milinda-prashna

2015/09/02 – ලංකාදීප
ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ පාසල් ගමන ගැන අලූතින් හිතන්නට පසුබිමක් සකස්ව ඇති බව ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරයි. එයට අනුව පාසල් බස් සේවා අයකරන ගාස්තුව වැඩි වන්නට ඉඩ තිබේ. ඇමරිකානු දරුවන්ගේ පාසල් බස්ගාස්තුව වැඩිවීම ශ‍්‍රී ලංකාවේ දෙමව්පියන්ට සලකා බලන්නට සිදුවන්නේ ඇයි?

ඇමරිකානු දරුවන්ගේ පාසල් බස් සේවය නඩත්තු කරන්නේ පලාත් පාලන ආයතනවල වගකීමක් හැටියටය. නගරයේ පදිංචි පුරවැසියන්ගෙන් වාර්ෂිකව දේපොල මත පදනම්ව වරිපනම් ගාස්තු අය කෙරේ. මෙම වරිපනම් ගාස්තු ගෙවන ඇමරිකානුවන් ඒවා සෘජුව යෙදවෙන්නේ දරුවන්ගේ පාසල් බස් සේවය වෙනුවෙන් බව හො`දින් දනී. අයකරන වරිපනම් ගාස්තුවෙන් දරුවන්ගේ පාසල් ගමන ආවරණය කරන හෙයින් එය නිසි කලට ගෙවන්නට නාගරිකයෝ හුරු වී සිටිති. අය කරන වරිපනම් වලින් පාසල් බස් සේවයට අමතර වෙනත් සංවර්ධන වැඩ වලට ද මුදල් විය කරන්නට ප‍්‍රතිපත්ති තීරණගත් ඇමරිකානු පලාත් පාලන ආයතන මෙම පාසල් වාරයේ සිට පාසල් බස් සේවා වෙනුවෙන් කරන වියදම හරි අඩකින් කපා හරින්නට තීරණය කර තිබේ.

මෙම තීරණය සමග දෙමව්පියන්ගේ වියදම්, පාසල් බස් වෙනුවට පුද්ගලික වාහන පාරට එකතු වීමෙන් ඇතිවන තදබදය පමණක් නොව මෙම බස් සේවා ආරම්භ කිරීමෙන් අරමුණු කරන ලද සංකල්ප සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූ ද සාකච්ඡුා කරන්නට පටන්ගෙන තිබේ.
ඇමරිකානු ඉතිහාසයට අනුව පාසල් බස් සේවා ආරම්භ කරන්නේ කලූ සුදු බේධයට උත්තරයක් වශයෙන්ය. අවස්ථාව නැති කලූ ජාතික දරුවන් නාගරික ප‍්‍රදේශවල ආණ්ඩුවේ පාසල් වලට කැටුව එන්නට පමණක් නොව නගරයේ පහසුකම් සහිත සුපිරි පවුල් වල දරුවන් නගරයෙන් බැහැර පාසල් වලට යොමු කරන්නට ද පාසල් බස් සේවය ක‍්‍රියාත්මක විය. පාසල් දරුවාගේ සිට සමාජය මිශ‍්‍ර කරන අදහසක් වූ අතර එය 1954 දී පටන් බලපවත්වන ලද්දක් බව ස`දහන් කළ යුතුය. ඇමරිකාවේ පාසල් බස් සේවා වෙනුවෙන් වරිපනම් වලින් ගෙවන මුදල හරි අඩකින් අඩු කිරීමට අකැමැති පිරිස අද මතයක් ගොඩනගන නමුත් සමාජය මිශ‍්‍ර කිරීම ඇතුලූ අරමුණු ගණනක් සහිතව එදා මෙම සේවය ආරම්භ කරන විට මිනිසුන් පාරට බැස එයට විරුද්ධ වූ ආකාරය අමතක කළ නොහැකි පැත්තකි.

ඇමරිකාව බලය බෙදා හැර ඇති රටකි. මධ්‍යම ආණ්ඩුව නාගරික ප‍්‍රතිපත්ති වලට අවධානය යොමු කර පාසල් බස් සේවාව මගින් කලූ සුදු සමාජය එකතු කරන තීන්දුව ගත් අතර එය ප‍්‍රාන්ත දේශාපලනයට මධ්‍යම ආණ්ඩුව මැදිහත් වූ අවස්ථාවක් වශයෙන් ද ඉතිහාසයට එකතු වී තිබේ.
මෙරට අධ්‍යාපන රටාව අනුව තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ ඉදිරි සතියේදීය. පාසල් බස් සේවා ගැන කිසිම ප‍්‍රමිතියක් නැත. දරුවා ජනප‍්‍රිය පාසලකට ඇතුළු කරන්නට මහන්සි වෙන දෙමාපියෝ ඉන් අනතුරුව දුක දරන්නේ පාසලට යවන්නට සහ ආපසු ගෙදරට ගෙන්වාගෙන අතිරේක පන්ති යවන්නටය. ඒ වෙනුවෙන් වැයකරන කාලය වියදම්කරන ධනය අති විශාල එකක් බව සමාජය තකන්නේ නැත. නමුත් මෙම ක‍්‍රමය නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් යැයි බලවත් විශ්වාසයකින් සිටී.

මෙම විශ්වාසය පමණක් නොව පාසල් බස් සේවය එය හුදෙක් දරුවා පාසලට යවන්නට කරන ආධාරයක් වශයෙන් සලකනවාට වඩා එපිට බලවත් දර්ශනයක් ඇති යමක් ලෙස අවධානය යොමු කරන ප‍්‍රතිපත්ති රටට සකස් කළ හැකිය.
මෙරට පාසල් පද්ධතියේ සමාජ ප‍්‍රශ්නයක් තිබේ. එක්තරා කොටසක් දරුවා යවන්නේ ආණ්ඩුවේ උසස්ම පාසලටය. උවමනාවක් ඇතත් එය කරගන්නට නොහැකි අති විශාල පිරිසක් මෙම ක‍්‍රමය දෙස බලන්නේ බලවත් කම්පාවකින්ය. කොළඹ නගරයේ ජීවත්වන පිරිස පමණක් නොව කොළඹට එපිටින් ජීවත්වන පුරවැසියන්ගේ දරුවන් මිශ‍්‍ර කරන්නේ කොහොමද? බි`දුණු සහ සංහිදියාව ගැන අද ඉහළ අපේක්ෂා ඇතිව ජීවත්වන සමාජයකට පාසල් බස් සේවය ප‍්‍රවේශයක් විය හැක්කේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කළ යුතුව තිබේ. වරිපනම් බදු ගෙවන නමුත් දරුවා පාසලට යවන නිසි ආකාරයේ සේවයක් ඇති කරන්නට පලාත් පාලන ආයතනයට වගකීමක් ඇති බව හිතන්නටත් ඇමරිකාවේ සිද්ධිය මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වැදගත් අදහසකි.

Advertisements