milinda-prashna

2015/08/19

පාර්ලිමේන්තුවේ මහ මැතිවරණය අවසන්ය. මහ මැතිවරණයට කලින් සමාජයේ තිබූ උණුසුම අප සියලූ දෙනාටම මතකය. මහ මැතිවරණයෙන් පසුව දැන් පවතින අදහස් පැහැදිලිය. 1977 මහ මැතිවරණයට තර`ග කළ මැති ඇමැතිවරුන් අදත් සිටී. එම මැතිවරණයේ අවසාන රැළිය ඇමතු එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ඉතාම කෙටියෙන් කතාව අවසන් කළේය. වේදිකාවේ සිටි සංගීත කණ්ඩායමට ඒ මොහොතේ සංකේත ගීයක් ගයන්නට ඇරයුම් කළේය.

මෙවර මහ මැතිවරණයේ මනාප අංකය ප‍්‍රසිද්ධ කරන්නට මහජන නියෝජිතයන් අනුගමනය කළ ක‍්‍රියා එකිනෙකට වෙනස්ය. ඉතාම දීර්ඝ ආව්ගශීලී කතා පවත්වන අපේක්ෂකයෝ ඉන් පසු ගීත ගායනා කරන්නට පටන් ගනී. ප‍්‍රතිපත්ති ගැන කියා බලය ඉල්ලන්නේත්, ගී ගයා ජනතාව සනසන්නේත් දේශපාලනඥයන්ය. දශක හතරක් තුළ දේශපාලන පරිසරය වෙනස් වී ඇති ආකාරය පැහැදිලිය. නායකත්ව ගුණාංග පැත්තකට කරන දේශපාලනඥයෝ ගී ගයා ඡන්දය ඉල්ලති. නීති කඩා දිනන්නට තැත්ත කරති. චරිත ඝාතන සහ ගැටුම් බහුලය. හො`දින් බැරිනම් නරකින් දිනන්න්ට තැත් කරන ලද බව පැහැදිලිය.

දැන් ජය පරාජය ගැන සාකච්ඡා කරන කාලයයි. ජයගත් අපේක්ෂකයන් තමන් ලැබූ මනාප ගැන සෑහීමකට පත්ව නැත. පරාජය වූ අපේක්ෂකයන් තමන්ගේ ඡන්ද වංචනික ලෙස ගණන් කරන ලද බව කියන්නේ පුරුදු ආකාරයටය. එක මනාපයක්, එක ඡන්දයක් වෙනුවෙන් දේශපාලන පක්ෂ කරන ලද වියදම බරපතලය. එවන් අපේක්ෂකයන් කරන ලද වියදම අනුව මනාප ගැන සතුටක් නැති වීම සාධාරණය.
සුපුරුදු පරිදි මහ ඡන්දයකට පසුව සිදුවන දේ දැන් යටි මහලේ සිදුවෙමින් තිබේ. ජයගත් අය බලන්නේ ඇමැති තනතුරුය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල වගන්ති වෙනස් නමුත් හැම කෙනෙකුටම ඇමැති ධුරයක් අවශ්‍යය. එය බලවත් එකක් වෙන්නට උවමනාය. පරාජය වූ අය හිතන්නේ තානාපති හෝ අනුශාසක ධුරයකි. ප‍්‍රබල ආධාරකරුවෝ ආණ්ඩුවේ තනතුරු වෙනුවෙන් සටන් කරයි. අමාත්‍යංශ ලේකම් සිට සංස්ථා සභාපති හෝ අධ්‍යක්ෂක දක්වා තනතුරු සහ නිල වාහන බෙදාගැනීමටය. ඒ වෙනුවෙන් තවත් කාලයක් ගතවනු ඇත. සාමාන්‍ය ඡන්ද දායකයන්ගෙන් වැඩි කොටසක් අලූත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ පුද්ගලික දරුවා ජාතික පාසලට ඇතුලත් කරගැනීමේ සිට තමන්ගේ දේ කරගැනීමය.

එක වතාවක් නොවේ. නිදහසින් පසුගත වූ දශක හය තුළ මෙරට සිදුවන ව්‍යුහය මෙයට වෙනස් නැත. මෙම කාර්යය සිදුවන විට විපක්ෂයෙන් නැගෙන හ`ඩ ද එක සමානය. දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාව සහ බලය අයුතු ලෙස පරිහරණය ගැන චෝදනා නැගෙනු නිසැකය. ගන්නා තීරණ වැරදිය. යෝජනා වලින් කරන්නේ රට වැනසීමය යනුවෙන් ජනමතයක් ඇති කරනු ඇත. මේ සියල්ල අවසානයේ දී රට හදන්නේ කවදාද? අපට ඇති ප‍්‍රශ්නය එයයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සියලූ තත්ත්වයන් වෙනස්කර අලූත් යුගයක් ගැනය. තමන්ගේ දරුවන්ගේ අනාගතය සැනසිලිදායක එකක් කරන පාලනයක්ය. අලූත් ආණ්ඩුවෙන් ද ඒ ආකාරයටම බලවත් අපේක්ෂා ගොඩනැගෙන බව නිසැකය.

ජනතාව බලාපොරොත්තු වන්නේ විශාල දේ නොවේ. හො`ද අධ්‍යාපන ක‍්‍රමයකි. තරගයක් ඇති නමුත් එය නියාමනය කරන්නට අවශ්‍යය. නිදහස් අධ්‍යාපනය බව දක්වන නමුත් වැඩි දෙනෙක් සිය ධනය අතිරේක පන්ති වෙනුවෙන් වියදම් කරයි. එවැනි ප‍්‍රයත්නයකින් තොරව විශ්ව විද්‍යාලයට ඇතුලත් විය නොහැක. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව පවා රුකියාවක් වෙනුවෙන් දේශපාලන හිතවත්කම් අවශ්‍යය. හො`ද ප‍්‍රවාහන සේවයක්, හො`ද සෞඛ්‍ය පහසුකම් සහ රට තුළ සමාන අවස්ථා ඇති සමාජයක් ඇති කිරීම කාලාන්තරයක් තිස්සේ ජනතාව ඉල්ලන දේ බව දැක්වියහැකිය. මහජන සිතුම් පැතුම් වටහා ගෙන මහජන නියෝජිතයන් වශයෙන් ක‍්‍රියාකිරීම අවශ්‍යය. නමුත් අත්දැකීම් අනුව නම් එය සිදුවන්නේ නිසි ආකාරයෙන් නොවේ.

Advertisements