milinda-prashna

05/06/2014 – ලංකාදිප

භාෂාව කෙලෙසක කවදා බිහිවූ එකක් දැයි තවමත් නිශ්චිතව අනාවරණය වී නැත. මනුෂ්‍ය වර්ගයා පරිනාමනයවී සංඥා සන්නිවේදනය ඇරඹෙන විට අදහස් හුවමාරුව පදනම් කරගෙන භාෂාව ව්‍යවහාරයට එන්නට ඇත. ලෝකයේ නොයෙක් ජාතීන් සහ නොයෙක් සංස්කෘතීන් එකිනෙකට වෙනස් භාෂා දහස් ගණනක් හසුරවති. එම ජන සමාජය තුළ ප‍්‍රාදේශික සහ ව්‍යවහාරික වශයෙන් ද භාෂාවට වෙනස් අනන්‍යතා තිබීම අපූර්වත්වයයි. මේ සියල්ල අතර තුර එකකට වැඩි භාෂා ගණනක් හසුරුවන්නට සමත් පුද්ගලයන් පිළිගැනීමට ලක් වෙයි. සමාජය ගෝලීය කරණයට ලක්ව විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති වකවානුවක ජාතීන් අතර අදහස් හුවමාරුව වෙනුවෙන් වැඩි භාෂා ගණනක් සම්බන්ධව අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්ය.
මෙරට දරු දැරියන්ට පාසල් අධ්‍යාපනයේ දී මවුබසට අමතරව ද්වීතියික භාෂාව හැදෑරීමට යොමු කරයි. සිංහල දරුවන් දෙමළ ඉගෙන ගන්නා අතර දෙමළ දරුවන් සිංහල ඉගෙන ගනී. එක රටක් තුළ මතු වියහැකි අනවබෝධය දුරු කිරීමට එය උචිතය. යටත් විජිතයක් බවට පත්වූ සමයෙහි ඉංග‍්‍රීසි බස රට තුළ භාවිතාවී පංති පරතරයක් ද නිර්මාණය කළේය. අදටත් ජාත්‍යන්තර භාෂාව වශයෙන් ඉංග‍්‍රීසි ඉගෙනගැනීමට දරුවන් මහන් සිවෙමින් සිටී. මවු බසින් අදහස් හුවමාරු කර ගන්නා මෙරට දරුවන්ට කුඩා අවධියේ සිටම එකිනෙකට වෙනස් භාෂා ගණනක් ඉගෙන ගන්නට අවශ්‍ය පහසුකම් යම් පමණකට පැවතීම වැදගත්ය. අක්ෂර, භාෂාවක නීති රීති සහ ව්‍යවවහාරය ද ඒ හාබැ`දුණු සංස්කෘතිය ද ඉගෙන ගැනීම පහසු කාර්යයක් නොවේ. නමුත් ජන ගහන රටාවේ වෙනස්කම් සහ වෙළ`දපොළ බලපෑම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් එකිනෙකට වෙනස් භාෂා හැකි තරම් ඉගෙන ගන්නට වර්තමාන පරපුරට සිදුව තිබේ. කාලයෙන් කාලය හදාරන භාෂාව කුමක්ද යන අවශ්‍යතාවය ද වෙනස්වෙයි. ඉංග‍්‍රීසිය ජාත්‍යන්තර භාෂාව වන විට ප‍්‍රායෝගිකව චීනභාෂාව ගැන අද වන විට වැඩි අවධානයක් මතු වන්නේ ඒ අනුවය.
ලෝකයේ වැඩිම පිරිසක් කතා කරන භාෂාව බවට පත්ව ඇත්තේ චීනයේ මැන්ඩරීන භාෂාවයි. පෙනෙන ආකාරයට ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ චීන භාෂාව ඉගෙන ගැනීමට ඇති අවශ්‍යතාවය ක‍්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. බි‍්‍රතාන්‍ය අගමැතිවරයා එරට දරුවන්ට චීන බස ඉගෙන ගන්නැයි උපදෙස් දී ඇත. ලොව ප‍්‍රකට බිල්ගේට්ස් ඔහුගේ දරුවන්ට චීන භාෂාව ඉගෙන ගන්නට පොළඹවා තිබේ. ඉංග‍්‍රීසි ඉගෙනගත් ශ‍්‍රී ලාංකික දරුවන් කාලයෙන් කාලයට තවත් භාෂාවක් වශයෙන් ජර්මන්, ප‍්‍රංශ, ජපන් සහ වර්තමානය වන විට කොරියන් ඉගෙන ගත යුතු යැයි සිතන බව පෙනේ. තව තවත් භාෂා අවශ්‍යතා මතු වන්නේ යහපත් ජීවන පැවැත්මක් අපේක්ෂා කරගෙනය. ජාත්‍යන්තරය සමග ඉදිරියට යන්නට නම් කාලීනව අලූත් වන අවශ්‍යතා අනුවය මින් අලූත් භාෂා හදාරන්නට සූදානම් විය යුතුය.
භාෂා පරිවර්තකයන්ගේ සේවය ඇති වර්තමානයේ ලෝකයේ පවතින සියලූම වැදගත් භාෂා ඉගෙනගත යුතුද යන සරල ප‍්‍රශ්නය පැන නගී. නෙල්සන්මැන්ඩෙලා මැතිතුමා භාෂාව ගැන කර ඇති ස`දහන එයට කදිම උත්තරයක් සපයයි. මැන්ඩෙලාට අනුව අන්කවරෙකුට හෝ වැටහෙන ආකාරයට ඔහුගේ බුද්ධියට යම්පණිවුඩයක් දිය හැකිය. නමුත් හදවතට දැනෙන ආකාරයේ පණිවුඩයක් දියහැක්කේ ඔහුගේහෝ ඇයගේ මවුබසින් කතා කිරීමෙන් පමණකි. තවත් ජාතියක මවුබස දැන ගැනීමේ වැදගත්කම කොතරම් අගනා එකක් දැයි එයින් පැහැදිලි වෙයි.