milinda-prashna

2015/05/20 – මිලින්ද මොරගොඩ
නේපාලය තුළ සිදුවූ භූමිකම්පාවෙන් පසු නිෂ්පාදනය වූ තොරතුරු සම්භාරය විවිධ ද්‍රෘෂ්ටිකෝණ වලින් විග‍්‍රහ කරන්නට පටන්ගෙන තිබේ. එය විශාල සහ අනපේක්ෂිත විපතකි. සාමකාමීව ජීවත්වෙමින් සිටි නේපාල ජනතාව එවැනි භූමිකම්පාවකින් තැති ගන්වනු ඇතැයි අපේක්ෂා කළ එකක් නොවේ. නමුත් නේපාල ඉතිහාසය දෙස බලන විට ව්‍යවසනකාරී භූමිකම්පා දෙකක් ගැන ප‍්‍රධාන වශයෙන් ස`දහන් වෙයි. 1934 දී සිදුවූ මෙවැනිම භූමිකම්පාවකින් දස දහසටත් දොලොස් දහසටත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර එය ද කත්මන්දු ප‍්‍රමුඛ ප‍්‍රදේශ ඉලක්ව වී ඇති බව දැක්වේ. 1988 දී සිදුවූ තවත් භූමිකම්පාවකින් හත්සිය ගණනක් මරුමුවට පත්ව දහස් ගණනක් තුවාල ලැබූහ.

දශක හයකට කලින් සිදුවූ භූමිකම්පාවට වඩා විශාල ජන අවධානයක් පසුගිය අප‍්‍රියෙල් මාසයේ දී සිදුවූ විපත කෙරෙහි බලපා ඇත. මෙම විපතින් නම දහසකට අධික පිරිසක් මිය ගිය අතර තුවාල ලැබූ පිරිස දස දහස් ගණනකි. කලින් නැති ජන අවධානයට හේතුව පවතින ගෝලීය මාධ්‍ය භාවිතාවයි. ක්ෂණයකින් සිදුවීම ලොව පුරා පැතිර ගිය කනගාටුදායක ආරංචියක් බවට පත්විය. එයින් වැඩි කලක් යන්නට කලින් නැවත වතාවක් භූමිකම්පාවක් සිදුවන්නේය. පළමුව සිදුවූ භූ කම්පනය ගැන බටහිර මාධ්‍ය වාර්තා කරන ලද ආකාරය, එම දෙවැනි භූ චලනය හා සමාන්තර බලවත් අවධානයක් ගෙන තිබේ. ඛේදවාචකය දෙස බලන ලද ද්‍රෘෂ්ටි කෝණය සම්බන්ධව පුලූල් සාකච්ඡා කරන්නට පටන්ගෙන ඇත. එය සන්නිවේදනයේ අලූත් පැතිකඩකි.
නේපාලයේ අහිංසක දුගී ජනතාවගේ ක`දුළු ගැන වාර්තා නොකළ ඇතැමි මාධ්‍ය ආවරණ එහි දී විනාශ වූ පෞරාණික ඉදිකිරීම් සහ නිවාස ගැන අවධානය යොමු කරන ලද බව විවේචනාත්මකව දක්වයි. අවුරුදු එකොලොස් දහසකට කලින් මිනිසුන් ජීවත් වූ බවට සාක්ෂි ඇති හිමාලය අවට සිදුවූ හානිය සහ හිමාලයේ උස මිටර් ගණනකින් අඩුවූ බව මාධ්‍ය වලින් මතුකිරීම හෙලා දකින්නට පටන්ගෙන තිබේ. මෙය පන්ති ප‍්‍රශ්නයක් බවට නිර්වචනය කරන්නට ද ඇතැම් පිරිස් එඩිතර වී ඇත. දුප්පත් ජනතවගේ දුක වේදනාව නොදකින බටහිර මාධ්‍ය එහි ඇති සොබාවික දේ සහ සංරක්ෂිත දේ ගැන උලූප්පා කතා කිරීම නුසුදුසු බව ද දක්වමින් සිටී.

