milinda-prashna

2015/08/12 – ලංකාදීප

වසර 2050 වන විට ලෝකයේ රටවල් පැවැතිය හැකි තත්ත්වය ගැන පර්යේෂණ සිදුවෙමින් තිබේ. දියුණුවන රටවල් සහ වර්ධනය වන ක්ෂේත‍්‍ර ගැන අවධානයක් යොමුවෙයි. තාක්ෂණය සහ මානව සම්පත උපයෝගීවීම ගැන සාකච්ඡුා කෙරේ. රටක් වශයෙන් ජාත්‍යන්තරයේ සිදුවන දේ ගැන අවධානය යොමුකිරීම අවශ්‍යය. අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගතය උදෙසා තින්දු ගැනීම වැදගත්ය. විශේෂයෙන් අලූත් ආණ්ඩුවක් තෝරා ගැනීමේ මහ මැතිවරණයක් පැවැත්වෙන උණුසුම් අවස්ථාවක ජාත්‍යන්තරයේ සිදුවෙමින් පවතින දේ සහ රටට මගහැරී ගිය අවස්ථා අත්පත් කරගැනීම ගැන සංවාදය වැදගත්ය.

යටත් විජිත ඉතිහාසය සලකා බලමු. කෝපි, තේ සහ පසුව රබර් වගා කළේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවටය. මෙම වැවිලි ආර්ථිකයට ලාංකිකයන්ට කැමැත්තක් තිබුණේ නැත. කෝපි වගාව ආරම්භ කරන විට එයට උවමනා ශ‍්‍රමිකයන් ගෙන්වන්නේ දකුණු ඉන්දියාවෙන්ය. ලංකාවේ පුරවැසියන් අනුන් යටතේ වැඩකරන්නට කැමැති වූයේ නැත. පසු කාලයක වැවිලි ආර්ථිකය ප‍්‍රමුඛ තැනකට පත්වූ අතර නිදහස ලබන ලංකාවේ විනිමය උපයන සහ රුකියා උත්පාදනය කරන ප‍්‍රමුඛ අංශය වූයේ වැවිලි ක්ෂේත‍්‍රයයි.

නිදහස ලබා ගැනීමෙන් පසු රට තුළ ආර්ථිකයේ අලූත් අවස්ථාව සකස්වන්නේ සංචාරක ක්ෂේත‍්‍රයෙන්ය. එය රටට සහ සංස්කෘතියට බලවත් විනාශයක් බවට මතවාදයක් නැගේ. සංචාරක සේවා අංශය සමග සම්බන්ධවන්නට රටට උවමනාවක් තිබුණේ නැත.
ඇ`ගලූම් කර්මාන්තය හ`දුන්වා දෙන කාලසීමාව වන විට රට තුළ තිබූ තත්ත්වය සිහිපත් කරන්න. දේශපාලකයන් අතර බලවත් මග ගැටුම් හටගත්තේය. ජනතාවට දුන් පණිවුඩය බරපතල එකකි. අපහාසාත්මක මත ඇති කළ අතර එය ඇ`ගලූම් අංශය තහවුරු කරන්නට බාධා කරන්නේය. ඉන් පසු විදේශ රැකියා අංශය රටට එකතුවන්නේය. එක් දේශපාලන කණ්ඩායමක් එය හො`ද අවස්ථාවක් බව කියනවිට තවත් දේශපාලන කණ්ඩායමක් රටේ පුරවැසියන් වෙනත් රටකට යැවීම ඉතාම නරක එකක් හැටියට අර්ථ දක්වන්නේය. දේශපාලනඥයන් පමණක් නොව වෘත්තීය සමිති පවා විරෝධය බලවත් කරයි. යුරෝපයේ කර්මාන්ත යුගයේ වෘර්තීය සමිති බිහිවෙන කාලයේ පසුබිමක් නිදහස් ශ‍්‍රී ලංකාවේ නැත. දේශපාලනඥයන් ද වෘත්තීය සමිති ද තම අදහස්වල වලංගු භාවය සලකා බලන්නට අවශ්‍යය.

