටියටය. කාමර කුලිය ගෙවීම ප‍්‍රමාදවීම හෙයින් අයිතිකරුවන් ගේ අසතුටට ලක්ව සිටි තරුණ තිදෙනාට නවාතැන අහිමිවීමේ ප‍්‍රශ්නයක් මතුවෙයි. උත්තරය හැටියට එම නගරයේ පවත්වන වෙළ`ද ප‍්‍රදර්ශනයක් අලූත් අවස්ථා නිර්මාණය කරන සංකල්පයක් බිහිකරයි.

නගරයේ නවාතැන් ගන්නට කිසිම තැනක් නැති අවස්ථාවක මෙම තරුණන් කරන්නේ වායු මෙට්ට තුනක් මිලදී ගෙන තමන්ගේ කාමරයේ තබා වෙළ`ද සල්පිල අවට නවාතැන් ඇති බව දැන්වීමකින් ප‍්‍රදර්ශනය කිරීමයි. එය සාර්ථක විය. කිහිපදෙනෙකු කාමරයේ නවාතැන්ගත්තේය. පසුව මෙම මිතුරන් තිදෙනා ්සරඉබඉ යනුවෙන් අන්තර් ජාල සමාගමක් ආරම්භ කරන අතර එය ලෝකය පුරා ව්‍යාප්තවන නවාතැන් සැපයීමේ සේවාවක් බවට පත්වෙයි. අද එම වෙබ් අඩවියෙහි ලෝකයේ නගර තිස් හතර දහසක දස ලක්ෂයක් වූ නවාතැන් පොලවල් ගැන විස්තර ඇතුලත්ය. 2008 දී ආරම්භ කරන ලද එයාර් බී ඇන්ඞ් බී ව්‍යාපාරය අද කෙලින්ම සංචාරකයන් සහ නවාතැන් සම්බන්ධ කරන ආකර්ශණීය එකකි.

තොරතුරු තාක්ෂණය ව්‍යාප්තවන විට ලෝකය පුරා අලූත් අවස්ථා ඇතිවන ආකාරය ගැන හිතන්නට මෙය එක් උදාහරණයකි. එයාර් බී ඇන්ඞ් බී ව්‍යාපාරය ආරම්භ කර අවුරුදු හයක් පමණ ඇත. නවාතැනෙහි කුලී ගෙවා ගත නොහැකිව එයින් එළියට වැටෙන්නට ගිය තරුණන් අලූත් දොරටුවක් විවෘත කර ගෙන තිබේ. නිතිපතා අලූත් නවාතැනි පොල ඇතුළු වෙමින් පවතින මෙම අන්තර්ජාල ව්‍යවසායට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගරවල පිහිටි නවාතැන් පොලවල් පවා ඇතුලත්ව තිබීමෙන් එහි ව්‍යාප්තියේ තරම වටහා ගත හැකිය.
සංචාරකයන් එයාර් බී ඇන්ඞ් බී ක‍්‍රමයට කැමැති වන්නේ ඇයි? එය සරල සහ තමන්ට එක`ගවිය හැකි ආකාරයට තෝරා ගැනීමට පහසුකම තිබේ. සංචාරක හෝටලයක මෙන් ආණ්ඩුවල බදු සහ සේවා ගාස්තු නැත. රාත‍්‍රිය නවාතැන්ගෙන උදෑසන ආහාරයෙන් පසු කඩදාසියක අත්සන්කර පිටත්ව යා හැකි අතර ගාස්තු ගෙවන්නේ අන්තර් ජාල සමාගමටය. සමාගම නියම ආකාරයට තමන්ගේ ගාස්තුව අඩු කර දේපොල හිමිකරුට ලැබිය යුතු කොටස ගෙවයි.

තමන්ගේම නිවසේ කොටසක් නවාතැන් වෙනුවෙන් කුලියට දී ආදායමක් උපයා ගැනීම ව්‍යවසායයක් වශයෙන් වර්ධනය වන්නේ ඇයි? එය ඕනෑම කෙනෙකු සතු අතිරේක වත්කමකි. අලූතින් ආයෝජනයක් අවශ්‍ය නැත. බැ`දීම් අඩුය. හො`ද ආදායමක් උපයාගත හැකිය.
තමන් ජීවත්වන තැනින් කොටසක් දී එය ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වන පසුබිමක් සකස් වී තිබේ. තමන් ගමන්ගන්නා වාහනයේ ඉඩ ඇත්නම් එහි තවත් කෙනෙකුට ඉඩ දී එය ආදායමක් බවට හරවා ගැනීමේ අවස්ථාවක් උදා වී ඇත. එය උබර් ටැක්සි සේවය වශයෙන් ප‍්‍රචලිතය. නිවස කුලියට දෙන, ගමන්ගන්නා වාහනය ආදායම් මාර්ගයක් පත්කරන මෙම සියලූ පැති පෙන්වන්නේ තාක්ෂණයෙන් කළ හැකි දේ වලින් එක්තරා කොටසක් පමණකි. මෙයින් අත්දැකීම් ගෙන අලූත් මාවතක් විවෘත කරගත හැකි නම් තරුණ පෙළ ආණ්ඩුවේ හෝ දේශපාලනඥයන්ගෙන් ආධාර ඉල්ලන්නේ නැති බවට සැකයක් නැත.