milinda-prashna

2015/09/09 – ලංකාදීප

තවත් දින දෙකකින් සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ස`දහා ඡුන්ද විමසීමක් පැවැත්වෙයි. අවුරුදු පහකට වතාවක් පාර්ලිමේන්තුව තෝරා ගන්නා ඡුන්දය පවත්වන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයි. එම කාර්යාලය එරට අගමැතිවරයාට අයත් විෂය පථයෙන් එක් අංශයකි. අගමැතිවරයාට අයත් විෂයයක් බවට පත්වීමෙන් එය පාර්ලිමේන්තුවට වගකියන එකකි. එයින් පෙන්වන්නේ ක‍්‍රමය ගැන විශ්වාසයක් ඇත්නම් ස්වාධීන කොමිසම් අවශ්‍ය නැති බවය.

මහ මැතිවරණයක් ඇති බව ජාත්‍යන්තර අවධානයට ලක්ව නැත. අඩු තරමින් සිංගප්පූරු වැසියන්ගේ පවා විශේෂ අවධානයට ලක් වී ඇති එකක් නොවේ. එරට වැසියන් වෙනදා මෙන් වැඩට යයි. ගනුදෙනු කරයි. ආර්ථික සහ වෙළ`ද කටයුතු වෙනදා මෙන්ම සිදුවෙයි. ආණ්ඩු පෙරුලියක් ගැන එරට කතා කරන්නේ නැති අතර අලූත් ආණ්ඩුවකින් රටට ආර්ථිකයට මොනවා වේ දැයි රට තුළ බලවත් කුකුසක් හෝ විමතියක් ද නැත. සිංගප්පූරුව මෙම මහ මැතිවරණය කැ`දවන්නේ පවතින ලෝක ආර්ථික තත්ත්වය හ`දුනාගෙන එයට මුහුණ දිය හැකි ආකාරයට රට තුළ වෙනස්කම් කළ හැකි ශක්තිමත් ආන්ඩුවක් පත් කරගැනීමේ අරමුණ ඇතිවය. එය එරට පුරවැසියන් වටහාගෙන තිබේ. මහමැතිවරණය හෙයින් එක කොටසකගේ හෝ ජන ජීවිතය බරපතල ආකාරයකට වෙනස් වන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුයේ මෙම වසර ආරම්භයේ දී ය. අවුරුද්ද අවසාන කාර්තුවට පැමිණ ඇති අද දිනයේ ද, රට වැසියන්ගේ සම්පූර්ණ අවධානය කැබිනට් මණ්ඩලය පත් කිරිම සහ නියෝජ්‍ය ඇමැතිවරු ගැනය. මැතිවරණය පැවැත්වීමේ ක‍්‍රියාවලිය අගමැතිවරයාට අයත් විෂයයක් වුවහොත් රට තුළ පැවැතිය හැකි තත්ත්වය කුමක්ද? රටවල් දෙකක වෙනස එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බලාපොරොත්තු පුළුල්ය. මානව නිදහස සහ මාධ්‍ය නිදහස ගැන රට තුළ ඇති කතිකාව පුලූල් එකකි. නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් පවතී. නමුත් රටට ඉතා වැදගත් කාරණයක් වන ආර්ථික නිදහස ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? දේශපාලන කාරණා විසින් සමාජ ආර්ථික ව්‍යුහය ආවරණය කර එය යටපත් කරගෙන ඇති ආකාරය අවධානයට ලක් කළ යුතු ප‍්‍රමුඛ කරුණකි.
මෙයින් අවුරුදු පනහකට කලින් සිංගප්පූරුව ජාත්‍යන්තර අවධානයට ලක් වූ රටක් නොවේ. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ වෙතත් ආයෝජන, වෙළ`දාම, සංචාරය සහ සේවා සම්පාදන ආදී වශයෙන් ක්ෂේත‍්‍ර ගණනාවකින් පෙරදිග කලාපයේ ඉහළම ස්වාධීන පැවැත්මක් ඇති රටකි.

ආර්ථිකය මුල් කරගෙන ලෝකයේ ඕනෑම රටක් සමග සම්බන්ධතා පවත්වන්නට සූදානම්ය. චීනය සමග සබ`දතා පවත්වාගෙන යන අතර වාරයේ ඉන්දියාව සමග හො`ද හිත පවත්වාගෙන යන්නටත්, ඇමරිකාව, යුරෝපය පමණක් නොව ලොකු කුඩා බලවත් රටවල් සමග මිත‍්‍රත්වය පවත්වාගෙන යන්නත් සිංගප්පූරුවට හැකියාව තිබේ. ලෝකයේ ඉහළම ආයෝජන අවස්ථාව පමණක් නොව ඉහළම සෞඛ්‍ය පහසුකම් සිංගප්පූරුවේ ඇත. එකී දියුණුවට දේශපාලන හෝ වෙනත් බැ`දීම් නැත. ඕනෑම ව්‍යවසායකයෙකුට එහි පැමිණ ආයෝජනය කළ හැකිය. ඉඩම් මිලදී ගන්නටත්, ව්‍යාපාර වෙනුවෙන් ණය ගන්නටත් හැකියාව තිබේ. තමන් මිලදීගත් දේපොල විකුණා ආපසු යන්නටත් පුලූවන්කම ඇත. කි‍්‍රයාකරන්නේ ක්ෂේම භූමියක් හැටියටය. නිදහස ඇති නමුත් එරටට එන සියලූම පාර්ශව සිංගප්පූරුවේ නිතියට හිස නමන්නට අවශ්‍යය. සිංගප්පූරුවේ නිර්මාතෘ දිවංගත ලී ක්වාන් යූ මහතාට නොබැ`දි සංවිධානයට ආරාධනා කළ අවස්ථාවේ එතුමා ප‍්‍රකාශ කළේ ‘‘නොබැ`දි රටක් වෙන්න බැහැ’’ යනුවෙනි. නොබැ`දි බව එළිපිට ප‍්‍රකාශ නොකර අවස්ථාව අනුව ක‍්‍රියාකරමින් ලෝකයේ බලවත් රටවල් සමග සහයෝගීතාවයකට යන්නට සිංගප්පූරුව සමත්ව තිබේ.

ශ‍්‍රී ලංකාව නොබැ`දි රටවල් අතර ප‍්‍රබල සාමාජිකයෙකි. දක්ෂිණාංශික ප‍්‍රතිපත්ති පමණක් නොව වාමාංශික අදහස් ඇතිව ද ක‍්‍රියාත්මක වෙයි. නමුත් රට තුළ ආර්ථික නිදහසක් නැත. අලූත් ව්‍යවසායක්, අලූත් කර්මාන්තයක් ආරම්භ කරන්නට පූර්ණ නිදහසක් රට තුළ නැත. අලූත් දේ කරන්නේ නැතිව ජාතිය ලොව නොන`ගී යැයි කුමාරතුංග ශූරින් කළ ස`දහන සිහිපත් කළ යුතුය. දේශපාලනය අවශ්‍ය ඡුන්දයට පමණකි. කාලීන ප‍්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගෙන යන වැඩ පිලිවෙලට රාජ්‍ය පෞද්ගලික අංශ එකතු විය යුතුව තිබේ.

Advertisements