තොරතුරු තාක්ෂණය, තරගකාරී කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු නොයෙක් අංශ වලට ජාත්‍යන්තරයට ඇතුළුවීමේ අවස්ථා රටට තිබේ. ඒ වෙනුවෙන් බලවත් ආර්ථිකයක් ඇති ඇමරිකාව, ඉන්දියාව සහ චීනය සමග නිදහස් වෙළ`ද ගිවිසුම් ඇති කරගෙන ආර්ථික දොරටු විවෘත කරන්නට අවධානය යොමු වෙයි. නමුත් මෙම අංශ ගැන සමාජයේ එක`ගතාවයක් නැත. ජනතා නායකයන් මතු කරන්නේ පරස්පර විරෝධී අදහස්ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම සියලූ ක්ෂේත‍්‍රවල රැකියා කරන්නට ජනතාව තුළ බලවත් ප‍්‍රසාදයක් නැත. වෘත්තීය අභිමානයක් ඇතිකරන්නේ නැත.
තේ රබර් වැනි අංශ වලින් කෙන්යාව, මලයාසියාව වැනි රටවල් ඉදිරියට පැමිණ තිබේ. අසල්වැසි මාලදිවයින, සිංගප්පූරුව හෝ තායිලන්තය සංචාරක සේවා අංශය තුළින් අවුරුද්දකට උපයන ආදායම අති විශාලය.

ඇ`ගලූම් කර්මාන්තයේ අවස්ථා බංගලා දේශය සහ මලයාසියාව වැනි රටවල් අත්පත් කරගෙන ඇත. තොරතුරු තාක්ෂණය හා පරිගණක සේවා වෙනුවෙන් ඉන්දියාව, දකුණු කොරියාව සහ මැලේසියාව වේගවත් දියුණුවක් ලබා තිබේ. ශ‍්‍රී ලංකාව නුපුහුණු ශ‍්‍රමිකයන් විදේශ රුකියාවලට යවන විට පිලිපීනය සහ දකුණු ඉන්දියාව පුහුණුව ලැබූ දක්ෂ පිරිසක් යොමු කර හො`ද විදේශ විනිමයක් ලබාගනී. රටවල් සමග අත්සන් කරන ලද නිදහස් වෙළ`ද ගිවිසුම් මගින් උපයා ගත හැකි වාසි ගැන අවධානය යොමු නොකරන නමුත් එහි ඇති අවාසි ගැන අවුරුදු ගණන් තර්ක කරමින් සිටී. ධීවර කර්මාන්තය, කෘෂිකර්මය වැනි අංශ දියුණු කරන්නට රටවල් සමග ඇති කරගත හැකි සහයෝගීතා ගැන අවධානය යොමු නොකරන අතර ඒ ගැන තීන්දු ගැනීමට බාධා කරන විරෝධී අදහස් රට තුළ නැගී තිබේ.

මෙම වාතාවරණය දෙස බලන විට පොදු ප‍්‍රශ්නයක් ඉතිරිවෙයි. රට තුළ රුකියා අවස්ථා ලැබෙන්නේ කැමැත්ත ඇතිව ද? පුරවැසියන් රුකියා කරන්නේ කැමැත්තෙන්ද? රැකියාව වෙනුවෙන් අභිමානයක් නැතිනම් රට ගොඩනගන්නේ කෙසේද? විද්වත් මතය අනුව ලබන අවුරුද්ද වන විට රජයේ සේවක සහ විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් ටි‍්‍රලියනයක් වියදම් කරන්නට සිදුවෙයි. එම වියදම සොයාගත යුතු මහජනතාව ගෙවන බදු වලින්ය. තව තවත් රජයේ සේවයට බ`දවා ගැනීම වෙනුවට රටට අභිමානය ඇති කරන ලෝකයේ රටවල් සම්බන්ධ කරගන්නා රැකියා අවස්ථා ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? ජාත්‍යන්තරයෙන් උපයාගත හැකි විනිමය ගැන නොසලකා රට තුළින් බදු අයකරන රැකියා අංශ ගැන පමණක් සැලකිල්ලක් දක්වන්නේ මන්ද? අලූතින් පත්වන දේශපාලන නායකයන් සහ වෘත්තීය සමිති දැන් සිටම මේ ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

Advertisements