milinda-prashna

2015/02/11- ලංක‍ාදීප – මිලින්ද මොරගොඩ

එස්ටෝනියාව ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ රටේ ඉ පුරවැසියෙකු වන ලෙස කරන ඇරයුම අනාවරණය කරන්නට සිදුව තිබේ. එස්ටෝනියාව රුසියාවෙන් නිදහස ලබා ගන්නේ 1991 අවුරුද්දේ දීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති රට තුළ බල පැවැත්වෙයි. ඉතා ඉහළ ආර්ථික වර්ධනයක සිටින එරට පුරවැසියන්ගේ ජීවන මට්ටම ද, මානව හිමිකම් දර්ශකය ද කැපී පෙනෙන තැනක පවතින බව ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.
වෙළ`ද පොළ ආර්ථිකයට ඉඩ දෙන පුද්ගලීකකරණයට බලවත් කැමැත්තක් ඇති එස්ටෝනියාව යුරෝපා සංගමයේ සාමාජික රටකි. ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති එමෙන්ම එය පුරවැසියන්ට නොමිලේ සපයන එස්ටෝනියාව ආණ්ඩුවේ සියලූම සේවා තොරතුරු තාක්ෂණය ඔස්සේ ලබා ගන්නට ඉඩ කඩ විවර කර තිබේ. 2007 අවුරුද්දේ දී ලෝකයේ පළමුවතාවට විද්‍යුත් ඡන්ද ක‍්‍රමයකින් පාලකයා තොරා ගන්නට පුරවැසියන්ට ඉඩ සලසන්නේ ද මෙම කුඩා එහෙත් ඉතා සමෘද්ධිවත් රට බව ස`දහන් කළ යුතුය.

එහි තවත් පියවරක් ඉදිරියට තබන එස්ටෝනියාව ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම තැනක සිට එස්ටෝනියාවේ ඉ පුරවැසියෙකු ලෙස ලියා පදිංචි වීමට ඉල්ලා සිටිය හැකි බව දන්වයි. ඉකුත් ජනවාරි වන විට සති නමයක් ඇතුලත දහ තුන් දහසක් මෙම විද්‍යුත් පුරවැසිභාවය ලබාගන්නට ඉල්ලූම් කර ඇති අතර පන්සියයකට එය ප‍්‍රදානය කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වයි. අවුරුදු පනහක් රුසියාවට යටත්ව සිටි මෙම රට නිදහස ලබා ගැනීමෙන් පසු දැන් ජීවත්වන මිලියන 1.3 ක ජනගහනය සමග ඉතා දිගු වේගවත් තාක්ෂණික පිම්මකින් ලෝකයේ පෙරට ගමන් කිරීමට ගෙන ඇති තීරණය බලවත් අවධානයට ලක්ව ඇති එකකි.

එස්ටෝනියාවේ සියලූම බැංකු තාක්ෂණිකව ඔන් ලයින් ක‍්‍රමයට කි‍්‍රයාත්මක වන අතර භාණ්ඩ මිලදී ගැනීම විශාල වශයෙන් කෙරෙන්නේ විද්‍යුත් ක‍්‍රමයටය. පාසල් දරුවන්ට ද පළමු වසරේ සිටම තාක්ෂණික ඉගැන්වීම් වන අතර සියලූම දෙනා පරිගණක ගත අංකයකින් සම්බන්ධ වෙයි. විශේෂත්වය වන්නේ සෞඛ්‍ය සේවා පවා පරිගණක ගත කර විද්‍යුත් බෙහෙත් වට්ටෝරුවක් නියම කරන තැනට පරිවර්තනය කර තිබේ. එවැනි දියුණු තාක්ෂණ භාවිතාවක් ඇති රටක් වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉ පුරවැසිභාවය ලබා ගන්නට අවස්ථාව සැලසීම මහත් ආකර්ශණීය තැතක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එස්ටෝනියාවේ පුරවැසි භාවයට ඉල්ලූම් කළ යුතු ඇයි? ජගත් ප‍්‍රජාව විමසන්නට පටන්ගෙන තිබේ. ඉන්දියානුවෙකුට එස්ටෝනියාවේ ඉ පුරවැසි භාවය ලබාගෙන ඩුබායි හි ව්‍යවසායයක් ආරම්භ කරන්නට හැකි අතර එය එස්ටෝනියාවේ නීති හා බදු ප‍්‍රතිපත්ති වලට එක`ගව පවත්වාගෙන යන්නේ නම් අත්පත් කරගත හැකි ප‍්‍රතිලාභ ඉතාම සුවිශේෂී බව නිරීක්ෂණය කළ හැකිය.

දහ අවුරුද්දක් ඇතුලත මිලියන දහයක අලූත් ඉ පුරවැසියන් ප‍්‍රමාණයක් එස්ටෝනියාව සමග එකතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පුරවැසි ප‍්‍රදානයෙන් පමණක් එරට ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 565 ක් උපයාගත හැකිවන අතර එම පුරවැසියන් ගෙවන බදු හා ව්‍යවසායකයන් වශයෙන් ලෝකයේ නොයෙක් රටවල කරගෙන යා හැකි ව්‍යාපාර ඔස්සේ එස්ටෝනියාව උපයා ගන්නට ඉලක්ක කර ඇති ධනය මෙය මෙන් කිහිප ගුණයකි.
බලහත්කාරයෙන් රටකට පැමිණ දේශපාලන හෝ සමාජ ආරක්ෂාව උදෙසා දියුණු රටක පුරවැසි භාවය අයැදින අවස්ථා බහුලව වාර්තාවෙයි.

නොදියුණු සහ ක‍්‍රමය තුළ සාධාරණ අවස්ථා සපයන්නේ නැති සමාජ තමන්ගේ රට තුළින් නොලැබෙන දේ උපයා ගන්නට රට හැර යන තීන්දු වලට එළැඹෙයි. ඉහළම සමාජ ස්ථරයේ කොටසකට ලෝකයේ කොතැනකින් හෝ පුරවැසි භාවය ඉල්ලන්නට වරප‍්‍රසාද ඇත. එස්ටෝනියාව ඉදිරිපත් කරන ඉ පුරවැසි සංකල්පය මේ සියල්ල අභිබවා යමින් ලෝකයේ පුරවැසිභාවය සම්බන්ධ සමීකරණය අලූතෙන් සකස් කරන්නට හේතු වන බව නිසැකය. තවත් රටවල් මේ ආකාරයට ඉ පුරවැසි භාවය ප‍්‍රදානය කරන තිරණ ගන්නට ඉඩ තිබේ. එය විශ්වය පුරා විහිදෙන සාධාරණ සමාජ ක‍්‍රමයකට මුල පුරන ක‍්‍රමවේදයක් විය හැකි දැයි අවධානයෙන් සිටීම වැදගත්ය.