කත්මන්දු ලෝකයේ ඓතිහාසික, සුන්දර නගරයක් බව අවිවාදිතය. සොබා දහමට ඇලූම් කරන්නෝ එවරස්ට් ක`දුවැටිය සිය ආත්මය සේ සලකති. ලෝකයේ උසම ක`දුවැටි දහය අතරින් අටක්ම ඇත්තේ නේපාලය තුළ බව ද ප‍්‍රකාශ වෙයි. ඉතාම දුෂ්කර ප‍්‍රවාහන විධි සහ ගුවන් යානා ප‍්‍රවේශ වීමේ දී ඉතා පරෙස්සම් විය යුතු ආකර්ශණීය ගුවන් තොටුපොල ගැන කතා කරන බටහිර මාධ්‍ය ඒවා යේ පැවැත්මට සිදුවූ තර්ජනය ගැන බලවත් ආකාරයට කරුණු මතුකරයි. නමුත් දින ගණන් කුස ගින්නේ ක`දවුරු වලට වී ශීතලෙන් ගැහෙමින් සිටි ජනී ජනයාගේ වේදනාව නිසි ආකාරයට රූප රාමු වලට හසුවූයේ නැති බව ද මෙම වාර්තා කිරීම පංති ප‍්‍රශ්නයක් ලෙස හුවා දක්වන්නෝ කියා සිටිති.

පවතින පරිසර සාධක සහ ඓතිහාසික තත්ත්ව මත නේපාලය දෙස ජාත්‍යන්තර අවධානය වැදගත් බව අවිවාදිතය. නමුත් බටහිර ධනවත් සමාජය මිනිසුන්ගේ ජීවිත වල නිසි වටිනාකම තක්සේරුවකට යා යුතුය. එකී සමාජයේ උවමනාව වෙනුවෙන් කරන ලද වාර්තා කිරීමේ දී සිදුවූ අතපසුවීම් පංති ප‍්‍රශ්නයකි. දුප්පතාගේ දුක නොපෙනෙන සහ අසරණ වූ ජීවිතයකට වඩා අන් කාරණා මතුවීම විමසිල්ලට ලක්විය යුතුය.
වර්තමාන මාධ්‍ය භාවිතාව ඉතාම තියුණු තර`ගකාරී එකක් බවට පත්ව තිබේ. ප‍්‍රවෘත්තිය ඉක්මනින් සපයන අතර අනෙක් මාධ්‍යයට වඩා වෙනස් කෝණයකින් ප‍්‍රවෘත්තිය විකාශය කර පාඨක සහ ප්‍රෙක්ෂක අවධානය දිනා ගන්නට තර`ග කරන වකවානුවකි. එවැනි පසුබිමක් නිර්මාණය වන්නේ මාධ්‍ය විකාශය තුළ විශාල ධනස්කන්ධයක් ආයෝජනය වන හෙයින් බව ද අමතක කළ යුතු නැත. අනුග‍්‍රාහකයන් ද එම අනුග‍්‍රාහකයන් සම්පාදනය කරගන්නා වෙළ`ද පොළ ද ප‍්‍රවෘත්තියට වඩා බලවත් සාධකයක් සේ ඉදිරියට පැමිණෙයි. නියම පංති ප‍්‍රශ්නය එය බව අවිවාදිතය.

සමාජ ගැටුම්, ස්වාභාවික විපත් සහ ඛේදවාචක වාර්තා කිරීමේ දී මෙවැනි පැති ගැන අවබෝධයක් අවශ්‍යය. බටහිර මාධ්‍ය නේපාලයේ සිදුවීම් ගැන වාර්තා කළ ආකාරය සම්බන්ධ විවේචනය කරන්නන්ගේ හරය වටහා ගැනීමට ඉතාමත් වැදගත් සාක්ෂියකි. ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව අලූත් පැති කරා යොමුවන අතර මෙවැනි දේ ගැන අධ්‍යයනය කිරීම ද සුදුසු බව ස`දහන් කළ යුතුය.

Advertisements