milinda-prashna 

 12/02/2014 මිලින්ද මොරගොඩ

යම් පුද්ගලයෙකුගේ නම අනන්‍යතාවයට ඉතාම වැදගත්ය. සමාජය හමුවට පැමිණෙන ඔහුගේ හෝ ඇයගේ පසුබිම අනුව නමට දක්වන ගරුත්වය කෙබ`දු දැයි අවබෝධ කර ගැනීම අපහසු නැත. මෙරට විසූ කිර්තිමත් පුද්ගලයන්ගේ හැඩරුව නොදන්නා නමුත් කරන ලද කාර්යභාරය ගැන අවබෝධයක් ඇති වර්තමාන සමාජය එයට ගෞරවය පළකරන්නේ නාමය සදා සිහිපත් කරමින්ය. ලෝකයේ  ඕනෑම රටක තත්ත්වය එයට වෙනසක් නැත.

පසුගිය වසර හය සියයක පමණ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ නම වෙනස් කිරීම විශේෂ අධ්‍යයනයකට ලක් විය යුතුය. මිහි`දු මහ රහතන් වහන්සේ බුදු දහම ගෙන මෙරටට වැඩම කළ වකවානුවේ සිට එය සලකා බැලිය හැකිය. මෙරට ඉතිහාසයේ රජු සහ රජුට හිතවත් පාලකයන්ගේ උවමනාව මත වැසියන්ගේ කුල බේධ සලකා නම් පාවිච්චි කරන ලද බව දැක්වේ. විප්ලවවාදීන් සාහිත්‍යකරුවන් තම අනන්‍යතාව ස`ගවා කළ කී දේ ගැන ජගත් ප‍්‍රජාවට අවබෝධයක් ඇත. යටත් විජිත සමයේ ලන්දේසි, පෘතුගීසි සහ ඉංග‍්‍රීසි පාලකයන්ගේ බලපෑම මත මෙරට එක්තරා සමාජ කොටසක් තමන්ගේ නම වෙනස් කරගන්නට උනන්දු වූහ. එම ජාතීන්ට හිතවත් වූ සහ එය ඔස්සේ සමාජයේ ඉහළ පැලැන්තිය සමග සම්බන්ධ වූ ඇතැමි කණ්ඩායම් එයට ගැලපෙන නමක් හෝ වාසගමක් තිබීම වරප‍්‍රසාදයක් සේ සලකන්නට ඇත. නම පමණක් නොව ආගම ද මෙම කාලය තුළ ඔවුන්ට රිසි පරිදි කාලානුරූපව වෙනස් කරගෙන ඇති බව අධ්‍යයනය කරන විට පෙනේ.

විජාතික ඌරුවක් ඇති පුද්ගල නම් ස්වදේශිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කරගැනීමට දැක්වූ උනන්දුව මෙහි අනෙක් අන්තයයි. රට ජාතිය සම්බන්ධ බලවත් ඇල්මක් ඇති කරගත් දේශපේ‍්‍රමීහු තමන්ට ලැබුණ නම අත් හැර අලූත් නමක් එකතු කරගනිමින් තම අරමුණු සාක්ශාත් කරගැනීමට ක‍්‍රියාකරන ලද බව පෙනේ. රට යටත්ව තිබූ කාලයේ දී විජාතික නමකට තිබූ ඇල්ම පමණක් නොව රට නිදහස් වන අවස්ථාවේ දී රටට ඇති ආදරය පදනම් කරගෙන නම වෙනස් කර ගැනීමට දක්වන ලද විශේෂ උනන්දුව ද මෙයින් වටහා ගත හැකි එකකි.

නමුත් මේ වන විට මෙරට තුළ අලූත් ප‍්‍රවනතාවයක් මතු වෙමින් තිබේ. එය ඉතාම පටු අරමුණක් ඇතිව කරගෙන යන්නකි. මැතිවරණයකට තර`ග කරන්නට සූදානම් වන අපේක්ෂකයෝ තමන්ගේ නම ගැන සැලකිල්ලක් දක්වති. අපේක්ෂකයන්ගේ නමට වඩා ප‍්‍රසිද්ධ කරන්නේ කරගෙන යන රැකියාව හෝ අන් යමක් නිසා ඇතිවුන අන්වර්ථ නාමයකි. එය ද පසෙක තිබිය දී තමන්ට දෙමව්පියන් උපතින් දෙන ලද නම අකාරාදියට ගැලපෙන පරිදි වෙනස් කරන්නට ඇතැමෙකු මහන්සි වෙති. පසුගිය කාලයේ පැවැති මැතිවරණ ගණනාවක දී උප්පැන්න සහතිකයේ ස`දහන් නම වෙනුවට තම නමට ඉදිරියෙන් අකාරාදියට ගැලපෙන අලූත් අකුරු එල්ලන ලද අවස්ථා තිබේ. මෙහි වරදක් නැත. නමුත් මැතිවරණයකදී මනාපයක් ලබාගැනීමට ඉලක්කම ඉතාම වැදගත් යැයි කල්පනා කිරීම යහපත් එකක්ද? මනාප අංක ලැයිස්තුවේ ඉදිරියට පැමිණෙන්නට ඉඩ ඇති හෙයින් නම වෙනස් කර අන් නමක් තම පුද්ගල නාමයට එකතු කරන්නට සූදානම්වීම අනුමත කළ හැකිද? එක පැත්තකින් නීතිය අසරණ කරන අතර අනෙක් පැත්තෙන් එය මෙරට ඡන්දදායක පොදු ජනතාවට කරන බලවත් නිගරුවකි.

තමන්ගේ රටේ තමන් හො`දින් දන්නා මහජනතාවගේ නියෝජිතයෙකු ලෙස පත්වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මෙරට පාලනය කරගෙන යන්නට හවුල්වීම මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ එකම යුතුකම විය යුතුය. නම වෙනස් කරන අතර වේදිකාවේ දී අප‍්‍රමාණ පොරෙන්දු දෙන සහ අති විශාල ධනස්කන්ධයක් වියදම් කර මහජන නියෝජිතයෙකුවීමේ කැක්කුමක් මෙම පිරිසට ලැබුණේ කවර ආභාෂයකින්ද? පෙරදිගින් ලැබුණ දර්ශනය අනුව මෙරට අධ්‍යාත්මය සකස් විය. අපරදිගට යටත්ව සිටි කාලයෙන් උපයා ගත් අත්දැකීම් ගැන රටට යම අදහසක් තිබේ. නමුත් මැතිවරණයකට යාමේ දී තමන්ගේ නම වෙනස් කර අංකයක් ලබා ගැනීම වැදගත් යැයි හුරුවක් සමාජයට ලැබෙන්නේ කොතැනින්ද?