milinda-prashna

17.09.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ

චිනය සහ ඉන්දියාව ආසියාවේ දැවැන්ත රටවල්ය. වර්තමාන ලෝක ආර්ථිකයේ ප‍්‍රබලයන්ය. මෙම රටවල් දෙක අතර පැහැදිලි තරගයක් තිබේ. නමුත් ගැඹුරු විශ්ලේෂණයකට යන විට තවත් සමහර පැති හමුවේ කදිම එකමුතුවක් පවත්වාගෙන යයි. ආර්ථික කරුණු අනුව සලකන විට වෙළ`ද පොළ සම්බන්ධව තර`ග කරයි. එකතුවී ආයෝජන කරන අවස්ථා ද ඇත. නමුත් කලාපයේ ආරක්ෂාව හමුවේ ක‍්‍රියාකරන විට තමන්ගේ කලාප කෙරෙහි අවධානයෙන් සිටී. එය ලෝකයේ බලවත් රටවල් ක‍්‍රියාත්මකවීමේ දී අනුගමනය කරන අලූත් ප‍්‍රතිපදාවක් බව අවබෝධ කර ගත යුතුය. මේ අතර තුර ලෝක බලවතා වශයෙන් ඇමරිකාව තම අරමුණ සාක්ෂාත් කරගැනීම හමුවේ ලෝකයේ නොයෙක් කැපීපෙනෙන තැන් කෙරෙහි තම පාලනය බලපවත්වන බව අමතක කළ යුතු නැත. අප රටට ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වා ගැනීමේ දී මෙම ප‍්‍රවනතා ගැන සැලකිල්ල යොමු කරන්නට සිදුවෙයි.

චීනය සහ ඉන්දියාව ලෝකයේ විශාලතම ජනගහනයක් ඇති රටවල් වශයෙන් අනාගත අවශ්‍යතා ගැන අවධානයෙන් සිටියි. නුදුරු කාලය තුළ ආහාර සහ ඛනිජ සම්පත් වල බලවත් අවශ්‍යතාවයක් ඇතිවන අතර චොකලට් පෙත්තක සිට තෙල් බැරලය දක්වා පුලූල් සැපයුම් පරාසයක් වෙනුවෙන් රටවල් දෙකම විශාල උවමනාවකින් ක‍්‍රියා කරනු ඇත. එය ජාත්‍යන්තර සමාජය තුළ අද පවතින වෙළ`ද සහ ආර්ථික රාමුව වෙනස් කරන්නට තරම් සංකීර්ණ එකක් වනු ඇතැයි සැලකේ.

මෙවැනි පසුබිමක් තුළ නොබැ`දි සමුලූවට පැමිණි චෞ එන් ලායි ගෙන් පසු චීනයේ බලවත් සහ ආර්ථික දැක්මක් සහිත නායකයා මෙරටෙහි සංචාරයක නිරතය. ද්වී පාර්ශවික කරුණු ගණනාවක් අලලා ශ‍්‍රී ලංකාව සමග පුලූල් සහයෝගීතාවයක නිරත වන චීන ජනාධිපතිවරයා සිය ආසියානු සංචාරය අවසන් කරන්නට ඉන්දියාව තෝරාගෙන තිබේ. එහි දී ඉන්දු චීන ආයෝජන ප‍්‍රතිපත්ති මාලාවක් ද ප‍්‍රකාශයට පත්කරනු ඇති බව අනාවරණය වෙයි.
ලෝක දේශපාලනයේ සියුම් පැති අවබෝධ කරගෙන බලවත් රටවල් මතුකරන පීඩනය අතර තුර රට වැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා සම්බන්ධතා මෙහෙයැවීමට රටට හැකියාවක් තිබිය යුතුය. බල කදවුරු හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමින් රටට ආර්ථික වාසි අත්පත් කර ගැනීමට උපායශීලීවීම අවශ්‍යය.

ඉන්දියාව සමග නිදහස් වෙළ`ද ගිවිසුමක් අත්සන් කර ඇති ශ‍්‍රී ලංකාව ඉන්දියාව දකුණු කලාපයේ බලවතා බව වටහා ගනිමින් අර්බුද මතු නොවන ආකාරයට ආර්ථික සහයෝගීතාව පවත්වා ගත යුතුව ඇත. ඉන්දියාවට දොරටුවක් වශයෙන් කි‍්‍රයා කරන අතරතුර චීනය සමග ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට සැලසුම් කළ යුතුය. රට තුළ නිෂ්පාදන වැඩි කරන ආර්ථික ශක්තිය නංවන ආකාරයකට සැලසුම් කළ යුතුය. චීන ආයෝජන රටට කැ`දවා එහි නිෂ්පාදන ඉන්දු ලංකා නිදහස් වෙළ`ද ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කළ හැකි නම් රටට රැකියා, බදු ආදායම සහ විනිමය උපයා ගත හැකි වෙයි. ඉන්දියානු ව්‍යවසායකයන් සම්බන්ධ කරගෙන නිෂ්පාදනය කර චීන වෙළ`ද පොලට ගැලපෙන යමක් නිපදවන්නට රටට හැකියාව ඇත්නම් එය වාසියකි.

කලාපයේ බලවත් රටවල් දෙකක් සම්බන්ධව ඇති අවස්ථාවක අපට ඇති දක්ෂතාවය අනුව දිනන්නට පසුබිමක් තිබේ. චීනය සහ ජපානය අතර ද පැරිණි සහ අලූත් ආර්ථික වශයෙන් ක`දවුරු දෙකකි. ඉන්දියාව චීනය සහ ජපානය සමග එකිනෙක රටවල් අතර ගනුදෙනු කිරීමේ දී කුඩා සියලූ රටවල් වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කරන්නට කුඩා රටක් වශයෙන් අපට හැකියාව ඇත. ආර්ථික ප‍්‍රවනතා සම්බන්ධව අධ්‍යයනය කර නිසි අවස්ථාවේ දී ගැලපෙන තීන්දු ගැනීම එයට ඇති එකම සුදුසුකමයි. ඉන්දියාව සහ චීනය ආසියාවේ බලවතුන් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පිම්ම වෙනුවෙන් බලවත් ශක්තියක් සහ ජවයක් බව පැහැදිලිය. මෙම රටවල් සතු ආකල්ප, කලාපීය බලවතුන් වශයෙන් හැසිරීම සහ ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථිකය සමාලෝචනය කර ඉදිරි තීරණ ගැනීම රටට වැඩදායකය.