2022/04/27 ලංකාදීප

ජනී ජනයා ගේ අගරලය එදිනෙදා ජීවත්වීම සදහාය. ඔවුහු ආව්ගයෙන් සිටින අතර ජීවන වියදම ගැන දුක්වෙති. මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ දී අලූත් ව්‍යවස්ථාවක් ගැන තර්ක කරමින් සිටිති. ප‍්‍රංශ විප්ලවයේ සිදුවූයේ කුමක්ද? සාගින්දරෙන් පෙලූණු දුප්පත් මිනිසුන් පාන් ඉල්ලා සිටි අතර මාරි ඇන්ටොනොයිට් රැුජන පාන් බැරිනම් කේක් කාපල්ලායැයි ප‍්‍රකාශ කර ඇති බව කියැවේ. ඉතිහාසයේ පමණක් නොව අදටත් පාන් සහ කේක් වල වෙනස නොදන්නා පාලකයෝ වෙති.

ශ‍්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකය. මහජනතාව ආණ්ඩුවට විරුද්ධව පාරට බැස තිබේ. දේශපාලනය එපා වී ඇත. ක‍්‍රමය වෙනස් කරන සේ බල කරමින් සිටිති. දුක් විදින ජනතාවට පක්ෂ පාට බේධයක් නැත. එදා වේල සදහා යමක් උපයන්නට වැර දරන දස ලක්ෂ සංඛ්‍යාත පිරිස මුහුණ දී ඇති අපහසුතාවක තරම තේරුම්ගත යුතුය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තු කිරීම සදහා වන්දි ගෙවන අපි ඉල්ලන්නේ විසදුම්ය.

ව්‍යවස්ථා වෙනස් කිරීම ජනතාව මුහුණ දී ඇති අර්බුදයට උත්තරයක් ද? 1994 වසරේ සිට විධායක ජනාධිපති තනතුර ආහෝසි කරන පොරොන්දුවක් තිබේ. බලය අත් හරින බවට වේදිකාවේ දී පොරොන්දු දෙන දේශපාලකයෝ බලයට පත් වූ පසු පොරොන්දු මග හරිති. තනතුර ආරක්ෂා කරගෙන පැවැත්ම හදා ගනිති. දශක තුනක පමණ කාලයක් තිස්සේ ව්‍යවස්ථා ගැන කතාකරමින් නාස්ති කළ කාලය ආර්ථිකය නගා සිටුවන වැඩ පිලිවෙලක් සදහා භාවිතා කළේ නම් අද ශ‍්‍රී ලංකාව ඉතා සංවර්ධිත තැනකි. එදා ගහක් පැල කළේ නම් අද එහි අස්වැන්න ලබන කාලයයි. අනුවණකම්වල කෙළවරක් නැති අපට අදටත් නිසි මාර්ගය සොයා ගත නොහැකි වී තිබේ. රට ගොඩනගන හරවත් සංවාදයකට ඇතුළුවිය නොහැකි වී ඇත. නොනවතින විරෝධතාවයක් ගාලූ මුවදොර ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අතරතුර රැස් වූ පාර්ලිමේන්තුවට පැති ගණනාවකින් අලූත් ව්‍යවස්ථා සංශෝධන සෑහෙන ප‍්‍රමාණයක්  ඉදිරිපත් කොට තිබේ. රජයෙන් විපක්ෂ කණ්ඩායම්වලින් පමණක් නොව සිවිල් සංවිධාන පවා යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා සාකච්ඡා කර විවාද කළ හැක. පාර්ශව ගණනාවක කරන සංවාද අවසානයේ තීරණයක් රහිතව කෙළවර වනු ඇති බව නිසැකය.

ආහාර හිගය, බලශක්ති ප‍්‍රශ්න, බෙහෙත් හේත්, අධ්‍යාපනය හෝ මුල්‍ය පද්ධතියේ  අවහිරතා නිසා මිනිසුන් මුහුණ පා සිටින ඉරණම ව්‍යවස්ථාවකින් විසදිය හැකිද? මහජන නියෝජිතයෝ වගකීමක් ඇතිව කටයුතු කළ යුතුය. ජනාධිපති හෝ අගමැති පුටුවේ ඊළගට වාඩිවෙන්නේ කවුද හෝ බලතල ගැන මෙම මොහොතේ සාකච්ඡා කළ යුතු දෙයක් නොවේ. දුප්පත් ජනතාව අසරණ වී සිටින අවස්ථාවක පුරුදු පරිදි ව්‍යවස්ථා ප‍්‍රශ්න හුවා දක්වා කල්මැරීම කිසිසේත් අනුමත කළ නොහැක. එකමුතුව හා සම්මුතිය නොතකා තීරණ ගැනීමේ විපාක අද අප අභිමුවෙහි ඇත. ප‍්‍රශ්න ගැන නොසලකා ක‍්‍රියා කරන දේශපාලන ක‍්‍රමය විශාල ගැටළු ඇති කරගෙන ඇති අතර එය විශාල වරදකි.

මැදි ආදායම් සමාජය සංකීර්ණ අවශ්‍යතා සහිතය. ජනතා අවශ්‍යතා විවිධාකාරය.  එදිනෙදා පැවැත්ම අවහිර කරන තීරණ කිසිසේත් නොගැලපෙන අතර පැරණි පෝලිම් ක‍්‍රමයකට නැවතත් හැරවීම නොගැලපෙන බව වටහා ගත යුතුය. ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැති පාලකයන්ද, පැලැස්තර විසදුම් යෝජනා කරන ලද නිලධාරීහු ද අද පවතින තත්ත්වයට වගකිව යුතුය. ආර්ථිකයේ හදිසි අවස්ථාව කළමණාකරනය කරගෙන, පාලනය කරගත හැකිව තිබිය දී එය දේශපාලන අර්බුදයක් දක්වා කැදවීම අභාග්‍යයකි. දේශපාලනඥයන් හා නිලධාරීන් සමාජය ගැන අවබෝධයෙන් තීරණ ගත යුතුව ඇති අතර ඒවා ප‍්‍රායෝගික විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව දක්වන මහජන නියෝජිතයෝ ව්‍යවස්ථා ගැන කතා පැත්තකට දමා මහජනතාවගේ මුලික උවමනාවන් සම්පූර්ණ කිරීමට වහා පෙළ ගැසිය යුතුය.

අද පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසි පස්දෙනා මෙරට පැවැත්ම තීරණය කරනු ඇත. ත‍්‍රස්තවාදය මැඩ පවත්වන නීති පැනැවිය හැකි නමුත් මහජන ගංගාව හරස් කරන්නට ව්‍යවස්ථාවලට හැකියාවක් නැත. ආණ්ඩු මාරු කිරීම හෝ පුද්ගලයන් වෙනස් කිරීමෙන් ආර්ථිකය හැදෙන්නේ නැත. දැන් පවතින ව්‍යසනයෙන් ගැලවෙන්නට හදිසි හා වදගත් තීරණ ගත යුතුය. ව්‍යවස්ථා හදන්නට කලින් මහජන නියෝජිතයන් සියළුදෙනා එකතු වී ආර්ථිකය ගොඩනගන නිවැරදි තීරණ ගැනීම මුළු මහත් ජාතියට කරන විශාල සේවයක් බව දැක්විය යුතුය.