milinda-prashna

2014.01.01 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

අධ්‍යාපනය ගැන ලොව තැන තැන අලූත් කතිකා ඇතිවෙයි. ඉගෙනුමට ඇති අවස්ථා පුලූල් වන අතර ඉගෙනගැනීමට දක්වන උනන්දුව ද වැඩි වන බව පෙනේ. එහි තර`ගකාරීත්වය කොතරම් ද යත් දියුණු රටවල් තමන් අතරේ ඇති ප්‍රගතිය මැන වෙනස් ආකාරයකට තීන්දු ගන්නට මහන්සිවෙයි.
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය ස`දහා වූ ආයතනය මෑතක දී අධ්‍යාහපනය සම්බන්ධව කළ අධ්‍යනයක තොරතුරු ගාඩියන් පුවත්පත අනාවරණය කර තිබිණ. එහි දී ගණිතය, කියැවීම සහ විද්‍යාව සම්බන්ධයෙන් රටවල් 65 ක පවතින තත්ත්වය ගැඹුරෙන් විමසා බලා ඇත. පසුගිය වසර දහ තුන තිස්සේ පවත්වන මෙම අධ්යලයනයට අනුව ආසියාවේ දියුණු රටවල් මෙම විෂයයන් තුනෙන් ඉදිරියට පැමිණ තිබේ. මෙයට රටවල් 65 ක දරුවන් පන්ලක්ෂ දස දහසකගෙන් තොරතුරු එකතු කර ඇත. අවසාන විභාගයේ දී චීනයේ ෂැංහයි, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව, මැකාවෝ සහ ජපානය යන රටවල දරුවන් විෂයයන් තුනෙන්ම පළමු තැනට පැමිණ ඇති බව දක්වයි. බටහිර රටවල් අධ්‍යාපනය අතින් දියුණු නමුත් මෙම අධ්‍යනයට අනුව පෙනී යන්නේ ආර්ථික අතින් දියුණු වන විට අධ්‍යාපනය පැත්තෙන් ද සමත්කම් දැක්වීම බව මෙම වාර්තාව යම් පමණකට අ`ගවයි.
සිසු දැරියන්ට වඩා දරුවන් ගණිතය විෂයයෙහි දක්ෂ බව මෙහි දැක්වෙයි. රටවල් තිස් දෙකක් 2012 වසරට වඩා කියැවීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇති අතර රටවල් 10 ක් පසුබා තිබේ. ගණිතය විෂයය හමුවේ රටවල් 25 ක් ඉදිරියට යන විට පසුගිය වසරේ ලේඛනයට සාපේක්ෂව පහලට බැස ඇති රටවල් ගණන 14 කි. සියලූ රටවල් අතරින් 19 ක් විද්‍යාවේ දී කලින් වසරට වඩා ප්‍රගතියක් දක්වන අතර තවත් අටක් ලේඛනයේ පහලට ගොස් තිබේ. පේරූ, ඉන්දුනීසියාව, ක්වාටාර්, කොලොම්බියා, ජොර්දාන් සහ ටියුනීසියාව යන රටවල් මෙම අධ්‍යනයේ දී පහලම තැන ගැවසෙන බව පෙනේ.
අධ්‍යනයට තෝරා නොගත් හෙයින් මෙම විෂයයන් හමුවේ ශ්‍රි ලංකාවේ අධ්‍යාපන තත්ත්වය මෙම වාර්තාවෙහි දැක්වෙන්නේ නැත. නමුත් තර`ගකාරී අධ්‍යාපන රටාව තුළ මෙරට දරුවන්ගේ විෂයානුබද්ධ දැනුම අඩු වැඩිවන ආකාරය ජාත්‍යන්තර මට්ටම අනුව නිරීක්ෂණය කිරීම යහපත් අදහසක් වනු ඇත. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙයි. මෙම විභාගවලට දරුවන් සූදානම්වන්නේ විශාල මහන්සියකින්ය. ගුරුවරුන් සහ දෙමවුපියන් නිතිපතා පාසලට සහ අතිරේක පන්ති වලට යොමු කරමින් දරුවන් විෂය කෙරෙහි දැනුම ඇති අය කරන්නට වෙහෙසෙති. ආණ්ඩුව විශාල ධනයක් වැය කරන අතර දෙමවුපියන් කරන වියදම ද සුළු එකක් නොවේ. මෙරට විභාග ප්‍රතිඵල විෂයයන් වලට දරුවන් දක්වන සමත්කම් පමණක් නොව ඒ වෙනුවෙන් යෙදවෙන මුදල ද ගැඹුරෙන් සමීක්ෂණය කළ යුතුව ඇත.
පසුගිය විභාග ප්‍රතිඵල පෙන්වන ආකාරයට සිංහල, ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් සම්බන්ධව මෙරට ඇති සාමාර්ථයෙහි සාමාන්‍යය සතුටුදායක එකක් නොවේ. සිසු දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අසමත්වන බව වාර්තා පෙන්වයි. ඉගැන්වීමේ ක්‍රමය, ඉගෙනගන්නා ආකාරය හෝ විභාගය යන කොතැනකින් යම් අතපසුවීමක් නම් එය ගැටලූවකි. රට තුළ ප්‍රශ්නය එසේ තිබිය දී මෙම විෂයයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමට අප ළ`ගා වී ඇත්දැයි විමසා බැලීම ද වැදගත්ය. එය කළ හැකි වන්නේ නිසි අධ්‍යනයකින්ය. ගාඩියන් පුවත්පත වාර්තා කරන ලද අධ්‍යනයට අනුව ඇමරිකාව සහ බ්‍රිතානය පවා මෙම ලැයිස්තුවේ මුල් රටවල් දහය ඇතුලත නැත.