milinda-prashna
2014/04/17- මිලින්ද මොරගොඩ
සෞභාග්‍යය පදනම් කරගෙන උදාවූ අලූත් අවුරුද්දේ අසිරිය තවමත් ජන හදවත් තුළ පවතී. අනන්‍ය සංස්කෘතික අංග සහ වතාවත්වල යෙදෙමින් තමන්ට හැකි පමණින් අවුරුදු සමරන ලද බව පැහැදිළිය. ජන සමාජයේ සියලූම දෙනාට පොදු අරමුණකින් එකම ආකාරයකට අලූතෙන් කාර්යය අරඹන්නට අවුරුද්ද පදනමක් විය. අලූතින් අපේක්ෂා ඇති කරගන්නටත් එහි දී අවස්ථාව ලැබිණ.
දරු පවුල් එකතු වී සුහදතාවයෙන් සහ සාද කතා බහ වලින් බලාපොරොත්තු තහවුරු කරගත්තේය. පවුලක හෝ ගමක එකමුතුකම ගැන යහපත්ම අදහස් පැන නැගෙන්නට ඇත්තේ අවුරුදු දින වල විය හැකිය. එවැනි අදහස් ඇතිව කටයුතු කළ අපට අනාගතය සාක්ෂාත් කරගන්නට නම් එකමුතුව කොතරම් වැදගත් දැයි දැනෙන්නට අවශ්‍යය.
එක මිටට, එකමුතුව බැ`දුන සමාජයක් මහා බලයක් සේ නැගෙයි. දරු පවුලක් සේ එකට එකමුතුව දියුණු වන්නට සිතන අපට රටක් වශයෙන් පවුරක් සේ නැගෙන්නට ඇති අවශ්‍යතාවය ගැන ද අවධානය යොමු කරන්නට අවශ්‍යය. ආපසු හැරී බලන විට මෙරටට අභියෝග වැඩිම ප‍්‍රමාණයක් එල්ල වී ඇත්තේ කොටස් වලට බෙදී එකමුතුවක් නැතිව ක‍්‍රියා කළ වකවානුවෙහිය. අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටි කාලයේ රට වහල් කරගන්නට නම් මුලින් රට තුළ අසමගිය පතුරවන්නට ක‍්‍රියා කර ඇති බව නිසි අධ්‍යයන වල දී පැහැදිලිවෙයි. යම් යම් කොටස් පොළඹවාගෙන ගරු කරන සාරධර්ම අභිබවා හැසිරෙන ආකාරයට යොමු කරගත් විට ඕනෑම සමාජයක් කැඩි බී`දී බෙදී අවුල් ඇති කර ගනී.
ජාති, ආගම්, කුල සහ පන්ති වශයෙන් පමණක් නොව දේශපාලන පක්ෂ වශයෙන් ද නොයෙක් දෙනා නොයෙක් ආකාරයට රට තුළ කි‍්‍රයා කරයි. ශ‍්‍රී ලාංකේයත්වය මතුවී ඉදිරියට පැමිණ සියලූ දෙනා එක අරමුණකින් බැෙ`දන්නේ නැත. සමාජය තුළ බිහිවන නොයෙක් මතවාද සහ පිටු දැකි යුතු අංග ඔස්සේ මෙරට ජන සමාජය තව තවත් කොටස් වලට වෙන්වෙමින් හුදෙකලා වෙමින් පවතින බව පෙනේ. පටු අවස්ථාවාදය පළමු තැනට පැමිණ ඇති අතර කැපවීම, පරිත්‍යාගය සහ කණ්ඩායම් හැ`ගීමකින් තොරවීම ප‍්‍රබල ගැටලූවක් වී තිබේ. එකමුතු වූ අවස්ථාවල රටට ජය අත් පත් වී ඇති අතර බේධ භින්නවී අසමගිය පතුරුවනලද අවස්ථාවේ පරාජය වී තිබේ.
අලූත් අවුරුද්දේ දී එකතුවී ප‍්‍රබෝධයකින් ක‍්‍රියාකරන ලද ආකාරයම එකමුතු වුවහොත් දිනන්නට හැකි බව අවුරුද්දට කලින් අවසන් වූ ක‍්‍රිකට් තර`ගාවලියේ දී ද ලාංකික ක‍්‍රීඩකයෝ පෙන්නුම් කළහ. කණ්ඩායමක් වශයෙන් එකතු වූ සාමාජිකයන් අතර නොයෙක් සමාජ පසුබිම්, ආගම් සහ උස් පහත් බේධ තිබෙන්නට ඇත. නමුත් එය පැවැතියේ එක්තරා සීමාවක් දක්වා පමණකි. තර`ගාවලියේ අභියෝගය එල්ල වන විට නරඹන්නන්ට දැක ගත හැකි වූයේ එකමුතුව එක අරමුණකින් ක‍්‍රීඩා කරන බව පමණකි. සහෝදර හදවත් එකතු වන විට පිටතින් එල්ල වන නොයෙක් මතිමතාන්තර වලට කළ හැකි යමක් නොතිබුණි. ක‍්‍රීඩකයෝ උපරිමව කැපවූ අතර අවශ්‍ය අවස්ථාවල පරිත්‍යාගයට ද සූදානම් බව පෙන්වීය. කණ්ඩායම් හැ`ගීම ඉහළම තලයක විය. ප‍්‍රතිවාදීන්ට එම තත්ත්වය පරදවා යා නොහැකි විය. රටක් සමාජයක් සහ ආර්ථිකයක් දිනන්නේ ද නොයෙක් අදහස්, නොයෙක් ප‍්‍රතිපත්ති එකට එකතු වී සාධනීය බැ`දීමකින් ශක්තිමත් වූ අවස්ථාවේ පමණකි.
ශ‍්‍රී ලංකාවට ඉදිරි ගමන ගැන නොයෙක් බලාපොරොත්තු ඇත. ජීවත්වන අ පසියලූ දෙනාගේ අදහස දරුවන්ට හො`ද අනාගතයක් ඇති රටක් ගොඩනැගීමයි. නිදහස ලබා ගත් දිනයේ සිට මේ දක්වා යම් ගමනක් පැමිණ තිබේ. එහි දී මුහුණ දුන් දුක්, කම්කටොලූ, ගැරහුම් අපමණය. ඒවා දරාගත නොහැකි වූ තැන ගැටීම්, බෙදීම් සහ වෙන්වීම්ය. අප ගමන් කරමින් සිටින්නේ දැනුමෙන් පොහොසත් සබුද්ධිමත් සමාජයකටය. එකමුතුව ඇති කරගත යුතුය. සියලූ ශක්තිය යොදා සමාජය එකම ඉලක්කයකින් එකතු වූ විට ජාත්‍යන්තරය හමුවේ මහා බලයක්ව නැගෙනු ඇත. රටට අවශ්‍ය කරන පෙරැළිය එයයි.