milinda-prashna

2014.01.29 – මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට වන ඉන්දියාව නොයෙක්  අවස්ථාවල අලූත් අභියෝග වලට මුහුණ දෙයි. පවතින දේශපාලන සංස්කෘතිය තුළ නව මතවාද ඇතිවෙයි. දේශපාලනයේ පවතින මුහුණුවර දුෂිත සහ අකාර්යක්ෂම එකක් බවට මහා ආන්දෝලනයක් කළ ඉන්දියාවේ ආම් අදමි (Aam Aadmi) පක්ෂය පසුගිය කාලයේ බලවත් ජනතා අවධානයක් දිනාගත්තේය. දුෂණය තුරන්කර ජනතා අයිතිවාසිකම් වලට ගරු කරන ප‍්‍රතිපත්ති ඇති කරන බවට කළ මතවාදය මහත් ආකර්ශණීය එකක් බවට පත්විය. එහි ප‍්‍රතිඵලය වූයේ දිල්ලි නගරය පාලනය කරන බලය අතට ගන්නට සමත්වීමයි.

දුෂණ සහ වංචා ගැන කතා කරමින් සිටි කණ්ඩායමක් ආම් අදමි පක්ෂය පිහිටුවන්නේ 2012 නොවැම්බර් මාසයේ දීය. මහා පරිමානයෙන් සිදුවන වංචා සහ දුෂණ නොවේ නම් විදුලිය ගාස්තු අඩු කළ හැකි බවට පක්ෂය උද්ඝෝෂණය කළේය. නගරයේ සෑම කෙනෙකුටම ප‍්‍රමාණවත් ජල සැපයුමක් දෙන්නට අසමත්වීම පිටුපස මහා වංචා ඇති බවට මත ඇති කළේය. දේශපාලන බලය අතට ගත් මැර කණ්ඩායම් අහිංසක කාන්තාවන්ට කරන හිංසන සහ මානව අයිතිවාසිකම් අහිමි වන ආකාරයට කරන සැහැසිකම් පක්ෂයේ නිර්දය විවේචනයට ලක්විය. දිල්ලි නගරවාසීහු මහත් අමන්දානන්දයෙන් පක්ෂය වටා එකතු වූහ. ඔවුන් පෙළමින් සිටි පීඩනයට ආම් අදම් පක්ෂය කදිම උත්තරයක් බව සිතූහ. පවතින පාලනය පෙරලන්නට එකතු වූ ජන ග`ග මැතිවරණයේ දී කිසිවෙකුට වැඩි බලයක් නැති ඡන්ද ප‍්‍රතිඵලයක් බිහි කළේය. පක්ෂය පිහිටුවා අවුරුද්දක් යන්නටත් කලින් දිල්ලියේ පාලන බලය අතට ගන්නට ආම් අදමි පක්ෂයට හැකියාව ලැබෙන්නේ ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂය කොන්දේසි සහිත සහාය පළ කිරීම සමගය.

මහජනතාවගේ ඉමහත් ආශ්වාදයෙන් බලයට පත් ආම් අදමි පාලකයන්ට පරිවර්තනයක් කරන්නට අද වන තෙක් හැකියාවක් ලැබී නැත. අතිවිශාල බලාපොරොත්තු තබා සිටි පොදු ජනතාවට, ඡන්දයෙන් පසු ඇතිවී තිබෙන පාලනය පැවැති තත්ත්වයට වඩා අසරණ එකක් බව ඔප්පු වී තිබේ.  ආහාර මිල අඩු කරන්නට සුපිරි වෙළ`ද සැල් ජාලය සහ ගැටුණ දිල්ලියේ අලූත් පාලනය දෙපාර්තමේන්තු මට්ටමින් යමක් කරන්නට නොහැකි බව වටහා ගත්තේය. දුප්පත් ජනතාවට නොමිලේ ජලය බෙදන්නට ගිය මෙම පාලනය ඉතා ඉක්මනින් ජල සැපයුම නොමිලේ දෙන්නට තම පාලනයට වත්කමක් නැති බව තේරුම් ගත්තේය. ඒ අතරවාරයේ නව පාලනය පොලිසියේ ක‍්‍රියා කලාපයට මැදිහත්වීම ගැන බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. හතලිස් පස් හැවිරිදි විප්ලවකාරී අදහස් පළ කළ නායකයෙකුට ඉතා ඉක්මනින් බලය පැවැරූ දිල්ලි ජනතාව සති හයක් යන්නට මත්තෙන් මහත් කළකිරීමකට පත්ව ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව රාමුවට පිටින් සිටින නිදහස් මිනිසුන්ට ක‍්‍රමය ගැන අප‍්‍රමාණ විවේචන ඇති කළ හැකිය. සැම පුද්ගලයෙකුටම පවතින ක‍්‍රමය වෙනස්කරන්නට උවමනාවක් තිබේ. නමුත් එය කරන ප‍්‍රායෝගික ආකාරය පහසු නැත. දේශපාලනය වෘත්තියක් නොවන නමුත් දේශපාලනඥයන් කරන කාර්ය භාරයට සුළු කොට තැකීම වැරදිය. තමන්ට අවාසි සහගත ලෙස ක‍්‍රමය හැසිරෙන බව පෙනෙන විට ජනතාව අතෘප්තියට පත්වෙයි. දොස්තබමින් සහ වැරදි පෙන්වමින් සියලූ දෙනාම තෘප්තිමත් කළ හැක. නමුත් දේශපාලනය පිළිකුල් සහගත තැනක් බවට මත ඇති කිරීමෙන් යහපතක් නොවේ. ක‍්‍රමය බි`දින්නට බලවේග ඇති කළ යුතු නමුත් සම්ප‍්‍රදාය වෙනස් කරනන්ට ක‍්‍රියාකරනවිට ඇතිවන ප‍්‍රශ්න ගැන ද අවධානය යොමු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක පැතිකඩක් විය යුතුය. අලූත් ව්‍යුහයක් ඇතිකරන විට නීතිය අතට ගෙන ක‍්‍රීයා කිරීම වැරදිය. විරෝධය අවුලූවා අනුන්ගේ විපතින් තමන්ගේ සැපත අත්පත් කරගැනීමට වඩා විකල්ප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පත් කිරීම ගැන දේශපාලන පක්ෂ අවධානය යොමු කිරීම වැදගත්ය. දිල්ලියේ පාලනය අතට ගත් ආම් අදමි පක්ෂය පෙන්වන යථාර්ථය එයයි.