milinda-prashna

2014/05/14 – ලංකාදීප

බලය එක තැනෙකට එකතුවීම බුද්ධිමතුන්ගේ අවධානයට පාත‍්‍ර වූ කරුණකි. නමුත් බලය අවසානයක් කරා ළ`ගා වී ඇතැයි යන අදහස ජාත්‍යන්තරයේ යම් සාකච්ඡාවකට මග පාදා තිබේ. වර්ධනය, සංචරණය සහ ආකල්ප යන කරුණු මුල් කරගෙන වර්තමානයේ සිදුවන පරිවර්තනය මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අංගයකි.
වර්ධනය යනු හුදෙක් ආර්ථිකය පමණක් නොවේ. මෙයින් වසර ගණනකට සාපේක්ෂව ආර්ථිකය දෙතුන් ගුණයකින් වැඞී ඇත. ධනය වර්ධනයවී තිබේ. ජනගහනය වැඩි වී ඇත. අදහස් වර්ධනය වී තිබේ. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වී ඇත. මේ නිසා ජීවිත කාලය වැඩිවී තිබේ. තාක්ෂණය වර්ධනය වී ඇති අතර මේ නිසා සමාජය තුළ සම්බන්ධතා වැඩිවී තිබේ. මෙම වර්ධනය එක තැනකට එක ප‍්‍රදේශයකට පමණක් නොව සමස්ථ ලෝකයටම බලපා ඇති තත්ත්වයකි. එය විශාල විප්ලවයක් ඇති කර තිබේ.
දෙවනුව සංචාරණයයි. අවුරුදු දහස් ගණනකට කලින් මිනිසුන්ට තමන් ජීවත්වන තැනින් සංචරණය විශාල අවශ්‍යතා පදනම් කර ගෙන සිදුවූවකි. ආහාර හෝ ආරක්ෂාව එයට පසුබිමවිය. නමුත් අද සංචරණය යනු සරල සුලබ සිදුවීමකි. එය ලෝකය තුළ පරිවර්තනයක් කර තිබේ.
ආකල්ප වෙනස ලෝකය පරිවර්තනය කරන ලද ප‍්‍රධාන කරුණු තුන අතර අවසන් එකයි. ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් වී ඇත. සිතන පතන ආකාරය මෙයින් දශකයකට දෙකකට වඩා අද වෙනසකට ලක්ව තිබේ. මෙම පරිවර්තනය නිසා පසුගිය සියවසට වඩා අනාගතය බෙහෙවින් වෙනස් එකක් වී ඇත.
බලය කේන්ද්‍රගතවීම වෙනුවට වර්ධනය, සංචරණය සහ ආකල්ප ලෝකය බලවත් පරිවර්තනයක් ඇති කරන්නට මුල් වූ කරුණු තුනක් බව දක්වන්නේ ආචාර්ය මොයිසෙස් නායිම් Moisés Naím මහතා ය. හෙතෙම වෙනිසියුලාවේ හිටපු වෙළ`ද සහ කර්මාන්ත අමාත්‍ය වරයාය. ඔහු අද ලෝකයේ විද්වත් චින්තකයෙකු ලෙස පිලිගැනේ. අලූත් අදහස් ඉදිරිපත් කරන එම අදහස් මගින් මතවාද ගොඩනගයි. බලයේ අවසානය නමින් අලූත් කෘතියක් සම්පාදනය කරන එතුමා මෙම වසරේ ලෝකයේ අවධානයට ලක් වූ ප‍්‍රමුඛ චින්තකයෙකු බව බි‍්‍රතාන්‍ය ස`ගරාවක් ද නම් කර තිබේ.
බලය බලවත් ලෙස එක තැනෙක නොපවතින බව ඔහුගේ තර්කයයි. නොයෙක් හේතු මත එය විසිරී පවතින අතර එය වර්තමානයේ පවතින සුවිශේෂත්වය බව දක්වයි. නොසිතන පුද්ගලයෙකු පවා මොහොතකින් බලවත් අයෙකු ලෙස නැගෙන අතර එයට පසුබිම සකස් කරන්නේ ඉතා විශාල බලයක් නොවේ යන්න ද ඔහුගේ අදහසකි. සාමාන්‍ය ජංගම දුරකථනයකට මුදල් ගෙවා ඇමතුම් කාලය ලබා ගැනීම ‘‘ රී ලෝඞ් ’’ යන්න ලෝකයේ පවතින අලූත් තතත්වය බිහිකරන්නට සුවිශේෂී දායකත්වයක් දක්වා ඇති බව ද හෙතෙම ප‍්‍රකාශ කරයි.
සමාජ තුළ සිදුවන වෙනස්කම් චින්තකයන්ගේ සිතිවිලි මගින් නිර්වචනය කරයි. එම නිර්වචන සාධනීය බලවේග ගොඩනගන අතර ඒ ඔස්සේ සිතන විට විකල්ප මත වාද බිහිවෙයි. බලය එක තැනෙක පවතින විට මතවාද අලූත් නොවන අතර ලෝකයේ තැනින් තැන සිදුවන සංවාද සහ ඒවායේ අලූත් අදහස් සාකච්ඡුාවට බ`දුන් කළ යුතුය.