milinda-prashna

2014/12/17 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

තමන්ගේ ගෙදර ආහාරයට පිළියෙල කරගත් දෙයින් කොටසක් මහා මාර්ගය අසලට ගෙනැවිත් කෑම පාර්සලයක් දෙකක් විකුණා වියදම පියවාගෙන ආපසු හැරෙන්නට අපට හැකිද? එහෙම විකුණන ආහාරයක් මිලදී ගන්නට මහ මග ගමන් කරන අපේ කැමැත්තක් තිබේද? සාමාන්‍ය පවුලක දෙමවුපියන්ට තමන් උයා පිහා ගත් දේ පාරට ගෙනැවිත් විකුණා ජීවත්වීම තරමක මදිකමකි. එහෙම විකුණන ආහාරයක් මිලදීගෙන දරුවන්ට කවන්නට කලින් දෙමවුපියෝ එහි ගුණා ගුණ පමණක් නොව සෞඛ්‍යාරක්ෂිත බව ගැන ද දෙතුන් වරක් සිතා බලති. දවසක් දෙකක් මෙම ගනුදෙනුව සිදුවන බව දකින නිලධාරීහු එතැනට පැන වටලා ආහාර වල පිරිසිදුකම ගැන ප‍්‍රශ්න කරන්නට ඉඩ තිබේ.

නොඑසේනම් පලාත් පාලන ආයතනය එයට බදු ගෙවන්නැයි බල කරනු ඇත. සතියක් දෙකක් ගතවන විට කෑම විකුණන තැන හා අවට පොලිතීන්, ඉ`දුල් හා කැළි කසල බහුල තැනක් වනු ඇත. මෙහෙම වන්නේ ශ‍්‍රී ලංකාවේ දීය.
තායිලන්තයේ එහෙම නොවේ. බැංකොක් නගරය ඉතාමත් ජනාකීර්ණය. ලෝකයේ නන් දෙසින් පැමිණෙන දස ලක්ෂ සංඛාත ජනතාවක් දිනපතා එහි ගැවසෙති. රතු කමීස, කහ කමීස වශයෙන් බෙදී මෑතකදී දේශපාලන ගැටුම් ඇති වූ රටක් නමුත් එහි ජන ජීවිතය සරලය. බැංකොක් නගරයේ ලක්ෂ සංඛ්‍යාත තායි වැසියන් ප‍්‍රමාණයක් නොයෙකුත් සරල චාම් ව්‍යවසායකයන්ව ධනය උපයන එයින් ජීවත්වන කාර්යයෙහි නිරතය. ආහාර වේලක් විකුණති. ගමෙන් රැුෙ`ගන ආ පලතුරු කරත්තයක පේර, ගස්ලබු, වරකා, කෙසෙල් ක්ෂණිකව කපා බෑගයක දමා කෝටුවක් සමග පාරිභෝගිකයන්ට අළෙවි කරන්නේය. මහ මග යනෙන වැඩි දෙනෙක් යමක් හපමින්ය. විශ්වාස කරන්නටත් අපහසු තරමේ පාරිභෝජනයකි. කුඩා ව්‍යවසායකයන් අති විශාල ප‍්‍රමාණයක් එකිනෙකට වෙනස් නොයෙක් ව්‍යාපාරවල නිරතය.

නගරයට නුදුරු දහවල් කාලයේ රෙදිපිළි සහ විසිතුරු බඩු අලෙවි කරන දැවැන්ත සුපිරි වෙළ`ද සැලක් සිය ව්‍යාපාරික කටයුතු අවසන් කළ වහා සුළු වෙළ`දුන්ට එහි ගැවසෙන්නට ඉඩ හරී. වෙල`ද සැල තුළ කුඩා ඉඩක් වෙන් කරගෙන ඇ`දුම්, සෙල්ලම් බඩු, සංචාරකයන් සිත්ගන්නා දේවල සිට විදුලි උපකරණ දක්වා එහි විකිණෙයි. වෙළ`ද සැලේ වැඩි මිලට විකිණුන දේ මෙම රාත‍්‍රී කාලයේ විකිණෙන්නේ අඩු මිලටය. දහවල් තිබුණු ව්‍යාපාරය වෙනුවට රාත‍්‍රී කාලයේ අලූත් ව්‍යවසායකත්වයකි.

ව්‍යවසායකත්වය ගැන ශ‍්‍රී ලංකාව අලූතින් හිතන්නට අවශ්‍යය. හුදෙක් මහා පරිමාන දෙස් විදෙස් ආයෝජන තරමටම කුඩා ව්‍යවසාය ද ආර්ථිකයක වැදගත් සාධකයකි. ඇමරිකාව, ජපානය යන රටවල් පවා කුඩා ව්‍යවසාය, කුඩා ගොවිපොල වෙනුවෙන් සිය ආර්ථික යාන්ත‍්‍රණය තුළ වැඩි ඉඩක් වෙන් කර තිබේ. විශාල ව්‍යවසාය සුළු කර්මාන්ත සහ කුඩා ගොවිපොල සම්බන්ධ කරගෙන එම රටවල ආර්ථිකය ශක්තිමත් කරනන්ට දායක වෙයි.
මෙම පාඩම රටට වැදගත්ය. අධ්‍යාපනය ලැබීමෙන් පසු තමන්ගේම ව්‍යවසායයක් ආරම්භ කරන්නට පෙළැඹෙන ආකාරයට තරුණන් තුළ ආකල්ප වෙනසක් ඇති විය යුතුය. ආණ්ඩුවේ රැකියාවක් ලබා ගැනීම වැඩි දෙනෙකු තුළ අද පවතින එකම අරමුණයි. ඒ වෙනුවෙන් දේශපාලනඥයන් ගේ උදවු අපේක්ෂා කරන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දේශපාලනඥයන්ට හිමිවිය යුතු නැති ප‍්‍රතිරූපයක් නිර්මාණය වී තිබේ. සමාජයක් වශයෙන් ව්‍යවසායකත්වය හරහා තමන්ම සකස් කරගත යුතු තම අනාගතය ගැන නොතකා දේශපාලනඥයන් පසුපස ගොස් ආණ්ඩුවේ රැුකියා අපේ්ක්ෂා කරන නමුත් රට තුළ අලූත් ආර්ථිකයක් බිහි කරන්නට හැකියාව තිබිය දී එහි ලා ප‍්‍රයත්නයක් දැරීම විකල්ප ආකාරයට හිතන මෙරට සියලූ දෙනාගේම වගකීමකි.