01.08.2012 – ලංකාදීප-  මිලින්ද මොරගොඩ

අවුරුදු හතරකට වරක් එළැඹෙන ඔලිම්පික් ක‍්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි. සියලූ මතවාද පසෙක ලා, ලෝක වැසියෝ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් දෙස බලා සිටිති. ශ‍්‍රී ලංකාව සිය නාමය ඔලිම්පික් ඉතිහාසයේ දෙවතාවක් සටහන් කර ඇත. ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ එම කීර්තියෙහි සම කොටස්කරුවන්ය. ධනය හා රටක විශාලත්වය ක‍්‍රීඩාවේ ජවයට අභියෝගයක් නොවේ. කුඩා රටවල් ඔලිම්පික් රන් පදක්කම් දිනා ඇත. දුප්පත්කමෙන් පීඩිත රටවල ක‍්‍රීඩකයෝ පවා මහ ඉහළින් ජයගත් අවස්ථා තිබේ. අප‍්‍රිකානු රටවල් මැරතන් තරග වල සමත්කම් පෙන්වයි. බර ඉසිලීම, පිහිනුම් හෝ ජිම්නාස්ටික් තරග වෙනුවෙන් දක්ෂතා දක්වන රටවල් ද තිබේ.

නිරායාසයෙන් කී‍්‍රඩකයින් බිහිවෙයි. එයට තාක්ෂණය හා පුහුණු ක‍්‍රම ද එකතු වී තිබේ. මෑතක් වනතුරු ඔලිම්පික් රන් පදක්කම් සටහනේ ඉදිරියෙන් ම සිටියේ ඇමරිකාවයි. සෝවියට් දේශය බි`ද වැටෙන්නට කලින් ඇමරිකාව සහ සෝවියට් දේශය අතර එහි අයිතිය හුවමාරු විය. පසුගිය බෙයිජිං ඔලිම්පික් උළෙලේ දී, සැලසුම් සහගත තත්ත්වයක් යටතේ රටකට කළ හැකි වෙනස චිනය කදිමට විදහා දැක්වීය. ඔලිම්පික් පදක්කම් සටහන මැනවින් විශ්ලේෂණය කළ චීනය තරගකාරීත්වය අඩු, වැඩි අවධානයකින් තොර ඉසව් තෝරා ගත්තේය. කාන්තා බර ඉසිලීම එයින් එකකි. ඩයිවිං සහ ජිම්නාස්ටික් ඉසව් තවත් පෝෂණය කළේය. චිනය පසුගිය ඔලිම්පික් තරගාවලියේ දී සියලූ රටවල් අභිබවා ඉදිරියට පැමිණියේය. දරුවන් කුඩා අවදියේ සිටම පුහුණු කරමින්, කී‍්‍රඩා ක`දවුරු පවත්වමින් කරන කැපවීම ද එරට කැපී පෙනෙන එකකි.

ශ‍්‍රී ලංකාවට ද තෝරා ගත් ඉසව් පෝෂණය කර ජාත්‍යන්තර තලයට නැගෙන්නට හැකියාවක් තිබේ. කි‍්‍රකට් එහි කදිම උදාහරණයයකි. උත්සාහයෙන්, කැපවීමෙන් සහ නිසා නායකත්වයෙන් එය අන්තර් ජාතික තලයට පැමිණ ඇත. ¥පතක, රට පුරා වැව් හා ජලාශ ඇති රටක පිහිනුම් හා කිමිදුම් ඉසව් ගැන අවධානය යොමු කළ හැකිය. මලල ක‍්‍රීඩා අංශය ද වැඩි අවධානයට ලක්කරන්නට හැකියාව ඇත. ජනප‍්‍රිය පාසල් වල පිහිනුම් තටාක ඉදිවන නමුදු දරුවන්ගේ එකම අවධානය පොත පත ගැන පමණකි. බාහිර ක‍්‍රියාකාරකම් වශයෙන් කී‍්‍රඩා පිටියට දරුවන් යොමු කරන්නට දෙමව්පියන්ට ද වගකීමක් තිබේ. එම වගකීමට අනුව නිසි ලෙස මග සකසන්නට දෙගුරුන් උනන්දු විය යුතුය. අවශ්‍ය නිසි සැලසුම්ය. දවසකින් දෙකකින් නොව අවුරුදු ගණන් දිග දුර බලා නිවැරදිව සකස් කරන ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමය.

අන්තර් ජාතික තලයේ දස්කම් දැකිවිය හැකි ක‍්‍රීඩකයෙකු හා ක‍්‍රීඩිකාවක බිහි කිරීමට කෙටි මාර්ග නැත. ධන හෝ දේශපාලන බලයෙන් කළ හැකි යමක් ද නැත. කෙටි කාලයකට බලයට පත්වන දේශපාලනඥයන් දිගු සැලසුම් සහිත ක‍්‍රීඩාව සම්බන්ධයෙන් බලපුලූවන්කාරකම් පෙන්වීම නරකකි. පහසුකම් සපයා, දක්ෂ පුහුණු කරුවන් සොයා දී අන්තර් ජාතික තරග අත්දැකීම් සපයනු විනා වෙන යමක් අනවශ්‍යය. මෙරට ක‍්‍රීඩාව හා දේශපාලනය අතර ගැටුමක් තිබේ. එයින් ඉවත්ව වෘත්තිකයන්ට ක‍්‍රීඩාව බාරදීම ඔලිම්පික් පදක්කමකට මග පාදනු නිසැකය.