milinda-prashna

14/01/2015 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව පසුගිය දින කිහිපය ගත කරන්නේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණයේ උණුසුම සහිත පසුබිමකය. ශුද්ධෝත්තම පාප් වහන්සේ ගේ සංචාරය සමග එය හක්තිමත් අවස්ථාවක් බවට පෙරැුලී තිබේ. ලංකාදීපයට සැපත් පාප් වහන්සේ ගේ පැවැත්ම, දර්ශනය සහ ක‍්‍රියා කලාපය පෙරැුළිකාර එකකි. දියුණු වෙමින් පවතින රටකින් පත් වූ පළමු පාප් තුමා වශයෙන් සැලකෙන ආර්ජන්ටිනාවේ පුරවැසියෙකු වන එතුමා එම උත්තරීතර පදවියට පත්වන්නේ කතෝලික පල්ලිය අපචාර සහ ධනය සම්බන්ධ චෝදනා වලට ලක්ව තිබූ පසුබිමකය. එයින් මිදී අලූත් ප‍්‍රතිසංස්කරණ ඇති කරනු ඇතැයි ලෝක වාසී බිලියන සංඛ්‍යාත කිතුනු බැතිමතුන් එතුමන්ගෙන් අපේක්ෂා කළේය. අප‍්‍රමාණ ගෞරවාදරය හිමි එතුමන් සරල ශික්ෂාකාමී ජීවිතයකට නතු වෙමින් අපේක්ෂා සාක්ෂාත් කරමින් සිටී.

අලූත් රාජ්‍ය නායකයෙකු පත්ව ඇති ශ‍්‍රී ලංකාව ශුද්ධොත්තම පාප් තුමන් ගේ සරල ජීවිතයෙන් පමණක් නොව පෙරැළිකාර ප‍්‍රතිසංස්කරණ ද මැනවින් අධ්‍යයනය කළ යුතුව ඇත. තද පාලනයක සිටි කාදිනල්වරු නව දෙනාගේ ව්‍යුහය කාර්යක්ෂම බවට පත් කළ අතර විනිවිද පෙනෙන සහ විගණනයට ලක්වන පාලනයකට වතිකානුවේ මූල්‍ය කටයුතු පත් කළේය. එතුමාගේ උපදේශක කාදිනල්වරු දියුණු වන රටවලින් තෝරාගත් අතර විප්ලවීය ප‍්‍රතිසංස්කරණ කිතුනුවන්ගේ පමණක් නොව සමස්ථ ලෝක වාසීන්ගේම බලවත් ප‍්‍රසාදයට හේතු වූ භව දැක්විය යුතුය.

පාප් තුමන් කතෝලික පල්ලිය තුළ කරන ලද ප‍්‍රතිසංස්කරණ නූතන සමාජය ඉල්ලා සිටි සාධාරණ සහ යුක්ති සහගත අංශ බව පැහැදිලිය. එකී අවශ්‍යතා ඉටුවන පරිසරය තුළ ඒවා කවරේදැයි විමසා බලා එය ඇසුරෙන් නව අපේක්ෂා ඇති කරගන්නට කිතුණු සමාජයට හැකියාව ලැබිණ. රාජ්‍ය සතු බලය, එය ජන සමාජයට බලපවත්වන ආකාරය සහ ඒ ඇසුරෙන් නැගි වැඞී පැවැති දේශපාලන සංස්කෘතිය නැඹුරු විය යුතු ආකාරය විමසා බලන්නට පාප් තුමන්ගේ සංචාරය සමග අවස්ථාවක් හිමිව තිබේ.

ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ වතිකානුවේ පමණක් නොවේ. චීනය සහ ඉන්දියාවේ සිදුවන ප‍්‍රතිසංස්කරණ වලින් මතුවන අවස්ථා සහ අභියෝග මතුවෙයි. යථාවාදී වානිජ මුහුණුවරක් දක්වා හැඩගැසෙන ඉන්දියාවේ වෙනස්කම් හ`දුනාගැනීම වැදගත්ය. ඒ ආකාරයටම පුද්ගලික අංශය මෙහෙයවා අන්තර් ජාතික වශයෙන් අවස්ථා උත්පාදනයට චීනය හැසිරෙන ආකාරය විස්මය ජනකය. චීන සමුද්‍ර සේද මාවත සංකල්පය ඇමරිකනු ඩොලර් බිලියන හතලිහ ඉක්මවන ආයෝජනයකි. ඉන්දියාව තුළ මෝදි ආණ්ඩුව කරන වෙනස්කම් හමුවේ වර්ධනයක් සනිටුහන් කරන අතර උද්ධමනය අඩු, කොටස් වෙළ`දාම ඉහළ යන, විදේශ ආයෝජන ආකර්ශනය කරන සහ ගෙවුම් ශේෂ ගැටලූ නිරාකරණය කරන තැතක් බවට පත්වෙමින් තිබේ. බදු ව්‍යුහය සහ තීරණ ගැනීමේ ප‍්‍රතිපත්ති වෙනස් කරන ඉන්දියාව එරට රක්ෂණ, ආරක්ෂක, දුම්රිය, නිවාස, ඉදිකිරීම් සහ දේපොල සම්බන්ධ ආයෝජනයට ඉඩ දෙන නීති පද්ධතිය සරල සහ විනිවිද පෙනන තීරණ ගන්නා ආකාරයට හසුරුවන්නට ගෙන ඇති තීරණය ඵලදායී එකක් වී ඇත.

විදුලිය, ඛනිජ තෙල් සම්බන්ධව පැවැති බලය වෙනස්කර පුද්ගලික අංශයට ද ආයෝජනය කරන්නට ඉඩ සලසා දී ඇති අතර කම්කරු නීති සහ බැංකු අංශයේ කරන වෙනස්කම් වෙළ`ද පොළ තර`ගකාරී තත්ත්වයට මුහුණ දීමේ පසුබිම ඇති කරන බව පෙනේ.චීනයේ සහ ඉන්දියාවේ සිදුවන ප‍්‍රතිසංස්කරණ සහ වතිකානුවේ සිදුවූ විප්ලවීය වෙනස දෙස බලන විට පාප් තුමන්ගේ සංචාරය ශ‍්‍රී ලංකාවේ අලූත් පාලනය සමග අලූතෙන් තීරණ ගැනීමට ධෛර්යය උපදවන්නක් විය හැකිය. අලූත් ගමනක් බලාපොරොත්තුවෙන් සිටින පුරවැසියන්ට වෙනස ඇති කර ප‍්‍රායෝගිකව එහි ප‍්‍රතිලාභ අත්පත් කරදෙන්නට නම් පවතින රාමුව යළි විමසා බලන්නට අවශ්‍යය. දුප්පත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් සහ ජනප‍්‍රිය දේශපාලනයෙන් ගමන් කළ හැකි දුර අවසානයේ සමාජය දී ඇති තීරණය ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ මාලාවකින් පදනමක් සකස් කරගත හොත් එය මෙරට ජන සමාජයට බලවත් මෙහෙවරකි.