milinda-prashna

2014.02.26 – මිලින්ද මොරගොඩ

මේ දිනවල ඉන්දියාවේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කෘතියක් කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය. Hindus: An Alternative History නැමති මෙම ග‍්‍රන්ථය ලියා ඇත්තේ ඇමරිකානු කාන්තාවකි. ප‍්‍රකට අධ්‍යාපනඥවරියක සේ සැලකෙන වෙන්ඩි ඩොනිජර් හින්දු ආගම සම්බන්ධව දීර්ඝ කාලයක් අධ්‍යනයක යෙදුන බව සැලකේ. මෙම අධ්‍යයනයෙන් ඉනික්බිතිව එහි ඇති සාරය සහ පවතින විශ්වාස හෙළිදරව් කරමින් ලියා ඇති මෙම කෘතිය පිටු හත්සියයක් පුරා ලියැවී ඇති විශාල එකකි. ලෝක ප‍්‍රකට පෙන්ගුවින් ප‍්‍රකාශකයන් ලොව පුරා බෙදා හරින මෙම පොත ඉන්දියාවට නිකුත්වීම සමග එරට හින්දු භක්තිකයන් විරෝධය පළ කරන්නට පටන්ගෙන ඇත.
සිය ආගමට මෙම කෘතිය මගින් වෙනත් අර්ථකථනයක් දී ඇතැයි භක්තිමත් හින්දු භක්තිකයෝ කියති. එහි `දහන් උදාහරණ එකින්එක ගෙන දැඩි විරෝධය දක්වන්නට තමන් සූදානම් අතර මෙය තම ආගමික සහ ජාතික චාරිත‍්‍ර අභියෝගයකට ලක්කරන එකක් යැයි විරෝධතාකරුවෝ එක `ඩින් අදහස් දක්වති. චිකාගෝ විහ්ව විද්‍යාලයෙහි ඉගැන්වීමෙහි නිරත කතුවරිය මෙයට කලින් හින්දු ආගම ගැන පොත් හයක් පමණ ලියා ඇති අතර කාම සූත‍්‍ර කෘතිය ද පරිවර්තනය කරන ලදලේඛිකාවක බව ඇයට සහය දක්වන විවිධ පාර්ශව කරුණු අනාවරණය කරමින් කියා තිබේ.
මේ අතර මෙම පොත ඉන්දියානු වෙළ`ද පොලෙන් වහාම ඉවත්කරගන්නට පෙන්ගුවින් සමාගම තීරණය කළ අතර එය තවත් නරක පූර්වාදර්ශයක් බව ඉන්දියාවේම තවත් පාර්ශව ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. අප ලියන්නට අවශ්‍ය හින්දුස්තානුවන් සිතන දේ පමණක් දැයි ඇතැමි ලිබරල් අදහස් දරන මතධාරීහු ප‍්‍රශ්න කරයි. ඉන්දියාව නිදහස් චින්තනයක් ඇති රටක් නම් කළ යුතු මෙය නොවන බව ද මධ්‍යස්ථ මතධාරීහු දක්වති. ඉන්දියාවෙන් පොත ඉවත් කරගන්නට හේතු වූයේ අනවශ්‍ය ගැටුම් සහ නීති ප‍්‍රශ්න ඇති කර ගැනීමට අසතුටෙන් බව දක්වන නමුත් ඒ හා සමගම අන්තර් ජාලය ඔස්සේ කරන මිලදී ගැනීම් වේගවත්ව ඉහළ යන්නට පටන්ගෙන ඇත. දැඩි ආගමික මතධාරීන්ගේ ආකල්පය කෙසේ වෙතත් නිදහස් අදහස් වලට ඇති පාලනය තාක්ෂණික යුගයේ දී කෙබ`දු එකක් දැයි දක්වන්නට මෙම කෘතිය තවත් පැත්තකින් උදාහරණයක් වී තිබේ.
මෙයට කලින් 1988 දී සල්මන් රැෂ්ඩි ලියන ලද සැටනික් වර්සස්  Satanic Verses නමැති කෘතිය ද දැඩි ආගමික අන්තවාදයට නතු වූ අතර රචකයාට මරණ ද`ඩුවම පමුණුවන්නට පවා ඉස්ලාම් සමාජය නැඹුරු විය.
ලෝකය පවතින්නේ එකම අදහස අනුව නොවේ. නොයෙක් විද්වතුන් පර්යේෂණ අනුව විවිධ අදහස් ඉදිරිපත් කරයි. ඉතිහාසය හදාරන විට ලෝකය ගෝලාකාරයි ප‍්‍රකාශ කිරීම වරදක් වූවා සේ ම අලූත් අදහසක් ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම පවතින සමාජයේ නොරිස්සුමට එය ලක්ව ඇති බව පැහැදිලිව පෙනේ. තවත් මතයක් ඉදිරිපත්වන විට එය විමසා එය හරිද වැරදිද යන්න කරුණු පදනම් කරගෙන සාකච්ඡුා කරන්නට අන්තවාදී කණ්ඩායම් සූදානම් නැත. ඉන්දියාවේ දැන් මතුවී ඇති විරෝධය ම ආසියාවේ තවත් රටවල වෙනත් මුහුණුවරකින් විටින් විට නැගෙන ආකාරය අද ඉතාමත් පැහැදිලිය.
තොරතුරු තාක්ෂණයෙන් දියුණු, විද්‍යාව පොහොසත් සහ අධ්‍යාපනයෙන් ඉහළ දැනුමක් තිබිය දී පවා ගවේශනශීලීව පර්යේෂණයක් මගින් ඉදිරිපත් කරන අන් මතයකට ඉඩනොදෙන්නට තරම් සාහසික ආකාරයක් ගැනීම අවධානයට ගත යුතු බරපතල කාරණයකි. බුද්ධ ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ තමන් කී පමණනින් විශ්වාස නොකරන ලෙස අනුගාමිකයන්ට වදාල බව කාලාම සූත‍්‍රයෙහි ස`දහන්ය. බුද්ධිමත් ආකාරයට තර්කයක් ගොඩ නගන විට එය දරාගන්නට හැකි සමාජයක් රටකට අභිමානයකි.  අන්තවාදය මගින් ඇතිකරන පීඩනය ශාස්ත‍්‍ර ගවේශනයේ දී බලවත් නින්දාවකි. ශ‍්‍රී ලංකාවේ ද වරින් වර පැන නැගෙන අන්තවාදී අදහස් හමුවේ හැ`ගීම් වලට ඉඩ නොදී බුද්ධිමත්ව ක‍්‍රියා කරන්නට අවශ්‍යය. හින්දු ආගම ගැන ලියැවුන කෘතියෙන් අපට අධ්‍යයනය කරන්නට ඇති පාඩම එයයි.