milinda-prashna

2014/04/10 – මිලින්ද මොරගොඩ

අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. එය සංස්කෘතික අංග වලින් පොහොසත්ය. වැඩිහිටියන්ට ගරු කිරීම ඒ අතර ඇති ප‍්‍රධාන කරුණ කරුණකි. බුලත් අතක් පිරිනමා දෙමවුපියන් හා වැඩිහිටියන්ට නමදින දරුවන්ට ආයු, බල, ප‍්‍රඥා ලැබේවායි ආශිර්වාදය කෙරෙති. ආයුබෝවන් යැයි වැඩිහිටියෙකු පිළිගන්නාවිට කරන්නේ ද දීර්ඝායු සම්පත් ලැබෙන්නැයි ඉත සිතින් කරන ප‍්‍රාර්ථනයකි. එය අපගේ උසස් අනන්‍ය ලක්ෂණයකි.
ලාංකේය සංස්කෘතිය, අද දියුණුවට පත්වන විද්‍යාව සහ තාක්ෂණය සමග එකතු වී ඇති බව පෙනේ. ජාත්‍යන්තර පර්යේෂණ වලින් අනාවරණයවන තොරතුරු අනුව මිනිසාගේ පරමායුෂ වැඩෙමින් තිබේ. ලෝක වාසීන්ගේ උපරිම ආයුෂ වි`දිය හැකි කාලය ක‍්‍රමයෙන් වර්ධනය වෙයි. 1960 දී පමණ මිනිසෙකු ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු පණහකට සීමා විය. තවත් අවුරුදු දහයක් ගතවන විට එහි සාමාන්‍ය අවුරුදු හැට දක්වා වැඞී ඇත. 2014 වන මෙකල සාමාන්‍යයෙන් මිනිසාගේ ආයු කාලය සාමාන්‍ය අවුරුදු 70 ක් පමණ බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබේ. නුදුරු කාලයේ දී සාමාන්‍ය ආයුෂ අවුරුදු අසූවක් පමණ වෙන්නට ඉඩ ඇති බව පළවන අනාවැකියකි. එය අපේක්ෂා කළ හැකි ප‍්‍රායෝගික තත්ත්වයයි.
ජනගහනය වැඩිවීම, පරමායුෂ ලබන ජන කොටස පුලූල්වීම යන කරුණු පදනම් කරගෙන එයට මුහුණ දෙන ආකාරය ගැන ජගත් ප‍්‍රජාව බලවත් අවධානයකින් පසුවෙයි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ වැඩි වයස්ගත ජනගහනය වැඩිවන විට සමාජයේ යැපෙන ප‍්‍රමාණය යම් ප‍්‍රමාණයකින් ඉහළ යන හෙයින් එය අභියෝගයක් විය හැකි බවය. ශ‍්‍රී ලංකාවට ද මෙම තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවෙයි. දියුණු සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් අද අප රට තුළ භාවිතා වෙයි. ජනතාව මැදි ආදායම් ලබන තත්ත්වයකට පත්ව ඇති විටෙක ඔවුන්ට තමන්ගේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් වියදම් කළ හැකි ප‍්‍රමාණය ද ප‍්‍රශස්ථ මට්ටමකට පත්වෙයි. වැඩකරන ජනතාව අවුරුදු පනස් පහක් හැටක් වන විට විශ‍්‍රාම යන අතර දැන් අපේක්ෂා කරන සාමාන්‍ය වයස වන අවුරුදු හැත්තෑවක් ජීවත් වුවහොත් තවත් අවුරුදු දහයක් පහළොවක් පමණ නිස්කාන්සුවේ වෙසෙන්නට සිදුවන බව ද සැලකිය යුතුය. ආදායමක් උපයන්නේ නැති ශ‍්‍රම කොටස අතරට එකතුවන මෙම කණ්ඩායම නඩත්තු කිරිම නිසි අවධානයට ලක්විය යුතුය. නොඑසේ නම් සේවා අංශයේ තොරතුරු තාක්ෂණය වැනි නව අංශ වල රැකියා කරන්නට හැකි පසුබිමක් නිර්මාණය කිරීම වැදගත්ය.
එපමණක් නොවේ. සමාජයේ වැඩි ප‍්‍රතිශතයක් විය හැකි වයස්ගත පිරිස වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කළ යුතුය. වයස්ගත ජනගහනයට වැළදෙන රෝගාබාධ ඒවායේ ප‍්‍රතිකාර ක‍්‍රම සහ රක්ෂණය වැනි අංශ ගැන තීරණයකට එන්නට දැන් තබා ප‍්‍රතිපත්ති සම්පාදනය විය යුතු වෙයි. පොදු ප‍්‍රවාහනයේ පවතින නොයෙක් පැති සමාජයේ වයස් ගත අයට පහසුවන ආකාරයට සකස් කරන්නට සිදුවෙයි. කාර්යාලයකට, ගොඩනැගිල්ලකට ඇතුලූ වන විට එයින් ඉහළ පහසුවක් සැපයීම ගැන අවධානයක් දැක්වීම අවශ්‍යය. කාර්යාලයක හෝ බැංකුවක වැඩ කටයුතු කරන විට සමාජයේ වයස්ගත පිරිස වෙනුවෙන් සලකා වැඩි ඉවසිල්ලකින් ක‍්‍රියා කරන්නට සමාජයට සිදුවනු ඇත. මේවා කෙරෙහි අලූතින් සිතන්නට අලූත් අවුරුද්ද අවකාශයක් ඇති කර දෙයි.
මෙතෙක් මෙරට සාකච්ඡා වූයේ තරුණ පරපුර ගැන අවධානයක් දිය හැකි ආකාරය ගැනය. ප‍්‍රතිපත්ති සම්පාදකයන් යොවුන් පරපුර ගැන වැඩි උනන්දුවෙන් ක‍්‍රියා කළේය. නමුත් ඉදිරි කාලය තුළ යොවුන් පමණක් නොව වැඩි වයස්ගත ජනගහනය ගැන ද වැඩි අවධානයක් යොමු කරන්නට සිදුවේ. එය අපට පවතින රාමුවට වෙනස් ආකාරයකට සිතන්නට ඉඩකඩ පාදයි. අලූත් අවුරුද්දේ එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවායි ප‍්‍රාර්ථනය කරන විට සමාජයේ මෙම නැඹුරුව ගැන සිතන්නට අප සියලූ දෙනටම වගකීමක් තිබේ.