milinda-prashna

2015/07/15 – ලංකාදීප

වසර 2100 වන විට ලෝකයේ සැකැස්ම කෙබඳුද? අද ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ බලවත් අවධානයට ලක්ව ඇති ප‍්‍රධාන කාරණයක් වන්නේ එයයි. ඉතාම නවීන තාක්ෂණික උපකරණ ජන ජීවිතය ආක‍්‍රමණය කරනු ඇති අතර යන්ත‍්‍ර සූතු හා එකතු වූ මානව ක‍්‍රියාකාරකම් මගින් මනුෂ්‍යයා ගේ හැසිරීම පාලනය කරන සූක්ෂම තත්ත්වයකට පත්වනු ඇතැයි අනුමාන කෙරේ. පැවැත්ම සම්බන්ධයෙන් නිදහස ඉල්ලා අද නැගෙන බලවත් ජනමතය තවත් අවුරුදු අසූපහක් අවසානයේ දි කෙබ`දු මුහුණුවරකින් පවතිනු ඇත්දැයි හිතා ගැනීම පහසු නැත.

එක්සත් ජාතීන්ගේ ගණන් බැලීම අනුව ලෝකය පුරා මෙගා නගර විසි අටක් බිහිවනු ඇත. මෙගා නගරයක් යනු සියලූ පහසුකම් සහිත විශාල පිරිසක් ජීවත්වන කාර්යබහුල තැනකි. මෙකී මෙගා නගරයක ජනගහනය මිලියන දහය ඉක්මවායාම සාමාන්‍ය තත්ත්වයක් විය හැකිය. එය ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩකට සාමාන කිරීම වරදක් නොවේ. නාගරික ජනගහනට බිලියන 10.8 ක් වෙතැයි තක්සේරු කර ඇති අතර මෙම අති විශාල නාගරික ජනගහනයේ පොදු අවශ්‍යතා නිසි ආකාරයට කාර්යක්ෂමව පාලනය කිරීම මිනිස් මොලයකින් කළ නොහැකි කාර්යයක් සේ සැලකීම වරදක් නොවේ.

මෙම මෙගා නගර වල ප‍්‍රවාහනය, භාණ්ඩ හුවමාරුව, කාර්යාල සේවා සහ මූල්‍ය කටයුතු ඇතුළු දහසකුත් එකක් දේ නවීන තාක්ෂණික උපකරණ වලින් මෙහෙයැවෙන්නට ඉඩ තිබේ. ඒවා ඉතාමත් කාර්යශූර නිවැරදි ක‍්‍රමවේද වලට ක‍්‍රියාත්මක වනු ඇත. ලෝක ජනගහනයෙන් සියයට 84 ක් මෙම මෙගා නගරවල පදිංචි වෙනවා පමණක් නොව එය වැලැක්විය නොහැකි කාරණයක් වන්නේ එම නගර සමස්ථ ලෝක සංවර්ධනයෙන් සියයට 89කට දායක වන තත්ත්වයකට ඒ වන විට පත්විය හැකි නිසා බව ද ස`දහන් වන ප‍්‍රධාන කාරණයකි. කාලගුණ විපර්යාස සිදුවන ආකාරය අනුව එයින් වැළැකෙන විද්‍යාත්මක ක‍්‍රම සංවිධානය වනු ඇත. නිව්යෝක් සහ ෂැංහයි වැනි නගර මුහුද ගොඩගැලීම, හරිකේන් කුණාටු හෝ දැන් ඉන්දියාවේ හා පකිස්තානයේ සිදුවන ආකාරයේ දැඩි උණුසුමින් පොදු ජනතාව පීඩාවට පත්වන්නට ඉඩ නැති ආකාරයට ආරක්ෂා වනු ඇති බව ද දැක්වේ.
මෙම සියලූ දේ සොයා බලන්නට මිනිසුන් තරමටම බුද්ධිමත් රොබෝවරු දවසේ පැය විසි හතරම ක‍්‍රියාත්මක වන අතර වසර 2020 වන විට බිලියන 50 ක තාක්ෂණික මෙවලම් මිනිසුන් බලාගන්නට ක‍්‍රියාත්මක විය හැකි අතර වසර 2100 වන විට එය කොපමණවේදැයි තවමත් විමර්ෂණය කර නැත.ජාත්‍යන්තරයේ උපකල්පන අනුව ජනගහනයෙන්, තාක්ෂණයෙන් සහ අකුරටම කෙරෙන රොබෝ පාලනයෙන් ලෝකයේ එක්තරා කොටසක් පාලනය වන අතර තුර සෙසු ප‍්‍රදේශවලට අත්පත්විය හැකි ඉරණම ගැන අවධානය යොමු කිරීම ද අවශ්‍යය. විද්‍යාර්ථීන් සම්භාව්‍ය ලෝකයේ උස් තැන් ගැන ඉහලින් වර්ණනා කරන නමුත් විවේචකයන් පහල තලයේ ජීවිතවල පැවැත්ම ගැන සැක සංකා පළ කරති. දරිද්‍රතාවය අලූත් ආකාරයකට ඉදිරියට එනු ඇතැයි ඔවුන් දැනටමත් කියා තිබේ.

මෙගා නගර සියලූ පැතිවලින් ආරක්ෂා වන අතර තුර සෙසු නොසලකා හරින ප‍්‍රදේශ සම්ප‍්‍රදායික ආහාර, නිවාස, ඇ`දුම් පැළ`දුම්, අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලින් දුප්පත් වන අතරවාරයේ තාක්ෂණික සහ නවීන සොයා ගැනීම් වල භාවිතයෙන් ද දුප්පත් බවට පත්වන බව අවධාරණය කරමින් සිටිති. බඩගින්න වෙනුවෙන් ලේකයේ ඕනෑම තැනකින් ආධාර ගලා යා හැකි නමුත් තාක්ෂණික වශයෙන් දුප්පත් වන නගරයක පැවැත්ම ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන අවස්ථා සීමිත විය හැකි යැයි සැලකේ. තාක්ෂණික යටිතල පහසුකම් නැති නගර අති විශාල ප‍්‍රමාණයක් නැවත වතාවක් කිසිවෙකුගේ අවධානයක් නැති තත්ත්වයට පත්විය හැකි අතර එය අද ලෝකයේ පවතින මුහුණුවර වෙනත් ආකාරයකට පරිවර්තනය වී ඇති නැති පරතරය වෙනස් ආකාරයකට පෙන්නුම් කරන යුගයක් වියහැකි යැයි ද ප‍්‍රකාශ වෙයි.

අනාගතය වෙනුවෙන් ලෝකයේ නොයෙක් රටවල් ආයෝජනය කරන ආකාරය දෙස බලන විට මෙගා නගර සහ ඒවයේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් සිටම අවබෝධයක් ඇති කරගැනීම අපහසු නැත. ශ‍්‍රී ලංකාවේ උරුමය කෙබ`දු එකක් විය හැකි දැයි මෙරට නායකයන්ට හිතන්නට අවස්ථාවක් තිබේ. අද සිදුවන ආකාරයටම හැකියාවක් ඇති ජන කොටස 2100 යුගයට ඇතුල්වීම ස`දහා ගම්මානයෙන් පිටත්ව මෙගා නගර වලට ඇතුළු විය හැකි අතර සෙසු පිරිස නඩත්තු කිරීම වෙනුවෙන් ආණ්ඩු වෙහෙස වෙනු ඇත.

Advertisements