milinda-prashna

2014/04/23- මිලින්ද මොරගොඩ

රටක් දියුණුවන විට අලූතින් නැගෙන ගැටලූ ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. සමාජය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමෙන් පමණක් විස`දුම් සොයාගත හැකිය. වැඩකරන ජනතාව තමන්ට ලැබෙන වැටුප් ගැන ප‍්‍රශ්න කරයි. ජීවන තත්ත්වය උසස්වන විට අවශ්‍යතා වෙනස්වන අතර ඒවා සපුරාගන්නට නම් වැඩි ආදායමක් උපයා ගත යුතුය. වැඩ කරන ජනතාව ඉල්ලන පරිදි ශ‍්‍රමයට වැඞ් මිලක් ගෙවන්නට නම් නිෂ්පාදනය කරන දේ වැඩිම මිලට විකුණා ගන්නට අවශ්‍යය. ගෝලීය තර`ගකාරීත්වය තුළ ශ‍්‍රමයට ඉහළ වැටුප් ගෙවමින්, වැඩිම මිලට භාණ්ඩ විකුණන්නට ඇති හැකියාව සීමාසහිත එකකි.
මෙරට නිපදවූ තේ ලෝකයේ හො`දම තේ පමණක් නොව අඩුම මිල බව කලක් ප‍්‍රකටව තිබිණ. ඇ`ගලූම් කර්මාන්තය ආරම්භ වූ කාලයේ මෙරටින් අපනයනය කළ ඇ`ගලූම් මිලෙන් අඩු ඒවාය. නමුත් ශ‍්‍රමයට ගෙවන මිල සහ නිෂ්පාදන වියදම වැඩි වන විට මෙම තත්ත්වය වෙනස් විය. ඉතා අඩු පහසුකම් යටතේ අඩු වැටුපට සේවය කිරීම සහ කෝටා ක‍්‍රමයකට විකිණීම ඇ`ගලූම් කර්මාන්තය ආරම්භ වූ කාලයේ පැවැති තත්ත්වයයි. නමුත් දැන් එය පරිවර්තනයකට ලක්ව තිබේ. අඩු මිලට නිපදවන ලාභ ඇ`ගලූම් වෙනුවට දැන් මෙරට නිපදවන්නේ උසස් ඇ`ගලූම්ය. එම කම්හල් වල සේවය කරන්නේ පුහුණුව ඇති දක්ෂ තරුණ තරුණියන්ය. ඔවුන්ට වැඩි වැටුප් ගෙවන්නට සිදුව තිබේ. තර`ගකාරී මිලකට විකුණනන්ට සිදුව ඇත. අඩු මිලට ලාභ ඇ`ගලූම් නිපදවීම බංගලාදේශය වැනි රටවලට ව්‍යාප්ත වී තිබේ. මෙරට ඇතැම් කම්හල් ද එහි ගියේ අඩු මිලට ලබාගත හැකි ශ‍්‍රමය සොයමින්ය. තේ කර්මාන්තයට සිදුවූයේ ද එයයි. ලෝකයේ හො`දම තේ නිපදවන නමුත් ශ‍්‍රමය සහ වෙනත් වියදම් පියවන විට දැන් මෙරට නිපදවන තේ මිළ ලෝකයේ සාමාන්‍ය මිලට වඩා ඉහළය. රට දියුණුවන විට සිදුවන මෙවැනි තත්ත්ව ගැන නිසි අවධානයක් අවශ්‍යය.
ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් තැන සිදුවන්නේ ද එයයි. ජපානයේ නිෂ්පාදන තත්ත්වයෙන් උසස් හා මිලෙන් අඩු බව කලකට ඉහත පැවැති මතයයි. එය ඉක්මනින් වෙනස් වූයේ දකුණු කොරියාව අඩු මිලට භාණ්ඩ ලෝක වෙළ`ද පොලට සැපයීමට සමත්වීමත් සමගය. පසුව කොරියන් භාණ්ඩ වලට වඩා අඩු මිලට චීන නිෂ්පාදන ලෝක වෙළ`ද පොළ ආක‍්‍රමණය කළ අතර ජනතාව ජපානයේ සහ කොරියාවේ නිපැයුම් වෙනුවට නැඹුරු වූයේ චීන නිෂ්පාදන වෙතටය. චීන ආර්ථිකය දියුණු වී වැඩකරන ජනතාවට වැඩිපුර ගෙවන්නට සිදුවන විට චීන නිෂ්පාදන වල මිල ද වැඩි වෙමින් තිබේ. එයට විකල්පයක් කොතැනකින් හෝ බිහිවනු ඇත.
ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමයට හො`ද වැටුපක් ගෙවන අතර ලෝක වෙළ`ද පොලේ දී තරගකාරී හො`දම මිලකට මෙරට නිෂ්පාදන විකුණා ගැනීමට ඇති හැකියාව පහසු කාර්යයක් නොවේ. නමුත් එම අභියෝගයට සූදානම් විය යුතුය. විදේශ වෙළ`දාමේදී ජපානය, දකුණු කොරියාව හෝ චීනය මුහුණදුන් ස්වභාවයට ශ‍්‍රී ලංකාව ද පත්ව ඇත. වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම වැඩි දියුණු වනවිට ඉල්ලන වැඩි වැටුප් ගෙවන්නට හැකි ආකාරයට නිෂ්පාදන කි‍්‍රයාවලියේ විශාල පරිවර්තනයක් සිදුකළ යුතුය. එක පැත්තකින් ඉහළ ප‍්‍රමිතියකින් යුත් උසස් නිර්මාණශීලී දේ නිපදවන්නට අවශ්‍යය. එවැනි නිෂ්පාදන වෙනුවෙන් ලෝකයේ පවතින ඉල්ලූම මහා පරිමාන එකක් නොවේ. භාණ්ඩ නිපදවන විට නිෂ්පාදන මිල අඩු කරන්නට අවශ්‍යය. වැටුප් වැඩිපුර ගෙවන්නට සිදුවුන පසුබිම තුළ ගෙවන වැටුප හා සමානව නිෂ්පාදනය වැඩි කළ යුතු වෙයි. නිෂ්පාදන ප‍්‍රවාහය කාර්යක්ෂම කළ යුතු අතර ඵලදායීතාවයෙන් ඉහළ ප‍්‍රමිතිගත කි‍්‍රයාවලියකට අවතීර්ණ වන්නට වැඩකරන ජනතාවට සිදුවෙයි. එය පරිවර්තනයකි. වැඩ බිමේ කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය කරන ආකාරය ඵලදායී ආකාරයට වෙනස්වීම රට ආර්ථික වශයෙන් දියුණුවන විට ඇතිවිය යුතු අලූත් තත්ත්වයකි. මෙතෙක් වැඩ කරමින් සිටි මහන්සිය වෙනුවට මහන්සිය නොබලා ධෛර්යයෙන් වැඩකරන කලාවකට රට අනුගත කළ යුතුව තිබේ. නිවාඩු වෙනුවට ඉලක්කයකට වැඩ කළ යුතුය. එයින් ඉහළ යන නිෂ්පාදනයෙන් ලැබෙන වාසි වැඩකරන ජනතාවට වැඩි ප‍්‍රතිලාභ ලෙස හිමිවෙයි. එයින් බැහැරව වැඩි වැටුප තම අයිතියක් ලෙස උපයා ගන්නට තැත් කළහොත් රටට හා සමාජයට අත්පත්වන ඉරණම වෙනස් එකක් විය හැකිය.