milinda-prashna2013.02.13 – ලංකාදීප- මිලින්ද මොරගොඩ
ඇෆ්ගනිස්ථානය යළි සිවිල් පරිපාලනයක් ඇති වෙමින් තිබේ. එක්සත් ජාතින් ගේ සංවිධානය සහ එරට දූෂණ සහ වංචා මර්දනය සම්බන්ධ ආයතනය එක්ව කළ පර්යේෂණයකින් මවිත කරන තොරතුරු අනාවරණය වෙයි. ජාත්ය්න්තර සමාජය මෙම දත්ත ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. දූෂණ සහ වංචා තුරන්කර සාධාරණ යුක්ති ගරුක සමාජ බිහිකරන්නට පරය යත්න දරන ඕනෑම රටකට එයින් ඉගෙන ගත හැකි යමක් ඇත.
ඇෆ්ගනිස්ථාන පර්යේෂණයට අනුව එරට දූෂණ හා වංචා වල සමස්ථ එකතුව එරට ජාතික ආදායම මෙන් දෙගුණයකි. සංවර්ධනයේ දී සහ රට තුළ එදිනෙදා සිදුවන කිරරට යාකාරීත්වයේ දී දූෂණ හා වංචා කිසියම් සුළු පරය. තිශතයකින් වාර්තාවීම සාමාන්යා එකක් විය හැකිය. නමුත් අසාමාන්යෂ ආකාරයට දූෂණය හා වංචාව පවතින සමාජයක අවසානය ඉතා භයානකය. වාර්තාවන තොරතුරු වලට අනුව එරට රාජ්යම නිලධාරීන් තමන් ලබන අඩු වැටුප හෙයින් අත යටින් යමක් ගැනීම වැරැද්දක් නොවන බව පර. ාසිද්ධියේ කියන්නට පටන්ගෙන තිබේ. වංචා හා දූෂණ සාධාරණීකරනය කිරීම ඔවුන්ගේ උත්සාහය යැයි පර නිකාශ වෙයි. වංචා සහ දූෂණ සමාජ යාන්තර මණයේ ම කොටසක් වීම රටක අභාග්යරයකි.
පොදු ජනතාවට තමන්ගේ එදිනෙදා වැඩක් කරගන්නට අමතර වන්දියක් ගෙවන්නට සිදුවීම ආර්ථිකයක අකාර්යක්ෂමතාව පෙන්වයි. එහි අතර මැද හුවමාරු වන ධනය කලූ ආර්ථිකයකි. කලූ ආර්ථිකය විශාලවීම රටක පැවැත්මට තර්ජනයකි. තීන්දු තීරණ ගැනීම සහ ආයතන වල රාජකාරි ඉටු කිරීම විනිවිද පෙනෙන ආකාරයට කරන්නට ඉඩ දීම නූතන පරඅතරජාතන්තර ආයවාදයේ එක් දියුණු ලකුණකි. තොරතුරු දැන ගැනීමේ අයිතිය මැයෙන් එය අද භාවිතාවට ද පැමිණ ඇත. මහජනතාව ගෙවන බදු වියදම් වන ආකාරය මහජනතාවට ම පරඑය ශ්න කළ හැකි අතර යුක්ති ගරුක නොවන ලෙස කරන බලපෑම් වලක්වන්නට අලූත් නීති හා රෙගුලාසි හඳුන්වා දෙමින් තිබේ.
ජීවත්වන්නට නිසි ආදායමක් නැති තැන දූෂිත ආකාරයට හෝ උපයා ගැනීම වැරැද්දක් නොවන බවට උපකල්පනය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ පමණක් නොවේ. ලෝකයේ නොයෙක් තැනින් එවැනි දේ අසන්නට ලැබේ. වලක්වන්නට නම් සේවකයන්ගෙන් වැඩ ගැනීමේ දී එයට සරිලන නිසි වේතනයක් ගෙවීම ද වැදගත්ය. සිගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මහතා පළ කළ අදහසට අනුව රට කජු වීසි කළහොත් කිට්ටු කර ගත හැක්කේ වඳුරන්ය. බුද්ධිමත්, කාර්යක්ෂම සහ විනය ගරුක රජයේ සේවයක් අවශ්ය් නම් රට කජු වලට වඩා යමක් දිය යුතුය. කාර්යක්ෂම කුඩා රාජ්ය සේවයක් රටකට ආභරණයකි. ආණ්ඩුවේ පර්ට මාණය ද රටට ගැලපෙන කුඩා එකක් වීම වටී. එවිට වැඩිපුර ගෙවන්නට හැකිය. අවාසනාවකට පාලකයන් ගේ සූදානම අඩුවෙන් වැටුප් ගෙවා වැඩියෙන් නීති පැනවීමටය. නීතිය දරද ඬු වන තරමට ම දූෂිතයන් සහ වංචනිකයන් එයට එරෙහිව යමින් සටකපට ආකාරයට හැසිරෙන්නට වපරිසය සකස්කර ගනී. දූෂණ ය හා වංචා වලට වැට බැඳීම පහසු නැති බව එයින් අවබෝධ කරගත යුතුය.
ගෞරවණීය ආකාරයට ජීවත්වන්නට ඉඩ සැලසෙන වේතනයක් ගෙවා එයට පටහැනි ආකාරයට උපයන්නට උත්සාහ කරන විට ඉතා දැඩි ද ඬු වම් පැනවීම වර්තමානයට ගැලපෙන කරිට මයයි. වැඩ කරන තරමට ගෙවන සහ එහෙයින්ම කලූ ආර්ථිකය ඉතාම අඩු දියුණු රටවලින් කියැවෙන යහපත් පණිවිඩය ද එයයි.
දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට දූෂණය සහ වංචා විශාල පරයහ ශ්නයකි. සේවාවක් ලබා ගන්නට පැමිණෙන මහජනතාවට එය ඉටු කර ගැනීම වෙනුවෙන් අතරමැදියන්ට ගෙවන්නට සිදුවන විට කරල‍ෙමය ගැන කලකිරිමක් ඇතිවෙයි. ගෙවන්නට සූදානම් නැති අය වෙනුවෙන් සේවය පමා වන අතර අමතර ව ගෙවන්නට සූදානම් වන පිරිසට නීතියට එපිටින් යමින් අවස්ථා පෑදීම මෙහි ඇති බරපතල වරදයි. ඇෆ්ගනිස්ථානය අනාවරණය වූ රටකි. අනාවරණය නොවී ඇති තැන් ගැන මනා අවබෝධයක් ඇති කර ගැනීම හා දූෂණය සාධාරණීකරණය කරන්නට ඉඩනොදීම පාලකයන්ගේ වගකීමකි.