milinda-prashna

2015/10/ 14 – ලංකාදීප
අද වන විට පවතින්නේ පෙරදිග යුගය බව ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අදහසයි. එවැනි තීරණයකට එළැඹෙන්නේ ආසියාව පදනම් කරගෙන පෙරදිග කලාපයේ සිදුවන පරිවර්තනයයි. ලෝකයේ පැවැත්ම තීරණය කරන බලවත් සාධකය බවට පෙරදිග පත්ව ඇති අවකාශය තුළ එහි පසුබිම සලකා බලන්නට පර්යේෂකයෝ නැඹුරු වෙමින් සිටිති. එපමණක් නොව, පෙරදිග යටපත් කරගෙන බටහිර ඉහළට නැගෙන්නට හේතු වූ බලවත් කරුණු කවරේදැයි සොයා බලන්නට ද පර්යේෂකයෝ උන්නදු වෙමින් සිටී.

එක්තරා යුගයක ජාත්‍යන්තරය අවදිවෙන්නේ පෙරදිග කලාපයේ සිදුවූ අලූත් සොයාගැනීම් පදනම් කරගෙනය. කඩදාසි, මුද්‍රණ යන්ත‍්‍ර, වෙඩි බෙහෙත් ආගමික දර්ශනය, ගණිතය ඇතුළු නොයෙක් කාරණා සොයාගන්නේ පෙරදිග රටවල්ය. එවැනි අනාවරණ තුළින් පෙරදිග බලවත් තැනකට පත්වෙයි. නමුත් එයින් පසු සිය වස් කිහිපය තුළ ඉහළට නැගෙන්නේ බටහිර රටවල්ය. බටහිර සාර්ථකත්වය අත්පත් කරගත්තේ ප‍්‍රධාන කරුණු හයක් පදනම් කරගත් දැක්මක් අනුව බව ඉතිහාසඥයෙකු වන නියල් ෆර්ගසන් සිය Civilization: The West and the Rest lකෘතියෙන් දක්වා තිබේ. පිබිදෙන මාවතට ප‍්‍රවේශ වී සිටින පෙරදිගට පමණක් නොව එහි අභ්‍යන්තරය ගවේශනය කර අලූත් පැවැත්මක් සකස් කරගන්නට සූදානම් වන ශ‍්‍රී ලංකාවට ද මෙම අදහස් වැදගත්ය. තර`ගකාරීත්වය, විද්‍යාව, පුද්ගල දේපොල අයිතිය, සෞඛ්‍ය, පාරිභෝගිකත්වය සහ වැඩ කරන ආකල්ප මෙහිලා ප‍්‍රමුඛ කරුණු බව ෆර්ගසන් ස`දහන් කර තිබේ.
ෆර්ගසන් බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයෙකු වන අතර හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව තර`ගය ඇතිකරන්නේ රටවල් අතර යුද්ධයයි. කුඩා රටවල් අතර නිතර හටගත් යුද්ධ තර`ගයට මග පෑ¥ අතර යුද්ධය සාර්ථක කරගන්නේ ඒ වෙනුවෙන් යෙදවූ විශාල යාන්ත‍්‍රණය හෙයින්ය. මෙහි වැඩි බරක් උසුලන්නේ විද්‍යාවයි. විද්‍යාව යනුවෙන් අදහස් කරන්නේ නව සොයාගැනීම් සහිත තාක්ෂණයවන අතර දැන් බටහිර නාවෝත්පාදනයට හේතු වූ සෑම මෙවලමක්ම යුද්ධය වෙනවෙන් කරන ලද දේ වන අතර පසුව වානිජ පදනමකින් සමාජ භාවිතාවට එයි. බටහිර රටවල දේපොල අයිතිය පුද්ගලයන්ටය. රාජ්‍ය කරන්නේ නීති පැනවිම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමයි. ඉඩම දේපොල හැටියට පුද්ගලයන්ට අයිතිවන විට එයින් යමක් නිෂ්පාදනය කිරිම සහ ආර්ථික වටිනාකමක් බිහිකරන ආකාරයට හරවා ගැනීමට පුද්ගලයන්ට උවමනාවක් ඇතිවෙයි. ආණ්ඩු ඉඩම තමන්ගේ අයිතියක් වශයෙන් පරිහරණයෙන් තොරව පවත්වාගන්නා අතර පුද්ගලයන් ඉඩම ව්‍යවසායකත්වයට හරවන විට එහි වාසිය ලැබෙන්නේ ආර්ථිකයකටය.

ෆර්ගසන් සිය කෘතියෙන් තව දුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ගැන බටහිර දැක්වූ උවමනාවයි. සමාජය නිරෝගී පැවැත්මක් සහිතව නඩත්තු කරන්නට ප‍්‍රංශය ගෙන ගිය වැඩ පිළිවෙල ද අද සාකච්ඡුා කරන්නේ මෙහි ස`දහන් වන කාරණය මතු කරන එකක් වශයෙන්ය.
අනෙක් වැදගත් කාරණය සේ සලකා බලා ඇත්තේ පාරිභෝගිකත්වයයි. බටහිර රටවල් වෙළ`ද පොල විප්ලවයක් ඇති කරන්නට ඇ`දුම් පැළ`දුම් ආහාර පාන පවා විවිධත්වයකට ගෙන ගිය අතර එය පමණක් නොව රටවල් පාලනය කරගෙන වෙළ`දාම පතුරවන්නේ ච එහි එක් පියවරක් වශයෙන් බව දැක්වෙයි. වැඩ කරන ආකල්පය අවසාන කරුණ බව ෆර්ගසන් සිය කෘතියෙහි පෙන්වා දෙයි. ඕනෑම රටක පැවැත්ම කෙරෙහි බලපාන්නේ වැඩකරන්නට සමාජය දක්වන ආකල්පයයි. අද වන විට ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැනි පැති වලින් සාකච්ඡුා කරන නමුත් තර`ගය ඇති කරන්නට හේතුවන ආකාරයට වැඩ කිරීම බටහිර සාර්ථකත්වයට හේතු වී තිබේ යැයි පෙන්වා දෙයි.

මේ ආකාරයට ස`දහන් කරන කරුණු නිවැරදි ආකාරයට අවබෝධ කරගෙන දර්ශනයක් ගොඩනගා ගතහොත් රටකට ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ පවා ඉඩම පරිහරණය නොකරන සම්පතකි. පුද්ගල දේපොල නොව ආණ්ඩුවේ අයිතියක් වශයෙන් පවතී. තර`ගකාරීත්වය ගැන සලකන්නේ නැත. අලූත් සොයාගැනීම් හෝ සෞඛ්‍ය පහසුකම් ගැන සලකා බලන ආකාරය ප‍්‍රමාණවත්ද? පාරිභෝගිකත්වය සහ වැඩකරන ආකල්ප ගැන සෑහීමකට පත්විය හැකිද? නියල් ෆර්ගසන් බටහිර කලාපය ලෝකයේ සෙසු පැත්ත සමග සස`දන්නේ බටහිර සාර්ථකත්වයේ රහස අනාවරණය කරන ආකාරයෙන්ය. තේරුම් ගත යුතු කාරණය එයයි. යළි නැගී සිටින පෙරදිග කලාපයට මෙම අධ්‍යයන වැදගත්වන අතර ශ‍්‍රී ලංකාව එය තමන්ට ගැලපෙන ආකෘතියක් වශයෙන් අධ්‍යයනය කිරීම වැදගත්ය.

Advertisements