milinda-prashna

2013.11.27 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
අද පෙනෙන ආකාරය අනුව සැනසිලිදායක ලෙස ගත කළ හැකි ජීවිත නගරයක නැත. නගරය අවිවේකීය. නගරය අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සංකීර්ණය. මහ මග යනෙන, වැඩ පොල වල සිටින වැඩි දෙනෙකුගේ මුහුණු විඩාබරය. මහන්සියෙන්,තරගකාරීව යමක් උපයා ගන්නට දරන තැත පැහැදිලිව හ`දුනාගත හැකිය.
අදට කලින් පරම්පරාවට විවේකය තිබිණි. ඔවුන්ගේ ජීවිත පදනම්ව තිබුණේ කෙත සහ අස්වැන්න මූලික කරගෙනය. කෘෂි ආර්ථිකයෙන් සේවා අංශයට නැඹුරු වන විට නිෂ්පාදනය සහ අඩුම පිරිවැයකින් නිපදවන්නට හැකි ආකාරය ගැන මහන්සි වෙන්නට සිදුවෙයි. එවිට උපරිම කාර්යක්ෂමතාවයකින් මෙහෙයවෙන අතර ජීවිත යාන්ත්‍රිකරණය වීම වැලැක්විය නොහැකිය. ආර්ථිකය අනුව කෘෂි අංශය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයකට මදක් වැඩි වන විට සේවා අංශය සියයට පනහ ඉක්මවා තිබේ. එයින් පෙනෙන්නේ ගොවිපොල වටා නොව කම්හල සහ වෙළ`ද පොල වටා ශ්‍රමය එකතුවන වගය.
කම්හල සහ වෙළ`ද පොල නගරයෙහි බිහිවන විට අලූත් ජීවිත සොයා නගරයට එන පිරිස නගර ආශ්‍රිතව පදිංචිය තෝරා ගනිති. කුඩා ඉඩම් වල නිවාස ඉදිකරගන්නා දරු පවුල් ගැනෙන්නේ මධ්‍යම පැලැන්තිය සොයා යන පිරිසක් වශයෙනි. මෙයින් කොටසක ගේ ජීවිත ගමටත් නගරයටත් බද්ධ නොවන අතරමැදි ඒවා වශයෙන් ගතවන අතර ඔවුන්ගේ ගැටලූ විවිධාකර බව නිරීක්ෂණය කළ හැකිය. යම් ඉස්පාසුවක් කවදා හෝ උපයාගත හැකි වනු ඇතැයි යන අදිටන ඇතිව මහන්සිවන මෙම පරම්පරාව මුලින් ස`දහන් කළ විඩාබර මුහුණු වලින් හ`දුනාගත හැකිය.
අද නගරයක කලබලය අතර දුරින් හි`ද නිරීක්ෂණය කරන කෙනෙකුට එහි වඩා හදිස්සියක් ඇති තැන් දෙකක් දැකගත හැකිය. එකක සුරා විකුණන අතර අනෙක ඔසු අලෙවි කරන තැනය. සුරා සැලෙහි පිරිමින් තෙරපෙන අතර ඔසු සැලෙහි පිරිමින්,ගැහැනුන් පමණක් නොව දරුවන් ද,තෙරපෙති. අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල සෑම කුඩා නගරයකම පාහේ මත් පැන් හල් දෙක තුනක් ඇති අතර බටහිර බෙහෙත් විකුණන ඖෂධ අළෙවි සැල් එයට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ. අනාගතය සොයා නගරයට එන පිරිසගෙන් කොටසක් මහුණ දි ඇති ඛේදවාචකය තේරුම් ගන්නට මෙම ස්ථාන දෙක කදිම සාක්ෂියක් සපයයි. කලබලකාර හැන්දෑවේ අත්ය වශ්යම දේ මිලදී ගන්නා තැන් හා සමානවම මෙම ස`දහන් කරන තැන කාර්ය බහුලය.
තමන් වෙලාගෙන ඇති ප්‍රශ්න වලින් මිදෙන්නට මත් පැන් නිති පතා අවශ්‍යවන තරමට නගරය අවට ජීවත්වන පිරිමින් සුරාවට ඇබ්බැහි වී සිටිති. දසක දෙක තුනක් අවිවේකීව ඒකාකාරීව ජීවිත ගත කළ නාගරිකයන් නොයෙකුත් ලෙඩ රෝග වලින් පීඩා වි`දිති. තතු විමසුවහොත් අධි රුධිර පීඩනය, දියවැඩියාව හෝ ආමාශගත රෝග බහුල බව අනාවරණය වෙයි. තවත් කොටසකට ශ්වසන රෝග වැළ`දී තිබේ.
යස ඉසුරු සොයා නගරයට පැමිණි පැලැන්තියක ඉරණම මෙය වියයුතු නැත. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ මෙම තත්ත්වය නොවන බව අවධාරණය කළ යුතුව ඇත. නමුත් අවිවේකී සහ ඉතා අතෘප්තිමත් ජීවිත ගත කරන නාගරික වැසියන් අතරින් වැඩි දෙනෙකු මුහුණ දී ඇති ප්‍රශ්නවල යථාර්ථය මෙයයි. සුරා සැල වසා දැමීම සහ ඔසු වෙළ`ද පොල තහවුරු කරගෙන ඇති දරුණු තැන ගැන සාකජා කරනු වෙනුවට නාගරික ජීවිත හුරුවී ඇති කර්කශ රාමුව වෙනස් කිරීමට ගත යුතු මග ගැන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවීම අවශ්යඇය. මිනිසුන් නිරෝගී කළ යුතු අතර කය පමණක් නොව මනස ද නිවන තෘප්තිදායක වෘත්තීන් බහුල සමාජයක් ගොඩනැගීම කෙරෙහි වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතුය.