milinda-prashna
2015/05/27 – ලංකාදීප

බත් දෙන්නේ ගොයම් ගහ නමුත් කොස් හැදෙන්නේ බත් ගහේ බව ජන ව්‍යවහාරය දක්වයි. ගහ කොස් නමුත් එයට බත් ගහ යැයි නම් පට බ`දින්නේ එහි ඇති අසීමිත වැදගත්කම හමුවේ බව නිසැකය. කොස් ගසෙහි වැදගත්කම දැන රට පුරා කොස් පැල සිටවූ ආතර් වී. දියෙස් මහතා කොස් මාමා බවට පත්වන්නේය. එනමුත් ආහාරයකට වඩා කොස් ගස ආර්ථික වටිනාකමක් ඇති වෘක්ෂයක් වශයෙන් සලකන්නට වත්මන් සමාජය හුරු වී තිබේ. කොස් ගස සහ එහි ප‍්‍රයෝජන වර්තමානයෙහි දේශගුණික විපර්යාසයට ලක්වන ලෝකය තුළ පවා අනගි වගාවක් වශයෙන් පුලූල් අවධානයට ලක්වී ඇත.

ද ගාඩියන් සති අන්ත පුවත්පත කොස් ගස ගැන අලූත් මතයක් ඉදිරිපත් කර තිබේ. එය වෙනස් ආකාරයට හිතන්නට ශ‍්‍රී ලාංකිකයන්ට ප‍්‍රයෝජනයට ගත හැකි මගකි. එම ස`ගරාවේ ලේඛකයා කොස් ගෙඩිය ආශ්චර්යවත් ඵලයක් ලෙස අර්ථ කථනය කරයි. ඔහුට අනුව, මහ පොලව මත ඇති ගහක හැදෙන විශාලම ගෙඩිය එයයි. කිලෝ තිස් පහක් පමණ විශාල ගෙඩි ඇති කොස් ගස් දකුණු ඇමරිකාවේ සහ නැගෙනහිර ආසියානු රටවල බහුලව ඇති බව එහි ස`දහන් වෙයි.

කලින් කල සිදුවන දේශගුණික වෙනස්කම් කෘෂිකර්මයට සහ අස්වැන්නට බලපාන්නේය. ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර සැපයුම් අඩු වැඩිවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්ය. තිරි`ගු, ඉරි`ගු සහ වෙනත් ධාන්‍ය ආහාර නිෂ්පාදනයට අධික වැස්ස සහ නිය`ගය ඉතාමත් අහිතකර තත්ත්ව ඇති කරයි. ඉතා දීර්ඝ නිය`ගයට පමණක් නොව මහා වැස්සට ද ඔරොත්තු දෙන බත් ගහ කාලගුණ විපත් හමුවේ පවා මනුෂ්‍යයාට අවශ්‍ය ආහාර සම්පාදනයට පොහොසත් බව මෙම ස`ගරාව ස`දහන් කර තිබේ.

කොස් ගස ජාත්‍යන්තරයට ගෙන යන්නට අවස්ථාවක් ඇති බව මෙයින් තහවුරු වන කරුණකි. මේ අනුව අලූත් ආර්ථික අවකාශයක් සහ ව්‍යවසායකත්වයක් කොස් ගස කේන්ද්‍ර කරගෙන ගොඩනගන්නට රටට ඇති හැකියාව අධ්‍යයනය කළ යුතුව ඇත. සාරවත් පොලවක නිරායාසයෙන් හැදී අස්වැන්න දෙන කොස් ගස ඉදිරි දශකය තුළ ලෝක ආහාර අවශ්‍යතාවයෙන් කොටසක් සපුරන වගාවක් බවට දියුණු කළ හැකි නම් එය වැදගත්ය.

තවත් කරුණක් අමතක කළ යුතු නැත. පසුගිය වසර හැට තුළ ලෝක ජනගහනය බිලියන දෙකක සිට බිලියන 7.2 දක්වා සීඝ‍්‍ර වර්ධනයක් පෙන්වා තිබේ. එය ජගත් ආර්ථික සංසදයේ ගණන් බැලීමකි. අද ජීවත්වන පරම්පරාව තුළ ජනගහන වර්ධනය අසීමිත ආකාරයට සිදුවී ඇති බව මෙයින් පෙන්වයි. ජනගහන වර්ධනය සමග ජලය, ආහාර නිෂ්පාදනය ස`දහා පොහොර සහ කඩදාසි භාවිතාව විස්මිත ආකාරයට ඉහළ ගොස් ඇති බව ද මෙහි දී පෙන්වා දී තිබේ. රැුසියාව, ඉන්දියාව, චීනය, ඉන්දියාව සහ බ‍්‍රසීලය යන රටවල ජනගහනය, ආහාර පරිභෝජනය සහ වෙළ`ද පොළ අවස්ථා ඉහළ ගොස් ඇත. මෙම ස්වභාවය කලමණාකරනය කිරීම බලවත්ම උවමනාව බව ජගත් ආර්ථික සංසදය දක්වයි.

ශ‍්‍රී ලංකාව මෙම තොරතුරු වලින් අලූත් ආකාරයට හිතන්නට අවශ්‍යය. තිරි`ගු සහ ඉරි`ගු පිටි වලට විකල්ප වශයෙන් කොස් ආශ‍්‍රීත නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්නට ව්‍යවසායකයන්ට හැකියාව තිබේ. කොස් ඇට සහ මදුලූ පිටි කිරීමේ සිට කොස් ගෙඩිය සම්පූර්ණයෙන් තම්බා මදුලූ ගලවමින් ආහාර ගැනීම දක්වා අලූත් ක‍්‍රම අත්හදා බලමින් සිටින වකවානුවකි. එවැනි දේ වලට හුරුවන්නේ ආහාර හි`ගය සහ එයට පාදක වන දේශගුණ විපර්යාස සම්බන්ධව බලවත් විමසීමක් ඇති තත්ත්ව යටතේ බව අමතක කළ යුතු නැත. ආහාර නිෂ්පාදනය, කල්තබා ගැනීම සහ අසුරා වෙළ`ද පොලට ඉදිරිත් කිරීම සම්බන්ධ තාක්ෂණය වේගයෙන් දියුණු වී ඇති මෙම කාලයෙහි කොස් ගස ආශ‍්‍රිත නිෂ්පාදන නවීන ආකාරයට ජාත්‍යන්තරයට ඉදිරිපත් කළහොත් රැුකියා අවස්ථා පමණක් නොව විදේශ විනිමය උපයන අලූත් මාර්ගයක් ද බවට පත්වනු නිසැකය.

Advertisements